lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්
Share on FacebookShare on Twitter

  29511541_1537521446296897_6829078633961622012_n දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක් 2017 දෙසැම්බර් මාසයේදී අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ සභාපතිධුරයට තේරී පත්වීමෙන් පසු මාස දෙකක් ඇතුලත රටෙහි ජනාධිපති ධුරයට පත්වීමේ අභිලාෂය සිරිල් රමපෝසා සාක්ෂාත් කර ගත්තේය. අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසය තුල ඊලග ජනාධිපති ධුරයට පත්වීමේ තරඟයේ ජයග‍්‍රහණය තමාට ලැබේද යන්න ගැන මුළුමණින්ම විශ්වාසයක් ඔහුට නොතිබුණේය. නමුත් තරඟයේදී ඔහුට හිමිවූ ඉතා අසීරු ජය තහවුරුවූයේ එම සම්මේලනයෙන් ඉක්බිතිව ජෙකොබ් සුමාගේ අනපේක්ෂිත ඉල්ලා අස්වීම සමගය. ද. අපි‍්‍රකාවේ ඉහළම තනතුරට රමපෝසාගේ නැගීම සිදුවූයේ එහි ඉහළම තලයේ ව්‍යුහයන් තුල 50-50 බෙදිමකින් යුතුවය. ඇත්ත වශයෙන්ම රමපෝසාගේ විජයග‍්‍රහණයට හේතුවූයේ නොසිතු පරිදි සුමා හිතවාදී ර්‍ණපි‍්‍රම්යර් ලීග්” හි ඉතා බලවත්ම සාමාජිකයෙකුවූ එම්ප‍්‍රමලන්ගා හා අගමැති ඬේවිඞ් මවුසාගේ පාවාදීමයි. එරට ¥ෂිත ප‍්‍රාන්තවල අගමැතිවරුන්ගේ සන්ධානය විසින් ප‍්‍රාන්ත සම්මේලන සදහා වූ මැතිවරණ මුළුමනින්ම තමන්ට අවශ්‍ය ලෙස හසුරුවන ලදි. coque huawei pas cher එ් අනුව ජාතික සම්මේලනයේ විශ්වාසනීයත්වය විනාශ කර දමා එය හුදෙක් ¥ෂිත නියෝජතයන්ගේ දැවැන්ත වෙන්දේසියක් බවට පත්කර ගනු ලැබිණ. ජේකොබ් සුමා විසින් නම් කරනලද අනුගාමිකයා වූ ඔහුගේ කලින් බිරිඳ වන එන්කොසාසනා ඩිලාමිනිට නොදී රමපෝසා වෙත ලබාදෙන ලෙසට නියෝජිතයින් වෙත පක්ෂවීමෙන් ගම්‍ය වන්නේ එම තිදෙනා අතරින් වඩාත්ම ¥ෂිත ලෙස සැලකෙන්නේ රමපෝසා වන බවයි. පෙබරවාරි මස 14 වන දින සන්ධ්‍යා භාගය වන විට අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය තුල තීරණාත්මක ලෙස බලය වෙනස්වීමක් සිදුවන බවත් රමපෝසා ජයග‍්‍රහණය ලබන බවත් සුමාට අවබෝධ වී තිබුණි. අවමානය වසර 10ක් තුල දෙවන වරටත් අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය ANC තම රටෙහි ජනාධිපතිවරයාට තමධුරකාලය සපුරාලීමට අවස්ථාව ලබානොදීම විශේෂ සිදුවීමකි. සුමා පහකරනු ලැබීම පිළිබද සිද්ධිය උපහාස කථාවලින් පිරී තිබේ. සුමා විසින් මීට වසර නවයකට පෙර සිටී ජනාධිපති තාබෝ එම්බෙකි හට සිය ධුරකාලය සපුරාලීමට ඉඩනොදී දියත් කල කි‍්‍රයාවලියට අද මුහුණදීමට ඔහුට සිදුවිය. එය ඔහුට ඉතිහාසය සිහිගැන්වීමක් බඳු විය. සුමා හා ඔහුට පක්ෂ කණ්ඩායම් කෙතරම් පිරිහී සිටියේද යත් සුමා ඉල්ලා අස්විය යුතුය යන දැඩි ඉල්ලීමට සමාජයේ සෑම ස්ථරයකින්ම හා විශාලතම ව්‍යාපාර කේෂ්ත‍්‍රයෙන් පවා සහයෝගය ලැබිණ. coque pas cher samsung මෙම තත්වය එනම් මහජන මතයේ සුනාමිය විසින් සුමාට එරෙහිව මහා බලවේගයක් ගොඩනැංවිණ. ඔහුගේ ආධාරකරුවෝ ගිලි යන නැවෙන් දිවයන මීයන් ලෙස ඔහු අතහැර පලා ගියහ. සුමාගේ රෙජිමයේ උපත සිදු වූයේද අපකීර්තිමත් අයුරිනි. පසුව එය වෞරත්වයෙන් පිරි පාලනයක් බවට වෙස් පෙරලිණ. ඔහු තම පවුලේ හා හිතවතුන්ගේ ස්ව – සෞභාග්‍යය උදෙසා තම රාජ්‍ය සාපරාධි ව්‍යවසායයක් බවට පරිවර්තනය කළේය. coque huawei දරුණු කොල්ලකෑම් රැුල්ල හේතුවෙන් මහජන මුදල්වලට පවුම් බිලියන 6.13ක් පමණ හානියක් සිදුව ඇතැයි ගණන් බලා ඇත. ඔහුගේම අධික්ෂණය යටතේ රටේ ආර්ථිකය සීඝ‍්‍රයෙන් ප‍්‍රපාත.ය වෙතට ඇදි ගිය අතර එය දැන් පණ අදිමින් තිබේ. ජනතාවගෙන් 55%ක් දුප්පත්කමින් ජීවත් වෙති. මිලියන 9කට රැුකියා නොමැත. සෑම දිනකම රාති‍්‍රයේදී මිලියන 15ක ජනතාවක් කුසගින්නේම නින්දට යති. පසුගිය කෙටි කාලය තුල ආර්ථිකය පසුබෑම් දෙකකට මුහුණ දී ඇති අතර ආර්ථික විශ්ලේෂණයන් මෙම අර්බුදය පෙන්වාදී ඇත. බෙදීයාම් සුමාගේ පාලන කාලය තුල අපි‍්‍රකානු ජාතික සංගමය කැඞීයාම් දෙකකට මුහුණදීමට සිදුවිය. 2008 වසරේදී ANC දෙකඩවී ජනතා කොංග‍්‍රසයක් බිහිවිය. 2012 වසරේදී ආර්ථික නිදහස සඳහා සටන්කරුවන් වශයෙන් සංවිධානයන් බිහිවිය. අපි‍්‍රකානු ජාතික සංගමය , කොමියුනිස්ට් පක්ෂය හා .කොසාටු. නම්වූ වෘත්තිය සමිති ෆෙඩරේෂනය යන තුනෙන් සැදුම්ලත් ත්‍රෛපාර්ශ්විය සන්ධානය සිය විශ්වාසනියත්වය මුළුමනින්ම විනාශ කරගෙන ඇත. 2014 මැතිවරණයේදී අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයට සහාය නොදීමට 2013 වසරේදී තීරණය කිරීම නිසා කොසාටු වෘත්තිය සමිති සංධානයට සම්බන්ධ 340,00ක සාමාජිකත්වයෙන් යුතු ලෝහ කම්කරුවන්ගේ ජාතික සංගමය(National Union of Metal Workers) එමසංවිධානයෙන් නෙරපා හරිනු ලැබින. කොසාටු වෘත්තිය සමිති සම්මේලනය හා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය කදිමට පෙන්නුම් කරන තවත් සාධකයක් වන්නේ ඔවුහු ත්‍රෛපාර්ශ්වීය සන්ධානය සමග අවස්ථාවාදී දේශපාලන උවමනාවන් වෙනුවෙන් එල්ලි සිටීමයි. එමෙන්ම ඔවුහු ද. අපි‍්‍රකාවේ සිටින ධනවත් බිලියනපතියෙක් පමණක් නොව “මරිකානා” නම්වු අරගලයේදී පතල් කම්කරුවන් කෲර ලෙස ඝාතනය කල මිනීමරුවා ලෙස නම්දරා සිටින නව ජනාධිපති රමපෝසා වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයේ යෙදීමය. කම්කරු පන්තියේ අවස්ථාවාදී නායකයින් ඇතුලූ සමහර ජන කොටස් රමපෝසාගේ ජයග‍්‍රහණය සතුටින් සමරන ලද බව මෙහිදී සදහන් කල යුතුය. දුෂණය මුළුමනින්ම අතුගා දමන බවට ඔහු විසින් දෙන ලද පොරොන්දුව ඔහු ඉටු කරනු ඇතැයිද දැනට විනාශ මුඛයට පත්ව ඇති ආර්ථිකය ඔහු නංවාලනු ඇතැයිද රැුකියා අවස්ථා නිර්මාණය කරනු ඇතැයිද ජනතාවගේ දිලිදුකම මුලිනුපුටා දමමින් ජීවන තත්වයන් උසස් මට්ටමකට පත්කරනු ඇතැයිද යනුවෙන් ජනතාව ඔහු වෙත විශ්වාසය තබා ඇති බව පෙනේ. මෙය බොහෝ රටවල සිදුවන දෙයක් වන අතර 2015 ලංකාවේ ඇතිවූ තත්වයට සමානකම් පෙන්වයි. coque iphone pas cher අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ සභාපතිධුරට රමපෝසා පත්වීමෙන් පසුව ප‍්‍රමුඛතා අපරාධ එ්කකය (මෙය හෝක්ස් නමින් හැදින්වේ.) හා පොලිසිය අළුත්ම ජවයකින් යුතුවූ බව පෙනෙන්ට ඇත. එ් අනුව ගුප්තා (Gupta) නමින් හැදින්වෙන ව්‍යාපාර සංකීර්ණය වෙත අනපේක්ෂිත ලෙස කඩාවැදීම “ෆ‍්‍රී ස්ටේට් පී‍්‍රමියර්” ආයතනයේ කාර්යාල පරීක්ෂාවට භාජනය කිරීම හා ¥ෂණ හා සම්බන්ධ සැකකරුවන් රැුසක් අත් අඩංගුවට ගැනීම සිදුවී ඇත. රාජ්‍යයේ විදුලිබල උපයෝගීතා සදහා වන එස්කොට් ආයතනයේ මුළු අධ්‍යක්ෂක මණ්ඩලයම අළුතෙන් පත්කර ඇත. සුමාට එරෙහිව ඇති ¥ෂණ චෝදනා යලි පරික්ෂණය කිරීමට ජාතික පැමිණිලි පරීක්ෂණ අධිකාරියට බලපෑම් එල්ල වෙමින් තිබේ. මෙවැනිවූ යම්යම් වර්ධනයන් නිසා රමපෝසා යනු තම වගකීම් ඉටු කරන්නෙකු ලෙස ජනතාව අතර මතයක් ගොඩනැගී ඇත. ඔහු බලයට පත්වන්නේ ¥ෂනයට එරෙහිව සමාජයේ බොහෝ ජන කොටස්වල බලාපොරොත්තු කරපින්නා ගනිමිනි. එහෙත් පරස්පරතාවය මතුවන්නේ මෙහිදීය. එසේවුවද ධනපති පංතියේ බලාපොරොත්තු හා කම්කරු පන්තිය ඇතුලූ පීඩිත ජනතාවගේ බලාපොරොත්තු කෙසේවත් එකිනෙක හා ගලපා ගැනීමට නොහැකි බව අප තේරුම් ගත යුතුය. බිලියනපතියා අමතක නොකලයුතු ප‍්‍රධාන කරුණ වනුයේ විශාල ව්‍යාපාරයන්හි අපේක්ෂකයා වුයේ රමපෝසා බවය. ධනවාදී පාලක පන්තිය ඔහු වෙත පවරා ඇති භුමිකාවට සුදානම්වීම සදහා ඔහුගේ වෘත්තියමය කුසලතාවයන් යොදාගනු ඇත. 1980දී අර්බන් පවුන්ඬේෂන්(Urban Foundation) නැමැති විශාල ව්‍යාපාර සමග ඔහු ඉතා සමීප සබදතා ඇතිකර ගත්තේය. මෙම සංවිධානය නිර්මාණය කරන ලද්දේ කළු ජාතික ධනපති පන්තියක් වර්ධනය කිරීම පිණිසය. එයට හේතුවූයේ විශේෂයෙන්ම කොසාටු වෘත්තිය සමිති ෆෙඩරේෂනය තුල වර්ධනය වෙමින් පැවැති සමාජවාදය පිළිබඳ සවිඥනිකත්වය කෙරෙහි පාලක ධනපති පංතිය තුල ඇතිවු බියයි. ද. අපි‍්‍රකාවේ වර්ණභේදය (aparthied) නිමවීමෙන් පසු මැන්ඩෙලා යටතේ පිහිටවූ ප‍්‍රථම කලූ ජාතික රජයේ නියෝජ්‍ය තනතුර නොලැබීයාම නිසා කලකිරීමට පත්වූ රමපෝසා දේශපාලන භුමියෙන් ඉවත්විය. ඉන්පසු ඔහු කාලය මිඩංගු කලේ බිලියනපතියෙකුවීම සදහාය. තවදුරටත් ආර්ථිකය පහතට රූටා වැටෙනු වැලැක්වීම සදහා ධනපති නව ලිබරල්වාදී කප්පාදු කිරීමේ වැඩ පිළිවෙල වඩ වඩාත් තීව‍්‍ර කරන මෙවන් යුගයෙක රමපෝසා බලයට පත්වී සිටී. ලෝක ආර්ථිකයේ වර්තමාන තත්වය අනුවත් දුප්පත් බවේ මට්ටම අනුව එරට දේශීය ආර්ථිකය තුල ඇති ඉල්ලූම් රහිත බව නිසාත් ද. අපි‍්‍රකානු ධනපති පංතියට රටතුල ආයෝජනයන් කිරීමට ඇත්තේ ඉතා සුළු පෙළඔවිමක් පමණකි. එමෙන්ම විදේශයන්හි වෙළද පොලට පිවිසිමටද ඉඩකඩක් නැත. එහෙයින් රමපෝසාගේ වසන්තය ඉතා කෙටි කාලින වනු ඇත. මේ හේතුව නිසා රමපෝසා විසින් ඉතා ඉක්මණින්ම පාර්ලිමේන්තු මැතිවරණයකට සැලසුම් කරනු ඇති බව නොසලකා හැරීමට නොහැක. 2017 දී අළුතෙන්ම බිහිවූ දකුණු අපි‍්‍රකානු වෘත්තිය සමිති ෆෙඩරේෂනය saftu තුලින් දේශපාලන හා කම්කරු පන්තික නිදහස යලි ලබාදෙන ලෙස කරන ඉල්ලීම කම්කරු පන්තිය විසින් තබන ලද මුලික පියවර වැදගත් ආරම්භයකි. කම්කරුවන්ගේ පක්ෂයක් ස්ථාපිත කිරීම සදහා වෘත්තිය සමිති තුල දැනට තිබෙන විවාදයන් ඉතා ඉක්මණින්ම නිමා කල යුතුය. ඒ සමගම කම්කරුවන්ගේ බහුජන පක්ෂයක් පිහිටුවිම දක්වා එය වර්ධනය කල යුතුව ඇත . මෙම ප‍්‍රමාදය නිමකරලීමට saftu වෘත්තිය ෆෙඩරේෂනයේ නායකත්වයට දැන් අවස්ථාව එලඔ තිබේ. තරුණයින් ශිෂ්‍යයින් හා කම්කරුවන්ගේ අරගල එ්කාබද්ධ කරන සමාජවාදී වැඩ පිළිවෙලක් මත පදනම්වු බහුජන කම්කරු පක්ෂයක් ආරම්භ කිරීමට saftu විසින් ඉක්මන් පියවර ගත යුතුය යන්න වෙනුවෙන් අපි සටන්වැද සිටිමු. වයිස්මන් හැමිල්ටන් -CWI ද.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

Ratu Thruwa

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.