lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආණ්ඩුවට සොහොන් ලකුණු

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter


ගෝඨාගේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දස අතින්ම ගොඩනැගෙමින් පවතී. ආණ්ඩුව ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන්නෙකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් නිර්මාණයවී ඇති අතර ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විවිධ ජාවාරම් හරහා මුදල් වංචාකරමින් ඉන් යැපෙන අතලොස්සක් පමණී. 69 ලක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුව කෙරෙහි කළකිරීමට ලක්ව ඇත. ආණ්ඩුවට ජනතා සහයෝගයක් නොමැති අතර ආණ්ඩු බලය රැදි තිබෙන්නේ ව්‍යවස්ථාදායකයේ හා විධායක බලය මත පමණී. පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර බලය පුපුරා යන ලකුණු යටිතලයේ මතුවෙමින් පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහල කොටස්වලින් ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා බලපෑම් එල්ලවෙමින් ඇත. සැබැවින්ම ශ්‍රීලනිපය ආණ්ඩුවේ එල්ලී සිටින්නේ මෛත්‍රිපාලගේ ඩබල්ගේම් දේශපාලනය නිසා බව නොදන්නා අයෙක් නැති තරම්ය. අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි වැනි අයගේ ප්‍රකාශ පෙන්නුම් කරන්නේ අභ්‍යන්තර අර්බුදයේ ස්වභාවයයි. මෙම පසුබිම තුළ ආණ්ඩුවේ ආරක්ෂකයින් බවට පත්ව ඇත්තේ ඊනියා ආණ්ඩු විරෝධයක් පෙන්වන විමල් වීරවංශල උදය ගම්මන්පිල හා වාසුදේව වැනි ප්‍රෝඩාකාරයින්ය. ඔවුන් රඟ දක්වන කුපාඩි දේශපාලනය ජනතාව හොදින් අවබෝධ කරගෙන ඇති බව නිසැකය.


ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය අතරමැදි විසදුමක් හරහා තාවකාලිකව නතරවී තිබුනද ගුරුවරුන්ගේ අරගලය නැවත ඉස්මතු වනු ඇත. පෝර ප්‍රශ්නය හේතුකොටගෙන ගොවි ජනතාව දිනපතාම පාහේ මහමග උද්ඝෝෂණ වල නිරතව සිටී. වගාහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට හා සහන සැලසීම වෙනුවෙන් කිසිම යෝජනාවක් මෙවර අයවැයට ඇතුලත්වී නොමැත. මහ කන්නයේ වී අස්වැන්න හා එළවලු බෝග අස්වැන්න සියයට 50කින් පමණ පහල බසින බව මේවන විට තහවුරුවී ඇත. වී අස්වැන්න පහල බැසීම නිසා රටතුල හාල්හිඟයක් ඇතිවිය හැකි බව මේවනවිටත් පැහැදිලිවී ඇති අතර පිටරටින් හාල් ගෙන්වීමට ආණ්ඩුවට විදේශ මුදල් ඇත්තේ නැත. අනෙක් පැත්තෙන් පොහොර ප්‍රශ්නය හේතුකොටගෙන සාම්ප්‍රදායික තේ කර්මාන්තය අර්බුදයකට මුහුණදෙමින් සිටී. තේ පිටරට යැවීමෙන් උපයාගතහැකි විදේශ විනිමයද පහල බසිනු ඇත. ඒ සමග තේ කර්මාන්තයේ නියැලී සිටින වතු කම්කරු ජනතාවගේ රැකියා කප්පාදු කිරිමට වතු හාම්පුතුන් කටයුතු කරනු ඇත. ගෑස්හිඟය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අතර බේකරි නිෂ්පාදනය අඩකින් කප්පාදු කර ඇති අතර ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා විශාල පෝලිම් රටපුරා දක්නට හැකිය.


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම සමග අලුත් ප්‍රශ්න ගනනාවක් මතුව ඇත. බොරතෙල් පිරිපහදුකකර පෙට්‍රල් භුමිතෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළද පොලට මුදාහැරීම සඳහා වැයවන මුදලට වඩා අධික මුදලක් විදේශ රටවලින් ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය කිරීමට සිදුවනු ඇත. තෙල් පිරිපහදුව වසාදැමීමට ඇත්ත හේතුව ඊට අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට ආණ්ඩුවට තිබෙන නොහැකියාවය. මේ අනුව පෙනී යන්නේ රටට විශාල සම්පතක් වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවසන්ගමන් යෑම සඳහා කණකොකාහඬන බවය. ඒ අතර දෙසැම්බර් මස අවසාන වනවිට ගල්අගුරු හිඟවීමේ ප්‍රශ්නයක්ද මතුවනු ඇත. ඒ සමග විදුලිය නිපදවීමේ ප්‍රශ්නයක් මතුවීම වැලැක්විය නොහැකි වන අතර මේ දිනවල රටපුරා අධික වැසි ජලය ලැබීම සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළයෑම නිසා රට අදුරට පත්වීමේ තත්වය තාවකාලිකව පහව යනු ඇත. කෙසේවුවද ලබන වසරේ මුල් කාර්තුව අවසානයේ විදුලි කප්පාදුවක් ඇතිවීමට තිබෙන ඉඩකඩ බොහෝය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

අර්බුදය කොයිබටද?

Sri Lanka on verge of economic collapse – An appeal to union activists, students and workers

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.