lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව
Share on FacebookShare on Twitter

 

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

තිස්වසරක යුද්ධයේ අවසන් දවස මැයි 18දා අපේ රටේ දේශපාලනයේ කඩඉම් ලක්ෂයක්. එ් වගේම බෙදුම් රේඛාවක්. එදා 2009 මැයි 18 උතුරේ දහස් ගණනක් ජනයා හඩා වැටෙද්දී දකුණේ ජනයා කිරිබත් කෑමල පී‍්‍රති උත්සව පැවැත්වූවාල ජයගොස් නැගුවා බලලෝභී අඥාණ පාපතර දේශපාලූවක් පිරිසක් එදා ඇත්තටම සිදුකලේ මේ රට දෙකට බෙදීමයි. උන්ගේ බලය වෙනුවෙන් තවඉදිරි පරම්පරා කීපයකට වන්දිගෙවන්න වෙයිද දන්නෙ නැහැ. රාජපක්ෂවාදී ජාතිවාදී කඳවුර විසින් ඉදිරියේදී මේ රට බෙදීම තහවුරු කරන බව පසුගිය මැයි 18දාට අදාලව උන් කළ කී දේවලින් ඉතා පැහැදිලියි. උතුරේ තත්වය නරක අතට හැරිලය, රටේ ආරක්ෂාවක් නැතිය, දිනාගත් රට දැන් නැවත අනාරක්ෂිතය ආදී වශයෙන් හෙඞ්ලයින් වැටුනට උන්ගෙ කතාවල ඇත්තටම ගැබ්වෙලා තිබුණෙ උතුරේ මිනිසුන්නට නැවත ඔලූව උස්ස්න දෙන්න එපා, උන්ට නිදහසේ මළ ජනයා එයට ප‍්‍රතිචාර දැක්වූයේ මැයි 18දා කියන්නෙ දෙමළ ජනයාගේ පොදු හෘදය සාක්ෂිය පෙන්නුම් කරන දිනය බව ලොවටම පෙන්වමින්. එ් පොදු හෘදය සාක්ෂිය පෙන්නුම් කෙරුනේ පසුගිය මැයි 18දා මුල්ලිවයික්කිල්හිදී. ජාතියක හදගැස්ම දෑසින්ම දැකගන්න අපි එදා මුල්ලිවයික්කාල් ගියාග වෙනදා මේ වගේ අවස්ථාවක් මග නොහරින කෝෂණ කීපයක් යාපනය, මඩකලපුව, ති‍්‍රකුණාමලය නගරවල පැවැත්වීමත් සිදුවුනා. එසේ වුවත් මේ සියලූ කි‍්‍රයාමාර්ග වල මුලිකත්වය ගත්තෙ උතුරේ දෙමළ සමාජයේ ඉහළ පැළ සන්ධානයෙ නායකයන්ට අතුල් පහරක් දුන්න. තවදුරටත් ඔවුන්ගේ රැුවටිලිකාර සහ සිංහල ආණ්ඩු ඉදිරියේ නිවට ලෙස හැසිරෙන දේශපාලනය නොඉවසන බවට. එදා කතිරයෙන් කළ එ් ඉඟිකිරීම ප‍්‍රසිද්ධියේ එළියට බැස ප‍්‍රකාශ කිරීමක් ලෙස එක අතකට මෙදා මුල්ලිවයික්කාල් කි‍්‍රයාදාමය හඳුන්වන්න පුළුවන්. මෙවර මැයි 18දා මුල්ලිවයික්කාල් කතාවේ මූලිකම ධන ලකුණ තමයි ආණ්ඩුවේ පොලීසියේ අධිකරණයේ මොනම දණ්ඩ නීතියකටවත් යටනොවී තම ඥතීන් සහ යුද්ධයෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් පහනක් දල්වන්නට කඳුළ තිබූ අධිෂ්ඨානය. එ් වගේම එ්ක කඳුලක සීමාවෙන් එහාට ගිහිල්ල තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් නැගී සිටීමට තියෙන අධිෂ්ඨානයක් එහිදී පෙන්නුම් කළා. උතුරේ ව්ශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රමුඛ තරුණයන් මෙවර මුල්ලවයික්කාල් වෙනුවෙන් සාමුහිකව නැගී සිටීම අතිශය වැදගත්. එ් එ් තරුණ රැු්ල්ල නොතිබෙන්නට මෙවරත් සැමරීම මහපොළවට වැටී වියළි යන කදුළු බිංදුවක් වෙන්නට තිබුණා.

දෙමළ ජනයා මර්දනයෙන් යටපත් කොට තබා ගතහැකියයි සිතන දකණේ දේශපාලකයන් මෙවර මුල්ලිවයික්කාල් සැමරුවෙ ගැබ්වුන හැබෑ අරුත් කවදාවත් තේරුම් ගන්න පාටක් නම් නැහැ. දහස් ගණන් ජනයා උතුරේ විවිධ ප‍්‍රදේශවලින් මුල්ලිවයික්කාල් වෙත ඇඳී ආවේ තමන්ගෙ මුළු ආත්මයම තියෙන්නෙ එතැන කියන හැඟීමෙන් වගේ. ඔවුන් ආවේ තම කැමැත්තෙන්ල ස්වේච්ජාවෙන් දේශපාලකයන්ට බයේ හෝ බත්පාර්සලයට අරක්කු බෝතලයට ආවේ නැහැ. දකුණේ රැුස්වීම්වලට සෙනග ගෙන්නනව වගේ මුල්ලිවයික්කාල් නිල සැමරුම තිබුනෙ උදේ 11ට. එ් වෙලාවෙදි විශාල පිරිසක් පැමිණ සිටිය තමයි එ්ත් උතුරුකරයේ තියෙන ප‍්‍රායෝගික ප‍්‍රශ්න උඩ හැම කෙනෙකුටම එ් වෙලාවටම එන්න බැරිවුනා. දවල් 12ට 1ට පවා මහසෙනග ඇදී ආවා. තමන්ගේ හෘදය සාක්ෂියට බොරු කරන්න බැරි හැම කෙනෙක්ම යුද්ධය නිසා අතපය අහිමිවෙච්ච ජනයා පවා එහි ඇඳී ආවා.

2020 බලය ගන්න හීන මවන දකුණේ හැම නායකයෙක්ම මේ කටුක යථාර්තය අවබෝධකර නොගත්තොත් රට නැවත ලේ විලක් වෙන්න ඉඩ තියෙනව. පැරණි පරම්පරාව කොයිහැටි වෙතත් අළුත් දෙමළ තරුණ පරපුර තම ජාතික අයිතිය යටපත් කරන්නට දකුණේ “යකාලට” ඉඩ දෙන්න ලෑස්ති නැති බව දැන් ඉතා පැහැදිලියි. අපෙ අයිතිය අපට දියව් කියා හඩ නගන උතුරේ තරුණයන්ට “පොඞ්ඩක් ඉන්න අපි එනකම්” වගේ බොළඳ කතා දැන් හරියන්නේ නැහැ.

මෙවර මුල්ලිවයික්කාල් හිදී පෙන්නුම් කළ දෙමළ ජනයාගේ හදගැස්ම තේරුම් ගෙන උතුරේ තරුණයන් සමග එක්ව උතුර – දකුණ යා කරන ජනතා අරගලයක් වෙනුවෙන් සටන් පෙරමුණක් ගොඩනැගීමයි අද වමේ ව්‍යාපාරය කළ යුත්තෙ. එසේ නොවුවහොත් නැවතත් විනාශයක් වීම වලක්වන්න බැරිවේවි. දකුණේ බොහෝ වාම නායකයන් කියාගන්නා උදවිය පවා අඳුරේ අතපතගාද්දි එක්සත් සමාජවාදී පක්ෂයේ අපි මේ තත්වය අඳුරනගෙන තමයි මෙවර මල්ලිවයික්කාල් ගියේ. එ් සටන්කාමී ජනයා දකුණේ කම්කරු පංති ව්‍යාපාරය සමග බද්ධ කෙරෙන නව මගක් විවරකර ගැනිමට තමයි දැන් අපේ වෙහෙස.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
Ratuthruwa – July

Ratuthruwa - July

Ratu tharuwa

RatuThruwa

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.