• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මැතිවරණ ප්‍රථිපල මතු කරන අභියෝග හඳුනාගැනීම

ragu by ragu
August 26, 2015
in Articles
0
මැතිවරණ ප්‍රථිපල මතු කරන අභියෝග හඳුනාගැනීම

මැතිවරණ ප්‍රථිපල මතු කරන අභියෝග හඳුනාගැනීම

අප රටේ පැවැති තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයක් අගෝස්තු 17 වෙනිදා අවසන් වියග එය තීරණාත්මක ඡන්දයක් වන්නේ සිංහල ජාතිවාදය නැවත ලාංකේය දේශපාලන භුමියේ කරලියට ගෙන එඇමට රාජපක්‍ෂ කල්ලිය විසින් දැරූ වියරු උත්සාහය නිසායග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙම වසරේ 8 පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම විග්‍රහ කරනු ලැබුවේ දෙමළ ඊලාම්වාදීන්ගේ ඡන්ද වලින් ඔහු පරාජයට පත්වූ බව කියමිනිග එඇ අනුව මහින්ද රාජපක්‍ෂ සමග විමල් වීරවංශ දිනේශ් ගුණවර්ධන හා වාසුදේව වැනි ඔහුගේ ගජමිතුරන් ප්‍රකාශ කලේ තවමත් දකුණේ ජනාධිපතිවරයා වන්නේ මහින්ද රාජපක්‍ෂ බවයග

මැතිවරණ පරාජයකින් පසුව සාමාන්‍යයෙන් සිදුවිය යුතු අයුරින් පරාජය බාරගෙන විශ්‍රාමයාම වෙනුවට රාජපක්‍ෂ කළේ බලහත්කාර බලය පාවිච්චි කර පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීමට ශ්‍රීලනිපය තුල කැරැල්ලක් ආරම්භ කිරීමයග අගමැතිවීමේ සිහිනය යථාර්ථයක් වීම සඳහා රාජපක්‍ෂ කල්ලිය දකුණේ සිංහල ජාතිවාදය කලම්බවමින් නැවත සිංහලයේ මහරජු ලෙස සිංහාසනාරූඩ වීම සඳහා නොකල දෙයක් නැති තරම්යග අලූතෙන් පටන් ගනිමුග යන පාඨය පෙරට දමාගෙන ඔහුගේ ව්‍යාපාරය හඳුන්වාගනු ලැබුවේ මහින්ද සුළඟ ලෙසිනිග එනමුත් එඇ සියලූ බලාපොරොත්තු සුනුවිසුනු කර දමා මහින්ද රාජපක්‍ෂ ඇතුලූ ජාතිවාදී පවුල්වාදී නඩය ජනාධිපතිවරණයේ පළමු ඉනිමේ ලද පරාජය අභිබවා මහමැතිවරණ දෙවන ඉනිමේදීද අන්ත පරාජයකට මුහුණදීමට සිදුවියග

මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය :ඹඡත‍ඇ- මෙවර පරාජයට පත්වුයේ දකුණේ සිංහල ජනතාව ප්‍රබල කොටසක් ඔහු ප්‍රථීක්‍ෂේප කිරීම නිසා වීම මෙහි කැපීපෙනෙන ලක්‍ෂනයකිග ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ මිලියන 5ග8ක් ලබාගත් අතර එය සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 47ග58% ක්වියග අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්‍ෂට ලබාගත හැකි වුයේ ඡන්ද මිලියන 4ග7ක් වන අතර එය ප්‍රථීශතයක් ලෙස 42ග38%ක් පමණීග (සමස්ථ ඡන්ද ප්‍රථීපලය මෙහි වෙනම දක්වා ඇතග) මෙම සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කරනුයේ මාස 7ක් වැනි කෙටි කාලයක් තුළ මහින්ද රාජපක්‍ෂගේ ඡන්ද පදනම ලක්‍ෂ 11කින් බිඳවැටී ඇති බවයග මහින්ද මෙලෙස පරාජයට පත්වුවද රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුව සමඟ ඉදිරියේ දිගහැරෙන දේශපාලන අර්බුදකාරී පරිසරය තුළ ජාතිවාදී බලවේග වල කි්‍රයාකාරිත්වය අඩුතක්සේරු නොකල යුතුයග

මහින්දගේ කථාව පසෙක තබා වැදගත් වන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් පිහිටුවාගත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ස්වභාවය හා ගමන්මග නිවැරදිව හඳුනා ගැනීමයග ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වන (225ක් වන පාර්ලිමේන්තුවේ) ආසන 112 අභිබවා යෑමට එජාපයට නොහැකි වියග එජාපයට ලබාගත හැකි වුයේ ආසන 106ක් පමනිග එඇ තේරුමෙන් රනිල්ගේ ආණඇඩුව දුර්වල සුළුතර ආණ්ඩුවකිග අධිරාජ්‍යවාදී නවලිබරල් ආර්ථීක වැඩ පිළිවෙලක තනිපංගලමේ ගල්රෝලක් මෙන් ලාංකේය සමාජය සමතලා කරගෙන යාමට අවශ්‍ය බලය එජාපයට ලැබී නැතග එය ජනතාවට සැනසුම් සුසුමක් හෙලීමට අවකාශයක් ඉතුරු කිරීමක් වැනියග

මෙම මැතිවරණ ප්‍රථීපලය තේරුම්ගත යුත්තේ එජාපය ලැබූ ජයකට වඩා මහින්ද රාජපක්‍ෂ ලැබූ පරාජයක් වශයෙනිග මහින්දට එරෙහි වෛරය ප්‍රකාශ කිරීමට ජනතාව තෝරා ගත්තේ එජාපය බව පැහැදිළියග රනිල්ගේ වැඩ පිළිවෙල ජනතාව ආකර්ශණය කිරීමට සමත්වුවක් නොවේග ඔහු අලූත් රටක් ලෙස නම්කර තිබුණේ ඔහුගේ පැරණි යලිපුබුදමු ශ්‍රීලංකා වැඩ සටහනමයග 1994 දී චන්ද්‍රිකා විවෘත ආර්ථකයට මානසික මුහුණුවරක් යන නමින් ජනතාව රැවටු අන්දමට මෙවර රනිල් ර්‍ණසමාජ වෙළද පොල ආර්ථීකය” නමින් තවත් ගජබින්නාලංකාරයක් ජනතාව රැවටීම සඳහා යොදාගෙන ඇතග එසේ වුවද ලංකාවේ ප්‍රධාන ධනපති පක්‍ෂ දෙක වන එජාපය හා ශ්‍රීලනිපයේ නිර්ලජ්ජිත ස්වභාවය අනුව රනිල්ට අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව පමණක් නොව ව්‍යවස්ථා සංශෝධනයන් කිරීම සඳහා අවශ්‍ය වන්නාවු 2/3 බලයක් පාර්ලිමේන්තුවේදී ලබා ගැනීම අරුමයක් නොවනු ඇතග මහින්ද රාජපක්‍ෂට පවා 2010 පැවැති මැතිවරණයෙන් 2/3 බලයක් නොලද අතර ඉතා කෙටි කාලයක් ඇතුලත මහින්ද ඔහුට අවශ්‍ය 2/3 බලය සකස් කර ගත්තේයග එඇ අනුව යමින් රනිල්ද ශක්තිමත් බව පෙන්නුම් කළ හැකි අච්චාරු ආණඩුවක් ගොඩනගා ගනු ඇතග

රාජපක්‍ෂ පාලනය මෙන් රනිල් සිංහල ජාතිවාදය පදනම්ව කටයුතු නොකරන බව මතයක් ලාංකේය සමාජය තුළ තහවුරුව ඇතග එයට එක් හේතුවක් වන්නේ දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනයාගේ බහුතරයක ඡන්ද රනිල්ට ලැබී ඇති නිසායග එහෙත් එවැනි සහතිකයක් රනිල්ට දීමට මාක්ස්වාදීන්ට නොහැකියග 1948 බි්‍රතාන්‍යයන් නිදහස ලබාගත් අවධියේ සිට මේ දක්වා ලාංකේය ඉතිහාසය පෙන්නුම් කරනුයේ එජාපය හා ශ්‍රීලනිපය යන ධනපති පක්‍ෂ දෙක සමාජ අර්බුදයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිද සිංහල ජාතිවාදය බලය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපයෝගී කරගත් බවයග

රනිල් වික්‍රමසිංහට එජාප ආණ්ඩුවක් හදා ගැනීම සඳහා අවුරුදු 20ක් වැනි විශාල කාලයක් අසාමාන්‍ය ලෙස විපක්‍ෂයේ සිටීමට සිදුවියග අධිරාජ්‍යවාදී උවමනාවන් අනුව රට පාලනය කිරීම සඳහා තමන්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් ගොඩනගා ගැනීම රනිල්ගේ එකම උවමනාව වියග ලාංකේය ධනපති නායකයින් අතර බටහිර ලෝකය සමග ප්‍රබල ජාත්‍යන්තර සම්බන්දතා තිඛෙනවා පනමක් නොව බටහිර නායකයින්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා වන්නේද රනිල් වික්‍රමසිංහයිග රනිල්

අනුගමනය කරන ආදර්ශමත් නායකයා වනුයේ සිංගප්පූරුවේ අගමැතිව සිටී ලී කවාන් යූයග නූතන සිංගප්පූරුව නිර්මානය කිරීමේ ප්‍රධානියා වුයේ ලීයග ඔහු එඇ සඳහා ඉතා දරදඩු ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනයක් ස්ථාපිත කළේයග කොමියුනිස්ට්වාදය ඔහුට අරහං වියග ලි ක්වාන් යූ ගෙනගිය එඇකාධිපති පාලනය ධනපති විචාරකයින් විසින් හඳුන්වනු ලැබුවේ ර්‍ණප්‍රබුද්ධ ආඥදායකත්වය” යන :ෑබකසටයඑැබැා ෘැිචදඑසිප- නමිනිග ලී ගේ පාලනයේ කිසිම ප්‍රබුද්ධ බවක් නොතිබූ අතර දරුණු මර්ධනය ඔහුගේ පාලනයේ සංඛේතය වියග

රනිල් වික්‍රමසිංහ දකින එම සිහින මර්ගයේ කොතෙක් දුරට ගමන් කිරීමට ඔහුට හැකිවන්නේද යන්න ගැන පුරෝකතනය කිරීම තාවකාලයක් අවශ්‍ය වනු ඇත ග නමුත් එක් දෙයක් පැහැදිලිව කිව හැකියග එජාප වැඩ පිළිවෙලේ ඉඟිකර තිඛෙන්නේ විදුලියල ජලය වැනි දේවල් පෞද්ගලීකරණය කරන සෞඛ්‍ය සේවාව අධිකාරියක් කිරීම හා අධ්‍යාපනය විකිනීම වැනි කි්‍රයාවලියකිග මේ සඳහා රනිල් බටහිර හා ඇමරිකාවට යොමුවූ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඉතා පැහැදිලිව දකින්නට තිබේග මේ සමග කම්කරු පංතියල ගොවි ජනතාව හා තරුණයින්ගේ විරෝධයන් ඉස්මතුවීම අනිවාර්යයෙන්ම සිදුවනවා ඇතිග පසුගිය රාජපක්‍ෂ පාලන කාලය හා සැසදීමේදී පැහැදිලිව කිය හැක්කේ රනිල්ගේ පාලනය තුළ පංති සටන වඩා පැහැදිලි හා තියුණු ස්වභාවයක් කරා ගමන් කරනු ඇති බවයග

රනිල්ගේ ආණ්ඩුවේ පළමු කඩඉම වනු ඇත්තේ ලබන සැප්තැම්බර් මස නිකුත්වීමට නියමිත යුද්ධ අපරාධ පිළිබද ජිනීවා මානව හිමිකම් කමිටුවේ වාර්තාවයිග එය රනිල්ට දෙපැත්ත කැපෙන ආයුධයක් වනු නියතයග ශ්‍රීලනිපයේ ප්‍රබල කොටසක් සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම සමග යුද්ධ අපරාධ සම්බන්දව රාජපක්‍ෂවරු බේරා ගැනීම සඳහා සම්මුතියකට රනිල්ට යෑමට සිදුවනු ඇතග අනෙක් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානය ජිනීවා වාර්තාව සම්බන්දව දැඩි ස්ථාවරයකට අනිවාර්යයෙන්ම එළඹෙනු ඇතග එඇ අනුව රනිල්ගේ අලූත් ආණ්ඩුව ආරම්භ වන්නේම අර්බුදයන් කරගහගෙන බව පැහැදිලියග

මහින්ද රාජපක්‍ෂ පාලනය තුල ගෙවිගිය වසර 10ක කාලය පංති අරගලය ඉතා දුෂ්කර ගමනක නිරතවීමට සිදුවියග එයට ප්‍රධාන හේතුව වුයේ කම්කරු සිසුල ගොවි අරගල මර්ධනය කිරීම සඳහා ඊට එරෙහි කොටි විරෝධය සමග සිංහල ජාතිවාදය යොදා ගැනීම හා ඊනියා අධිරාජ්‍ය විරෝධී ස්වභාවයක් මහින්ද විසින් රඟපෑමයග පැරණි සමසමාජ පක්‍ෂයල කොමියුනිස්ට් පක්‍ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද යුද්ධ සමයේ මහින්දගේ දේශප්‍රේමී යුද්ධයට පූර්ණ සහයෝගය දුන් අතර ජාතිවාදී වෛරය කම්කරු පංතිය හා වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ පැතිරවීමට සහාසික අන්දමින් කටයුතු කළේයග එම දුෂ්කර කාල පරිච්ෙජ්දයේදී මහින්ද රාජපක්‍ෂගේ එඇකාධිපති ස්වරූපයේ පාලනයේ මර්ධනයට එරෙහිව වමේ කට්ටිවාදයට මෙන්ම අතිවාමවාදී දේශපාලනය පරදා පෙරමුණ ගෙන සටන් බිමේ කටයුතු කළේ එසපය පමණක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේග එම ඓතිහාසික කාර්යභාරය පෙරටත් වඩා තීරණාත්මක ලෙස ඉටු කිරීමේ අභියෝග අපි හමුවේ ඉදිරියේ දිගහැරෙන බව අවධාරණය කළ යුතුයග

මෙවර මැතිවරණය පෙන්නුම් කරන තවත් විශේෂත්වයක් වන්නේ හිටපු හමුදාපති සරත් පෙන්සේකාගේ පක්‍ෂය ලැබූ අන්ත පරාජයයිග ඔහුගේ පක්‍ෂයට රටපුරා තරඟ කර ලබාගත හැකි වුයේ 28587ක් පමනිග එසේම සිංහල බෞද්ධ ජාතිවාදයේ අයිතිකරුවන් වූ බොදු බල සේනා පක්‍ෂයටද ඡන්ද 20377ක් ලබා ගනිමින් අන්ත පරාජයක් හිමිවියග මහින්ද රාජපක්‍ෂ සිංහල බෞද්ධ බලවේගයේ ප්‍රසිද්ධ අයිතිකරු ලෙස තරඟ කළ පරිසරය තුල බොදු බල සේනාවට රඟ දැක්වීමට වෙනම චරිතයක් ඉතිරිවී නොතිබිනග දෙමළ සන්ධානය

උතුරේ ඡන්ද ප්‍රථීපල දෙස බැලීමේදී පෙනී යන්නේ බහුතර දෙමළ ජනතාව අවසන් වශයෙන් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි

තවමත් විශ්වාසය තබා ඇති බවයග 2010 දී දෙමළ ජාතික සන්ධානයට ආසන 14ක් හිමිවූ අතර මෙවර එය ආසන 16 දක්වා වර්ධනයවී ඇතග දෙමළ ජාතික සන්ධානය 515963ක් එනම් ප්‍රතිශතයක් ලෙස 4ග62%ක් ඡන්දයක් ලබා ගෙන ඇතග දෙමළ පාරම්පරික පක්‍ෂයක් ලෙස සැලකෙන ගෙජ්න්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය :ඔ්පසක ජදබටරුිි- දෙමළ සන්ධානය දැඩි ලෙස විවේචනයට භාජනය කලේ දෙමළ ජාතිකවාදය මත පදනම් වෙමිනිග එසේ වුවද ගෙජ්න්ද්‍රන්ට ආසනයක් දිනා ගැනීමට නොහැකිවූ අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15022ක් වියග අනෙක් පැත්තෙන් විද්‍යාදරන් නායකත්වය දුන් පැරනි ඛඔඔෑ සටන් කරුවන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක්ද දෙමළ ජාතික සන්ධානයට දැඩි ප්‍රහාරයන් එල්ල කරන්නට වියග එම කණ්ඩායමට දෙමළ හා සිංහල මාධ්‍ය මගින් පවා විශාල ප්‍රචාරයක් ලැබුනු අතර ඔවුන්ට ගතහැකි වුයේ ඡන්ද 1979ක් පමණීග

දෙමළ සන්ධානයට උතුරේ බලය තහවුරු කර ගැනීමට හැකිවුයේ ජාතික ප්‍රශ්නය රනිල් සමග සාකච්ජා කර විසදා ගැනීම සඳහා හැකියාව තිඛෙන බව ජනතාව තුළ මිත්‍යා මතයක් තහවුරු කිරීම හරහායග වසර 30ක අති බිහිසුනු විනාශකාරී යුද්ධයක ආසන්න අත්දැකීම් වලින් වෙහෙසට පත්ව සිටින දෙමළ ජනතාව යම් ආකාරයක හෝ නිදහස් පරිසරයක් අපේක්‍ෂා කිරීම ගැන පුදුම වියයුතු නැතග එසේ වුවද තවත් සිංහල ධනපති නායකයකු වන රනිල් සිංහල ජාතිවාදින්ගෙන් එල්ල වන කැරලිකාරීත්වය හමුවේ කටයුතු කරන්නේ කෙසේද යන්න ඉදිරියේදී දැක ගැනීමට හැකිවනු ඇතග 13 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර උතුරේ පළාත් සභාවට හිමිවිය යුතු ප්‍රාදේශිය පොලිස් බලය හා ඉඩම් පරිහරණය කිරීමේ බලය කි්‍රයාවට නැංවිමට මහින්ද රාජපක්‍ෂ ඇතුලූ ජාතිවාදී කල්ලිය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ වැනි බොරු වාම වාදී ව්‍යාපාර පවා ඉදිරි කාලයේදී නැවතත්

විරුද්ධව කටයුතු කරනු ඇතග මෙම පරිසරය තුළ දෙමළ ජනතාව මුහුණ දෙන ජාතික ප්‍රශ්නය නැවත ලාංකේය දේශපාලනයේ කේන්ද්‍රීය ස්ථානයට පත්විය හැකි අතර කම්කරු පංතිය ප්‍රමුඛ සමාජවාදී ව්‍යාපාරයට එම තත්වය තුල විශාල කාර්යභාරයක් හිමිවනු ඇතග ජවිපෙ හා වම

ජනතා විමුක්ති පෙරමුණ මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී අහසින් පොලවට වැටී ඇති බව පෙනේග ඔවුන් ගෙනගිය දැවැන්ත ප්‍රචාරය හමුවේ ජවිපෙ අනුගාමිකයින්ගේ අදහස වුයේ මන්ත්‍රී ආසන 20ක් හෝ 25ක් පමණ ඔවුන් ලබා ගන්නා බවකිග ජවිපෙට ලබාගත හැකිවුයේ මන්ත්‍රී ආසන 6කිග ජවිපෙට ලැබුන මාධ්‍ය ප්‍රචාර අති විශාල වු අතර ඊට අමතරව ඔවුන් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා ගෙනගිය වෙළද දැන්වීම් ප්‍රමාණය අදහා ගත නොහැකි තරම්වියග නිර්ධන පංතික පක්‍ෂයක් ලෙස තම පක්‍ෂය හඳුන්වා ගන්නා ජවිපෙට මේසා විශාල මුදල් කන්දරාවක් ලැඛෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරන තැනකට දැන් ජනතාව පත්ව ඇතග

ජවිපෙ තනි පක්‍ෂයක් ලෙස 2001දී තරඟ කර ආසන 16ක් දිනා ගැනීමට සමත් වියග ඉන් අනතුරුව ශ්‍රීලනිපය සමඟ පරිවාසය නමින් හවුලක් අටවා ධනේෂ්වර පාලනයේ කිහිලිකරුවන් බවට පත්වියග එතැන් සිට වරෙක චන්ද්‍රිකා හා මහින්ද රාජපක්‍ෂ සමඟද ඉන් අනතුරුව හිටපු හමුදාපති සරත් පොන්සේකා සමගද ජවිපෙ දිගුකාලීන හවුල් දේශපාලනයක නිරතවියග මෙවර මැතිවරණයේදී ජවිපෙය නැවත තනිවම තරඟ කළ අතර එහි කැපී පෙනෙන ලක්‍ෂණය වුයේ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය හරහා විවෘතවම ධනපති පංතියට අනුගත පක්‍ෂයක් බවට පරිවර්තනය වීමයග ජවිපෙය මැතිවරණ සමයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව හමුවී තම මැතිවරණ ප්‍රකාශණය සමග සම්මුතිගසා ගන්නා තැනට ඔවුන් පත්වියග

ජවිපෙන් කැඩී ආ රැඩිකල් බලවේග වන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද අහසින් පොලවට වැටුනා මෙනිග පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජාතිවාදී බලවේගවල බලපෑමට යටත්වීම නිසා වමේ එක්සත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබූ වැදගත් අවස්ථාව වමට අහිමි වියග මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් හැසුරුනේ දරුණු කට්ටිවාදී රෝගයක උමතුවෙනිග එක්සත් සමාජවාදී පක්‍ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අතර ප්‍රතිපත්තියානුකූල වෙනස්කම් තිබියදී පවා වමේ ඡන්ද ඛෙදීයාම වලක්වා ගැනීම සඳහා මෙම මැතිවරණයේදී නිතරඟ පදනමක් ඇති කර ගැනීම සඳහා අප විසින් ඔවුන්ට යෝජනා කරන ලදිග එඇ අනුව දිස්ත්‍රීක්ක වශයෙන් ඛෙදාගෙන තරඟකර වමේ ඡන්ද එක ගොඩකට දමා ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිව තිබුණිග පෙරටුගාමී පක්‍ෂය එම යෝජනාව කට්ටිවාදී ලෙස ප්‍රතික්‍ෂේප කළ අතර ඔවුන්ගේ ඉදිරි දැක්ම වී තිබුණේ දිස්ත්‍රීක්ක 22ටම තරඟ කිරීම හරහා රටපුරා ලැඛෙන ඡන්දයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා ගැනීමේ අන්ධ විශ්වාසයයිග අවසන් වශයෙන් පෙරටුගාමීන් සියලූ දිස්ත්‍රික්ක තරඟ කිරීම තුලින් ලබාගත හැකි වුයේ ඡන්ද 7011ක් පමණීග

මෙම තත්වය ඉදිරියේ එක්සත් සමාජවාදී පක්‍ෂය තෝරාගත් දිස්ත්‍රීක්ක 5ක තරඟයට ඉදිරිපත් වුයේ ඉතා අසීරු පරිසරයක් තුළ වමේ සමාජවාදී මතවාදය තහවුරු කිරීමේ අටියෙනිග විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වුයේ වමේ මතවාදය උතුරේ දෙමළ ජනතාව තුල නැවත ගොඩනගා ගැනීමේ දුෂ්කර කාර්යයට අත ගැසීම සඳහායග එසපයට යාපනයෙන් ලබාගත හැකි වු ඡන්ද සංඛ්‍යාව 303ක් වුවද ජාතික ප්‍රශඇනය සඳහා සමාජවාදී ප්‍රවේශය උතුරේ සමාජගත කිරීමට හැකිවීම අප ලද ජයග්‍රහණයකිග අතිවිශාල මුදලක් වැය කළ ජවිපෙට යාපනයේ ගත හැකි වුයේ ඡන්ද 231කිග එයට යාපනයේ ජීවත් වන සිංහල ජාතිකයින්ගේ ඡන්දවීමට ඉඩ ඇතග පෙරටුගාමී සමාජවාද පක්‍ෂයට ලබාගත හැකි වු ඡන්ද ප්‍රමාණය 121කිග ඊට අමතරව උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රීක්කය සඳහා එසපය ඹීඡ ඡන්ද 429ක්ද පෙරටුගාමීන් 463ක්ද වික්‍රමබාහුගේ නායකත්වයෙන් තරඟ කළ නසසපය ඡන්ද 301ක්ද ලබාගෙන ඇත ග

මෙම ප්‍රථීපල පෙන්නුම් කරනුයේ වමේ ව්‍යාපාරය සාපේක්‍ෂ වශයෙන් දුර්වල ස්ථානයක සිටින බවයග මැතිවරණ භුමියේ තාවකාලික පසුබැසීමකට වමේ ව්‍යාපාරය ලක්ව ඇතත් ඉදිරි කාලයේ දිගහැරෙන සමාජ දේශපාලන හා ආර්ථීක අර්බුදයන් හමුවේ නැවත වරක් ජනතා අරගලයට නායකත්වය දිය හැකි වන්නේ වමේ ව්‍යාපාරයට හා සංවිධිත කම්කරු පංතියට පමණීග වසර 10ක එඇකාධිපති රාජපක්‍ෂ පාලන සමයේ අප ගෙනගිය කි්‍රයාකාරීත්වය ඊට සාක්‍ෂි දරයිග රනිල් වික්‍රමසිංහ ශ්‍රීලනිපය හා ගොඩනගන අලූත් සම්මුතිය ආකර්ශනීය වචන වලින් ජනතාව මුලා කරන සංදර්ශණයක් පමණීග රනිල්ගේ මෙම සමුම්තිය අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩ පිළිවෙල කි්‍රයාවට දැමීම සඳහා ශ්‍රීලනිපයට කරන ආරාධනාවක් මිස වෙනත් දෙයක් නොවේග ශ්‍රීලනිපයේ ප්‍රබල කොටස් එම සම්මුතිය පිළිගැනීමට මේ වන විටත් සුදානම් වන බව දැකිය හැකියග එයින් නිර්මාණය වන්නේ කම්කරු පංතිය දුප්පත් ගොවීන් තරුණයින් හා සිසුන්ද උතුරේ දෙමළ භාෂව කථා කරන ජනතාවට එරෙහි යුද්ධයකිග එම පරිසරය තුළ මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙනු ලබන සිංහල ජාතිවාදී විපක්‍ෂ කල්ලිය දකුණ අස්ථාවර කිරීම සඳහා කරලියට පැමිනෙනු ඇතග එම පරිසරය තුල නැවත වරක් ජාතිවාදයට එරෙහිවද අනෙක් පසින් රනිල්ගේ ජනතා ද්‍රෝහී නවලිබරල් විනාශකාරී කි්‍රයාදාමය පරාජය කිරිමද පංති සටන් මාවතේ ජනතාවට නායකකත්වය දීමේ වගකීමද වමට හිමිවනු ඇතග එක්සත් සමාජවාදී පක්‍ෂය එම අභියෝගයන් මුහුණදීම සඳහා න්‍යායිකව හා සංවිධානාත්මකව ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇතග එම කාර්යයට මුහුණදීමට අපට අධිෂ්ඨාණයක් ඇතග

මහ මැතිවරණ සමස්ථ ප්‍රථීපලය
ඡන්ද සංඛ්‍යාව  –  ආසන සංඛ්‍යාව

එක්සත් ජාතික පක්‍ෂය 5098916 – 106
එක්සත් ජනතා නිදහස් සන්ධානය 4732664  – 95
දෙමළ ජාතික සන්ධානය ඔභඇ 515963 – 16
ජනතා විමුක්ති පෙරමුණ 543944 – 06
ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය 44193 – 01
ඊළාම් ජනතා ප්‍රජානත්ත්‍රවාදී පක්‍ෂය ෑඡෘඡ 33481 – 01

සිරිතුංග ජයසුරිය

Previous Post

USP Election Ad on Yarl Thinakural

Next Post

September Rathutharuwa

Next Post
September Rathutharuwa

September Rathutharuwa

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
August 2015
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Jul   Sep »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.