lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ධනපති පංතියේ අර්බුදයට තාවකාලික විරාමයක්

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

ධනපති පංතියේ අර්බුදයට
තාවකාලික විරාමයක්

2018 ඔක්තෝබර් මස 26 වෙනි දින ජනාධිපති සිරිසේන විසින් විධායක ජනාධිපතිධුරයේ එ්කාධිපති බලතල හිතුවක්කර ලෙස භාවිතා කරමින් ආණ්ඩු බලය වික‍්‍රමසිංහගෙන් ඉවත්කර රාජපක්ෂට පැවරිමට ගත්තාවු පියවර සමග ඇදී ගිය ධනපති කල්ලි දෙක අතර මතුවූ මෙම අර්බුදය දෙසැම්බර් 13 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය එ්කමතිකව ප‍්‍රකාශයට පත්කළ තින්දුව සමග තාවකාලික හා අතරමැදි විසඳුමක් කරා ගමන්කර ඇත. තමා විසින් බලයෙන් පහකළ වික‍්‍රමසිංහට නැවත අගමැතිධුරය අකමැත්තෙන් හෝ බාරදීමට සිදුවිම සමග ධනේෂ්වරය තුළ මතුවූ බරපතල අර්බුදයට තාවකාලික විරාමයක් ලැබී ඇත. එසේ වුවද නිදහසින් පසු රටතුළ මතුවූ දැවැන්ත අර්බුදය මෙම තාවකාලික පැලැස්තරවලින් විසදිමට නොහැකි වනවා පමණක් නොව ලාංකේය සමාජය පුරා යටිතලයේ අර්බුදය ඔඩුදුවමින් පවතින බව පැහැදිලිය. ඉදිරි කාලයේදී දැකිය හැකි වන්නේ විධායක ජනාධිපති සිරිසේන හා ව්‍යවස්ථාදායකයේ නායකත්වය දරණ රනිල් වික‍්‍රමසිංහ අතර ඇතිවිය හැකි නොනවතින ගැටුමකි.

ජනාධිපති සිරිසේන විසින් රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තින්දු කලද ඔහුට එරෙහිව නිතිය කි‍්‍රයාත්මක කිරිමට කිසිදු පාර්ශ්වයක් උනන්දු වන්නේ නැත. එසේ වුවද ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තිය අනුව රටේ එ්කීයබාවයට හානිකර අන්දමින් ප‍්‍රකාශයක් සිදු කළේය යන චෝදනාව මත යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජය කලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් කි‍්‍රයාත්මක විය. මෙම උදාහරණය අප මෙහි සඳහන් කරනුයේ රටේ නිතිය එකහා සමානව කි‍්‍රයාත්මක නොවන බව පෙන්වීම සඳහාය. රටේ ප‍්‍රධාන පුරවැසියා වන මෛති‍්‍රපාල සිරිසේනට ව්‍යවස්ථාව උල්ලංඝනය කර නිදහසේ පැවතිය හැකි වුවද දෙමළ ජාතිකයෙකුවූ විජයකලාට එම නිදහස නොමැති බවද රටේ නිතිය සැමට එක හා සමානව කි‍්‍රයාත්මක නොවන බව මෙම සිදුවිම් මගින් සමස්ථ ජනතාවටම ප‍්‍රදර්ශණය වී තිබේ. ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ ව්‍යවස්ථාව කඩකල සිරිසේනට එරෙහිව කිසිදු හඬක් නොනැගීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතිය ගැන ඊනියා වහසිබස් ෙදාඩන මේ ධනපති නායක හැත්ත බුරුත්ත රටේ ජනතාවට දෙනු ලබන ආදර්ශය කුමක්ද යන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාව ප‍්‍රශ්න කල යුතුව ඇත.

ජනතාවගේ ඇස් ඉදිරිපිට දිග හැරුණු මෙම දේශපාලන අර්බුදය හදිසියේ හටගත් දෙයක් නොවන අතර එය ගැඔුරු දේශපාලන අර්බුදයක ප‍්‍රතිඵලයකි. ධනේෂ්වර ක‍්‍රමයේ අසාර්ථකත්වය හේතුකොටගෙන මතුවූ දේශපාලන අර්බුදය කාලයක් තිස්සේ රට අභ්‍යන්තරයේ මෝරා එමින් පැවති දිගුකාලින සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයේ ප‍්‍රකාශනයකි. අර්ධ යටත්විජිත රාජ්‍යයක් ලෙස බි‍්‍රතාන්‍යයින්ගෙන් නිදහස ලබාගත් 1948 සිට මේ දක්වා රට මුහුණ දෙන දැවෙන සමාජ ප‍්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරිමට ධනපති පාලකයින්ට නොහැකිවිම මෙම අර්බුදයේ සැබෑ තේරුමයි. ඊනියා නිදහස ලැබුදා සිට වරින් වර රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙකද ජනතා විමුක්ති පෙරමුණද ධනපති පංතිය සමග එකතුවී පාලනය කළ ධනපති හවුල් ආණ්ඩුද රට මුහුණදෙන මුලික ප‍්‍රශ්නවලට කිසිදු විසඳුමක් සැපයිමට අපොහොසත් විය. එ් අනුව පැහැදිලි වන්නේ රට මුහුණ දෙන වර්තමාන අර්බුදය හුදෙක් ධනපති පංතියේ පක්ෂ වගකිව යුතුවා පමණක් නොව සාම්ප‍්‍රදායික සියලූ වමේ පක්ෂ වගකිව යුතු බවය.

ධනපති ක‍්‍රමය මුහුණ දෙන වර්තමාන අර්බුදය රටේ ප‍්‍රධානතම ප‍්‍රශ්නය වන ජාතික ප‍්‍රශ්නය විසදා ගැනීමට අසමත්විම පිළිබද කාරණය සමග බැඳී පවතින අතර මෙම අර්බුදය දකුණේ සිංහල ජනතාවගේ අර්බුදයක් පමණක් නොවන බව අවධාරණය විය යුතුය. බොහෝ දේශපාලඥයින්ගේ අදහස වන්නේ වර්තමාන අර්බුදය දකුණේ දේශපාලන පක්ෂවලට සීමාවු අර්බුදයක් බවය. එම අදහස සම්පූර්ණයෙන් වැරදි වනවා පමණක් නොව මෙම අර්බුදයේ ගැඔුර තේරුම් ගැනීමට අසමත්විමකි. ඔක්තෝබර් 26 ආණ්ඩු බලය රාජපක්ෂ අතට මාරුවීමෙන් අනතුරුව අගමැති ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී කරනු ලැබු ප‍්‍රකාශයෙන් එය හොඳින් පැහැදිලි විය. රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතා ප‍්‍රකාශ කලේ එජාප ආණ්ඩුව තව ටික දිනක් බලයේ සිටියේ නම් රට දෙකඩ කරන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩතිබු බවය. එසේම නැවත අගමැතිධුරයට දෙසැම්බර් 16 වෙනි දින බාරගැනීමෙන් අනතුරුව වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළේ එ්කීය රාජ්‍යයක් තුළ බලය බෙදීමේ ව්‍යවස්ථාවක් ගෙන එ්මට තම ආණ්ඩුව කටයුතු කරන බවය. රටේ ප‍්‍රධාන ධනපති නායකයින් දෙපල වන රාජපක්ෂ හා වික‍්‍රමසිංහ යන දෙදෙනාගේ ප‍්‍රකාශ වලින් විද්‍යාමාන වනුයේ ජාතික ප‍්‍රශ්ණය රටේ දේශපාලන අර්බුදයේ කේන්ද්‍රිය ස්ථානයකට පත්ව ඇති බවය. එසේ වුවද බහුතර සිංහල ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත්වීම අපේක්ෂා කරන දුර්වල හා පිටකොන්දක් නොමැති සිංහල ධනපති නායකයින්ට ධනපති සිමාවන් තුළ හෝ ජාතික ප‍්‍රශ්ණයට අතරමැදි විසඳීමට නොහැකි බව ඉතිහාසය පෙන්වා තිබේ. ඉදිරි කාලයේ දැකිය හැකි වන්නේ රාජපක්ෂ කඳවුර විසින් වෙන කවරදාකටත් වඩා දකුණේ ජාතිවාදය අවුස්සා නැවත බලයට එ්මට දරණ උත්සාහයකිගමෙය ඉතා විනාශකාරී ප‍්‍රතිපල ගෙනදිය හැකි බලතන්හාවෙන් සිදුකරන කි‍්‍රයාවකි.

අනෙක් පැත්තෙන් පෙනෙන්නට ඇත්තේ සමස්ථයක් ලෙස ජනතාව මුහුණ දෙන සමාජ හා ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමට එජාප – ශ‍්‍රීලනිප හා පොදු ජන පෙරමුණ නැමැති ධනපති පක්ෂවලට නොහැකි බවය. ඔවුන් පැහැදිලිවම අධිරාජ්‍යවාදි නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙලට කරගසා සිටීග නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය දියකර හැරීම පමණක් නොව තරුණ විරැුකියාව විසඳීමල පීඩිත ගොවි ජනතාවගේ ඉඩම් හා ජල ප‍්‍රශ්නය විසඳිම හා රට සංවර්ධනය කිරිම මේ කිසිදු ධනපති කල්ලියකට නොහැකිය. ධනපති දේශපාලන කල්ලිවලට පමණක් නොව 1964 සිට මේ දක්වා එ් හෝ මේ ධනපති කල්ලි සමඟ විවිධාකාරවු සභාග (හවුල්* ආණ්ඩු වලට සම්බන්දවු ඊනියා වාමාංශික සලූපිළි පොරවා ගෙන සිටින සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ වැනි බංකොලොත් වාමාංශිකයින්ටද රට ගොඩගත නොහැකි බවය. මෙම දේශපාලන පක්ෂ පසුගිය කාලය පුරාම සිදු කලේ කම්කරු පංතියේල ගොවි ජනතාවගේ, තරුණයින්ගේ හා උතුරේ ජනතාවගේ අරගලයන් ධනපති ආණ්ඩුවලට බන්දේසියක දමා පාවාදිමය. ධනපති පංතිය අර්බුදයන්ට මුහුණ දෙන සෑම තීරණාත්මක මෙහොතකම වාම මුහුණුවරකින් පෙනී සිටින මෙම දේශපාලන පක්ෂ විසින් ඉටු කරනු ලැබුවේ ගිලීයන ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීමට මුක්කු ගැසීමය. මෙම ඓතිහාසික පාවාදිම් සඳහා ඊනියා වාමාංශික නායකයින් විවිධ හේතු පෙන්වමින් ජනතාව රවටනු ලැබීය. 2005දී රට බේරා ගැනීම යන සටන්පාඨ මුවාවී ජවිපෙ මහින්දට පූර්ණ සහයෝගය දුන් අතර 2015දී මහින්දගේ එ්කාධිපතිවාදයට එරෙහිව මෛති‍්‍රපාල ජනාධිපති කිරීමටද නැවත 2018දී වර්තමාන අර්බුදයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මුවාවී රනිල් ආරක්ෂා කිරීමටද ඉදිරිපත් විය.

ලාංකේය ධනේෂ්වර ක‍්‍රමය මුහුණ දෙන මාරාන්තික අර්බුදය හමුවේ වම කළයුතු වන්නේ ධනේෂ්වර විරෝධී සියලූ බලවේග ධනපති විරෝධී පොදු මධ්‍යස්ථානයක් වටා පෙලගැස්වීමය. එ් සදහා අවම වැඩ පිළිවෙලක් සමග ඉදිරි කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කර කම්කරු පංතිය ඇතුලූ සියලූ පීඩිත ජනතාව පංති සටන් මාවතට අවතීර්ණ කිරිමයග අපි පසුකරමින් සිටින වර්තමාන අවධිය සමාජවාදය වෙනුවෙන් සටන් කල යුතු අවධියක් නොවන බවට න්‍යායිකව බොරු තර්ක ඉදිරිපත් කිරිම හරහා සිදුවන්නේ නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙලට නිර්ධන පංති බලවේග යටත් කර දැමීමය. එබැවින් ව්‍යවස්ථාදාමය කුමන්ත‍්‍රණය පරාජය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයලැබුවාය කියන මිත්‍යාවට යට නොවී සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස දිනා ගැනිමට පමණක් නොව ධනපති ආර්ථීක පීඩනයන්ගෙන් ජනතාව මුදවා ගැනිම සඳහා වන ඓතිහාසික පියවරක් ගැනිම සැබෑ වාමාංශිකයින්ගේ පරම වගකීම වන්නේය. ධනපති පංතිය අතර බලූ පොරයේදී එ් හෝ මේ ධනපති කඳවුරට ගාල්නොවී වමේ හා කම්කරු පංතියේ අනාගත දේශපාලන බලයක් ගොඩනැගිම සදහා ස්වාධීන ස්ථාවරයක් වෙනුවෙන් පෙනී සිටින එක්සත් සමාජවාදි පක්ෂය ධනපති විරෝධී වමේ සටන් මධ්‍යස්ථානයක් ගොඩනැගිම සදහා ගෙනයන වැඩ පිළිවෙල වටා එ්කරාශී වන ලෙස අපි සියලූ පංති සටන්කාමින්ට ආයාචනය කර සිටින්නෙමු. නමක් තිබෙන්නේ කොහේද යන විවේචනාත්මක හා අවමන් සහගත පටු අදහස් ඉවත දමා වම ගොඩනැගිම වෙනුවෙන් හැකි අයුරින් දායකත්වය සැපයිම ධනපති විරෝධින්ගේ අද දවසේ වගකිමය. එ් සඳහා වන සාකච්ජාවක් අප විසින් වමේ පක්ෂ හා සංවිධාන අතර ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටී. එය ආරම්භයක් පමණක් වන අතර විප්ලවකාරී වාමාංශික විකල්ප මධ්‍යස්ථානයක් ගොඩනැගිම සඳහා වන සාකච්ජාවට නිර්මාණශීලීව මැදිහත්වීමට සියලූ වාමාංශිකයින්ට ඉඩකඩ විවෘතව ඇත.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Poster

Poster

Ratuthruwa

Ratuthruwa

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.