• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

75 වන Trotsky සැමරුම

dhammika by dhammika
May 30, 2018
in Articles
0
75 වන Trotsky සැමරුම

75 වන Trotsky සැමරුම

මීට වසර 75 කට පෙර එම යුගයේ සිටී ඉතාම ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු වූ ලියෝන් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබුවේ රාමොන් මර්කේඩර් නම් වූ ජෝෂප් ස්ටාලින්ගේ කුලී මිනීමරුවෙකු විසිනි. ඊට පෙරදීද ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට කීපවාරයක්ම ඔවුන් තැත් කල නමුදු එය ව්‍යර්ථ විය. නමුත් මෙම වතාවේදී හිම කඩන පොරෝවකින් එල්ල කල මාරාන්තික පහරකින් වැඩ කරන ජනතාවගේ මස්තිෂ්කය වූ එමෙන්ම ස්ටාලින්ගේ එ්කාධිපතීත්වයට හා ධනවාදයට අනුකම්පා රහිත ලෙස පලකරනු ලබන විරෝධයේ සංකේතයක් වූ ට්‍රොට්ස්කි විනාශ කරනු ලැබිණ. මෙම සිද්ධිය ක්‍රෙමිලිනයේ ස්ටාලින් ප‍්‍රමුඛ ප‍්‍රභූ නිලධාරීවාදී පිරිස පී‍්‍රතියෙන් සමරද්දී ඔවුන් සමග යුරෝපයේ ඇමරිකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල ධනවාදී රජයන්ද ප‍්‍රිතියෙන් උද්දාම වුහ. ට්‍රොට්ස්කගේ ලේඛණ සාහිත්‍යය විනාශ කිරීම මෑතකදී පල කරනු ලැබූ චරිතාපදානයක් තුලින් ට්‍රොට්ස්කිගේ සාහිත්‍ය ඝාතනය කිරීමට රොබට් සර්විස් නම් ලේඛකයෙකු යත්න දරා ඇත්තේ නවතම පියවරක් ලෙසිනි. එය දේශපාලනික හා සාහිත්‍යමය වශයෙන් ඉටුකර ඇත. අපකීර්තියට පත් මොස්කව් නඩු විභාග සිදුවන කාලයේදී බි‍්‍රතාන්‍යයේ එවකට සිටී රුසියානු තානාපතිවරයාට වින්ස්ටන් චර්මිල් කියූ වදන් මාලාව ඔහු යලිත් අවධාරණය කරයි. මම සෑහෙන කලක සිටම ඔහුගේ කි‍්‍රයාවන් පිලිබඳව විමසිලිමත්ව සිටියෙමි. ඔහු රුසියාවේ දුෂ්ටතම ප‍්‍රබුද්ධයාය. ස්ටාලින්ට ඔහු හා අරගල කිරීමට හැකිවීම ඉතා හොඳ තත්වයකි. ඇත්ත වශයෙන්ම ට්‍රොට්ස්කි ඝාතනයට පදනම වැටුනේ අපකීර්තිමත් මොස්කව් නඩුවිභාග තුලිනි. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමෙන් ඔහු දැරූ අදහස්ද විනාශ කල හැකියයි ඔවුන් සිතුවේ නම් එය අතිශය මුලාවකි. ඊලඟ පරම්පරාවන් බොහෝවිට දේශපාලනික දැනුමෙන් පොහොසත්වු පිරිස් ධනවාදයට හා ස්ටාලින්වාදයට එරෙහිව අරගල කිරීමට පිවිසෙද්දී ඔවුන් පරිහරණය කලේද අවශ්‍ය ආභාෂය හා කරුණු පැහැදිලි කර ගැනීම් ආදිය ලබා ගත්තේද ට්‍රොට්සකිගේ කෘතින් පරිශීලනය කිරීමෙනි. 1989 පසු සෝවියට් දේශය බිඳවැටීම සිදුවූ මතවාදී ප‍්‍රතිවිප්ලව සමය තුලද ට්‍රොට්ස්කිගේ අදහස් තවමත් ආකර්ශනීය බව ඔප්පු විය. 1930න් සමග සිදුව ඇති ඉතාම දරුණු ධනවාදී ආර්ථික අර්බුදය හමුවේ එහි ප‍්‍රතිපලයක් ලෙස වැඩ කරන ජනතාව මෙන්ම දිලිදු ජනතාව අතරින් අනිවාර්යයෙන්ම ජනතා කැරැුල්ලක් ඇති වුවහොත් එ් සඳහා ට්‍රොට්ස්කිගේ අදහස් කෙතරම් දුරට බලපානු ඇද්ද යන්න ගැන ධනවාදී න්‍යායවාදීහු බිය පල කරති. ජනතා කැරැුල්ලක් මතුවන යුගයකදී නිලධාරීවාදයට එරෙහිව සමාජවාදය හා ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කල චේ ගෙවාරා වැනි වීරයින්ද ලියෝන් ට්‍රොට්ස්කි වැනි මතධාරීන්ද ජනතාව ආදර්ශයට ගන්නා බව මෙම න්‍යායවාදීහු හොඳින්ම නැතිනම් තරමක් හෝ හොදින් දැන සිටිති. නව පරම්පරාවට එම මාවත වසා දැමීම සඳහා ට්‍රොට්ස්කි අවමානයට පත් කරන යම් ව්‍යාපාරයක් අත්‍යවශ්‍යවෙයි. රොබට් සර්විස් විසින් ලියන ලද ග‍්‍රන්ථය මෙන්ම පසුගිය වසරේ එලිදුටු එවැනි වූ ග‍්‍රන්ථ මෙම අවශ්‍යතාවය ඉටු කරයි. ට්‍රොට්ස්කිගේ අදහස් ඇත්ත වශයෙන්ම බොල්ෂේවික්වාදයේම අංකුරයක්වූ බවත් බොල්ෂේවික්වාදය උරුමයෙන්ම අධිපතිවාදී හා ආඥදායක ස්වරූපයක් ගන්නා බවත් රොබට් සර්විස් කියයි. මෙය නියත වශයෙන්ම ලෙනින් නායකත්වය දුන් බොල්ෂේවික් පඏයට කරන ද්වේශ සහගත අපහාසයකි. බොල්ෂෙවික් පඏය යනු මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම එකම එක සිද්ධියක් ලෙස අනන්‍ය වන රුසියානු විප්ලවය මෙහෙයවන ලද වැඩ කරන ජනතාවගේ ඓතිහාසික ඉතාමත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පඏයයි. බොල්ෂේවික් පඏය පිසදා හරිමින් සිය අධිපතිවාදී ක‍්‍රමවේද උපයෝගී කරගත් ස්ටාලින්වාදය බොල්ෂේවික්වාදය අඛණ්ඩව පවත්වාගෙන යනවා වෙනුවට එය නිෂ්ක‍්‍රීය කිරීමට කටයුතු කළේය. 1930 වර්ෂයෙන් පසුව මෙන්ම 1945 වර්ෂය නිමවනවාත් සමග ඇතිවු කාලයේදී ස්ටාලින්වාදය විසින් සිදුකල අපරාධ ගැන බොහෝ සෙයින් කරුණු නොදන්නා නව පරම්පරාව අරගලවලට එලඹුනු විට ස්ටාලින්වාදය යම් තරමකට ආකර්ශණයක් සහිත විය. නමුත් අද එවැනි ආකර්ශනයක් නොමැත. අද තත්වය ඉදුරා වෙනස්ය. එහෙයින් ධනවාදය පුපුරා හැලෙන මෙම යුගයේදී ට්‍රොට්ස්කිගේ ක‍්‍රමවේද හා ඔහුගේ විශ්ලේෂණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ ස්වරූපය සඳහා කම්කරුවන් කරනු ලබන අරගලය ඉදිරියට ගෙනයාමට මහත් රුකුලක් වෙයි. එය ස්ටැලින්වාදය ගැන අවශ්‍යයෙන්ම දැනගතයුතු කරුණු පමණක් නොව අද පවත්නා වැඩකරන ජනතාවගේ සාමාන්‍ය අරගලයන් පිළිබඳව කරුණු කියාදෙයි. මෙමගින් අදහස් වන්නේ මාක්ස් එංගල්ස් හා ලෙනින් මෙන්ම ට්‍රොට්ස්කිද සර්ව සම්පූර්ණ කිසිවිටෙකත් වැරදීමක් සිදු නොවන පුද්ගලයෙකු යන්න නොවේ. 1930 ගණන්වලදී පැසිස්ට්වාදය සියුම් ලෙස විග‍්‍රහ කරමින් පතුරු ගසමින් ඔහුගෙන් ඉටුවූ අප‍්‍රමාණ දායකත්වයට එයට සාඏි සපයයි. 1920 ගණන්වලදී පැසිස්ට්වාදය නව්‍යතම සංසිද්ධියක්වු විට ඔහු පලකල අදහස් විවෘත ලෙසම නිවැරදි කිරීමට එවකට වුවද ඔහු සුදානම්ව සිටියේය. එ් කාලය තුලදී ස්පාඤඤයේ ප‍්‍රීමෝ ඞී රිවේරාගේ පාලනය වැනි එ්කාධිපති ආණ්ඩු ප‍්‍රබල ලෙස පැසිස්ට්වාදී ලෙස හදුන්වාදීමට ට්‍රොට්ස්කි පවා යොමුවී සිටියේය. පසුව එසේ හැදින්වීම වැරදි සහගත බව හදුනාගැනීමෙන් පසුව පැසිස්ට්වාදය යනු කුමක්ද යන්නට ඊට වඩා නිවැරදි නිශ්චිත නිර්වචනයක් ඔහු ඉදිරිපත් කළේය. කම්කරුවන්ගේ සංවිධාන අඩපණ කරන පැසිස්ට්වාදය යුදමය බොනපාට්වාදී ආණ්ඩුවලින් වෙනස්වන අයුරු පැහැදිලි කළේය. යුදමය බොනපාට්වාදී ආණ්ඩු ප‍්‍රතිගාමී වුවද සියළුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා සංවිධාන සහමුලින්ම විනාශ කර දැමීමට සමත් නොවන බවද ඔහු වටහා දුන්නේය. ට්‍රොට්ස්කිගේ අදහස් යල්පැනූ එ්වා නොවේ ට්‍රොට්ස්කිගේ අදහස් අද යල්පැන ගොස් ඇතැයි තර්ක ඉදිරිපත්වේ. ඔවුන් සියල්ලන්ම වර්තමාන ධනේෂ්වර පද්ධතිය ආරඏා කරන්නවුන්ගේද මතය හා සම්බන්දය. ඇත්ත වශයෙන්ම ට්‍රොට්ස්කිවාදය යනු මාක්ස්ගේ අදහස් නුතන යුගයේදී පැහැදිලි ලෙස විදහා දැක්වීමයි. එය ආරම්භවූදා සිටම විශේෂයෙන්ම 20 වන සියවසේදී ලත් අත්දැකීමවලට අනතුරුව ධනවාදීන්ගේ කුලී මෙහෙවර කරන්නවුන් මාක්ස්වාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයට යොදාගත නොහැකිබැව් එ්ත්තු ගැන්වීමට වෑයම් කලහ. එසේ මාක්ස්වාදය යල්පැන ගොස් ඇතිනම් ධනවාදී පද්ධතියේ කි‍්‍රයාකාරකම් එම පද්ධතිය සුරකින අයට වඩා අපවැනි මාක්ස්වාදීන් හට හොඳින්ම තේරුම් ගැනීමට හැකිනොවුනේ කෙසේද? පැන්සිස් පුකුයාමාගේ කථිකයා වෙමින් ඉතිහාසයේ අවසානයට අප එලඹ ඇතැයි ඔවුහු විතර්ක ඉදිරිපත් කළහ. 1990 වර්ෂයේදී ස්ටැලින්වාදය බිඳවැටීමෙන් පසුව වෝල් ස්ටී‍්‍රට් ජර්නලය ප‍්‍රකාශ කලේ අපි (ධනවාදය* දිනුවෙමු කියාය. එවකට පැවති එ්කාධිකාරී ස්ටැලින්වාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් උද්ගතවූ සැලසුම් සහගත ආර්ථිකය ඈවර කිරීමෙන් ඇතිවන ප‍්‍රතිපලය වැඩ කරන ජනතාවගේ ඓතිහාසික පරාජයක් බව මාක්ස්වාදීහු අවබෝධ කර ගත්හ. රුසියාවේ හා නැගෙනහිර යුරෝපයේ සැලසුම්ගත ආර්ථිකයන් නිලධාරීවාදය නිසා යම් පසුබෑමකට ලක්වී තිබුනා වුවද වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම් අනුව අනාගතයේ සකසනු ලබන ආර්ථිකයක් මෙසේ විය හැකියයි උපකල්පනය කිරිමට යම් ස්ථාවරයක් එමගින් සපයනු ලැබිණී. Coque Huawei P20 pas cher මහපොලව මත සිදුවූ මහා දෙදරුමක් වැනි ස්ටැලින්වාදයේ බිඳවැටීම තේරුම් ගැනීම බොහෝ මාක්ස්වාදීහු ප‍්‍රතිෙඏ්ප කලහ. ඉන් පසුව සමහරෙක් අරගල භූමිය අත්හැර ගියහ. කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව (ක්‍උෂ* මෙය පරාජයක් බව තේරුම් ගත්තේද 1930 සිදුවුවාක් මෙන් පැසිස්ට්වාදය නිසා කම්කරු සංවිධාන විනාශවී යාම වැනි සිද්ධියක් ඇති නොවන බවද අවධාරණය කළහ. මෙය ඇත්ත වශයෙන්ම මතවාදී ස්වභාවයේ සිදුවු ගැඹුරු වෙනසක් නිසා හටගත් දෙයකි. එම අවස්ථාවේදී බොහෝ දුරට හුදකලාව සිටී අපි මෙසේ අනාවැකි පල කලෙමු. ස්ටැලින්වාදය බිඳවැටීම නිසා ධනවාදයට රුකුල් දුන් ක‍්‍රමවේදයන්ම පසු අවස්ථාවකදී එම පද්ධතිය තුලදීම යලි හැකිලී යනු ඇති බව අපි දුටිමු. 1987දී අවපාතයක් ඇතිවීම පිළිබඳ විවිධ අය අනාවැකි පල කලහ. එහෙත් එය එසේ නොවන බවත් ජර්මනියේ හා ජපානයේ ඇති සංචිතයන් උපයෝගී කර ගනිමින් ධනවාදීන්ට තාවකාලිකව මෙම තත්වයෙන් සහනයක් ලබාගත හැකි බවත් අපි කිවෙමු. Coque huawei එසේ වුවද යලි 2007 වන විට මෙම පද්ධතිය ඉතා ගැඹුරු අර්බුදයක නිමග්න වන බවටද අපි අනාවැකි කීවෙමු. දැන් එය සැබෑවක් වී ඇත. අපගේ විශ්ලේෂණයට පාදක වුයේ වෙනත් ලෝහ රත්රන් බවට හරවන සින්දුරම් ශාස්ත‍්‍රය වැනි මායාකාරී මත මවන ආර්ථික විද්‍යාඥයින්ගේ දැක්මක් නොව ධනවාදී පද්ධතිය පිළිබඳව වන විද්‍යාත්මක දැක්ම මතය. මෙය ට්‍රොට්ස්කි පෙන්වා දෙන ප‍්‍රවේශයට බෙහෙවින් සමාන වෙයි. ට්‍රොට්ස්කිගේ ප‍්‍රවේශයට පාදක වුයේ මාක්ස්ගේ ක‍්‍රමවේදයන්ය. දැනට පවත්නා තත්වය පිළිබඳව යම් අදහසක් මගින් නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දෙන්නේද එම අදහස කෙතරම් පැරණි වුවද එය හොඳම ක‍්‍රමවේදයට පාදක වන්නේය. ධනපති පන්තිවලට අයත් කේවට්ටයින්ට වඩා ඉදිරියේදී සිදුවිය හැකි දේ ගැන අනාවැකි පල කිරිමට මාක්ස්වාදයට ඇති සුබුද්ධිකතාවය අවසානයේදී හොඳින්ම තහවුරු විය. ලෝකයේ නව යටත් විජිතවාදී රටවල් සඳහා ට්‍රොට්ස්කිගේ නිර්වචනයක් වන නොනවතින විප්ලවය අද යටපත් කළ නොහැකි සාධකයක් බවට පත්ව ඇත. එමගින් කියවෙන්නේ නුතන යුගයේ සිදුවිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවීය ධනවාදීන් තුලින් ඉටුකර ගත නොහැකි බවයි. ලෝකයේ මෙම නව යටත් විජිතවාදී රටවල දුර්වල බවින් යුතු පාලක පන්තිවලට ඉඩම් ප‍්‍රතිසංස්කරණ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා පාර්ලිමේන්තුවක් අධිරාජ්‍යවාදයේ විලංගු වලින් මුදාගත් ආර්ථිකයක් හා දේශපාලනයක් යන කාර්යභාරයන් ඉටු කිරීමට ශක්තියක් නොමැත. දුගී ගැමි ජනතාව සමග කම්කරු පන්තිය සන්ධාන ගතවීම තුලින් සමන්විත ආණ්ඩුවකින් පමණක් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ කළ හැක. එහෙත් එවැනි ජයග‍්‍රහණයක් ඔවුන් අත්පත් කර ගැනීමට නම් ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සමාජවාදී කාර්යභාරය ඉටු කිරීමට ඔවුහු පෙල ගැසිය යුතුය. ධනවාදය හා නින්දගම් පරවේණී ක‍්‍රමය අතුගා දැමීමට රුසියානු විප්ලවය සමත්වුවා සේම එය මුළු ලොවපුරා විප්ලවීය රැුල්ලක් බිහි කිරීමටද හේතු පාදක විය. රුසියානු විප්ලවීය හා ස්ටැලින්වාදයේ නැගීම 1917 දී රුසියාව ක‍්‍රම සම්පාදනයට හා සමාජවාදයට පමණක් නොව මුළු ලෝකය පුරා මහජනතාවට කම්කරු පංතියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යාප්ත කරන පහන් ටැඹක් විය. ස්ටැලින්වාදය ගලා යන්නට පටන් ගත්තේ රුසියානු විප්ලවයේ මුලික අවදියේදී නොව එය හුදකලා වීමත් සමගය. එම වකවානුව වන විට රතු හමුදාව සමග ඉමහත් ලෙස බලවත් වුයේ ස්ටැලින්ට වඩා ට්‍රොට්ස්කිය. ට්‍රොට්ස්කි යුධ හමුදා සෙබළුන් අතර පමණක් නොව ඉහල මට්ටමේ නිලධාරීන් සමගද ඉතා හිතවත් විය. ඔහු එම හමුදාව සමග සිවිල් යුද්ධයේදී සටන් කර තිබු අතර ඔවුහු අධිරාජ්‍යවාදීන්ගේ හමුදා කණ්ඩායම් 21ක් පරාජය කර තිබිණ. නමුත් එම හමුදාවේ ඉල්ලීම මත තමා බලය භාරගත හොත් සමහර විට ඉදිරි කාලයේදී වඩාත් දරුණු හමුදාමය නිලධාරීවාදයකට මැදිව තමා ඔවුන්ගේ සිරකරුවෙකු වීමට ඉඩ ඇති බව ට්‍රොට්ස්කි අවබෝධ කර ගත්තේය. එවකට පැවති රුසියානු විප්ලවයේ හුදකලා බව නිසා හමුදාමය නිලධාරීවාදය වඩාත් වර්ධනයවීමට බොහෝ ඉඩකඩ තිබෙන බැව් ඔහු වටහා ගත්තේය. මෙයින් ඒත්තු යන්නේ මාක්ස් එංගල්ස් හා ලෙනින් මෙන්ම සමාජවාදය හා මාක්ස්වාදය වර්ධනය වන්නේ උපක‍්‍රම මගින් හෝ කණ්ඩායම් මගින් හෝ සිදුවිය හැකි කුමන්ත‍්‍රණ මගින් නොවන බව ට්‍රොට්ස්කි අවබෝධ කර ගෙන සිටී බවයි. සමාජවාදය හා මාක්ස්වාදය පිවිතුරු ලෙස සැබෑ ලෙස වර්ධනය වන්නේ කම්කරු පන්ති ජනතාවගේ සවිඥණිකත්වය මත රදා සිටිමින් හැම අවස්ථාවකදීම එහි දේශපාලන අර්ථය හදුනාගනිමින් පැහැදිලි වැඩ සටහන් සටන්පාඨ හා සංවිධානාත්මක ව්‍යුහයන් ඉදිරියට ගෙනයාමට තැත් කිරීමෙන් පමණක් බව වටහා ගත යුතුවේ. ස්ටාලින්වාදය බිඳ වැටීමෙන් පසුව විශේෂයෙන්ම සැලසුම් සහගත ආර්ථික පද්ධතිය දුර්වලතාවයකට පත්වීමෙන් පසුව අපගේ ජාත්‍යන්තරයද දුර්වල තත්වයකට පත්විය. යථා තත්වය ප‍්‍රතිෙඏ්ප කිරීමට තැත් කල සමහරෙක් එවකට පැවැති දුෂ්කර වාස්තවික තත්වය හමුවේ නිරුත්තර වුහ. බොහෝ දෙනෙක් මෙම තත්වය යථාවාදී ලෙස දැකීම ප‍්‍රතිෙඏ්ප කළහ. සමහරෙක් එය හැදින්වුයේ ස්ටැලින්වාදය බිඳවැටීම හේතුවෙන් එය ජයග‍්‍රහණයක් වු බවයි. එහෙත් එම බිඳවැටීම සැලසුම් සහගත ආර්ථිකය දුර්වලතාවයට පත්වීම සමග අතිනත ගෙන සිටින බව ඔවුහු නොපැවසුහ. මෙම පසුබිම තුළ අපගේ ජාත්‍යන්තරය ට්‍රොට්ස්කිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ධජය දිගටම ඔසවාගෙන සිටියහ. කම්කරු පන්තිය විටෙක ස්වයංසිද්ධිකව සමාජය වෙනස් කිරීමට තැත්කල අවස්ථා ගැන ට්‍රොට්ස්කි කීපවාරයක්ම පෙන්වා දුන්නේය. ස්පාඤඤ විප්ලවයේදී ස්පාඤ්ඤය පුරා බලයෙන් පහෙන් හතරක්ම අත්පත් කර ගත්තේ කම්කරු පන්තියයි. එම විප්ලවය පැසිස්ට්වාදී ප‍්‍රැන්කෝගේ 1936 කුමන්ත‍්‍රණය සුනුවිසුනු කලේය. එහෙත් එවිට ස්පාඤඤයේ පැහැදිලි මහා කම්කරු පඏයක් නොතිබිණ. එනිසා විකල්පයක් ලෙස කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බිහි නොවීම නිසා කම්කරු පන්තිය සතුව තිබූ බලය ඔවුන්ගේ අතින් ගිලිහී ගියේය. මෙවැනිම වූ තත්වයක් 1968 වර්ෂයේ ප‍්‍රංශයේ සිදුවූ සිදුවීම් තුලින්ද 1974 -75 කාල තුල පෘතුගාලය තුල ඇතිවූ සිදුවීම් තුලින්ද වෙනත් නොයෙක් අවස්ථාවලදීද දක්නට හැකිය. coque Samsung Galaxy මාක්ස්වාදී කි‍්‍රයාමාර්ගයක් උදෙසා අද දවසට ගතයුතු පාඩම් මොනවාද? කාර්මික තලයේ මෙන්ම දේශපාලන කරලිය තුලද කම්කරු පන්ති අරගල එ්කාබද්ධ කරමින් අති විශාල නව බලවේගයක් නිර්මාණය කිරීමේ ඉතා හදිසි අවශ්‍යතාවයක් අද පැනනැගී ඇත. 1990 ගනන්වල මුල භාගයේදී පෙන්වාදුන් අයුරින් සංවිධානය මේ සඳහා ද්විත්ව කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අප වෙත පැවරී ඇත. එම ද්විත්ව කාර්යභාරයක් වන්නේ ජනතා ව්‍යාපාරයක් සඳහා සමාජවාදී අදහස් පුනරුත්ථාපනය කිරිම සඳහා සටන් කිරීමත් මාක්ස්වාදී – ට්‍රොට්ස්කිවාදී පැහැදිලි වැඩ සටහනක් පවත්වාගෙන යාමත්ය. ඉතිහාසයේ මහත්සේ පුපුරා හැලෙන යුගයක අද අපි ජීවත්වෙමු. එක් රටකින් තවත් රටකට බෝවන රෝගයක් සේ ආර්ථික අර්බුදය පැතිර යන බව අද ඔප්පුවී ඇත. coque samsung a8 2018 personnalisé සමාජවාදය කෙතරම් දුරට ව්‍යාප්තවේද? මාක්ස් හෝ කෙදිනකවත් අපේඏා නොකල පරිද්දෙන් ගෝලීයකරණය විසින් එයට පදනමක් නිර්මාණය කර ඇත. වියට්නාම් විප්ලවයේදී අධිරාජ්‍යවාදීහු ඩොමිනෝ බලපෑම පිලිබඳ න්‍යායයක් වර්ධනය කළහ. එම න්‍යායාට අනුව එක් රටක් ධනවාදය ඉදිරියේ පරාජය වුවහොත් මුළු අග්නිදිග ආසියාවේම රටවල් එවැනිම කඩා වැටීමකට බදුන් වනු ඇත. එක්තරා ප‍්‍රමාණයකට මෙය ඔප්පුවී තිබේ. දියුණු කාර්මික රටවල නැතහොත් අර්ධ වශයෙන් කාර්මීකරණයවූ ග‍්‍රීසිය වැනි රටක ලබාගන්නා එක් ජයග‍්‍රහණයක් යුරෝපය පුරා මෙන්ම සමස්ත ලෝකය පුරාම ශක්තිමත් අයුරින් රාව ප‍්‍රතිරාව නංවයි. ලෝකයේ දල දේශීය නිෂ්පාදනයට ග‍්‍රීසියේ දායකත්වය 0.5%ක් පමණකි. එහෙත් ග‍්‍රීසිය දැවැන්ත දේශපාලන බලපෑමක් ඇති කිරීමට මුල්වී ඇත. ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයන් යටපත් කිරීමට කම්කරු පන්තිය සිය සටන්කාමීත්වය තුලින් දරන ප‍්‍රතිරෝධය සංකේතවත් කිරීම මුළු යුරෝපය පුරාම සිදුවීමට නියමිත මහා වැඩ වර්ජන දෙස කම්කරු පන්තිය අපේඏාවෙන් යුතුව බලා සිටිති. මේ සියළු සිදුවීම් යුරෝපයේ හා මුළු ලෝකයේම කම්කරු පන්තිය උදෙසා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අතවනයි. දේශපාලනික වශයෙන් කිසිදු වැදගත්කමක් නැති අයෙකු ලෙස සිය විරුද්ධවාදීන් විසින් මේ වන විට ට්‍රොට්ස්කි පහත් මට්ටමකට ඇද දැමීමට උත්සාහ දරා ඇත. මෙසේ පහර දෙන පිරිස අතර රොබට් සර්විස් අන්තිමට එක්වු පුද්ගලයා වන්නේ නැත. එහෙත් නුදුරේදීම මතුවන දරුණු පිපිරීම් සහිත කාල පර්ච්ජේදයේදී කම්කරු ව්‍යාපාර අතර පමණක් නොව සමස්ත මානව වර්ගයාගේම අරගලය තුලදී ට්‍රොට්ස්කි ප‍්‍රධානතම පුද්ගලයා ලෙස යලි උද්ධිපනයට පත්වනු නිසැකය.

Previous Post

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

Next Post

80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

Next Post
80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

80 වැඩ වර්ජනය ගැන වාර්තාමය විග‍්‍රහයක්

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2015
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
    Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.