
අනුර කුමාර 2024 සැප්තැම්බර් මස 21 පැවැති ජනාධිපති වරණයෙන් ජයග්රහණය කර ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙනු ලැබුයෙ සැප්තැම්බර් මස 23 වෙනිදා ය. ලාංකීය මැතිවරණ ඉතිහාසය තුළ සම්ප්රදායික ධනපති පක්ෂයන් වූ එජාප හා ශ්රීලනිප යන පක්ෂ මෙන්ම එයින් බෙදී ගිය පක්ෂ හැරුණු විට එයින් පරිබාහිරව බලය ලබා ගත් එකම පක්ෂය ලෙස ජාතික ජන බලවේගය ඉතිහාසයට එක් විය. එපමණක් නොව කොළඹ කේන්ද්රිය ප්රභු ධනපති පංතිය තුළ මෙතෙක් පැවැති රාජ්ය බලය ග්රාමිය තරුණ ජනතාව මත පදනම්ව කටයුතු කළ නාමික වශයෙන් මතු පිටින් මාක්ස්වාදයට අනුගත බව පෙන් වූ ජනතා විමුක්ති පෙරමුණ 2024 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රධාන ක්රියාකාරි සාධකය විය. මෙම මැතිවරණවල දී ජනතා ආකර්ශණය දිනා ගැනීම සඳහා ඔවුන් විසින් වේදිකාවල නොදුන් පොරොන්දු නැති තරම් ය. ඒ අතර කැපි පෙනුනේ ඔවුන්ගේ නිල මැතිවරණ ප්රකාශණය වන පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් යන ලියවිල්ල හරහා ජනතාවට පොරොන්දු තොගයක් ලබා දුන්නා ය. ඇත්ත වශයෙන් මාලිමා ආණ්ඩුවේ නායකයින් මේ වන විට හැසිරෙන්නේ ඔවුන් එවැනි පොරොන්දු කිසිවක් නොදුන් අය ලෙස ය.
ජාතික ජන බලවේගයේ පොරොන්දු ගැන ජනතාව මේ වන විට තේරුම් ගෙන සිටින බැවින් මෙම ලිපියේ ඒ ගැන සාකච්ඡා කිරීමට අදහස් නොකෙරේ. එසේ වුව ද ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම පෙනී සිටි එක් ප්රධාන දෙයක් ගැන මෙහිලා සඳහන් කළ යුතු ය. එනම් ජේ ආර් ජයවර්ධන විසින් 1978 දී රටට හෙනපතයක් ලෙස නිර්මාණය කළ ඒකාධිපති බලතල සහිත ව්යවස්ථාව සම්බන්ධව ය. NPP ය රටට ඉදිරිපත් කළ “පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්” මැතිවරණ පොරෙන්දු ප්රකාශණයේ 194 පිටුවේ මෙසේ සඳහන් කර ඇත.
” විධායක ජනාධිපති ආණ්ඩුක්රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත් කිරීම, එය මහ ජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරනයක දී සමිමත කරගනු ඇත”
මෙම පොරොන්දුව ඉටු කිරීම සඳහා මාලිමා ආණ්ඩුව ජාත්යන්තර මුල්ය අරමුදලෙන අවසර ගතයුතු නැත. එසේම ජනමත තීරණයක් පැවැත්වීම සඳහා වැය වන මුදල අනෙක් ව්යාපෘති සමග සැසඳීමේ දී ඇති දැවන්ත මුදලක් ද නොවේ. නමුත් අනුර කුමාර ඇතුඵ ආණ්ඩුවේ නායකයින් වසර දෙකක් ගෙවී යද්දිවත් ඒ ගැන වචනයක්වත් කථා නොකිරීමට ප්රවේශම් වෙති. මෑතක දී කැබිනට් මාධ්ය ප්රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා ප්රකාශ කළේ අලුත් ව්යවස්ථාවක් ගැන මේ දක්වා කැබිනෙට්ටුව තුළ සාකච්ඡා කර නොමැති බව ය. 1970 මැයි වලදී බලයට පත් වූ සිරිමා බණ්ඩාරණායකගේ ආණ්ඩුව වසරක් යෑමට පෙර 1971 දී ව්යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කර 1972 මැයි වලදී ජනරජ ව්යවස්ථාව සම්මත කරන ලදී. එසේම 1977 ජුලි මස බලයට පත් වූ ජේ ආර් ජයවර්ධන 1978 සැප්තැම්බර් මස දී විධායක බලතල සහිත වර්තමානයේ පවතින ව්යවස්ථාව සම්මත කර ගත් බව තේරුම් ගත යුත්තේ ඒ සඳහා අවශ්යතාවයක් ඇත්නම් ආණ්ඩුවක් බලයට පත් මුල් කාලයේ තුළ එය කිරීමට පියවර ගත යුතු බව ඉතිහාසය පෙන්නුම් කරන නිසා ය.
එළෙස ජනතාවට දුන් පොරොන්දුව ඉටු නොකර සිටිනවා පමණක් නොව විධායක ජනාධිපති ධූරයේ බලතල අසීමිතව උපයෝගි කර ගනිමින් අනුර කුමාර කටයුතු කරන බව පැහැදිළිය. ත්රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් විවිධ කොටස් ජනාධිපති නියමය පරිදි අසිමිත කාලයක් රඳවා ගැනිමට කටයුතු කරන්නේ කිසිදු විලි ලැජ්ජාවක් නැති අයෙකු ලෙස ය. එපමණක් නොව ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම පෙනී සිටි අනුර කුමාරගේ ආණ්ඩුවට දැන් ත්රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීමේ පනත (PSTA) නමින් අලුත් පනතක් ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇත. ඇත්ත වශයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා ඉතා භයානක බලතල මේ ආණ්ඩුව විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන නව පනතට අඩංගුවී ඇත. විහිලුවට කාරනය නම් මෙම පනත රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව විසින් හඳුන්වා දීමට පියවර ගත් අවස්ථාවේ දී හරිනි අමරසූරිය විජිත හේරත් යන වත්මන් ආණ්ඩුවේ නායකයින් ශ්රෙෂ්ඨාධිකරණයේ පෙත්සම් දැමීමට පියවර ගත් බව පවා ඔවුනට අමතකවී තිබීම ය.
ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීම සඳහා සිදුකරනු ලබන එකම කටයුත්ත රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ව සිරගත කිරීම්වලට දෙන විශාල ප්රචාරයයි. රාජපක්ෂවරු ඇතුඵ මෙතෙක් රට පාලනය කළ ධනපති හැතිකරය රටට සිදුකර තිබෙන විනාශයන් පිළබඳව ඔවුන්ට දඬුවම් හිමි විය යුතු ය. එහෙත් මේ අය ආණ්ඩු බලය ගත්තේ ඒ සඳහා පමණක් නොවන අතර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩ නැගිමට ය. ඒ සඳහා ගෙවි ගිය වසර දෙක තුල ආණ්ඩුව දුර දිග යන බරපතල ප්රතිසංස්කරණ කිසිවක් ආරම්භ කිරීමටවත් සූදානම් බවක් පෙනෙන්ට නැත. ජනතාවගෙන් සියයට 65 ක් දරිද්රතාවයෙන් පසුවන අතර තරුණ උගතුන්ගේ විරැකියාව සියයට 43 කී. ඒ අතර උද්ධනමනය සියයට 8 දක්වා ඉහල ගොස් ඇති බව නවතම සංඛ්යා ලේඛණ පෙන්නුම් කර ඇත. ජාත්යන්තර මුල්ය අරමුදල නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව අවුරුදු 15 ක් 24 ක් අතර වයස් කාණ්ඩයේ උගත් තරුණයින්ගේ සියයට 43 ක් රැකියා විරහිතව සිටී. එය දකුණු ආසියාතික කලාපයේ වයස් කාණ්ඩයේ සිටින උගතුන් අතර ඉහලම රැකියා විරහිත අනුපාතය බව වාර්තාවේ. සාමාන්ය ඩිප්ලොමාවක් හිමි තරුණ තරුණියකුට තමන්ට හිමි සුදුසුකම්වලට අනුව රැකියාවක් සොයා ගැනිමට නොහැකිවීම සු`ඵ කාරණයක් නොවේ. රටේ තරුන ජනතාව මුහුණ දෙන අභියෝගයේ ගැඹුර ඉතා බරපතල වුව ද ආණ්ඩුවේ නායකයින් වේදිකාවල විපක්ෂයට විශේෂයෙන් රාජපක්ෂ පවුල හම ගසමින් ස්වයං වින්දනයක් ලබනවා හැර ජනතාව මුහුණ දෙන සැබෑ ප්රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමට අසමත්ව සිටි.
එසේ වුව ද මෙම ආණ්ඩුවේ සැබෑ වුවමණාව ප්රසිද්ධියට පත්වූයේ 22 වන ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කිරීමට දක්වන ලද අතීශය කුමන්ත්රනකාරි කලබලකාරි හදිසියයි. මැතිවරණ ප්රකාශණයේ අවධාරණය කර තිබෙන අලුත් ව්යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන කිසිදු පියවරක් නොගෙන ඔවුන් මැතිවරණ කාලයේ වේදිකාවල උපහාසයෙන් සඳහන් කළ ව්යවස්ථාවට අණ්ඩ දැමීමට කටයුතු කරණ ලද්දේ ඊට අදාල ක්ෂෙත්රවල කිසිදු සාකච්ඡාවකින් තොරව කටයුතු කරනු ලැබීම අතීශය ප්රශ්නකාරි. නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස දීර්ඝ කිරීම යන්න කිතුල් ගසට නැග්ග මිනිසා කියන ලද කතාවට වඩා වැඩි දෙයක් නොවේ. ආණ්ඩුවේ අප්රකාශිත උවමණාව වන්නේ ඔවුන් ඒකාධිපති පාලනයක් කරා යන ගමන වෙනුවෙන් අවශ්ය අන්දමට අධිකරණය හීලෑ කර ගැනිමට තිබෙන උවමණාව බව ඉදිරි කාලයේ සිදුවීම් දිග හැරීම හරහා විද්යාමාන වනු ඇත. අල්ලස් කොමිෂමේ අධ්යක්ෂ ජනරාල්වරයාට අධිකරණ බලය දීමට ආණ්ඩුව විසින් දරණ ලද උත්සහාය අධිකරණ නියෝගයක් නිසා තාවකාලික අත්හිටුවීමට සිදුවීම ද මෙහිලා සඳහන් කළ යුතු ය. ඔවුන් තුළ පවතින උවමණාවන් ධනේෂ්වර ආයතනයක් වන එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්රධානියා විසින් නොබෝදා සිදු කළ ප්රකාශයකින් නැවත තහවුරු වනු ඇත. “නීතිමය හා ආයතනික ප්රතිසංස්කරණ සිදුකරන බවට පොරොන්දුවී තිබිය දී ත්රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම රජය විසින් දිගින් දිගටම සිදු කෙරෙමින් පවතී. එහි ප්රතිඵලයක් ලෙස අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හා චෝදනා ගොනු කිරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා ගැනීම් සිදු වෙමින් පවතී. විධායක බලය අවභාවිතාව ඇතුලු මානව හිමිකම් කඩ කිරීම් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා”
රනිල් වික්රමසිංහ ආණ්ඩුව මැතිවරණවලට මුහුණ දීමට අපොහොසත්කම නිසා විවිධ හේතු පෙන්වා පළාත් පාලන ඡන්ද කල් දැමීමට කටයුතු කර අන්දමට මේ ආණ්ඩුව ද පළාත් සභා ඡන්දය නොපැවත්වීමට ඊනියා තේරිම් කාරක සභා ප්රෝඩාව ඉදිරියට දමා ඇත. ඇත්ත තත්ත්වටය නම් මේ ආණ්ඩුව බලයට පත්වී මාස 6ක් ගත වූ විට පවත්වනු ලැබු පළාත් පාලන ඡන්දයෙන් ලක්ෂ 23 ක ඡන්දයක් ජාතික ජන බලවේගයට අහිමිවීම නිසා එවැනි ඡන්දයකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් නැත. ආණ්ඩුව බලයට පත් වූ මුල් දිනවල NPP නායකයින් ප්රකාශ කළේ ඔවුන්ගේ මන්ත්රිවරු 159 දෙනාම කදිරගාමර් පන්නයේ උගතුන් බව ය. එසේ වුව ද මේ වන විට ඔවුන්ගේ සීමාවන් කුමක් ද යන්න රට ඉදිරියේ හෙළිදරව් වී අවසානය විදේශ කටයුතු ඇමති විජිත හේරත් කදිරගාමර් නොවනවා පමණක් නොව වසන්ත සමරසිංහ ඇතුලත්මුදලි නොවනවා සේම ලාල්කාන්ත ගාමිණි දිසානායක නොවන බවත් හරිනි අමරසූරිය සිරිමා බණ්ඩාරනායක නොවන බවත් ජනතාව තේරුම් ගෙන අවසාන ය.
කවුරු කෙසේ කීවත් මාලිමා ආණ්ඩුව අඩු වැඩි වශයෙන් මේ රට පාලනය කළ අනෙකුත් ධනපති පක්ෂවල පාලනය මෙන්ම මේ ආණ්ඩුවේ පාලනය ද දූෂිත එකකී. කන්ටේනර් 323 සිදුවීම හා කුප්රකට ගල් අගුරු වංචාව මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන් 2.5 සොරකම හා සහල් ආනයනයේ දී සිදුවූ ටෙන්ඩර් මගඩිය වැනි සිදුවීම් ගනනාවක්ම ඇත. ඒවා ආණ්ඩු බලය පාවිච්චි කර යට ගසා ගෙන සිටින බව තේරුම් ගැනීමට අපහසු නොවේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්රධාන නායකයින් මේ දිනවල නිතර ප්රකාශ කරන්නේ ඔවුන්ට ආණ්ඩු බලය ලැබුණ ද රාජ්ය බලය නොමැති බවත් ඒ නිසා රාජ්ය බලය අත්පත් කර ගැනීමට පියවර ගනිමින් සිටින බවත් ය. ආණ්ඩුවට විධායක බලය හා අධිකරන බලය ඇතුඵ සමස්ත රාජ්ය බලය තිබුණ ද ඉදිරියේ මතුවන ආර්ථික අර්බුදයට විසඳුම් දීමට අපොහොසත් වන්නේ නම් දේශපාලන බලය නැගී එන ජනතා බලය මගින් අභියෝගයට ලක්වන බව අපි අවධාරණය කර සිටිමු.
බංකොලොත් විපක්ෂයට ස්වාධීන විකල්ප සමාජ ආර්ථික වැඩපිළිවෙලක් නොමැති බසුබිමක ඔවුන් තම වැවැත්ම සඳහා මාලිමා ආණ්ඩුවට එරෙහිව සිල්ලර විවේචනයන් ඉදිරිපත් කර බංකොලොත්කම වසා ගැනීමේ වසා විහිලු උත්සහායක යෙදී සිටින බව පෙනේ. එහෙත් අපගේ විවේචනය වෙන්නේ මේ ආණ්ඩුව විසින් පවත්වා ගෙන යන නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙලට එරෙහි වූවකී. අනුර කුමාරගේ ආණ්ඩුව මෙතෙක් කල් රට පාලනය කළ විනාශකාරි ධනවාදි වැඩ පිළිවෙල කිසිදු හිරිකිතයකින් තොරව පවත්වා ගෙන යයි. ජාත්යන්තර මුල්ය අරමුදල (IMF) ඇතුඵ චීනය හා ඉන්දියාව වැනි රටවලට ගෙවිය යුතු ණය අහෝසිකර ස්වාධීන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් සමාජවාදි පක්ෂය පමණී.
අවසන් වශයෙන් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ග්රහණය කළ හැකි වූයේ ඔවුන් දුන් පොරොන්දුවලට ජනතාව රැවටීමට වඩා විශේෂයෙන් රාජපක්ෂලාගේ දූෂිත පාලනයට එරෙහිව රට පුරා ගොඩ නැගෙමින් තිබු අති විශාල විරෝධය බව තේරුම් ගත යුතු ය. මෙම සාධකය නාගරික මැද පංතිය තුළ ගැඹුරින් කාවැදි තිබූ අතර ඊට සාපේක්ෂව ජාතික ජන බලවේගය පිරිසිදු හා අවංක දේශපාලන කංඩායමක්ය යන්න සමාජය තුළ තහවුරු වෙමින් පැවැති අතර මතුපිට කරුණු අතපත ගා තීන්දු ගැනීම ලාංකීය සමාජය දක්වන ගැඹුරු ඌනතාවය ගෝඨාභයගේ සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණවලින් පෙන්නුම් කෙරින. මෙහිදි සමාජයේ උගතුන් වැනි ජන කොට්ඨාශ විශේෂයෙන් අන්ධානුකරණයෙන් තීන්දුවලට එළැඹි බව දක්නට හැකිය. මෙම තත්ත්වය නැවත ඇති වීමට ඉඩ නොදීම සැබෑ වාමාංශිකයින්ගේ වගකීම වන්නේ ය. ඊට අවශ්ය ලෙස මහ වැඩ වර්ජනයක් මැදි කරගත් ජන අරගලය කේන්ද්ර කර ගත් වමේ වැඩ පිළිවෙලක් වෙනුවෙන් සටන් වැදීම අපගේ කාර්්ය බාරය වනු ඇත.
තාරක






