lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

2024 පාර්ලිමේන්තු මැතිවරණය

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
2024 පාර්ලිමේන්තු මැතිවරණය
Share on FacebookShare on Twitter

මර්දනයට පීඩනයට සූරාකෑමට එරෙහි වැඩ කරන ජනතා බලයක්

එළඹෙන මහ මැතිවරණය ජනතා බලයේ දිශානතිය තීන්දු කෙරෙන මැතිවරණයකි. මැතිවරණයට තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවාදයට අනුගත වී දියවන්නාවේ ආසනයක් දිනාගැනීමට උදෙසා පෙළගැසී සිටියදී පාර්ලිමේන්තුවාදයට යට නොවී එයින් බැහැර ජනතා බලය ගොඩනැගීම සඳහා ඡන්දය ඉල්ලන එකම පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය බවට පත්වී තිබේ.

සමාජයේ පීඩිත ජන කොට අයිතිවාසිකම් දිනාගත හැක්කේ පාර්ලිමේන්තු රාමුවට කොටුවීමෙන් නොව මහපාරේ වීදියේ කම්හලේ වැඩබිමේ ජන බලය ගොඩනැගීමෙනි. ඉතිහාසය පුරා ජනයා සිය අයිතිවාසිකම් දිනාගෙන ඇත්තේ එලෙසිනි. උඩරට වතුකරය ගත්විට එම ජනතා නියෝජනය කරන්නට ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තු ගිය එකදු පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් හැබෑ අරුතින් ගත් කල ඔවුන් නියොජනය කළේ නැත. ඔවුන් කළේ ධනපති ආණ්ඩුවලට මුක්කු ගසමින් තම පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගැනීම පමණක් බව මේ වනවිට අත්දැකීමෙන්ම පැහැදිලිය. එබැවින් ඔබේ නමින් ඡන්දය ඉල්ලාගෙන එන මේ හොරුන් තක්කඩියන් එළවා දැමීමට කාලය උදාවී තිබේ.
එක්සත් සමාජවාදී පක්ෂය ඡන්දය ඉල්ලන්නේ වාමාංශිකය කියන ඇතැම් අය කියන පරිදි විපක්ෂයේ ආසනයක් දිනාගැනීමට නොවේ. එවැනි මන්ත්‍රී සිහිනයක් අපට නැත. අප ඡන්දය ඉල්ලන්නේ ඒ තුළින් ලැබෙන ශක්තිය උපයෝගි කරගෙන පීඩිත කම්කරුවන්ගේ, තරුණයන්ගේ, සිසුන්ගේ, ස්ත්‍රීන්ගේ, lgbtiq ප්‍රජාව ඇතුළු සියලු පීඩිත ජන කොටස්වල අරගලය පෙරට ගැනීම සඳහාය.
උඩරට කඳුකරයේ මලෙයියග ජනයා වසර 200ක් තිස්සේ මිනිස් බවේ ආවේණික ගුණාංගයක් වූ ගරුත්වයට කිසි දින හිමිකමක් නොලැබූ ජන කොටසකි. ඔවුන් තවමත් ජීවත් වන්නේ  අර්ධ වහල් තත්ත්වයෙනි. නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් ලබන්නේයයි කීවද ඔවුන්ට සලකන්නේ පුරවැසියන් ලෙස නොව යටත්වැසියන් ලෙසය. ඔවුන්ට ගමක් නැත. නිවසක් නැත. ලිපිනයක් නැත. තම ලෙයින් ඩහදියෙන් සරු කළ පොළොවේ බිම් අඟලකට අයිතියක් නැත. මියගිය පසු මිනිසකු ලෙස පොළොවට පස් වීමටවත් අයිතියක් නැත. පාලකයන් සහ වතු හිමියන් උත්සව පවත්වා සැමරූ දෙසීය වසරකට පසුත් වතු කම්කරුවන් ඇතුළු මලෙයියග ජනතා පෙළන පීඩනයේ, සූරාකෑමේ කිසිදු වෙනසක් සිදුවී නැත.
මේ දුක්ඛිත තත්ත්වය අවසානාත්මක ලෙස වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. එය කළ හැක්කේ ඒ සඳහා දැක්මක් ඇති පක්ෂයකට පමණි. ඒ සඳහා මග වන්නේ  සමාජවාදයයි. පාලක පීඩක පන්තිය විසින් කම්කරුවන් සූරාකමින් ලාභ පොදි ගහන මේ මජර ධනවාදය අහෝසි කොට ශ්‍රමයේ පලය එහි හැබෑ උරුමකරුවන් වන වැඩකරන ජනතාවට හිමිකර දිය හැක්කේ සමාජවාදී සමාජ ක්‍රමයක් තුළිනි.
ඒ සමාජවාදය ගොඩනැගිය හැකි බලවේගය වන්නේද සංවිධිත කම්කරු පන්තියයි. ධනපති පන්ති පාලනය බිඳ දමා කම්කරු පන්තිය අතට බලය ගැනීම හැර වෙන මාවතක් නැත. ඒ සඳහා වැඩපොල, කම්හල්, ආයතන, පාසල්, විශ්ව විද්‍යාල ආදිය මට්ටමින් කම්කරුවන්ගේ කමිටු ගොඩනඟමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒවා එකතු කරගත් ක්‍රියාකාරී ජාලයක් හොඩනගා කොල්ලකාරී ධනේශ්වර පන්ති පාලනය පෙරලා දැමීම තවදුරටත් පමා කළ නොහැකිය.
එක්සත් සමාජවාදී පක්ෂය සටන් වදින්නේ ඒ වෙනුවෙනි.
– ශ්‍රිනාත් පෙරේරා –

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
2024 நாடாளுமன்றத் தேர்தல்

2024 நாடாளுமன்றத் தேர்தல்

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.