lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

පොලිස්පති පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
පොලිස්පති  පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍ය ඝන පූර්ණය නොමැතිව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ඇති තීරණය නීති විරෝධී බව නීති ක්‍ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ. පෙබරවාරි 26 වෙනි දින රැස් වූ ව්‍යවස්ථාදායක සභවේ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 4ක්ද විපක්‍ෂව ඡන්ද 2ක් හා ඡන්ද 2ක් මධ්‍යස්ථව ප්‍රකාශයට පත් කෙරින. පක්‍ෂව දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, සාගර කාරියවසම් හා සිවිල් සමාජ නියෝජිත වෛද්‍ය අනුලා විජේසුන්දර ප්‍රකාශ කළ අතර සජිත් ප්‍රේමදාස හා කබීර් හසීම් විරුද්ධව ඡන්දය දෙනු ලැබීය. සිවිල් සමාජ නියෝජිතයෙක් වූ ආචාර්ය දිනේෂා සමරරත්න හා ආචාර්ය ප්‍රතාප් රාමානුජන් යන දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියහ. ව්‍යවස්ථා සභාවේ තීන්දුවක් ගැනීම සඳහා බහුතර ඡන්දයක් එනම් ඡන්ද 5ක් තිබිය යුතු වුවද එයට පක්‍ෂව ලැබුනේ ඡන්ද 4ක් පමණි. සියලු පාර්ලිමේන්තු සාරධර්ම හා නිති රීති කඩ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන තම ඡන්දය දේශබන්දු වෙනුවෙන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පසුබිම තුලය.

ව්‍යවස්ථා දායක සභාවේ මුල සුන දරණ කතානායකවරයාට ඡන්දය පාවිච්චි කල හැකි වන්නේ සමාන ඡන්ද සංඛ්‍යාවක් දෙපාර්ශවය විසින් ගනු ලැබු අවස්ථාවක පමණක් බව ව්‍යවස්ථාවේ සඳහන් නීතිය අමු අමුවේ උල්ලංඝනය කර ඇත.
පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේදී සිදුව ඇති අනෙක් බරපතල කාරනය වන්නේ දෙසැම්බර් 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරන ලද පුද්ගලයෙකු ලෙස ඔහුට දඩුවම් නියම කර ඇති පසුබිමකය. එපමණක් නොව ඔහුට විරුද්ධ විනයානුකූලව කටයුතු කරන මෙන් පොලිස් කොමිෂමට නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරනය විසින් දෙනු ලැබීය. රටේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවේ කතානායකවරයා යන දෙදෙනා විසින් අදාල පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ඔහු වැරදිකරුවෙකු ලෙස තීන්දු කරමින් දෙන ලද තීන්දුව නොතකා කටයුතු කිරීම තුලින් පෙන්වන්නේ මේ රටේ පාලකයින් නීති ගරුක පුද්ගලයින් නොවන බවය.

එවැනි රටක නීතියේ ආධිපත්‍ය කියා දෙයක් පවතින්නේ නැති බව තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් විසින් නොගන්නා ලද තීන්දුවක් තම අභිමතය පරිදි කතානායක විසින් විකෘති කිරීම ගැන අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට සංවිධාන කීපයක්ම කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
අවනඩුව  – 171

අවනඩුව

වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා

වෙඩි තබන මිනී මරන - පොලිස් ”යුක්තිය” - ශ්‍රිනාත් පෙරේරා

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.