lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

චේ ගැන බිඳක්… –

Taniya by Taniya
August 13, 2026
in Books, ලිපි
0
චේ ගැන බිඳක්… –
Share on FacebookShare on Twitter

 

1928 ජූනි 14 වෙනි දින ආජන්ටිනාවේ රෝසයිරෝ ඩිලාෆෝහීදී ගුවේරා ඩිලාසන්නා ලෙස උපත ලැබීය. ඔහුගේ මව සෙලියා ඩිලාසන්නාය. පියා ලින්චි ගුවේරා ඩිලාසන්නාය.

කුඩා කල සිටම ඇඳුම රෝගයෙන් පෙළනු මේ කුඩා ශිෂ්‍ය දේශ සංචාරයට මහත් සේ ඇලුම් කලේය. 1964 සිට 1953 දක්වා බුවානස් අයර්ස් ජාතික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය සිදු කල කාලයේදී වෛද්‍ය ඇල්බටෝ ග්‍රැනඩෝස් සමග මෝටර් බයිසකලයකින් ලතින් ඇමරිකානු රටවල් වල ලෙඩ රෝග හඳුනා ගැනීමේ සංචාරයක යෙදිනි.

එම ගමනේ දී චිලිය, පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව වැනි රටවල් වල සංචාරය කිරීමේ අවස්ථාව ඔහුට ලැබිනි. 1953 දී ඔහු ශල්‍ය වෛද්‍ය වරයෙකු හා ලාදුරු විශේෂඥයෙකු ලෙස වෛද්‍ය අධ්‍යාපනය නිම කරන ලදි. ඉන් අනතුරුව තම දෙවෙනි ලතින් ඇමරිකානු සංචාරය ආරම්භ කරන ලදි. එහිදී බොලිවියාව, පිරු, ඉක්වදෝර්, කොලොම්බියා, පැනමා, කොස්ටරිකා, සැල්වදෝර් සංචාරය කරනු ලැබීය. එය සැබවින්ම වෛද්‍ය පර්යේෂණ ගමනකට වඩා දේශපාලන ගමනක් විය. ඔහු එහිදී අත්දුටු වෛද්‍ය ප්‍රශ්න සඳහා හේතු වූයේ සමාජ ප්‍රශ්න බව ඒත්තු ගැනීමට වැඩි කාලයක් ගත නොවිය. මේ අතර මෙක්සිකෝවේ හෘද රෝග ආයතනයකට බැදී සේවය කරන අතර තුරේදී මෙක්සිකෝවේ අම්පරාත් වීදියේ 49 දරන මරියා ගොන්සාලිස්ගේ නිවසේ දී චේට පිදෙල් කස්ත්‍රෝ මුණගැසුනි. ඒ වන විට දේශපාලන වශයෙන්ද රටවල් කීපයක දේශපාලන අත්දැකීම් වලින් පන්නරය ලැබූ ගුවේරාට කියුබානු අරගලයට එකතු වූයේ වෛද්‍ය වරයෙකු ලෙස හා සටන් කාමියෙකු ලෙසය.

ග්‍රැන්මා බෝට්ටුවෙන් සියෙරාමයෙස්ත්‍රා කඳවුර දක්වා අසීරු සටන් මැදින් අර්නස්ටෝ ගුවේරා ඇතුලු කියුබානු රණකාමීන් පැමිණි අතර එතැන් සිට අර්නස්ටෝ ගුවේරා කියුබානු සටන් කාමියෙකු විය. බැටිස්ටාට එරෙහිව ඇරඹුනු අරගලයේදී තීරණාත්මක ශාන්ත ක්ලේරා සටන ජයග්‍රහණය කරමින් කියුබාව බැටිස්ටා ගෙන් බේරා ගැනීමේදී ගුවේරාගේ නමට චේ යන පදය නැත හොත් ඊඹෲශ යන්න පටබැදුනු බව ලියවී තිබුනි. එතැන් සිට කෘෂිකාර්මික මුදල් ඇමති වෙළඳ ඇමති ලෙස කටයුතු කල චේ ඒ සියලුම නිලතල වලින් ඉවත්ව ලතින් ඇමරිකානු රටවලු වලට විමුක්තිය උදාකර දීමේ සටනේ පුරෝගාමීයා ලෙස කොංගෝවට හා ඉන් අනතුරුව බොලිවියාවටද පැමිණියේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අරගලයේ නවමු සුවඳ ආඝ්‍රාණය කිරීමේ අවස්ථාව ලබා දීමටය. කොංගෝ රාජ්‍යයේ දී ලේරන්ට් කබිලා හා සමග සහයෝගයෙන්ද කටයුතු කල චේ තම අවසාන සටන් භූමිය ලෙස තෝරා ගත් බොලිවියාවේදීම ක්‍ෂ් සංවිධානයේ හා රෙනී බැරෙන්ටෝසගේ හමුදාව විසින් යූරෝ අගාදයේදී අත්අඩංගුවට ගෙන ලා හිගුවේරානි පාසල් කුටියකදී මරියෝ ටෙරාන් විසින් චේ වෙඩි තබා ඝාතනය කරන ලදි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ – ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)

IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ - ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)

මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

මාධ්‍ය නිවේදනය - ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.