lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

New Admin by New Admin
October 15, 2026
in From the Press, දේශීය, රතු තරුව, ලිපි
0
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!
Share on FacebookShare on Twitter
AI Generated Image

ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතින් දිවි හිමියෙන් ආරක්‍ෂා කරන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුව කම්කරු පංතිය ඇතුඵ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම වළ දැමීමට පියවර ගෙන ඇත. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්‍ෂා කිරීමේ පනත (PSTA) නමින් ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කර තිබෙන නව පනත ජේ. ආර්. ජයවර්ධන විසින් නීතිගත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් (PTA) වඩා භයානකය. මෙය ක්‍රියාත්මක වූ පසු ජනතාවට පත්‍රිකා බෙදීම, උද්ඝෝෂනය කිරීම, රැස්වීම් පැවැත්වීම, වැඩවර්ජනය කිරීම හා මෙම පුවත් පතේ පිටුවක පළ කර තිබෙන ලිපිය පවා මෙම පනත සම්මත වුණාට පසුව ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස සළකා ලියුම්කරුව අත්අඩංගුවට පත් කළ හැකිය. මහ පාරේ දී පුද්ගලයෙකු තමන්ගේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණයක යෙදීම පවා ත්‍රස්තවාදි ක්‍රියාවක් වන්නේ ය. ඉහත දක්වා ඇති පරිදි මෙම පනතට අනුව සාමාන්‍ය විරෝධය දැක්වීමක් වැනි ඕනෑම සරළ විරෝධයක් සිදු කිරීමේ දී පොලීසියට, හමුදාවට හා වෙරළාරක්‍ෂක නිලධාරියෙකුට පවා කිසිදු අධිකරණ තීන්දුවක් නොගෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට බලය දී ඇත. PSTA පනත මගින් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සාමාන්‍ය විරොධය දැක්වීමක් හෝ ලිපියක් ලිවීම පවා හඳුන්වා දීම හරහා ජනතාව මෙතෙක් භුක්ති විඳින ලද සියඵ ප්‍රජාතන්ත්‍රීය අයිතින් සහමුලින්ම අහෝසි කිරීමට පියවර ගෙන ඇත. රට තුල ත්‍රස්තවාදයක් පවතින බවට කිසිදු හෝඩුවාවක් නොමැති පරිසරයක ජනතාවගේ කර මතින් බලයට පත් වූ ආණ්ඩුව මේ අන්දමට ඉතා භයානක පනතක් නීතිගත කිරීමට කටයුතු කරන්නේ ඇයි ද යන ප්‍රශ්ණය මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව ප්‍රශ්ණ කළ යුතුව ඇත.

ඇත්ත කාරණය වන්නේ මේ ආණ්ඩුවේ අසමත් ක්‍රියා කලාපයට එරෙහිව රට පුරා ජනතා විරෝධය නැගී ඒමට පටන් ගෙන ඇති බවත් එය දරුණු ලෙස මර්ධනය කිරීමට කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍යවී තිබිම ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව දැරූ පිපාසයම PSTA පනත සම්මත කර ගැනීමටත් ඔවුන් යොදා ගැනීම උත්ප්‍රාසජනකය. මෙම කුරිරු පනත පරාජය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිය`ඵ බලවේග පක්‍ෂ පාඨ නොබලා දැවැන්ත මහජන ව්‍යාපාරයකට කැඳවිය යුතු බව රතු තරුව අවධාරණය කර සිටී.

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

October 15, 2026
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

October 15, 2026
Rathu Tharuwa Oct. Edition

Rathu Tharuwa Oct. Edition

October 15, 2026
Next Post
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.