lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී වහල්භාවය
Share on FacebookShare on Twitter

කාන්තා විමුක්තිය සහ  ස්තී‍්‍ර වහල්භාවය

සැම වසරකම මාර්තු 8 වන දින ආසන්න වන විට බොහෝ අයට ස්තී‍්‍ර දිනය මතක්වන්නේ විලාසිතාවක් ලෙසිනි. වැඩකරන ස්ති‍්‍රන්ගේ අරගලය මෙදිනට පමණක් සීමාවූ දෙයක් නොවන බව කිසිවකුටත් නොසිතේ. බොහෝමයක් වැඩකරන කාන්තාවන් දින 365ම නිහඩ ශ‍්‍රම සූරාකෑමට ගොදුරුව සිටී. ලංකාවේ ශ‍්‍රම බලකායෙන් හරි අඩකටත් වැඩි පිරිසක් ස්ති‍්‍රන් බව සංඛ්‍යාලේඛණ පෙන්වාදෙයි. ලංකාව තුලදී ශ‍්‍රමයේ නියුතු කාන්තාවන් ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 3ක් ලෙස වර්ග කලහැකිය. එනම් වතු කම්කරුවන් ඇගලූම් කර්මාන්තයේ නියැලෙන්නියන් හා විදේශ රැුකියාවල යෙදෙන්නියන් වශයෙනි. මෙහිදි රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ ආයතනවල සේවයේ නියුතුවූවන් යම් ආකාරයක වරප‍්‍රසාදිත පිරිසට අයත්යයි කිවහැකිය. නමුත් රටට ප‍්‍රධාන වශයෙන් විදේශ විනිමය උපයන ක්ෂේත‍්‍රයන්හි සේවයේ නියුතුවන්නියන්ගේ අරගලය ඉතාම ශෝචනීයවේ. සෑම මොහොතම ඔවුන් ශාරීරිකව මෙන්ම මානසිකවද විඳවන්නිය. සංයුක්ත ප‍්‍රශ්නයක් ලෙස ගතහොත් ඇගලූම් කර්මාන්තයේ හා තේ කම්කරුවන්ගේ වැටුප් අරගලය තවමත් නොවිසඳුනු අරගලයක් ලෙස පවතී. ඒ තත්වය හොදින් පැහැදිලි වන්නේ පසුගියදා දිගහැරුණු වතු වැටුප් අරගලය වගේම වෙළද කලාපයේ ස්ති‍්‍රන්ගේ වැටුප් අරගලය තුළිනි. සමස්ත සමාජයම ස්ති‍්‍රය දෙවන පංතියේ පුරවැසියන් ලෙස දැකිම ඔවුන්ට අත්වි`දීමට සිදුවී ඇති තවත් ඛේදවාචකයකි. මෙම තත්වය බොහෝදුරට අත්විදන්නට ලැබෙන්නේ අප රටවැනි යටත්විජිත හා අඩුදියුණු රටවල කාන්තාවන්ටය.

අපි හැමදාම ජාත්‍යන්තර ස්ති‍්‍ර දිනයේදී ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරති. නමුත් ඉන් එහාට යන වැඩ පිළිවෙලක් සකසා ගැනිමට අපේ රටේ කම්කරු කාන්තාවන් සමත්වී නැත. බොහෝ කාන්තාවන්ගේ පසුගාමිත්වයත් වහල් මානසිකත්වයත් නිසා සංවිධානයවීමේ හැකියාවක් ඔවුන්ට නොමැත. වරෙක ට්‍රොට්ස්කි සදහන් කල අන්දමට ”ස්ති‍්‍රය යනු තවමත් වහලූන්ගෙත් වහලාය” යන උදෘත පාඨය ලාංකික සමාජයේ ස්ති‍්‍රන්ගේ මානසිකත්වය පිලිබිඹු කිරීමට හො`දම නිදහසුනකි. අපි හැමදාම වතු කම්කරුවන් විදිනා දුක ගැන කතා කරනවා හැර මේ වන විට දියත්වී තිබෙන ඔවුන්ගේ අරගලයට දක්වන සහයෝගය ඉතාම සෝචනීය තත්වයක පවති. වතු කම්කරු අරගලය ගැන පසුගිය මාස කිහිපය තුල පත්තර පිටු පිරෙන්න වාර්තා කර තිබුනි. එ්ත් අපේ රටේ කම්කරු පංතිය ඔවුන්ගේ අරගලයට දක්වන දායකත්වය ප‍්‍රමාණවත් නොවේ. වතුකරයම රත්කරමින් එහි කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. එම තත්වය වත්මන් පාලකයන්හට එල්ලවී ඇති මරු පහරකිග එවැනි තත්වයක් තුලත් ප‍්‍රතිචාර නොදක්වා සිටීමට තරම් ධනපති පාලකයන් සමත්වී සිටින්නේ අප රටේ සමස්ත කම්කරු පංතියේ පවත්නා දුර්වලතාවය නිසාවෙනි. වෙනත් රටක මෙවැනි අරගලයක් දියත්වුයේ නම් කම්කරු පංතිය එක්වී එම අරගලය දිනාගන්නා තුරු සටන් කරති. මෙවැනි ජාතික වැදගත්කමක් ඇති අරගලයකදීවත් සමස්ත කම්කරු පංතිය මුල්කරගත් එක්දින වැඩවර්ජනයක් කිරිමට තරම්වත් අප රටේ වැඩකරන ජනතාව මෙන්ම වෘත්තිය සමිති ව්‍යාපාරය අසමත්විමම ස්ති‍්‍රන්ගේ අරගලයන්ට දක්වන හීන උනන්දුව පෙන්වාදෙනු ඇත.

අනෙක් පැත්තෙන් සෑම රටකම පාහේ රැුකියාවක නියුතුවීමට අමතරව ගෘහස්ථ වගකීම්වල වැඩිම බරක් දැරීමට ස්ති‍්‍රයට සිදුවී ඇත. නූතන ධනවාදී සමාජයේ ශ‍්‍රමය බොහෝ සෙයින් අඩුකරන විවිධ නවීන පන්නයේ භාණ්ඩ මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති විටදී හෝ එ්වා කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය විදුලිය නිවසේ නොමැති විටදී එම කාර්යයන් ඉටු කිරීම සදහා වැඩ කරන පන්තියේ හෝ දිලිදු පන්තියේ පවුල්වල බර ඔවුන් මත පැටවී තිබීම ඉතා දුංඛිතය’ එය ඔවුනට ඔරොත්තු නොදෙන තරම් බරකි’ මෙසේ අසමාන අයුරින් ගෘහස්ථ වැඩපල භාරයන් බෙදීයාම හේතුවෙන් බොහෝ විට සිදුවන්නේ අඩු වැටුපක් ලබා ගැනීමටය. ඔවුනට ඇත්තේ ඉතා අඩු නිවාඩු කාලයකි’ ස්ති‍්‍රන්ගේ සෞඛ්‍යයද පුරුෂයින්ට වඩා බෙහෙවින් දුර්වලය’ මෙහි ප‍්‍රධානතම වාසිය ලබා ගත්තේ ධනපති පාලකයන්ය. ගෘහස්ථ බර ප‍්‍රධාන ලෙසින්ම කාන්තාවන් මත පැටවීමෙන් ඊලග පරම්පරාව හදාවඩා ගැනීමේ මෙන්ම රෝගීන් හා වියපත් පිරිස් රැුකබලා ගැනීමේ වගකීමද ඔවුන් මත පටවමින් සමස්ත වශයෙන් සමාජය සතු වගකිම් භාරයෙන් කාන්තාව ඉවත් කර ඇත.

මාර්තු 8 දිනට පමණක් වෙළද කලාපයේ සේවිකාවන් මතක් වන තත්වයක් අපේ රටේ පවති. මේවන විට වෙළද කලාපය තුල වාර්ෂික අයවැය මුල්කර ගෙන වැඩි වැටුප් ඉල්ලා අරගලයක නියැලී සිටීග ඔවුන්ගේ එම අරගලයන් කලාපයටම සීමාවු තත්වයක් පෙන්නුම් කර ඇත. තරුණ ස්ති‍්‍රන්ගේ යොවුන් මානසිකත්වය විකුණාකමින් වෙළද කලාපයේ අදෝනාව යටපත්කරමින් වැජඹෙන ධනපති පාලකයන්ගේ උවමනාවන් වෙනුවෙන් කි‍්‍රයාකරන කොටස්ද මෙහි නැතුවාම නොවේ. වෙළද කලාපයේ මුල්කාලයේ තිබු තත්වයට වඩා අද තරමක් වෙනස් වුවත් වෘත්තිය සමිති සහනයවත් නොමැතිව ඔවුන් ගෙනයන අරගලය අගය කලයුතුවේ. කලාපය තුල විශාල වශයෙන් සේවක හිගයක් පැවතුනද එවායෙහි ඇති දුෂ්කර තත්වය හා අඩු වැටුපක් ලැබීම `හේතුවෙන් තරුණ පිරිස් කලාපයේ සේවයේ නියැලිමට මැලිවී ඇත. රටට විදේශ විනිමය උපයාදෙන බවට පම්පෝරි ගැසුවත් ඔවුන්ගේ ප‍්‍රශ්න විසදීමට ධනපති පාලකයන් මෙතෙක් සමත්වී නොමැත. විශාල සටන්කාමීත්වයක් කලාපය තුල පෙන්නුම් කල අවස්ථා තිබුනි. රටේ සියලූ වැඩකරන ජනතාවට තිබෙන වෘත්තිය සමිති අයිතියවත් කලාපයට ලබා ගැනිමට අපි තවමත් අසමත්වී ඇත. එහි කම්කරුවන් සංවිධානගතවීමට දක්වන බිය තවත් අභියෝගයකි. සැම වසරකම ස්ති‍්‍ර දින සැමරුම් කලාපයේ නැතුවා නොවේග මේවා සංදර්ශණ මාදිලියේ වැඩ සටහන් වලට සීමාවී ඇත. එ්තුල කම්කරු පංති වැඩ පිළිවෙලක් දක්නට නොමැති අතර කලාපයේ කම්කරුවන්ගේ අභියෝග ජයගැනිමට ජයගත හැකි වැඩ පිළිවෙලක් ඔවුන්ට නොමැතිකමත් පවතින සංවිධානගත රාමුවෙන් පිටතට පැමිනීමට දක්වන මැලිකමත් නිසාවෙනි.

අනෙක් පැත්තෙන් විදේශ රැුකියාවල නියුතුවන්නියන්ගේ ප‍්‍රශ්න දිනෙන් දිනම කරලියට පැමිනෙමින් තිබේ. මාධ්‍ය තුලින් යම් ප‍්‍රමාණයකට ඔවුන් මුහුණදෙන ප‍්‍රශ්න ගැන හෙලිදරව් කෙරෙමින් පවතී. මේවාට විසදුම් සෙවීම වෙනුවෙන් යැයි රජයේ ආයතන ගනනාවක් පවතිග එම ආයතන සදහා සේවකයන් විශාල පිරිසක් යොදවා සිටිති. ඔවුන් වරින් වර විදේශගත වන්නේ එහි සේවයේ යෙදෙන්නන්ගේ ප‍්‍රශ්න විසදිම වෙනුවෙන් යැයි පවසති. නමුත් තවමත් එදා මෙන්ම තාඩන පීඩන වලට ගොඳුරුවී පැමිනෙන විදේශ රැුකියාවේ නියුතුවූවන්ගේ අඩුවක් නොමැත. විදේශ කටයුතු ඇමතිලා බුරුතුපිටින් පත්කර සිටියත් රට විරුවන් යැයි උදම් ඇනුවත් මේ සේවිකාවන්ගේ ඛේදවාචකය අවසන් කිරිමට කිසිවකු සමත්වී නැත. මේ ස්ති‍්‍රන් ගැන සංඛේත වශයෙන් මේ දිනයේදී කතාකිරීමෙන් පමණක් කිසිදු වෙනසක් සිදුනොවේ. වෙනත් ආසියාතික රටවල කාන්තාවන් විදේශ රැුකියාවල යැවීම සදහා සීමා පනවා ඇත. අපට එවැනි තත්වයක් ගැන සිතන්නවත් බැරි තත්වයට පත්වී ඇත. විදේශගත වන ස්ති‍්‍රන් විදිනා දුකත් එම පවුල්වල සාමාජිකයන්ගේ ඉරණමත් ඉතාම ඛේදජනකය. ලෝකයෙන් උතුම් රට යනුවෙන් උදම් ඇනුවද ගෘහසේවිකාවන් ලෙස පිටරට යෑවිම නතර කිරිමට තවමත් මේ පාලකයන්ට නොහැකිවීම උතුම් රටේ තරම කියාපානු ඇත. නමුත් එම කාන්තාවන් උපයන මුදලින් යැපෙන පාලකයන් සිටිම ලාංකීය කාන්තාවන්ගේ අභාග්‍යයකි.

ශීත කාමරවල සිට ජාත්‍යන්තර ස්ති‍්‍ර දිනය සැමරීම විලාසිතාවක් කරගෙන සිටින නායිකාවන් වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්න නොදන්නවා නොවේ. නමුත් ඔවුන් බොහෝමයක් දෙනා සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට එකඟ නොවන අතර මේ ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරිම වෙනුවෙන් වෙහෙසෙන අය වෙති. මේ රටේ දුක්විදින ස්ති‍්‍රන් වෙනුවෙන් හඩනැගිය හැක්කේ ධනපති ක‍්‍රමය වෙනස්කර සමාජවාදි බලයක් වෙනුවෙන් අරගල කරන කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත පංතියට පමණී. ඒ සියලූ අභියෝගයන් ජයගතහැකි වන්නේ ස්ති‍්‍රන්ගේ නිදහස මෙන්ම විමුක්තිය දිනාගැනිමේ අරගලයද එක්ව ධනේෂ්වර ක‍්‍රමය පෙරළාදමා සමාජවාදී බලවේගයක් ගොඩනැගිමේ අරගලයේ කොටස්කරුවන් බවට පත්වීම සඳහා වැඩ පිළිවෙලක් ගොඩනගා ගැනීමෙන් පමණී.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
USP මාර්තු 21 උද්ඝෝෂණය

USP මාර්තු 21 උද්ඝෝෂණය

USP මාර්තු 21 උද්ඝෝෂණය

Repeal PTA - ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.