lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

ජාතිවාදයේ නැඟීම හා මහින්දගේ ආගමනය

එජාප හා ශ‍්‍රීලනිප ධනපති හවුල් ආණ්ඩුව අසාර්ථකවීමේ ප‍්‍රධාන කරුණ වූයේ පසුගිය රජයේ ¥ෂිතයින්ට හා මිනීමරුවන්ට දඩුවම් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ආර්ථික සහන ලබාදෙන බවට මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හා දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදී කි‍්‍රයාකාරීත්වයට මුහුණදීමට දැක්වූ දුබලතාවයයි. පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ තම දේශපාලන කි‍්‍රයාකාරීත්වය නගාසිටුවීම පදනම්කර ගත් මූලස්ථානය වූයේ බෞද්ධ පන්සල්ය. ඔහුගේ දේශපාලන තේමාව වුයේ “රණවිරුවන්” ජීවිත පුදා ත‍්‍රස්තවාදය පරාජය කර එක්සත් කළ රට නැවත දෙකඩ කිරීමට මෛති‍්‍ර – රනිල් ආණ්ඩුවට ඉඩනොදිය යුතු බවය. මෙය සෘජුලෙසම අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම මගින් ජාතික ප‍්‍රශ්නයට ධනපති සිමාවන් තුළ යම් විසඳුමක් ගෙනඑ්ම වෙනුවෙන් රනිල් විසින් දරණ ලද උත්සාහයට එල්ල කරන ලද සෘජු අභියෝගයක් විය. ඊනියා ලිබරල්වාදී මුහුණුවරක් මතුපිටින් පෙන්නුම් කිරීමට රනිල් උත්සාහ කලද සැබැ අර්ථයෙන් සිංහල බෞද්ධ ඡුන්ද පදනම දෙස බලා බලය රැුකගැනිමට කටයුතු කරන දුර්වල ධනපති නායකයෙකු ලෙස රනිල් මෙම අභියෝගය ඉදිරියේ මුලූමනින්ම අසාර්ථක වූවෙකු බවට පත්විය. රනිල්ගේ මෙම වංචනික දෙබිඩිපිළිවෙත හමුවේ රනිල් කෙරෙහි විශ්වාසය තැබූ ඊනියා සිවිල් සංවිධාන හා ”රත්නප‍්‍රිය” වැනි විවිධ වෘත්තිය සමිති නායකයින් හා “නසසපයේ වික‍්‍රමබාහු” වැනි අය යන එන මං නැති තැනට පත්ව ඇත .

අන්තවාදී සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගවලට මුහුණ දෙනවා වෙනුවට රනිල් එම බලවේගවල උවමනාවට යටත්ව හැසිරෙන නිවටයෙකු බවට පත්වූ අතර එහි ප‍්‍රථිපලය වූයේ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ TNA වැනි දෙමළ ධනපති නායකත්වයේ සහයෝගය පවා ඔහුට අහිමිවිමය. මෙය නැවත වරක් පෙන්නුම් කරනුයේ ජාතික ප‍්‍රශ්නය ඉදිරියේ එඩිතර කි‍්‍රයාමාර්ග ගැනීමට ලංකාව වැනි අඩුදියුණු රටවල ධනපති නායකත්වයට තිබෙන නොහැකියාවය. 1956දී බණ්ඩාරනායකල චෙල්වනායගම් අතර ඇතිවූ ගිවිසුම මෙන්ම 1965දී ඩඞ්ලි සේනානායක හා චෙල්වනායගම් ගිවිසුම වැනි ගිවිසුම් සිංහල ජාතිවාදි බලපෑම ඉදිරියේ සිංහල ධනපති නායකයින් විසින් ඉරා දමන තත්වයට පත්වීම පෙන්නුම් කලේද දුබල ධනපති නායකත්වයේ අසාර්ථකභාවයයි. රනිල් වික‍්‍රමසිංහ ශ‍්‍රීලනිපය සමග හවුල් ආණ්ඩුවක් (ජාතික ආණ්ඩුවක් වශයෙන් හුවා දක්වමින්* ගොඩනඟා ගත්තේ එම එ්කාබද්ධ ශක්තිය මත පදනම්ව දකුණේ ජාතිවාදය යටපත්කර අධිරාජ්‍යවාදින්ගේ උපදෙස් මත එම වැඩ පිළිවෙල ඉදිරියට දමා ගැනීමටය. එහෙත් එය අවසානවී ඇත්තේ තනි එජාප ආණ්ඩුවකටත් වඩා දුබල කැඳ හැලියක් බවට ධනපති හවුල් ආණ්ඩුව පත්වීමය.

1948දී ලබාගත් ඊනියා නිදහසේ සිට මේ දක්වාම අඩුවැඩි වශයෙන් සිංහල ජාතිවාදය රටේ දේශපාලනයට බලපෑම් කරන සාධකයක් වශයෙන් පැවතින. එසේ වුවද වර්තමානයේ පවතින අන්දමට ජාතිවාදය රටේ දේශපාලනයේ ගමන්මග තින්දු කරන ප‍්‍රධාන සාධකය බවට පත්වීමට එයට හැකිවුයේ නැත. LTTE සංවිධානය විසින් අනුගමනය කල පුද්ගල ත‍්‍රස්තවාදී විධික‍්‍රමය විසින් දකුණේ සිදුකල කුරිරු මිනිස් ඝාතන සිංහල ජාතිවාදයේ නැඟීමට විශාල උත්තේජනයක් සපයන ලදී . මෙලෙස පසුගිය දශක කීපය තුළ සිංහල ජාතිවාදය ක‍්‍රමානුකූලව සංවිධානාත්මක බලයක් බවට පත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරිනි. ඉහත සඳහන් කළ අන්දමට 1956 දී පටන් වර්තමානය දක්වා ලාංකේය දේශපාලනයේ ගමන් මග කෙරෙහි යම් ආකාරයකට ජාතිවාදය බලපෑම් කිරීම පෙන්නුම් කරනු ලැබූවද ප‍්‍රධාන දේශපාලන තීන්දු ගැනීමට නොහැකි අන්දමට මේ වන විට එය රටේ දේශපාලනය තින්දු කිරීමේ ප‍්‍රධානම සාධකයක් බවට වර්ධනයවී ඇත. අධිකරණය පවා සිංහල බෞද්ධ බලවේග ඉදිරියේ ස්වාධින තින්දු ගත නොහැකි තැනකට තල්ලූකර දමා ඇත . ප‍්‍රධාන පෙළේ සංඝ සමාජයේ නායකයෙකු වුන වෙඬරුවේ උපාලි භික්ෂුව රට පාලනය කිරීමට හිට්ලර් වැනි අයෙකුට රට භාරදිය යුතුබව ප‍්‍රකාශ කිරීම පෙන්නුම්කරනුයේ ජාතිවාදී දේශපාලනයේ වර්තමාන ප‍්‍රකාශනයයි. (මෙහිදී උපාලි භික්ෂුව අපේක්ෂා කළේ ගෝඨාභයට රට භාරදිය යුතු බවය.)

මේ අන්දමට ග‍්‍රාමීය සිංහල සුළු ධනේෂ්වරයට ලාංකේය දේශපාලනයේ ප‍්‍රධාන භුමිකාවට ඇතුල්වීමේ අපේක්ෂාවන් කරලියට පැමිණියේ 2005දී මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමඟය. 2005 සිට ආරම්භවූ එම තත්වය 2009දී යුද්ධය ජයගැනීම සමග උච්චස්තානයකට පත්විය. එයින් ඔලූව උදුම්මවාගත් රාජපක්ෂ රෙජිමයේ එ්කාධිපති ¥ෂිත පවුල් පාලනය වෘත්තිය සමිති අයිතීන් හා කම්කරු පංතියල ගොවි ජනතාව ඇතුලූ සාමාන්‍ය ජනතාවගේ අයිතීන්ට එරෙහිව රාජ්‍ය මර්ධනය යොදා බරපතල ලෙස පහරදෙමින් නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කල මරු ප‍්‍රහාරය ඉදිරියේ මහින්දගේ එ්කාධිපති වියරුව පරාජය කිරීමට බහුතරයක් ජනතාව 2015දී මෛති‍්‍රපාලට ඡුන්දය ප‍්‍රකාශ කළහ. යුද්ධ ජයග‍්‍රහණයේ වීරයා බවට තමන් පත්ව ඇති හෙයින් කිසිදු බලවේගයකට තම රාජ්‍ය පාලනයට අභියෝග කළ නොහැකිය යන අධිතක්සේරුවකින් රාජපක්ෂ පවුල් පාලනය ගෙනයාම එම තත්වය නිර්මාණය වීමට හේතුවිය.
එසේ 2015දී රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට සමත් වුවද වසර 30කට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධ සමයේ සිට දකුණේ වර්ධනය වෙමින් පැවැති ග‍්‍රාමීය සිංහල සුළු ධනේෂ්වරය නියෝජනය කළ ජාතිවාදී දේශපාලන බලවේග වල ඉහල නැගීමේ අපේක්ෂාවන් වල කි‍්‍රයාකාරීත්වය යටපත් කිරීමට සමත්වූයේ නැත. කුමන ධනපති කඳවුරකට ආණ්ඩු බලය ලබා ගැනීමට හැකිවුවද සමස්ථයක් වශයෙන් සිංහල බෞද්ධ ජාතිවාදය විසින් ආණ්ඩු පාලනයට බලපෑම් කිරීමේ හැකියාව යටපත් කිරීමට හැකිවී නැත. එපමණක් නොව විශ‍්‍රාමික හමුදා නිලධාරින්ගෙන් සමන්විත ගෝඨාභයගේ නායකත්වයෙන් යුත් ”වියත්මග” වැනි සංවිධාන සිංහල බෞද්ධ ජාතිවාදී බලවේග මිශ‍්‍රවීම සමඟ ජාතිවාදය ප‍්‍රචන්ඩ ස්වරූපයකට පත්ව තිබිම අලූත් වර්ධනයකි. අද තත්වය එසේවුවද 1950 හා 60 පැරණි සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ කම්කරු පංතිය පදනම්ව “ස්වාධින” බලවේගයක් වශයෙන් ධනපති විරෝධී දේශපාලන කි‍්‍රයාකාරීත්වයෙහි පැවැති යුගයේදී මෙලෙස සිංහල බෞද්ධ ජාතිවාදය ප‍්‍රධාන දේශපාලන භුමිකාවට ඇතුල්වීමට ඉඩකඩක් නොවීය. 1964 සිට වමේ පැරණි පක්ෂ ශ‍්‍රීලනිපය සමග පංති සහයෝගිතාවාදී දේශපාලනයට ඇතුල්වීම සමග පංති සටන් කි‍්‍රයාකාරිත්වය අඩපන කර දැමුවා පමණක් නොව පැරණි වමේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයෝ පවා බෞද්ධ මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගනිමින් සිංහල බෞද්ධ ජාතිවාදයට යටත්විමද සිදුවිය. 1972දී සම්මතකර ගත් ජනරජ ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම පළමු ස්ථානයට පත්කිරීමට සමසමාජ නායකයෙකු වූ කොල්වින් ආර්ද.සිල්වා නිර්ලජ්ජිත ලෙස කටයුතු කිරීම එහි කූටප‍්‍රාප්තිය විය. ඉන් අනතුරුව වම ලෙස පෙනී සිටින එහෙත් වමේ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති ජවිපෙ නායකයෝ ජවිපෙ මැතිවරණ වැඩ පිළිවෙලවල් සඳහා අනුමැතිය ගැනීමට බෞද්ධ මහනාහිමිවරු බැහැ දැකීම සාමාන්‍ය පුරුද්දක් කරගෙන තිබීම පෙන්නුම් කරන්නේ ඔවුන්ට මාක්ස්වාදය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

1980 මහා වැඩ වර්ජනයේ පරාජය සමගින් කම්කරු පංතියට හා වෘත්තිය සමිතිවලට ඇතිකරන ලද අහිතකර බලපෑම හේතුකොට ගෙන සාපේක්ෂ වශයෙන් අපරට තුළ පැවැති ස්වාධින පංති සටන් කි‍්‍රයාකාරීත්වය ඉතා පහළ අඩියකට ඇද වැටුනි. 80 වැඩ වර්ජනය පරාජයවීමේ අනිටු ප‍්‍රථිපලය වූයේ යුද්ධ වාතාවරණය සමග වෘත්තිය සමිතිවලට හා කම්කරු පංති ව්‍යාපාරයට ජාතිවාදී දේශපාලනය ඇතුල්වීමය. පංති සටන් මාවත පාවාදී ධනපති දේශපාලන පක්ෂ සමග පැරණි වම හවුල් දේශපාලනයට අවතීර්ණවීම සමග කම්කරු පංතිය ජාතිවාදී දේශපාලනයට ඇද දැමීමේ කාලකන්නි වැඩ කොටස ඉටු කරන ලදීග මේ සමග සුළු ධනේෂ්වරය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ වෘත්තිය සමිති ව්‍යාපාරය අවුල්කර දැමීම අරමුණු කරගනිමින් ඔවුන් ඉදිරිපත් කළ නිර්දේශපාලන වෘත්තිය සමිති ගොඩනැගීමේ සටන්පාඨය වමේ පැරණි නායකයින්ගේ පාවාදීම සමග බිඳවැටී තිබූ කම්කරු පංතිය තවදුරටත් නන්නත්තාර කර දැමිමට ඉවහල්විය. මෙම පරිසරය මධ්‍යයේ මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපතිධුරයට පත්වන්නේද 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සිංහල ජාතිවාදයේ උරුමක්කාරයා ලෙස නැවත නැඟී සිටින්නේද සිංහල බෞද්ධ ජාතිවාදී ව්‍යාපාරය සැලසුම් සහගත ලෙස ගෙනගිය දිගුකාලීන දේශපාලන ව්‍යපෘතිය උච්චස්ථානයකට පත්වීම සමගය.

1950 – 60 ගණන්වල පැවැති අන්දමේ ශක්තිමත් කම්කරු පංති ව්‍යාපාරයක් වර්තමානයේ නොපැවතීමත්, 80 වැඩ වර්ජනයේ පරාජයෙන් නැවත නැඟී සිටිමට නොහැකිවිමත් ඉන් අනතුරුව වෘත්තිය සමිති කැබලිවලට වෙන්වීම හා නිර්දේශපාලන සටන්පාඨය ඔස්සේ පංති අරගල ප‍්‍රවාහයෙන් වෙන්ව වැඩබිම්වලට සීමාවූ කුඩා කුඩා කට්ටිවාදී වෘත්තිය සමිති ලෙස කැබලි බිහිවිමත් හේතුකොට ගෙන කම්කරු පංතිය විශාල වශයෙන් ජාතිවාදී හා ධනපති දේශපාලනයේ ගොදුරු බවට පත්ව තිබේ. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් කම්කරු පංතියට හිමි ඓතිහාසික කාර්ය්‍යභාරයක් වන ජාතිවාදයෙන් තොර පංති හැඟිමෙන් සාමුහිකව කටයුතු කරන ලක්ෂණය පංති ව්‍යාපාරයෙන් ඈත්කර දමා ඇත. මාක්ස්වාදීන් වශයෙන් අප මුහුණදෙන ප‍්‍රධාන අභියෝගයක් වන්නේ ජාතිවාදී බලවේග විසින් නිර්මාණය කරමින් තිබෙන විසකුරු ජාතිවාදය විසින් කම්කරු පංති බලවේග බෙදා පවත්වාගෙන යෑමේ තත්වය පරාජය කර ලාංකේය සමාජය පංති අරගල මාවත වෙතට නැවත යොමු කිරීම සඳහා කම්කරු පංතික සටන්කාමීන් සන්නද්ධ කිරිමය. මෙයින් අදහස් කරනුයේ ධනපති විරෝධී විකල්ප සමාජවාදී වැඩ පිළිවෙලක් පදනම්කර කම්කරුවන් හා දුගී ජනතාවගේ සමාජයීය හා ප‍්‍රජාතාන්ත‍්‍රික ඉල්ලීම් එකිනෙකට සම්බන්ධ කර ගත්තාවූ වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට තිබෙන අවශ්‍යතාවයයි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

Ratu tharuwa

Sri Lanka's 'new Dubai': will Chinese-built city suck the life out of Colombo?

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.