lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

Taniya by Taniya
February 3, 2026
in Articles
0
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත වී ඇත්තේ එම පොරොන්දු තොගයයි. බලයට පත්වූ පසු ජාජබ නායකයන් ප්‍රකාශ කළේ ඔවුන් මේ රටට පුනරුදය උදාකරන බවය. එමනිසා මේ ආණ්ඩුව පුනරුදයේ ආණ්ඩුව වශයෙන් හඳුන්වන ලදී. පුනරුදය යනු බරපතළ වචනයකි. නොයෙකුත් දුක්පීඩා ව්‍යාධිවලින් පෙළෙන සමාජයක් සුවපත් කොට තිබූ තත්වයෙන් සහමුලින්ම වෙනස් කොට අලු‍ත්ම තත්ත්වයක් ගොඩ නැගීම නිර්මාණය කිරීම පුනරුදය ලෙස හැඳින්වේ. මාලිමාවේ ආණ්ඩුව ප්‍රකාශ කළේ මේ රටට එවන් පුනරුදයක් උදාකරන බවයි. එහෙත් අද වනවිට පවතින තත්ත්වය වනුයේ පුනරුදය යන වචනය විහිළුවක් නැත්නම් කුණුහරුපයක් බවට පත්වී ඇති බවයි. ජාජබ ආණ්ඩුවේ ක්‍රියාකලාපය විසින් එම වචනය දූෂණයට ලක්කර තිබේ. දැන් ජාජබය/ජවිපෙ එම පුනරුදය යන වචනය පාවිච්චි කිරීමත් අතහැර තිබෙන සේය. වත්මන් රජයේ වැඩ හේතුවෙන් එම වචනය පාවිච්චි කිරීම බාහිර සමාජයට පවා ගැටලු‍වක් වී තිබෙන බව පෙනේ. පුනරුදයක් ගැන කතා කිරීම මාලිමා ආණ්ඩුවට කඩේ යාමක් ගනයට වැටී තිබේ.
ඇත්ත වශයෙන්ම 2024දී ජාජබය බලයට පත්වූ පසු මේ රට ගොඩනගා රටට පුනරුදයක් උදාකළ යුතුව තිබිණි. 76 වසරක ශාපයක් ගැන කතා කළ අනුරකුමාර දිසානායක ප්‍රමුඛ ජාජබ/ජවිපෙ නායකයන් එම ශාපය දුරු කරන්නට ක්‍රියා කරන්නේ නම් මෙරටට පුනරුදයක් උදා වනු ඇත. විශේෂයෙන්ම 2020 – 2024 කාලයේ පැවති ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ පාලන සමයන්හි අනුගමනය කළ ජනතා විරෝධි සහ මර්දනකාරී ප්‍රතිපත්තිවලින් මිදී මජර ධනේශ්වර ජදරචදර්එැ පන්තිය වෙනුවට පොදු ජනයාගේ යහපත මුල්තැන්හි ලා කටයුතු කරන්නේ නම් පුනරුදයක් බිහිකිරීම ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන් පාහේ එයට විරුද්ධ අතට බව මේ වනවිට ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. දිට්වා සුලි කුණාටුව අවස්ථාවේ සහ ඉන්පසු ඇතිවූ තත්ත්වය තුළින් පෙන්නුම් කළේ මේ ආණ්ඩුවට රටේ සිදුවන්නේ කුමක්ද සහ කළයුත්තේ කුමක්ද යන්න ගැන කිසිදු අවබෝධයක් මෙන්ම දැක්මක්ද නැති බවයි. කාලගුණ බලධාරින් සුළි කුණාටුවක් ඇතිවන බව කියා තිබුණට දිට්වා සුළි කුණාටුව ගැන කියා නොතිබුන බවට නලින්ද ජයතිස්ස ඇමතිවරයා කළ ප්‍රකාශයෙන්ම මේ ආණ්ඩුවේ නොමේරූ ස්වරූපය පෙන්නුම් කෙරේ. ඉන්පසු ආණ්ඩුව කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට මාධ්‍ය ඉදිරියට පැමිණ කතාකිරීම තහනම් කොට කාලගුණ තොරතුරුද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා නිකුත් කිරීමට සැලැස්වීමයි. එසේ කළවිට සුළි කුණාටු ඇති නොවනවා හෝ එය ජනතාවට කලින් දැනගැනීමට නොහැකි වනවායයි මේ පාලකයන් හිතුවාවත්දැයි සැක හිතේ.


නොවැම්බර් මස 27දා සුළි කුණාටුව ගැන අනතුරු අඟවා තිබියදීත් ඒ ගැන තුට්ටුවකට මායිම් නොකළ ජනාධිපතිවරයා නොවැම්බර් 26 දා චිත්‍රපට නිශ්පාදකයන් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා රන්ජන් රාමනායක සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් කාලය ගත කළේය. 27දා රටෙන් අඩක් පමණ වනසමින් කුණාටුව කඩාපහත් වනවිට කලබල වී නාසය ළඟටම වතුර පිරී ගිලෙන්නට ඔන්න මෙන්න සිටියදී සුළි කුණාටුව දවසක් තුළ පහව ගිය හේතුවෙන් යන්තම් ආණ්ඩුවට යන්තම් පණ බේරාගන්නට හැකිවිය.
මේ වනවිට දිට්වා ව්‍යසනයෙන් මාස දෙකක් ඉකුත්ව ගොස් ඇත. එහෙත් මේ විපතින් විපතට පත් බොහෝ දෙනෙකුට තවමත් ”‍දිට්වා”‍ සේය. ජනාධිපතිවරයා මහ උජාරුවෙන් දෙනවයි කී රුපියල් 25000/- මූලික ආධාරය තවමත් බොහෝ පිරිසකට ලැබී නැත. විශේෂයෙන් උඩරට වතුකරයේ ජීවත්වන මලෙයියග ජනයා බොහෝ දෙනකුට මේ සහනාධාරය ලැබී නැත. මේ සඳහා සම්බන්ධ වන බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරියා හරියාකාරව මෙහෙයවා ගැනීමට ආණ්ඩුව සමත් වී නැත. මේ නිසා සහනාධාර ලැබිය යුතු බොහෝ පිරිසකට ආධාර නොලැබීම හේතුවෙන් ඔවුහු මහත් පීඩාවට පත්ව සිටිති. අනෙක් අතට ගම් මට්‍ටමේ සිටින ජාජබ /ජවිපෙ සාමාජිකයන් සහ ඔවුන් දේශපාලන බලය වෙනුවෙන් ගොඩනැගූ කොට්ඨාස සභා මේ ව්‍යසනය තුළ කුණාටුවෙන් සහ නායයාමෙන් විනාශයට පත්වී ඇති සෙයක් පෙන්නුම් කරයි. ග්‍රාම නිලධාරීන් අතින් මගහැරෙන සහ අවශ්‍යයෙන්ම සහන ලැබිය යුතු පිරිසට සහන සැලසීමට මේ සභාවලට මැදිහත් වීමට හැකියාව තිබිණි. එහෙත් ඔවුන් මෙහිදී සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී ඇති අතර ජවිපෙ කොට්ඨාස සභා ක්‍රියාත්මකව පැවතුනු තැන්වල ඔවුන් ක්‍රියා කොට තිබුණේ අසරණ භාවයට පත් සුදුසු පුද්ගලයන් ඉවත් කොට තම පාක්ෂිකයන් අතට රජයේ සහනාධාර ලබාදීමට මැදිහත් වීම බවට තොරතුරු වාර්තා වී තිබේ. ආපදාවෙන් පසු රට යළි ගොඩ නැගීමට කියා පත්කළ ඍැඉමසකාසබට ීරස ඛ්බන් අරමුදල තුළින් ද මාලිමා ආණ්ඩුවේ පුනරුදයේ දිශාව පෙන්නුම් කරයි. එම අරමුදලේ පරිපාලනය සඳහා පත්කළ කමිටුවට රජයේ නිලධාරීන් වශයෙන් පත්කළ කීපදෙනා හැරෙන්නට ඉතිරි සියලු‍ දෙනා ඉහළම පැලැන්තියේ ධනකුවේරයෝ වෙති. ජාජබයේ ව්‍යාපාරික කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවා එක්ස්පෝ ලංකා ව්‍යාපාරයේ අධිපති සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වන යුසූෆ් හමීඩ්ගේ මෙහෙයවීමෙන් තෝරාගැනුනු මෙහි සිටි මේ මහ ධනපතියන් මේ රටේ කම්කරු පන්ති ව්‍යාපාරයේ පරම හතුරන් වූ අතර වැඩකරන ජනයා සූරාකමින් ලාබ තරකර ගැනීමේ කප්පිත්තෝ වෙති.
අනෙක් අතට මේ තුළින් පෙන්නුම් කෙරුනේ අනුරකුමාර ජනාධිපතිවරයාගේ දැක්ම මොනතරම් පටුද යන්නයි. ආපදාවෙන් පසු රට යලි ගොඩනැගීම හුදු ව්‍යාපාරික ව්‍යාපෘතියක මට්ටමේ ලඝු සහ සැහැල්ලු‍ දෙයක් ලෙසය ඔහු සලකා ඇත්තේ. රට ගොඩනැගීමේ කා©යෙහි බර අදින වැඩකරන ජනයාගේ කිසිදු නියෝජිතයකු/වෘත්තීය සමිති ක්‍රියාධරයකු මේ පාලක මණ්ඩලයට පත් කෙරුනේ නැත. කිසිදු ස්ත්‍රී නියෝජනයක් නැත. ප්‍රධාන වශයෙන්ම ආපදාවෙන් පීඩාවට පත්වූ ජනයාගේ කිසිදු නියෝජිතයකුද නැත. මේ තුන් පාර්ශ්වයේම අදහස් නොතකා ජදරචදර්එැ ධනපති පන්තියේ උවමනාවන් මත රට යලි ගොඩනැගිය හැකියයි මේ පාලකයන් කල්පනා කරන බව පෙනේ.


ඒ මේ ආණ්ඩුවේ දැක්මක් නැති අඳුරේ අතපත ගාන ක්‍රියාදාමය ගැනයි. එහෙත් අනුරකුමාර ජනාධිපතිවරයාට දැක්මක් නැත්තේම නැත. මේ වනවිට මාස අටකට වැඩි කාලයක් විගණකාධිපතිවරයකු පත් කිරීම සඳහා පියවර නොගන්නේ ඔහුගේ දැක්ම අනුවය. විගණකාධිපතිවරයකු ජනාධිපතිවරයාට කෙලින්ම පත්කළ නොහැකිය. ජනාධිපතිවරයා විසින් නම් කරන තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතුය. එවකට සිටි විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු ඒ වනවිට සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපතිවරයා ලෙස පත්කිරීම මෙතෙක් සියලු‍ ආණ්ඩු අනුගමනය කළ සම්ප්‍රදායයි. එහෙත් හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු අනුරකුමාර ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා නම් කොට එවා තිබුණේ ඔහු සමග විශ්ව විද්‍යාලයේ සිටි සමීප මිතුරෙකි. වාසනාවකට මෙන් ව්‍යවස්ථා සභාව විසින් එම නම ප්‍රතික්ෂේප කරන ලදී. වෙන කරකියා ගතහැකි කිසිවක් නොමැති වූ හෙයින් එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වැඩබලන විගණකාධිපතිවරයා ලෙස පත්කරන ලදී. තමාට රිසි පුද්ගලයකු විගණකාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරය විශේෂයෙන් සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනා අනුරකුමාරගේ මේ කූට උපක්‍රමයට හසු නොවූ නිසාය.


වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහිව හඬ නැගු මේ මහා වීරයා විගණකාධිපති ධුරයට තම හෙන්චයියෙකු පත්කිරීමට මෙතරම් වෙර දරන්නේ ඇයි? කිරිවලටත් වඩා සුදු පාට ආණ්ඩුවක් ලෙස බලයට පැමිණි ජාජබ ආණ්ඩුවේ වසරක කාලය තුළ සිදු වූ, සිදුකළ වංචා දූෂණ සුළුපටු නැත. ප්‍රධාන වශයෙන් කන්ටේනර් රථ 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම, ඉන්දියාවෙත් බාල එන්නත් ගෙන ආ බවට වන අපචාරය, බාල ගල් අඟු‍රු ගෙන ඒම සහ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව විවිධ දෑ ආනයනය සඳහා බලපත් නිකුත් කිරීම වැනි කාරණා ගණනාවක් ගැන විගණකාධිපති පරීක්ෂණ ඇරඹීමට නියමිතව ඇත. මාලිමාවේ දූෂිතයන් හිරේ විලංගුවේ වැටීම වළක්වා ගැනීම අනුරකුමාරගේ මූලික අරමුණ බව පැහැදිලිය. මෙලෙස තම පිලේ හොරුන් දූෂිතයන් රැකගැනීමට ජජනාධිපතිවරයා මුල්තැන දෙන්නේ නම් පුනරුදය යන වචනය හිස් වචනයකිනුත් එහාට ගොස් අසැබි වදනක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. සුළි කුණාටුවෙන් පසු රට ගොඩඑනු වෙනුවට රට පල්ලම් බහින තත්ත්වයක් උද්ගත වී ඇත. පුනරුදය සොයා ගැනීමටවත් නැත. එය ද නාය ගොස් පස් යට වැළලී ගොස් ඇති සේය.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 - ජාත්‍යන්තර කාන්තා දිනයට - සැබෑ අරුතක්

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.