lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Repeal PTA – ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
USP මාර්තු 21 උද්ඝෝෂණය
Share on FacebookShare on Twitter

යුද්ධය අවසන්වීමෙන් පසුව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප‍්‍රබල ජන මතයක් ගොඩනැගී තිබුණි. එම පසුබිම යටතේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වු විගස ජිනිවා මානව හිමිකම් කොමිෂමට එවකට හිටපු විදේශ ඇමති මංගල සමරවීර වාර්තා කලේ එම පනත අහෝසි කිරිමට ආණ්ඩුව කටයුතු කරන බවයි. එසේ වුවද මෙම ආණ්ඩුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරිමේ මුවාවෙන් ප‍්‍රති ත‍්‍රස්ත පනත නමින් ඉතා භයානක පනතක් ගෙනඑ්මට කටයුතු කරමි සිටි.
මෙම අලූත් ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත වුවහොත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට එයින් බරපතල බාදා පැමිනෙනු ඇත. ඕනෑම ජනතා විරෝධයක් ත‍්‍රස්තවාදි කි‍්‍රයාවක් ලෙස නිර්වචනය කර ඊට සහභාගි වන අය අත්අඩංගුවට පත් කිරිම සහ වසර 20ක සිර දඩුවමකට යටත් කිරිමට මෙයින් බලය ලැබෙනු ඇත. මෙයින් පොලිසියට අසීමිත බලයක් පැවරෙන අතර එමගින් පොලිස් රාජ්‍යයක් බිහිවීම සිදුකෙරෙනු ඇත.

මෙම පනත ගෙන එ්මේ යටි අරමුණ දේශපාලන ප‍්‍රතිවාදින් මර්ධනයට ලක් කිරිමය. ධනපති රාජ්‍ය යන්ත‍්‍රණය ආරක්ෂා කිරීමය. වැඩ වර්ජනල පෙලපාලිල උද්ඝෝෂණ වැනි කි‍්‍රයාවන් හා වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ග පවා ත‍්‍රස්තවාදි කි‍්‍රයාවන් ලෙස හදුන්වා ඊට සහභාගි වන අය අත් අඩංගුවට පත් කිරිමට මෙයින් බලය ලැබෙන්නේය. මෙම නව ත‍්‍රස්ත පනතේ සඳහන් දඩුවම් කි‍්‍රයාදාමය ඉතා බරපතලය. එනම් නිති කඩකරන අයට වසර 20ක සිර දඩුවමක් හා ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවීමට සිදුවිමය. ප‍්‍රති ත‍්‍රස්ත පනතට එරෙහිව රටපුරා ප‍්‍රබල ජනමතයක් ගොඩනැගෙමින් පවතින පරිසරය තුළ මහින්ද රාජපක්ෂ ඇතුලූ එ්කාබද්ධ විපක්ෂයේ නායකයෝ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙලීමට ඉදරිපත්ව සිටිනු පෙනේ. පසුගිය රාජපක්ෂ පාලනය රට පාලනය කලේ මර්ධනය දියත් කරමිනි. කටුනායක රොෂේන්, හලාවත ඇන්ටනී හා රතුපස්වල තරුණයින් තිදෙනෙකු ඝාතනය කලේ රාජපක්ෂවරුන් බව ජනතාවට අමතක නොවනු ඇත. එම පරිසරය තුළ කෙසේ හෝ නැවත බලයට එ්මට වලිකන රාජපක්ෂවරුන්ගේ ප‍්‍රති ත‍්‍රස්ත විරෝධයේ ඇත්ත ස්වභාවය තේරුම් ගතයුතු අතර ඔවුන් ප‍්‍රති ත‍්‍රස්ත පනත ඔවුන්ගේ මර්ධන උපකරණයක් ලෙස අනාගතයේ යොදාගන්නා බවට අපි අනතුරු අගවන්නෙමු.

මෙපනත මගින් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතා කි‍්‍රයාවක් ත‍්‍රස්තවාදය ලෙස හංවඩු ගසා සියලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතින් උදුරා ගැනිමට කටයුතු කරනු ඇත . එබැවින් මෙයින් සිදුවිය හැකි මහා විනාශය තේරුම් ගනිමින් කම්කරු පංතිය ප‍්‍රමුඛ වෘත්තිය සමිති ව්‍යාපාරයද ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ දේශපාලන බලවේගයන්ද එක සටන් පෙරමුණකට පැමිණ මෙම භයානක පනත පරාජය කිරිමට පෙරට පැමිනෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය නිකුත් කල නිවේදනයක් හරහා ආයාචනය කර සිටි. මෙම පනත සම්මත වුවහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම බව සලකා එක්වන ලෙස අපි වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Raratutharuwa

Raratutharuwa

රටම අනාතයි කුජීතයි

රටම අනාතයි කුජීතයි

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.