• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

JVP අර්බුදය ගැන සෝමවංශ නොකියා කියන කතාව

ragu by ragu
May 29, 2015
in Articles
0

රෝහණ විෙÊවීරගෙන් පසු ජනතා  විමුක්ති පෙරමුණ ගොඩ නැගීමේලා ආරම්භක යුගයට සම්බන්ද එකම පුද්ගලයා හැටියට සැලකෙන වසර 25 ක් පමණ ජවිපෙ නායකත්වය දැරූ  සෝමවංශ අමරසිංහ  ජවිපෙන් ඉවත් වු බව අප්‍රේල් 16 වන දා ප්‍රකාශයට පත් විය. මෑත කාලීනව ජවිපෙයට සම්බන්ද බෙදීම් කීපයක්ම සිදූවිය.
2008 වසරේ § මන්ත්‍රි කණ්ඩායමක් සමග ජවිපෙ ප්‍රචාරක ලේකම් වශයෙන් කටයුතු කළ විමල් වීරවංශගේ බිඳී යෑම ජවිපෙ මුහුණ දෙමින් සිටින ධනපති පාර්ලිමේන්තුවාදී දේශපාලනයේ අර්බුදයක් ලෙස මතු වීම වැලැක්විය නොහැකි විය. තම අනුගාමිකයින් රවටමින් ජවිපෙ ධනපති පංතිය සමග ගෙන යමින් තිබෙන කපටි හා සූක්‍ෂම සභාග දේශපාලනය විමල් කÈමට ප්‍රදර්ශණය කරනු ලැබිය. විමල්ගේ ඇත්ත වෙනුවට නැත්ත නමින් නිකුත් වූ ප්‍රකාශණය තුළින් අවස්ථාවා§ දේශපාලනය මතුපිටට පැමිනියහ. ඉන් අනතුරුව දේශපාලන අර්බුදය ඉස්මත්තට පැමිණියේ ජන අරගල ප්‍රවනතාවය නමින් පුබුදූ හා චමීර වැනි අයගේ නායකත්වයෙන් ඇති වූ බරපතල පිපිරීම සමගය. ජන අරගල ව්‍යාපාරය මේ වන විට පෙරටුගාමී සමාජවා§ පක්‍ෂය බවට පත්ව ස්වාධීන දේශපාලන ගමනක් ආරම්භ කර ඇත. වීරවංශගේ බෙ§ම සිංහල ජාතිවාදය පදනම් කරගත් ධනපති ශ්‍රිලනිපය සමග ( මහින්ද රාජපක්‍ෂගේ – සහජීවනයකට ගමන් කිරීම උදෙසා ගන්නා ලද ප්‍රතිගාමී එකක් විය. ඊට ප්‍රතිවිරුද්ධව පෙරටුගාමීන් ජවිපෙන් වෙන් වීම පෙන්නුම් කලේ ජවිපෙය පාර්ලිමේන්තුවා§ පක්‍ෂයක් ලෙස පිරිහීම හා ජවිපෙය ධනපති පංතිය සමග ගෙන යන පංති සහයෝගිතාවා§ සහජීවනයට එරෙහි වාමවා§ රැඩිකල් අදහස් නියෝජනය කිරීමක් වශයෙනි.
විෙÊවීරගේ ඇවෑමෙන් පසු ජවිපෙ නායකත්වයට පත් ෙÊ්‍යෂඨ නායකයෙකු වූ සෝමවංශ ජවිපෙන් ඉවත් වීම ගැන කරනු ලබන ප්‍රකාශයන් දේශපාලන වශයෙන් නපුංසක හැඩයක් ගෙන ඇත. ජවිපෙ ගැන සෝමවංශගේ ප්‍රධාන චෝදනාව ජනවාරි 8 රාත්‍රි සිදූවාය කියන රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණය ගැන නිසි පරිÈ කටයුතු නොකලාය යන්නය. මෙම ලිපිය ලියන විට ජනාධිපතිවරණය අවසන්ව මාස 4ක් ගතව ඇතත් රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය සම්බන්දව මහින්දගෙන් හෝ ගෝඨාභය ගෙන් කට උත්තරයක් වත් ගෙන නොමැත. සිදූවුනාය කියන කුමන්ත්‍රණය ගැන රටේ ජනතාව තුලද විශ්වාසයක් නැති බව පෙනේ. ජනතාව තුල උනන්දූවක් පවා නොමැති කුමණ්ත්‍රණයක් ගැන කථා කිරීම තුලින් පෙන්නුම් කරනුයේ සෝමවංශ ජවිපෙය තුළ පවතින සැබෑ දේශපාලන අර්බුදය හංගාගෙන කථා කිරීමට දරණ නීච උත්සාහයක් බවය. එබැවින් ජවිපෙ අර්බුදයේ සැබෑ තේරුම හා එහි නොකියවෙන ඇතුල් පැත්ත තේරුම් ගැනීම වැදගත් වේ.
ජවිපෙන් ඉවත් වීමෙන් අනතුරුව ඔහු පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ§ සඳහන් කළ දෙවැනි කරුණ තුලින් ජවිපෙ අර්බුදයේ දේශපාලන කියවීම සදහා දොරටු විවර කර ඇත. සෝමවංශගේ වචන වලට අපි හැරෙමු’    — රෝහණ විෙÊවීර සහෝදරයා මේ පඬය හැදූවේ රටේ සංස්කෘතිය සමගයි. මෙය බෞද්ධ සංස්කෘතිය මුල් බැසගත් රටක්. අපේ සාමාðකයින්ගේ ගෙවල් වල බුදූ සරණයි කියා පුවරුවක් ප්‍රදර්ශණය කර තිබෙනවා . එA තමයි පාඬිකයා ඉන්න තැන. අපි පන්සිල් රකින මිනිස්සු. එAත් පන්සිල් ගන්නේ නැහැ. වැදගෙන ඉන්නවා. ගාථා කියන්නේ නැහැ. අපි පිරිත් නුලක් ගැට ගසා ගන්නේ කැමරාවට පස්ස හරවලා. ˜
( ලංකා§ප 16 පිටුව අප්‍රේල් 19 – අවධාරණය අපේ –
සෝමවංශ මේ කියන කථාව ජවිපෙ පදනම් වන පංති ස්වභාවය තේරුම් ගැනීමට වැදගත්වෙයි. විෙÊවීර විසින් ගොඩ නගනු ලැබු ජනතා විමුක්ති පෙරමුණේ සිංහල බෞද්ධ ජාති(ක-වා§ පදනම මේ මගින් ඔහු විවෘතවම කියා පානවා. මේ හෙළිදරව්ව කිරීම ගැන සියලූ දෙනා සෝමවංශට ස්තුති විය යුතුයි. ජවිපෙය මාක්ස්වා§ පක්‍ෂයක් බව වංචනිකව ප්‍රදර්ශණය කරමින් සමාජවාදය බිහි කිරීමට සටන් වÈන බව පෙන්නුම් කලද ජවිපෙ හා විෙÊවීරගේ සමාජවාදය සිංහල බෞද්ධ සමාජවාදයක් බව මෙම ප්‍රකාශය සමග සැඟවීමට නොහැකි වී ඇත. සරළ හා වියුක්ත වශයෙන් ජාතිවාදයට විරුද්ධ බව ජවිපෙ කියා සිටියත් හරයෙන් සිංහල ජාති(ක-වාදයට ඔවුන්ගේ තිබෙන ඥාතිත්වය ඉතා ගැඹුරු එකක් බව මින් පැහැÈලි වේ.
සෝමවංශ විවර කරන ජවිපෙ පංති ස්වභාවය ගැන විමල් වීරවංශ ජවිපෙන් ඉවත් වීමෙන් අනතුරුව ලියන ලද ඇත්ත නැත්ත පොතේ පැහැÈලිව මෙලෙස සඳහන්ව ඇත.
— එම උපාය මාර්ගික දැක්මට අනුව (විෙÊවීර- ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගන ලද්දේ හරයෙන් සමාජවා§ – පෙනුමෙන් දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරයක් වශයෙනි. විප්ලවකාරී දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට බෞද්ධ භිඬූන් වහන්සේ බලවේගයක් වශයෙන් පෙළ ගස්වාලීම උදෙසා විෙÊවීරයන් කටයුතු කලේ එබැවිනි. සාමාන්‍යයෙන් මාක්ස්වා§ දෘෂ්Àයට අනුව භික්ෂුව අයත් වන්නේ විඟ්‍රනවා§ අගමික සංස්ථාවකටය. ˜
( ඇත්ත වෙනුවට නැත්ත – පිටුව 66″ අවධාරණය අපේ –
වීරවංශ එතැනින් නොනැවති තවදූරටත් ජනතා විමුක්ති පෙරමුණ පදනම් වන නාගරික කම්කරු විරෝධී සිංහල ග්‍රාමීය සුලූ ධනේෂ්වර පංති පදනම මනාව හෙළිදරව් කරයි.
— මාක්ස්වා§ දේශපාලනය තුළ අධි – නිශ්චය වී පවතින්නේ කම්කරු පංතිය බව සැවොම දන්නා කරුණකි. විෙÊවීරයන් ජනතා විමුක්ති පෙරමුණ බිහිකරන අවස්ථාව වන විට ලංකාවේ බිහිව පැවැති කම්කරු පංතිය තුළ බලය විහිදූවා සිටියේ පැරණි වමය. කම්කරු පංතිය අතර පදනම පැවැතියේ පැරණි වමට අයත් වෘත්තීය සමිති වෙතය. රෝහණ විෙÊවීරයන් කම්කරු පංතිය Èනා ගැනීමට පැරණි වම සමග පොර බදනවා වෙනුවට සිදූ කළේ ගොවි ජනතාව බහුලව ජීවත් වූ ග්‍රාමීය ප්‍රදේශ කරා ගමන් කිරීමය. ග්‍රාමීය ගොවි ජනතාව අතරින් ජවිපෙ බිහි කිරීම අරඹන ලද හෙතෙම නගරයට වඩා ග්‍රාමීය ගොවි සමාජය තුළ පැවැති මෙරට ජනතාවගේ බෞද්ධ සභ්‍යත්ව විඥානයට අයත් හර පද්ධතීන් තම පඬයේ සංස්කෘතියට එක්කර ගැනීමට ද උත්සුක විය. සාමුහික හා පරාර්ථකාමී බව නියෝජනය කරනු ලබන සාමාðකයකු බිහි කෙරුණේ එA සන්දර්භය තුළය. පිදේනි තට්ටුවේ තිබෙන ආහාර ටික පරිභෝජනය කර” කැපවීමෙන් හා අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන සාමාðකයකු බිහි කරන ලද්දේ ද එA සන්දර්භය තුළය. විෙÊවීරයන් ”    තම පඬය (ජවිපෙ- මුලිකව බිහි කරන ලද්දේ නාගරික කම්කරු පංතිය වෙතින් නම් මෙකී ලක්ෂණ එම පඬය තුළට අවශෝෂණය වීමේ හැකියාව අඩු බව ඉතා පැහැÈලිය.
ඊට හේතුව වනුයේ නාගරික කම්කරුවා තුළින් මේ ලක්ෂණ එපමණටම නියෝජනය නොවීමය. එහෙත් ග්‍රාමීය ගොවි ජනතාව අතර කවර පරස්පරතා පැවතියේ වුවද මෙකී ගුණාංග කෙරෙහි බර වූ ජීවිතයක් පැවැතියේ ය. විෙÊවීරයන් නිර්මාණාත්මකව එA තත්වය තම පඬයේ සංස්කෘතිය වෙත එක්කර ගනු ලැබුවේය. කම්කරු පංතිය මත ආරම්භයේ සිටම මූලිකව පදනම් වනවා වෙනුවට ග්‍රාමීය ගොවි ජනතාව අතර ආරම්භක මූලික පදනම තනා ගැනීමට තීරණය කිරීම වෙතින් ද ප්‍රකට වූයේ විෙÊවීරයන්ගේ මූලධර්මවා§ නොවු නිර්මාණාත්මක දේශපාලන මනසය. එමෙන්ම ග්‍රාමීය ගොවි ජනයා තුළ විශේෂයෙන් පැවැති බෞද්ධ සභ්‍යත්ව විඥානය මත බොහෝ දූරට පදනම්ව තම පඬයේ අභ්‍යන්තර සංස්කෘතිය බිහිකිරීමට කල්පනා කිරීම වෙතින්ද ප්‍රකට වූයේ න්‍යාය බරවා කකුලක් බවට පත් කර නොගත් විෙÊවීරයන්ගේ සුවිශේෂී නිර්මාණාත්මක විවෘත මනසය. මේ බව සනාථ කිරීම සදහා මේ අන්දමේ උදාහරණ තවත් කොතෙකුත් ඉÈරිපත් කළ හැකිය.
ජාතික ගැටලූවට අදාලව සියලූ වමේ පඬ බරවී තිබුණේ” වැළඳගෙන තිබුණේ දෙමළ ජාතිවාදයේ පැත්තය. ජාතීන්ගේ වෙන්වීමේ අයිතිය නැමැති සුප්‍රකට ලෙනින්වා§ සුත්‍රය මත පදනම්ව මේ වරද්දා ගැනීම සියලූ දෙනා විසින් සිදූකර තිබිණි. එහෙත් විෙÊවීරයන් ප්‍රශ්නය වෙත ප්‍රවේශවූයේ මූලික ප්‍රතිවිරෝධතාවයට සාපේඬවය.
( ඇත්ත වෙනුවට නැත්ත – පිටුව 68 – 69 අවධාරණය අපේ –
ජවිපෙය අනුගමනය කළ 71 හා 88 – 89 කැරලිකාරී සන්නද අරගල මාවත අත්හැර දමා පාර්ලිමේන්තුවා§ පක්‍ෂයක් බවට පරිවත_නයවී ඇති බව හා එම තත්වය තුළ ධනපති පංතිය සමග හවුල් සභාගයන් ගොඩ නැගීම හැර වෙනත් මාවතක් නොමැතිය යන අදහස ජවිපෙ තුළ කිÞදා බැස ඇති බව විමල් වීරවංශ සමග සෝමවංශ Èගින් Èගටම පෙන්වා දෙයි. අනුර කුමාර හා ටිල්වින් වැනි අය ජවිපෙ මෙම පිරිහීම එලිපිට හෙළි දරව්වීම වලක්වා ගැනීම සදහා විවිධ උපාමාරු වල යෙදෙති. මෙම අර්බුදය විප්ලවය හා පාවා§ම අතර සංවාදයක් නොව ජාතිවා§ සු¿ ධනේෂ්වර දේශපාලනයේම අච්චාරුවකි. ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් නොවන එහෙත් උපායික තලයේ කටයුතු කිරීම පිළිබද ප්‍රායෝගික ගැටලූවක් අනුර හා සෝමවංශ අතර මතුව ඇති බව පෙනේ. විමල්ගේ ඇත්ත හා නැත්ත තුලින් පෙන්වා දෙන ජවිපෙ අර්බුදය වර්තමානයේ අනුර හා සෝමවංශගේ දෙපාර්ශයම සඟවාගෙන ඇති ඇත්ත හා බොරුව අතර විÊජාවක් මිස අන් දෙයක් නොවේ. 2005 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිධූර භාරගෙන දේශපාලන හවුල් සභාගයක් ගොඩනැගීම වෙනුවෙන් සෝමවංශ පෙනී සිටියේය. පැරණි වමේ ව්‍යාපාරය (සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ – ශ්‍රිලනිපය සමග සභාග ගොඩ නැගීම ගැන ගැඹුරු මාක්ස්වා§ න්‍යායික විග්‍රහයක් හා විවේචනයන් මත පදනම් නොවු ජවිපෙය ප්‍රචාරකවා§ ව අවස්ථාවා§ උවමනාවන් වෙනුවෙන් කටයුතු කළාය. සභාග දේශපාලනය ගැන ජවිපෙය අභ්‍යන්තරයේ පවතින ඇත්ත ස්වාභාවය වීරවංශගේ ඇත්ත වෙනුවට නැත්ත පොතේ මෙලෙස සදහන් වේ’
එA අවස්ථාවේ මගේ ( සෝමවංශගේ – ස්ථාවරයවූ යේ මහින්ද රාජපක්ෂට සහාය§ රනිල් වික්‍රමසිංහ පැරදවිය යුතුය යන්නය. එහෙත් මගේ අදහස වූයේ පො.එ.පෙරමුණ සමග සභාග ආණ්ඩුවක් කරා නොයා යුතු බවය. එහෙත් පො.එ.පෙ. සමග සභාගයක් ගොඩ නැගීමෙන් වැලකි සිටිම වැරÈ බව දැන් මගේ (සෝමවංශ- වැටහීමයි.
එම දේශපාලන වරද පිළිබදව මම ස්වයං විවේචනයේ යෙදෙමි.
( ඇත්ත වෙනුවට නැත්ත – පිටුව 28 – අවධාරණය මගේ –
ජවිපෙ මුහුණ දෙන අභ්‍යන්තර අර්බුදය ගැන තේරුම් ගැනීමට ඉහත උපුටනයන් හැර වෙනත් අටුවාටිකා අවශ්‍ය නැත. අනුර කුමාරලා තම අනුගාමිකයින් අඳූරේ තබා ඔවුන් නොමග යැවීම සදහා කොලේ වහලා සෙල්ලම් කිරීමට දරණ උත්සාහය මේ වන විට අවසාන වෙමින් පවතී. අනුර ඇතුලූ ජවිපෙ නායකයින්ගේ මෙම උප්පරවැට්ටිය තව දූරටත් ඉවසා සිටීමට සෝමවංශට තිබෙන නොඉවසිල්ල ඔහු ජවිපෙන් ඉවත්වීම ගැන නොකියා කියන කථාවයි. සෝමවංශ යෝජනාකරන පාර්ලිමේන්තුවා§ ධනපති හවුල් දේශපාලන මාග_ය හැර ජවිපෙට ගමන් ගැනීමට වෙනත් මාවතක් නොමැති බව සෝමවංශ මෙන්ම අනුර කුමාරත් හොÈන් දන්නෙහිය. සෝමවංශ හා ජවිපෙ අතර තීරණාත්මක අර්බුදයක් නැත්තේ එබැවිනි. පක්‍ෂයෙන් ඉවත් වීමෙන් අනතුරුව ආඩ පාලි කියමින් අඩා වැලපෙන ළදරුවකුගේ තත්වයට සෝමවංශ පත්ව ඇත්තේ එA නිසාය. මෙම පසු බිම තුළ ජවිපෙ විප්ලවකාරී මුහුණුවරකින් තරුණ රැඩිකල් බලවේගයක් ලෙස පවත්වාගෙන ආ උරුමය අභියෝගයට ලක්වනු ඇත. නිරන්තරයෙන් විෙÊවීර හා 71 නැගිටීම ගැන කථා කිරීමෙන් අර්බුදයට Èගු කාලීන විසඳූම් නොලැබෙනු ඇත.
2011 § ජවිපෙන් වෙන් වු පෙරටුගාමී පක්‍ෂයේ ස්වභාවය නිවැරÈව හඳූනා ගත හැක්කේ ද ජවිපෙය මුහුණ දෙන මෙම අර්බුදයේ පසුබිම තුළය. 88 – 89 භීෂණ කාලයෙන් අනතුරුව විවෘත දේශපාලනයට අවතීර්ණ වීම සමග 1994 සිට ජවිපෙ නායකයින් අනුගමනය කළ පාර්ලිමේන්තුවා§ ධනපති හවුල් දේශපාලනය ගැන තරුණයින් අතර බරපතල විවේචනයක් තිබුණි. ජවිපෙ 1994 න් අනතුරුව ප්‍රධාන මැතිවරණ ප්‍රවාහයේ§ ස්වාධීන ස්ථාවරයක් ගන්නේම නැත. ඔවුන් 94 සිට චන්ද්‍රිකා” මහින්ද” පොන්සේකා හරහා මෛත්‍රිපාල” රනිල් දක්වා වරින් වර ධනපති පංතියේ එA හෝ මේ කොටස සමග හවුල් දේශපාලනයේ නිරත විය. එයට එරෙහිව මතු වූ රැඩිකල් විරෝධතා බලවේගයට චමීර – පුබුදූ – කුමාර් වැනි අය වෙතින් නායකත්වයක් මතු වූ අතර අනෙක් පැත්තෙන් ඔවුන් 88 – 89 දේශප්‍රේමී කැරැල්ල ප්‍රතිපත්තියම වශයෙන් ආරක්‍ෂා කරති.
එA සමග ජවිපෙ ගොඩ නැගීමේ§ විෙÊවීරගේ ආරම්භක ස්ථාවරයන් (මෙම ලිපියේ ඉහතින් සදහන් සු¿ ධනේෂ්වර සිංහල බෞද්ධ සංස්කෘතිය- වෙනුවෙන් පෙරටුගාමීන් දැඩිව පෙනී සිටිති. යුද්ධයට කොන්දේසි විරහිතව මහින්ද රාජපක්‍ෂට සහයෝගය § අන්ත ජාතිවා§ ස්ථාවරයකට ජවිපෙය ගමන් කිරීම ගැන යම් විවේචනයක් මෙම කොටස් වලට තිබුණ ද ඔවුන් ජාතික ප්‍රශ්නය ගැන විෙÊවීරගේ මූලික ඉගැන්වීම් වලින් වෙන් නොවීම නිසා පෙරටුගාමීන් පක්‍ෂයක් ලෙස විවෘත තලයේ වැඩ ආරම්භ කිරීම සමග තියුණු අර්බුදයකට යෑම වැලැක්විය නොහැකිවිය. පෙරටුගාමීන් ජවිපෙන් වෙන්වීමෙන්  පසු ප්‍රකාශයට පත් කළ ජවිපෙ ගමන් මග හා පක්‍ෂය දෙස ස්වයං විවේචනාත්මක ආපසු හැරී බැලීමක් යන කෘතිය ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ට තිබෙන වැරÈ මුලාශ්‍රය දැකිය හැකිය.
ජාතික ගැටලූව සම්බන්දයෙන් එතෙක් ඉපැරණි වමේ ව්‍යාපාරය සහ අනෙකුත් දේශපාලන ව්‍යාපාරයන් ගෙන් තහවුරු වී තිබු මතයට වඩා වෙනස් මතයක් තහවුරු කිරීමට පඬය (ජවිපෙ- මගින් සැළකිය යුතු වැඩ කොටසක් ඉටු කරන ලÈ. ජාතික ගැටලූව පිළිබඳ පු¿ල්තම දේශපාලන විග්‍රහයක් තිබුණේ අප පක්‍ෂයට (ජවිපෙයට- බව අවධාරණය වී තිබුණි. ˜
1978 – 2012 ජවිපෙ ගමන් මග පිටුව 280 – (අවධාරණය අපේ-

ජාතික ප්‍රශ්නය ගැන ජාතිවාදයට නෑකම් කියන මෙහි සඳහන් විෙÊවීරගේ මූලික ස්ථාවරයෙන් පෙරටුගාමීන් වෙනස් නොවන්නේ මෙම විග්‍රහය මත පෙරටුගාමී පක්‍ෂය පදනම් වන නිසා බව උවමනාවටත් වඩා හෙලිදරව්වී තිබේ. ජාතිවා§ බලපෑම් වලින් තීරණාත්මක වෙන් වීමක් කරා ගමන් නොකරන්නේ නම් පෙරටුගාමීන්ට ජවිපෙය ගිය දූරවත් ගමන් කිරීමට නොහැකි වනු ඇත. නවලිබරල් න්‍යාය පත්‍රයට එරෙහිව ගෙනයන අරගලය ජාතිවා§ මූලයන් සමග අතිනත ගෙන යා හැකි ගමනක් නොවේ.
මෙයින් නිගමනය කළ හැක්කේ විෙÊවීර – සෝමවංශ – අනුර කුමාර හා පෙරටුගාමී පක්‍ෂය දක්වා සියලූ දෙනාට ජාතික ප්‍රශ්නය ගැන තිබෙන නිර්මාක්ස්වාÈ තෙම්පරාදූ කරන ලද ස්ථාවරයයි. පසුගිය ජනාධිපතිවරණයේ § වමේ අපේක්‍ෂකයා ඉÈරිපත් කළ යුතු වැඩ පිළිවෙලට දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීම ඇතුල් කිරීමට පෙරටුගාමී නායකයින් Èවිහිමියෙන් විරුද්ධ වූයේ ඉහත පදනම මත සිටින ඔවුන්ට එය Èරවාගත නොහැකි බැවිනි. ජවිපෙය නවලිබරල් දේශපාලනයට යටත් වීම සමග දේශපාලනික වශයෙන් පිරිහීමට එරෙහි අරගලයක් තුලින් පෙරටුගාමීන් බිහි වුවද ජවිපෙ ආරම්භක ගොඩ නැගීම දක්වා Èව යන ඊනියා දේශප්‍රේමි සංස්කෘතියෙන් වෙන් වීමට අසමත් වන්නේ නම් කම්කරු පංති නායකත්වයෙන් යුත් සමාජවා§ ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඔවුන් අසමත් වනු ඇත. එසේ මාක්ස්වාදය දෙසට ගමන් කිරීමට අසමත් වන්නේ නම් පෙරටුගාමී පක්‍ෂයේ නායකත්වයට සිදූවන්නේ ද විමල් වීරවංශ කියන ආකාරයේ නාගරික කම්කරු පංතික සම්ප්‍රදායෙන් වෙන්වූ විෙÊවීරගේ බෞද්ධ සභ්‍යත්ව විග්‍රහය මත පදනම් වූ සිංහල ග්‍රාමීය සු¿ ධනේෂ්වර සංවිධානයක් බවට පත්වීමය.
සෝමවංශ ජවිපෙන් නික්ම යන්නේ හුදකලා වූ කරුණු මත නොව ජවිපෙ දේශපාලන ගමන් මග තීරණාත්මක අර්බුදයකට ගමන් කර තිබෙන පරිසරයක් මධ්‍යයේය. අනුර කුමාරගේ මාධ්‍ය සංදර්ශණ තුළින් ඔවුන් මුහුණ දෙන අර්බුදය තාවකාලිකව යටපත් කළ හැකි වුවද අර්බුදයේ ඊළඟ වටයේ§ ඔවුන්ට බොහෝ දේ අහිමි වනු ඇත. සෝමවංශට නැවත පන්සිල් ගැනීම හා සිංහල බෞද්ධකම සිහියට නැගෙන්නේ නිකමට නොවේ. ඔහු නොකියා කියන්නේ විෙÊවීර විසින් ගොඩනගනු ලැබු ජනතා විමුක්ති පෙරමුණ අද නොපවතින බවයි. පෙරටුගාමීන් වෙනත් අන්දමකින් නොකියා කියන්නේද එයයි. ඔහු සිහින දකින්නේ නැවත එA ඉතිහාසය කරා යෑමටය. වත_මානයේ Èග හැරෙන නව ලිබරල්වා§ දේශපාලන වට පිටාව තුල එය යථාර්ථයක් නොවන්නේය.
කෙසේ වුවද සෝමවංශගේ නික්ම යෑම සමග නැවත වරක් කරලියට පත් ජවිපෙ අර්බුදය කම්කරු පංති නායකත්වයෙන් යුතු වමේ විප්ලවකාරී බලවේගයක් ගොඩනැගිමේ සාකච්ඡාවට අතිශය වැදගත්ය.

Previous Post

Invitation

Next Post

විමල් රුද්රිගු – 1946 – 2015 සැබෑ සමසමාජවාÈයෙකුගේ අභාවය.

Next Post
විමල් රුද්රිගු – 1946 – 2015  සැබෑ සමසමාජවාÈයෙකුගේ අභාවය.

විමල් රුද්රිගු - 1946 - 2015 සැබෑ සමසමාජවාÈයෙකුගේ අභාවය.

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2015
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
    Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.