lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

Taniya by Taniya
August 13, 2026
in ලිපි
0
කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?
Share on FacebookShare on Twitter

කාන්තා දිනය ලන්වෙන විට අපේ රටේ ජනතාවට හැමදාම මතක් වෙන්නේ වතු කම්කරු කාන්තාවන් ඇගලුම් සෙවිකාවන් හා මැද පෙරදිග රැකියාවේ නියුතු කාන්තාවන්ය. ඔවුන් ගැන එදිනටවත් සිහිපත්වීම වටින බව වැදගත් නමුත් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දීමට මේ කිසිවකු තවමත් සමත්වී නොමැත. දිනෙන් දින ඔවුන්ගේ ප්‍රශ්න වැඩිවීමක් තමයි මෙතෙක් සිදුවී තිබෙන්නේ. බලයට පත්වන සෑම පාලකයෙක්ම මොවුන්ගේ ප්‍රශ්නවලට විසදුම් දෙන බවට අපේ රටට නිදහස ලැබුනුදා සිට අද වන තුරු පොරොන්දුවී තිබේ.

එදා සිට මේ වන තුරු කිසිදු විසදුමක් වතු කම්කරු කාන්තාවන්ට නම් ලැබී නොමැත. අනෙක් කම්කරු ස්ත්‍රින්ගේ ප්‍රශ්නවලටද විසදුම් තවමත් ලැබී නොමැත. වතු කම්කරුවන්ගේ පඩි ප්‍රශ්නය වසර ගනනාවක සිට ඇදීයයි. ජීවන වියදම අහස උසට නැගතිබෙන පසුබිමක තවමත් වතු කම්කරුවන්ට ලැබෙන්නේ දිනකට රු. 1000/- කටත් අඩු වැටුපකි. මේ ගැන ඔවුන් කොතෙක් හඬනැගුවද පාලකයන් වතුඅධිකාරියේ බලපෑමට යටත්ව නිහඬවසිටී . මේ රටේ වැඩකරන කාන්තාවන්ගේ ඛේදවාචකයේ තරම මෙයින් පෙන්නුම් කරනු ලබයි. විදේශ රැකියාවල නියුතු කාන්තාවන්ගේ තත්වයද මෙයට දෙවෙනි නොවේ. දිනපතා මැරි මැරි ජීවත්වන පිරිසක් බවට ඔවුන් පත්ව තිබේ. ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියැලෙන්නන් අද සිටින්නේ කොයි මොහොතේ කර්මාන්ත ශාලාව වසා දමාවීදැයි යන සැකයෙනි. රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග ලාංකිය වැඩකරන කාන්තාවන්ගේ ඉරණම ඉතාම ශෝචනීය තත්වයට පත්ව තිබේ. ගෙදර සිටින ගෘහනියගේ සිට රැකියාවේ නියුතු කාන්තාව දක්වා අද නොමැරි ජීවත්වන තත්වයට පත්ව තිබේ. 75 වසරක ලාංකිය ඉතිහාසය තුල අපේ රටේ කාන්තාවන්ගේ තත්වය ගෙදර කුස්සියේ ලිප මොලවන වාරගනන අනුව විසදි තිබීම අනාගත පරපුරේ අවාසනාව පෙන්නුම් කරයි.

වෙනත් රටවල නම් මෙවැනි තත්වයක් තුල කාන්තාවන් පෙරමුනට පැමිනිම වැලැක්විය නොහැක. නමුත් අපේ රටේ කාන්තාවන් පාරට නොඑන්නේ ලාංකිය දේශපාලනයේ පිරිහීම නිසාවෙනි. අද මේ රටේ කාන්තාවන් තියා පිරිමි පාර්ශ්වයට පවා දේශපාලනය වහකදුරු බවට පත්ව තිබේ. එසේ වන්නේ මේ රට අද පත්වී තිබෙන තත්වය නිසාවෙනි. මැරබලය හා මුදල් බලය තිබෙන අයට පමණක් දේශපාලනය කල හැකි තත්වයක් උදාකර ඇත. එයට මුහුනදිම කාන්තාවන්ට කිසිසේත් කල නොහැකි තත්වයක් බවට පත්වී ඇත. අද වන විට මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රය තුල කාන්තාවන් නොමැතිවීම ගැන කතාකලත් එවැනි තත්වයක් උදාවී තිබෙන්නේ ඇයිද යන්න කිසිවකු කතා කරන්නේ නැත.

1935 සමසමාජ ව්‍යාපාරය ආරම්භවු දා සිටම දේශපාලන ශේෂ්ත්‍රයේ ප්‍රබල කාන්තාවන් ලෙස පෙරමුනේ සිටියේය. ඔවුන්ගේ ප්‍රභූ පැලැන්තියේ පසුබිමත් විදේශීය අධ්‍යාපනයත් එයට පිටුවහලක්විය. පසුකාලිනව අපේ රටේ කාන්තාවන් දේශපාලනයට පිවිසියේ තම පියා හෝ ස්වාමියා මියයෑමත් සමගිනි. එය පක්ෂ දේශපාලනය තුල අද වන විට තහවුරු ඇත. මෙය පවුල් දේශපාලනය ලෙස ගොඩනැගි තිබේ. අපේ රටේ පවතින මැර දේශපාලන පසුබිම තුල අද කාන්තාවන්ට දේශපාලනය තහනම් දෙයක් ලෙසත් එසේ නොමැති නම් අකමැතිම කටයුත්තක් ලෙසත් පෙන්නුම්කර තිබේ. පිරිමින් හා උරෙන් උරගැටී දේශපාලන කටයුතුවල නියැලිය හැකි කාන්තාවන් පවා අද දේශපාලනය කිරිමට පසුබහින්නේ කාන්තාවන්ට දේශපාලනය කල හැකි වාතාවරනයක් මේ රට තුල නොමැති බැවිනි.

අතිතයේ වාම ව්‍යාපාරය තුල එඩිතරව පෙරමුනේ සිටියේ කාන්තාවන් වුවද අද වාම දේශපාලනය තුල පවා අතේ ඇගිලි ගනනටවත් කාන්තාවන් නොමැතිවී තිබෙන්නේ පක්ෂ දේශපාලන තුල තිබෙන පිරිහීම නිසාවෙනි. එදා කාන්තාවන්ට සමතැන ලැබිය යුතු බවට සටන් කල වාමාංශික පිරිමින් පවා අද කාන්තාවන් දෙවනපෙළ කෙටසක් ලෙස සලකා කටයුතු කරනු ලබයි . පක්ෂ දේශපාලයේ තිබෙන පුරුෂාධිපත්‍ය හේතුකොට ගෙන කාන්තාවන්ට ඔවුන් හා සටන් කිරිමටද සිදුව තිබේ. ධනපති ක්‍රමය මේ රටින් තුරන් කිරිමේ අරමුනින් වාම දේශපාලනයට පිවිසෙන කාන්තාවන් පවා පිරිමින්ගේ තිබෙන අගතිගාමී වැඩ පිලිවෙල නිසා කලකිරිමට පත්වේ. අද බොහෝ වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුල පවා තීන්දූ තිරන ගන්නා තැන්වල සිටින්නේ පිරිමින් පමනි. එයට හේතුවී තිබෙන්නේ පිරිමින්ගේ සමහර තීරණවලට එරෙහිව කාන්තාවන් නැගිසිටින නිසාත් පිරිමි පාර්ශ්වයේ හඬ ප්‍රබලවීම නිසාත්ය. අපේ රටේ අද වාමාංශික පක්ෂ තිබෙන්නේ ඉතාම සිමිත සංඛ්‍යාවකි. ඒවායේද කාන්තාවන් සිටින්නේ ඉතාම අතලොස්සකි. ඒ සීමිත පිරිසට පවා ක්‍රියාකිරිමට සිදුවන්නේ යටහත් පහත් වැසියන් ආකාරයටය. මෙවැනි පිරිහීම් තුල කාන්තාවන් දේශපාලනයට නොපැමිනීම අරුමයක් නොවේ.

මාර්තු 8 වන දිනට පවත්වන බොහෝ රැස්වීම් වල පවා පෙරමුන ගනු ලබන්නේ පිරිමි පාර්ශ්වයයි. එදිනට පමනක් සිමාවී තිබෙන කාන්තා දින රැස්වීම් වල කාන්තාවන් ගැන හද කකියන කතා පවත්වා ඔවුන්ට සමතැන ලැබිය යුතු බවටත් ඔවුන්ට මේ රටේ නායකත්වය ලැබිය යුතු බවටත් කයිවාරු ගසන පිරිසක් තවත් නොමැත. කාන්තාවන් ගැන හදවත කකියා කිඹුල් කදුලු හලන පිරිමින් ඊට පසුදිනම එම ස්ත්‍රීන්ව දෙවන ගනයේ පිරිසක් ලෙස සලකා කටයුතු කරනු ලබයි. මෙවැනි වංචාකාරි පිරිස් සිටින දේශපාලන පසුබිමක් තුල කාන්තාවන් දේශපාලනයට නොපැමිනිම ගැන අපි පුදුමවිය යුතු නැත. මේ රටේ ධනපති පාලන ක්‍රමය පෙරලා දැමීමට පෙර මෙහි තිබෙන පුරුෂ මුලික වැඩවසම් ක්‍රමය වෙනස් කල යුතුවේ. කාන්තාවන් ලෙස අපට පෙරමුනට පැමිනිය හැක්කේ මේ සමාජයේ තිබෙන මේආකල්ප වෙනස් කිරීමෙන් පමනි. සමහර වාමාංශික පිරිමින් පවා සවසට ගෙදර බුදුපහන තැබීමට නියම කරන්නේ ගෙදර සිටින කාන්තාවටයි. සමාජයට වැදිබන දෙසන මෙම පිරිසේ තිබෙන ව්‍යාජ වාමාංශික වෙස් මුහුනු ඉවත්කරන තුරු මේ ක්‍රමය වෙනස් කල නොහැක.

අද අපේ රටේ පරිපාලන ශ්‍රේෂ්ත්‍රය තුල ඉහල තනතුරු දරන කාන්තාවන් බොහෝ සිටිති. ඔවුන් පිරමින්ට වඩා ඉදිරියෙන් කටයුතු කරනු ලබයි. එය තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් දක්ෂතාවය හා හැකියාව මත ලැබු ජයග්‍රහන මිස කාන්තාවන්ට නායකත්ය දිය යුතුයයි සිතා දෙනු ලැබුවක් නොවේ. පරිපාලන ශේෂ්ත්‍රයේ එසේ ඉදිරියට පැමිනිය හැකි වුවද දේශපාලන ශේෂ්ත්‍රය තුල අපේ රටේ කාන්තාවන්ට ඉදිරියට පැමිනිය හැකි ක්‍රමයක් නොමැත. කොතෙක් දක්ෂ වුවත් කොතෙක් කැපකිරීම් කලත් ඔවුන් පහත් කොට සැලකිමේ ආකල්පය වෙනස් කරන තුරු කාන්තාවන්ට ඉදිරියට පැමිනිය නොහැක. පසුගිය වසරේ මේ රටේ පැවති මහා අරගලයේ පෙරමුනේ සිටියේ කාන්තාවන්ය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ පාලකයන් පලවාහැරීමට මේ රටේ එඩිතර කාන්තාවන්ට හැකිවිය. එසේ නම් අපේ අයිතින් වෙනුවෙන් සටන් කර දිනාගැනිමට අපට ශක්තියක් තිබේ. ඒ සඳහා අප කල යුත්තේ පෙරමුන ගෙන සටන් කිරීමයි. එක දිනයකට පමනක් සීමාවී තිබෙන කාන්තා සැමරුම් වලට වඩා අපේ අයිතින් ලබා ගැනිම වෙනුවෙන් පෙරට එන ලෙස සියලු කාන්තාවන්ට ආයාචනය කරන්නෙමු.

– ධම්මිකා ද සිල්වා –

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
පොලිස්පති  පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි

පොලිස්පති පත් කිරීම ව්‍යවස්ථා විරෝධියි

අවනඩුව  – 171

අවනඩුව

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.