#1387 (no title)
2024 நாடாளுமன்றத் தேர்தல்
About Us
Articales
Articles
දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
Contact USP
Donate
Join Us
May Day
MayDay
MAYDAY 1
MAYDAY 1
New Menu 1
Ratutaruwa
Ratutaruwa artical
Ratutharuwa
ratutaruwa
Ratutharuwa
Sri Lanka:Tremendous success of book launch in Jaffna
Tamil
The Left
this year
USP MAYDAY
MAY DAY 2017
උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
ප්රජාතන්ත්රවාදය සඳහා උද්ඝෝෂකයෝ
No Result
View All Result
No Result
View All Result
No Result
View All Result
රනිල්ගේ අලුත් Smart සෙල්ලම
by
Taniya
November 28, 2023
in
Articles
0
රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 21 වෙනිදින එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පැමිනියේ යුරෝපීය නලුවකුගේ විලාශයෙන් කලුපාට ලෙදර් ජැකට්ටුවක් පැළඳ ගෙනය. ඔහු එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහු තවමත් තරුණ බව පෙන්වීමට විය යුතුය. මෙම සම්මේලනය අමතා රනිල් කළ කථාව විහිලු සහගත එකක් වූ අතර එහි තිබු විශේෂත්වය වූයේ Smart රටක් හැදීම සඳහා එක්සත් ජාතික පක්ෂය Smart පක්ෂයක් බවට පරිවර්තනය කරන බව පැවසීමය.
රනිල්ගේ දේශපාලන කැරට්ටුව ගැන රටේ ජනතාවට හොද අවබෝධයක් ඇත. අවුරුදු 25ක පමණ කාලයක් විපක්ෂයේ නායකත්වය දරමින් එම කාලය තුල පැවැති මැතිවරණ සියල්ල පරාජය වීම ගැන වාර්ථා තැබු අයෙකු ලෙස රනිල් ඉතිහාසයට එක්විය. එපමණක් නොව ඔහු විසින් ලාංකීය ධනපති පංතියේ ප්‍රධාන පක්ෂය වන එජාපයට අත් කර දී තිබෙන විනාශය සු`ඵ පටු එකක් නොවේ. 2020 පැවැති මහ මැතිවරණයේදී ඉතිහාසයේ පළමු වරට එක්සත් ජාතික පක්ෂයට එකම මැතිවරණ ආසනයක් වත් දිනා ගැනීමට නොහැකිව කුජීත ලෙස පරාජයක් අත් කර දුන්නේ රනිල්ගේ නායකත්වය විසිනි.
2022 වසරේදී ක්‍රියාත්මක වූ ”Gota Go Home” අරගලය හේතු කොට ගෙන දැවැන්ත අර්බුදයකට ඇද වැටී රාජපක්ෂ කල්ලියේ පාලනය බිඳ වැටීමේ පරිසරය තුළ පිං ජනාධිපති ලෙස බලයට පත්වූ රනිල් දැන් රට පාලනය කරන්නේ කිසිවක් නොදන්නා ගානටය. රනිල්ට මෙම පිනා චාන්ස් එක ලැබුනේ එජාපය පසුගිය මැතිවරණයෙන් ලැබුණු ජාතික මන්ත්‍රීධූරයට ඔහු විසින් ඔහුවම පත් කර ගැනීමේ කූඨ ප්‍රාප්තිය හේතු වෙනි. රනිල්ගේ බල ලෝභය හා කෑදර කම ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය ලබා ගැනීම සඳහා ඔහු අනුගමනය කළ කූඨ වැඩ පිළිවෙලින් මනාව පැහැදිලි විය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රිවරුන් පත් කිරීම මැතිවරණයකින් පසුව පැවැත්වෙන පළමු වන පාර්ලිමේන්තු සැසිවාරයට පෙර පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. නමුත් රනිල් එජාප නායකයා ලෙස එම සම්ප්‍රදාය කඩ කරමින් තමාගේ නායකත්වය යටතේ එජාපයට අත් කර දුන් විශාලම පරාජය නොතකා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයට කෙළහමින් කාලය මරා දමමින් නිහඩව සිටියේය. එජාපයට අත් වූ ඉරණම ගැන කළ කිරීමට පත් වූ දෙවැනි පෙළ නායකයින් එකා පසු පස අනෙකා පක්ෂය අත්හරිමින් ගිය අතර ඉතුරු වූ අත ලොස්ස නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. මෙම පසුබිම තුළ එජාපය තුළ ඉතුරු වූ රනිල් හිතවාදී අනුගාමිකයින්ගේ නිහඩ අනුමැතිය තුල වසරකට ආසන්න කාලයක් හිස්ව තැබු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ඔහු ලබා ගත්තේ කිසිම ලැජ්ජාවක් නොමැති බව ලෝකයටම ප්‍රදර්ශනය කරමිනි.
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පුද්ගලික බූදලයක් බවට පත් කර කටයුතු කරමින් එයට විනාශය අත් කර දුන් නින්දිත ඉතිහාසයකට උරුමකම් කියන රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපතිධූරයේ පිහිටෙන් තිරිහන්ව දැන් Smart පක්ෂයක් ගොඩ නැගීම ගැන කරන පුරාජේරුව තේරුම් ගැනීමට එයම ප්‍රමාණත්වය. Smart පක්ෂයක් හා රටක් ගොඩනැගීම ගැන රනිල් කරන කයිවාරුව අලුත් දෙයක් නොවේ. තරුණ තරුණයින්ට බ්‍රේස්ලට් යුගයක් උදා කරන බව පසුගිය කාලයේදී ඔහු විසින් කල ප්‍රකාශය හෝ “වොක්ස්වැගන්” කම්හලක් කුරුණෑගල පිහිටවනු බවට ඔහු විසින් කරනු ලැබු කයිවාරු ගැන රනිල්ට අමතක වුවද ජනතාවට අමතක නොවේ. රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපති ධූරයේ වැජඹීමට හැකියාව තියෙන්නේ තව මාස නමයක් වැනි ඉතා සු`ඵ කාලයක් පමණි. මෙම සීමිත කාලය තුල රනිල්ට කල හැකි දෙයක් නැත.මෙම පසු බිම තුල Smart රටක් ගොඩ නැගීම කෙසේ වෙතත් රනිල්ට කළ හැකි වන්නේ අධිරාජ්‍යවාදී බලවතුන්ට අවශ්‍ය ලෙස රටේ ඉතුරු වී තිබෙන සම්පත් ටික කුණු කොල්ලයට විකුණා දැමීමය. මෙම විනාසය රටට අත් කර දීමට පෙර රනිල් වික්‍රමසිංහ බලයෙන් එලවා දැමීම සඳහා පියවර ගැනීම කම්කරු පංතිය ප්‍රමුඛ වමේ බලවේග වල වගකීමය.
ජනතාව ඇලජික් පාලකයෙක්
වික්‍රමසිංහට කිසිදිනක සාමාන්‍ය ජනතාව සමග සම්බන්දයක් නොතිබුනු අතර සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ කොළඹ 7 කුරුඳු වත්තට සම්බන්දකම් පවත්වන ඔහුගේ ගජ මිතුරු කල්ලිය සමගය. එපමණක් නොව ජනාධිපතිධූරයට පත් වූයේ කිසිදු ජන වරමකින් තොරව වීම හේතු කොට ගෙන ඔහුගේ හැසිරීම සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් වලට කිසිසේත් නොගැළපෙන අන්දමටය. ඔහු මේ දින වල සිහින දකිමින් සිටින්නේ 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන් බලයට පත්වීමට හැක්කේ කෙසේද යන්න උරගා බැලීමය. මේ වෙනුවෙන් දූෂිතයින්, අපරාධකරුවන් හා පිරිහුනු දේශපාලකයින් සමග සන්ධානයක් අටවා ගැනීමට ඔහු කටයුතු කරන බව පෙනේ. මේ සඳහා වික්‍රමසිංහට ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැත. සාමාන්‍යයෙන් අවුරුදු 5ක ආණ්ඩු කාලය අවසන් වීම සමග බලයේ සිටි ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයක් මතු වන අතර ජනතාවට අවශ්‍ය වන්නේ විකල්ප බලවේගයක් බලයට පත් කිරීමටය. ඒ අනුව බැලූ විට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නැවත බලය ලබා ගැනීමේ බලාපොරොත්තුව මහ පොළොවේ යාථාර්තයක් නොවන බවය.
මෙම පසුබිම තුළ රනිල් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ධූරය අහෝසි කිරීම හා විධායක අගමැති ධූරයක් ගැන ඉව අල්ලන අතර පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා කමිටුවක් පත් කර ඇත. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා ජනතාවට තිබෙන අතිමහත් උවමනාව අනිසිලෙස ප්‍රයෝජනයට ගත හැකි යැයි ඔහු සිතන නමුත් ජනතාව මෙම උගුලට හසුවීමට ඉඩක් නොමැතිය. අනෙක් පැත්තෙන් දැනට පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කේවල ක්‍රමයට මන්ත්‍රිවරුන් 160ක් හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රි වරුන් 65ස් දෙනෙකු පත් කිරීම ගැන යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ජනතාව නොමග යැවීමටය. රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබෙන කොමිසමේ සභාපති වරයා වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා වන පියසාත් ඩෙප්ය. රනිල් වික්‍රමසිංහ විසින් මෙම කොමිසම වෙත කර ඇති නිර්දේශ අතර ඉතා බරපතල කරුණු කීපයක් ඇත. ඉන් එකක් වන්නේ එක පුද්ගලයෙකුට මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේදී මැතිවරණ වර්ග දෙකකට තරඟ කිරීමටත් ඒ අනුව එම පුද්ගලයා තෝරා පත් වුවහොත් එකවර අදාල ආයතන දෙකම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දීමටය.
වික්‍රමසිංහගේ මෙම අපභ්‍රංශ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එකම පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව හා පළාත් සභාව යන ආයතන දෙකම එකවර නියෝජනය කිරීමට හැකි වනු ඇත. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට පත් වන සියලු මන්ත්‍රිවරු පළාත් සභාවට තරඟ කර තෝරා පත් වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
ඒ අනුව පාලන ආයතන දෙකක් පැවතීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය නිෂේධය වනු ඇත. රනිල්ගේ ඔ`ඵව තුල හොල්මන් කරන ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය අහෝසි කිරීමට කටයුතු කිරීම ඔහු තුල පවතින ඒකාධිපති බල වියරුව පෙන්නුම් කරන්නකි. එසේම මේ දිනවල ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා කර තිබෙන සමාජ මාධ්‍ය මර්ධනය කිරීමේ පනත හා නව ත්‍රස්ත පනත වැනි අන පනත් සම්මත කර ගැනීමට දරන උත්සාහය පෙන්නුම් කරන්නේ ජනතාව කෙරෙහි වෛරයෙන් කටයුතු කරන බව හා රාජ්‍ය මර්ධන යන්ත්‍රය කෙරෙහි පමණක් විශ්වාසය කරන බවය. මේ අනුව ඔහු විසින් නැවත බලයට පත්වීමේ සියලු බලාපොරොත්තු විනාශ කර ගනිමින් සිටින බව පැහැදිලිය. වසර 5ක කාලය අවසන් වීමට ලගා වීම සමග සාමාන්‍ය පාලකයෙකු සිදු කරන ජනතාව රැවටීමේ ක්‍රියාදාමයවත් වික්‍රමසිංහට කල නොහැකි බව IMF කොන්දේසි මත ඔහු විසින් ඉදිරිපත් කළ මෙම අයවැය ලේඛනයෙන් පැහැදිලි වී ඇත.
ආර්-ථික අර්-බුදය හා අයවැය
රනිල් පසුගිය දිනවල කියමින් සිටියේ ජනතාවට සහන ලැබෙන අයවැයක් ඔහු ඉදිරිපත් කරන බවය. එසේ නමුත් පිං ජනාධිපතිගේ අවසන් අයවැය කන්දක් විළිලා මී පැටියෙකු ප්‍රසුත කිරීම තරම්වත් දෙයක් නොමැතිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය නිදහස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි ඉටු කිරීම ගැන සෑහිමකට පත් නොවන බව ඔවුන් ඉදිරිපත් කළ වාර්ථාවලින් පැහැදිලිය. ඔවුන්ගේ කොන්දේසි අනුව යමින් කම්කරු පංතියට අයත් අර්ථසාදක අරමුදල කොල්ලකනු ලැබු අතර ජනතාවගේ කර මත බදු පිට බදු පටවා ජනතාව සුසාන භූමියට දක්කමින් තිබේ. ආණ්ඩුව ගැන වර්ණනා කරන කේවට්ටයින් කුමන දේවල් ප්‍රකාශ කලද රටේ ආර්ථිකය එන්න එන්නම අර්බුදයට යමින් කඩා වැටෙමින් පවති. 2022 වසරේ පළමු කාර්තුවේ සිට 2023 වසරේ පළමු හා දෙවන කාර්තුව දක්වා ආර්ථිකය සෘණ මට්ටමට වැටීම පෙන්නුම් කරන්නේ ආර්ථික අර්බුදයේ ගැඹුරු පරිමාවයි.
මේ අතර අයවැය ලේඛණයට සතිදෙකකට පෙර වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා ජනවාරි 1 වෙනිදා සිට ඉහල දැමීමට කටයුතු කළේ බංකොලොත් අයවැය හිඟය පියවා ගැනීම සඳහාය. වැට් බද්ද ඉහල දැමීම නිසා හාල්, පාන්පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා බත් පාර්සලය ඇතුලත් සියලු බඩු භාණ්ඩ වල මිල ඉහල යනු ඇත. මේ අතර ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන නොබෝදා ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා වලට අනුව බදු එකතු කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට ආණ්ඩුවට සිදු වී ඇති බවය. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් කම්කරු පංතිය ඇතුලු සාමාන්‍ය ජනතාව පිට නැවත නැවත බදු බර පටවන අතර මහා පරිමාන ධනපතියන්ගෙන් බදු අය නොකර ඔවුන්ව සැනසීමට කටයුතු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිව දැකිය හැකිය.
අනෙක් පැත්තෙන් ව්‍යාජ දත්ත හා සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර පාරිභෝගික ජනතාව රවටමින් මාස 3න් 3නට විදුලි බිට වැඩි කිරීම සිදු කරන අතර මෙයට විරුද්ධව රට පුරා පාරිභෝගික ජනතාව අඛණ්ඩ උද්ඝෝෂණයන් වල යෙදෙමින් පවතී. කණගාටුවට කරුණ වන්නේ කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව රට පුරා විවිධාකාර විරෝධතා වල යෙදී සිටින පසුබිම තුල සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය වැනි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ජනතා අරගල වලට නායකත්වය දීම මගහැර මැතිවරණ මිරිගුව පසුපස යමින් සිටීමය.
රට පුරාම රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය උත්සන්න වෙමින් පවතින බව ඉතා පැහැදිලිව දකින්නට හැකිය. මෙම තත්වය මර්ධනය කිරීම සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය ඉතා බිහිසුණු අන්දමින් දියත් කර තිබෙන අතර අනෙක් පැත්තෙන් සිංහල – බෞද්ධ ජාතිවාදය නැවත ඇවිස්සීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනේ.
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි වජිර අබේවර්ධන විසින් ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට යම් බලවේග සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව නොබෝදා ප්‍රකාශ කළ අතර ඉන්දියානු රෝ ඔත්තු සේවයද එවැන්නක් පිළිබඳ ආණ්ඩුවට දැනුම්දී ඇති බවටද තොරතුරු ඇතැයි වාර්තා කර ඇත. පොහොට්ටුව සමග එක්ව ආණ්ඩුව විසින් ජනතාව වෙතින් මතුවන දැවැන්ත විරෝධය නොමග යැවීම සඳහා ජාතිවාදී කොටස් සංවිධානය කරන බව රහසක් නොවේ. මෙම තත්වය හමුවේ ආණ්ඩු විරෝධී බලවේග දැනුවත්ව කටයුතු කිරීම වැදගත් වන බවත් පංති අරගලය කැලේ පැන්න වීම සඳහා සැලසුම් කරන සියලු කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා සවිඥානිකව මැදිහත් වීම වමේ බලවේග වල වගකීම බව අවධාරණය කළ යුතුය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය (NPP) ධනපති පංතියේ උපකරණයක් බවට පත්ව පංති ව්‍යාපාරය අවුල් කිරීම සඳහා ගෙන යනු ලබන පංති ද්‍රෝහි ක්‍රියාකාරිත්වය පංති ව්‍යාපාරය තුළ දැනුවත්ව හෙළිදරව් කිරීම අප ඉදිරියේ පවතින අභියෝගයක් බවද අවධාරණය කළ යුතුය.
Previous Post
මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය
Next Post
ඉල්මහේ මියගිය දෙමළ විරුවන්
Next Post
ඉල්මහේ මියගිය දෙමළ විරුවන්
Categories
Activities
Articles
Books
From the Press
Local
Other
Persepectives
Ratutharuwa
Upcoming Events
USP Statements
Video/Audia
World News
අවනඩුව
Archives
February 2025
December 2024
November 2024
October 2024
September 2024
August 2024
July 2024
May 2024
April 2024
March 2024
February 2024
November 2023
October 2023
September 2023
August 2023
July 2023
June 2023
May 2023
April 2023
March 2023
January 2023
December 2022
November 2022
October 2022
September 2022
August 2022
July 2022
May 2022
April 2022
February 2022
December 2021
November 2021
April 2021
February 2021
January 2021
December 2020
April 2019
March 2019
February 2019
January 2019
December 2018
November 2018
October 2018
September 2018
August 2018
July 2018
June 2018
May 2018
March 2018
February 2018
January 2018
December 2017
November 2017
October 2017
September 2017
August 2017
June 2017
May 2017
March 2017
February 2017
January 2017
November 2016
October 2016
September 2016
August 2016
July 2016
June 2016
May 2016
April 2016
March 2016
February 2016
January 2016
December 2015
November 2015
October 2015
September 2015
August 2015
July 2015
June 2015
May 2015
November 2023
M
T
W
T
F
S
S
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
« Oct
Feb »
No Result
View All Result
© 2025
JNews
- Premium WordPress news & magazine theme by
Jegtheme
.