lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වමේ එක්සත්කමක් ගොඩනැගිය හැක්කේ කෙසේද සංවාදයට සටහනක්

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

වමේ එක්සත්කමක් ගොඩනැගිය හැක්කේ කෙසේද
සංවාදයට සටහනක්

ධනපති දේශපාලනය බෙහෙවින් පිළිකුල් කරන වාමවාදී – සටන්කාමී සමාජ ස්ථරයන් විසින් මේ දිනවල නිරන්තරයෙන් මතුකරන ප‍්‍රශ්නය වන්නේ වාම පක්ෂවල හා කණ්ඩායම් වල පුලූල් එක්සත් බාවයක් ඇතිකරගත නොහැකි වන්නේ ඇයිද යන කාරනාවය. ධනපති දේශපාලන පක්ෂවල නිර්ලජ්ජත ස්වභාවය හෙළිදරව් වෙමින් පවතින මෙවන් අවධියක වමේ එකතුවක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන මතධාරීන් වෙතින් මතු කෙරෙන මෙම ප‍්‍රශ්නය කෙරෙහි අපේ අවධානය යොමු කිරිම වැදගත් බව අපේ අදහසය.
ලංකාවේ වමේ ව්‍යාපාරය වෙනත් රටවල මෙන්ම විවිධ දේශපාලන ගුරු කුලයන් හරහා පැවත එන්නකි. එය මාක්ස්වාදයල මාක්ස් ලෙනින්වාදයල ට්‍රොට්ස්කිවාදයල මාඕවාදයල ස්ටැලින්වාදය හා තවත් එවැනි ගුරුකුලයන් ගනනාවකට සම්බන්දව කටයුතු කරතිග ලාංකේය වම මීට දශක තුන හතරකට පෙර පැවති ශක්තිමත් තත්වයක අද නොපවතින බව අවිවාදිතය. ඊට හේතුවු කරුණු ඉදිරිපත් කිරිමකට මෙම කෙටි සටහනින් අදහස් නොකෙරේග පැරණි සම්ප‍්‍රදායික වම ශක්තිමත්ව තිබු අවධියේ පැවැති ජනතා ආකර්ශණය මේ වන විට දුර්වලවී ඇත. මෙම සාකච්ජාවේදී පැරණි වම ගැන අවධානයක් යොමු කිරිමට අප අපේක්ෂා නොකරන්නේ එම පක්ෂ පසුගිය වසර 50කට වැඩි කාලයක් ධනපති සභාග ආණ්ඩුවල අනිවාර්ය කොටසක් බවට පත්වීම හරහා එම පක්ෂවල ස්වාධීන පැවැත්ම මුලූමනින්ම අහෝසි කරගෙන ඇති තවදුරටත් වමේ පක්ෂ නොවන බැවිනි.
එම පසුබිම තුළ මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ ධනපති හවුල් දේශපාලනය ප‍්‍රතික්ෂේප කරන විප්ලවකාරී හා සටන්කාමී නිර්ධන පංති බලයක් සඳහා පෙනීසිටින වාමවාදී දේශපාලන පක්ෂ හා සංවිධාන කෙරෙහිය. ඉහතින් සඳහන් කෙරුන විවිධ න්‍යායික මතභේද තිබියදී ධනේෂ්වර ක‍්‍රමයට එරෙහිව පොදු වාමාංශික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා සමාජය විසින් ඉල්ලූම්කරමින් සිටී. එවැනි වමේ පොදු සටන් මධ්‍යස්ථානයක් ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විවිධ යෝජනා මේ වන විට ඉදිරිපත්ව තිබිම සුබදායක වර්ධනයක් වන අතර වම එකතු කිරිම සම්බන්දයෙන් පක්ෂවලින් ඉදිරිපත් වන විවිධ සුත‍්‍රගත කිරිම් කෙරෙහි විවෘත සාකච්ජාවකට අවතීර්ණ විය යුතු යැයි අප අදහස් කරන්නෙමු.
මේ දිනවල පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඔවුන් දරණ මතවාදය මත පිහිටා එවැනි එක්සත්කමක් ගොඩනැගිම ස`දහා උත්සාහයක් ගෙන තිබේ. එ් සම්බන්ධයෙන් අප පක්ෂය හා පෙරටුගාමී සමාජවාදි පක්ෂය අතර සාකච්ජා අවස්ථා කිහිපයක්ම පැවැත්වින. අපට තේරුම් යන ආකාරයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අදහස් කරනුයේ අවම වැඩ පිළිවෙලක් මත වමේ සමගියක් බිහි කිරිම වෙනුවට වඩා පුලූල් ජන සහභාගිත්වයක් සහිත ජනතා අරගල මධ්‍යස්ථානයක් ගොඩනැගිමය. එනම් වාමාංශික බලවේග වලින් ඔබ්බට යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා විවිධ බහුජන සංවිධාන සමග එක්සත් කි‍්‍රයාමාර්ගයක් සඳහා වන ප‍්‍රවේශයක් වන අතර එය වමේ එකතුවක් වන්නේ නැත. රතු ධඡුයක් යටතේ වම එකතු කළයුතුය යන අදහස වෙනුවෙන් පෙනී සිටින එක්සත් සමාජවාදි පක්ෂය, පෙරටුගාමී සමාජවාදි පක්ෂය හා තවත් සංවිධාන කිහිපයක් ආරම්භ කර තිබෙන ජනතා අරගල මධ්‍යස්ථානයේ කොටස්කරුවන් නොවීමට තින්දු කල අතර නිරීක්ෂකයින් ලෙස පොදු කටයුත සඳහා පමණක් මැදිහත්විමට තිරණය කරනු ලැබුවෙමු.
වමේ එක්සත්කමක් ගොඩනැගිම අරභයා එක්සත් සමාජවාදි පක්ෂය දරණ අදහස කෙටියෙන් දැක්වීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්තයයි. එ් සදහා අප යෝජනා කරනුයේ එකගවිය හැකි සංයුක්ත අවම වැඩ පිළිවෙලක් (ක්‍දපපදබ පසබපමප චරදටර්පපැ* හා ඊට බද්ධවූ කි‍්‍රයාමාර්ගයක් තුළින් වමේ මධ්‍යස්ථානයක් ගොඩනැගිමට පියවර ගතයුතු බවය. එ් සදහා සටන්පාඨ හා ඉදිරි වැඩ පිළිවෙල වාමාංශික කොටස් අතර සාකච්ජා කිරිමෙන් අනතුරුව අවසන් නිගමනයන්ට එළඹිය හැකිවනු ඇත. මෙහි පහත දැක්වෙන්නේ සාකච්ජා කිරිම ස`දහා වන සංයුක්ත යෝජනා කිහිපයකි.
1 ධනපති දේශපාලන පක්ෂ සමග සභාග දේශපාලනය (හවුල්* සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරමින් වම ධනේෂ්වරයෙන් ස්වාධින කිරිම
2 අධිරාජ්‍ය ගැති නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙල ප‍්‍රතික්ෂේප කිරිම හා සැලසුම් සහගත සමාජවාදි ආර්ථීක වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටීම

3 ජාතිවාදයට එරෙහිව සටන් වදින අතර ජාතික පීඩනයෙන් පීඩාවට පත්ව සිටින උතුරේ දෙමළ ජනතාවද නැගෙනහිර මුස්ලිම් ජනතාව හා මධ්‍යම කඳුකරයේ ජීවත්වන වතු දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් සටන් වැදීම (එක්සත් සමාජවාදී පක්ෂය ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටී*

4 විධායක ජනාධිපති ක‍්‍රමය මුලූමනින්ම අහෝසි කිරිම වෙනුවෙන් පෙනී සිටීම

මෙම දේශපාලන සටන්පාඨ වලට අමතරව කම්කරු පංතිය පීඩිත ගොවි ජනතාව ඇතුලූ සියලූ පීඩිත කොටස් එ්කාරාශී කිරිම අරභයා සංයුක්ත සටන් පාඨ කිපයක් යොදාගත හැකි වන අතර එ් සදහා වන ඉල්ලිම් කිහිපයක් මෙහි ස`දහන් කරන්නෙමු

1 රාජ්‍ය හා පුද්ගලික අංශයේ (ඇඟලූම් කර්මාන්තය ඇතුලූ* සියලූ කම්කරුවන්ගේ අවම මාසික වැටුප
රු 50000/- ක් කිරීම හා පැය 8ක වැඩ දිනයක් සහතික කිරිම
2 වතු කම්කරුවන්ගේ දෛනික වැටුප කප්පාදු කිරිම් වලින් තොරව රු 1000/-ක් කරනු
3 ගොවින්ට පොහොර සහනාධාරය නොමිලයේ ලබාදීම හා ඉඩම් හා ජල ප‍්‍රශ්නය විසදීම වෙනුවෙන් සටන් කිරිම
4 ධිවර ජනතාව ස`දහා සියයට 50%ක ඉන්ධන සහනාධාරයක් ගෙවනු
5 පළමු වසරේ සිට විශ්ව විද්‍යාල ප‍්‍රවේශය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම සහතික කළයුතු අතර ගුරු – දෙගුරු සංගම් හරහා පාසල් වල මුදල් එකතු කිරිම තහනම් කරනු
6 අඩු ආදයම් ලාභි ජනතාව වෙනුවෙන් ගෙවනු ලබන සමෘද්ධි දීමනාව වැනි දීමනා දෙගුනයකින් වැඩි කිරිම
7 නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරිම සහතික කොට සෞඛ්‍ය ගොඩනගා ගැනිම සඳහා ඇයවැයෙන් ප‍්‍රමුඛතාවයක් ලබාදීම
8 පාසල් දරුවන්ට නොමිලේ ප‍්‍රවාහන පහසුකම් සැපයිම
මෙම ඉල්ලීම් කිපය සාකච්ජාව සඳහා ආරම්භයක් මිස අවසානය නොවන අතර ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න මෙයට එකතුකර ගත හැකිය. මෙවැනි වූ අවම වැඩපිළිවෙලක් හරහා ධනපති ක‍්‍රමයට එරෙහිව වමේ එක්සත් කමක් ගොඩනගා ඉදිරි කි‍්‍රයාමාර්ග සැලසුම් කිරිමට හා ඊට එකගවන්නාවූ වමේ සංවිධාන වලින් නායකත්ව මණ්ඩලයක් පත්කර ගත හැකිය. එ් අනුව උද්ඝෝෂණ හා සටන් කි‍්‍රයාවන් දියත් කරන අතර ජාතික වැදගත්කමක් සහිත මැයි දිනය වැනි අවස්ථාවන්හිදී වමේ හා කම්කරු පංතියේ එක්සත් කි‍්‍රයාවන්ට ගමන් කිරීමට හැකිවෙනු ඇත. මැතිවරණයන් ඇතිවන අවස්ථාවන්හිදී වම අතර ඇතිවන බෙදීම් වලක්වා නිතරඟ පදනමකින් තරඟ කිරීමට තිබෙන හැකියාවටද ඉඩ තබාගත හැකිවනු ඇත.

එක්සත් සමාජවාදී පක්ෂය
2018 දෙසැම්බර් 31

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Ratutharuwa

Ratutharuwa

ධනපති පංතියේ අර්බුදයට තාවකාලික විරාමයක්

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.