• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

future of china

dhammika by dhammika
May 30, 2018
in Activities
0

sing

සී ජින්පිංග් යටතේ චීනයේ අනාගතය

චින කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ අයෝමය එ්කාධිපතීත්වය හා චීනයේ ,ශ්‍රේෂ්ඨතම බලය, මෙවර සම්මේලනයේදී සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇත. එහෙත් චීනයේ ස්ථාවර පාලනයක් සඳහා මෙය ප‍්‍රමාණවත් වන්නේද යන්න සලකා බැලිය යුතුය. අප රටේ මාක්ස්වාදීන් යැයි කියා ගන්නා සමහරු චීනය ආදර්ශමත් රාජ්‍යයක් ලෙස සැලකීමට ගන්නා බැවින් මේ ගැන විමසා බැලීම වැදගත්ය. සී ජිංපිංග් යටතේ තනි පුද්ගල එ්කාධිපතීත්වයක් කරා චීනය පරිවර්තනය වීම අනුමත කරනු ලැබූ 2017 ඔක්තෝබර් මස පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන සම්මේලනය මෙම ශතවර්ෂය තුල පැවති ඉතාමත්ම වැදගත් පක්ෂ සම්මේලනයක් ලෙස හදුන්වාදීමට හැකිය. එමගින් චීනයේ අනාගතයට පමණක් නොව ගෝලීය කි‍්‍රයාකාරීත්වයටද ප‍්‍රධාන බලපෑම් එල්ල වෙයි. කොමියුනිස්ට් පක්ෂයේ හා රාජ්‍යයේ සංවිධාන කෙරෙහි මා ඕ සේතුං දැක්වුවාක් මෙන්ම තමාද ආධිපත්‍යයක් දරණ බව විදහා දැක්වීමට සුදුසු වේදිකාවක් ලෙස මෙම සම්මේලනය ඔහු උපයෝගී කර ගත්තේය. එපමක් නොවේ .පක්ෂය, ආණ්ඩුව, හමුදාව, නැගෙනහිර, බටහිර,උතුර, දකුණ, මධ්‍යම යන සියළු පාර්ශ්වයන් කෙරෙහි වඩාත් ශක්තිමත් කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂ රෙජිමයේ පූර්ණ පාලනයද සිදුවිය යුතු බව සඳහන්වේ. (මෙය සම්මේලනයේදී ඒකචන්දයෙන් සම්මත කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයෙන් උපුටා ගන්නා ලදී.* එමෙන්ම තීරණාත්මක අයුරින් මෙම සම්මේලනය සැලසුම් කර තිබුණේ අනාගතයේදී ගෝලීය සුපිරි බලවතෙකු ලෙස චීනය නොනැවතී ඉදිරියටම යමින් නැගී සිටීමේ විජයග‍්‍රාහී පණිවුඩයද ලෝකයාට ලබාදීමටය. ජාතික මිල නියම කිරීමේ විචල්‍යතාවයන් සඳහා විනිමය ගැලපීමට හා මිලදී ගැනීමේ ශක්තිය සඳහා වන අනුපාත පදනම් කර ගනිමින් මේ වන විට චීනයේ ආර්ථික පිරිවැටුම් නැතිනම් දල දේශිය නිෂ්පාදනය, ඇමරිකා එක්සත් ජනපදයේ එම අගයට වඩා 15%කින් ඉදිරියෙන් සිටියි. එය වසර 2023 වන විට දැනට පවත්නා ප‍්‍රවණතාවයන් හමුවේ 50%කින් ඉදිරියෙන් සිටිනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් සති දෙකකට පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත්ම දුර්වල එමෙන්ම අකාර්යක්ෂම ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඉහත දැක්වූ කරුණුවලට තවත් ශක්තියක් ලබාදුන්හ. coque iphone for sale තමා සහ සිං ජින්පිංග් අතර ඇති ,විශිෂ්ට සංයෝජනය, පිළිබද පුන පුනා ෙදාඩවන බෙලහීන ට‍්‍රම්ප් හට ඔහුගේ මැතිවරණ සමයේ කෙතරම් චීන විරෝධි ඡුන්ද ව්‍යාපාරයක යෙදුනේද යන්න අමතකවී ඇත. චීන ප‍්‍රවෘත්ති විචාරකයින් ට‍්‍රම්ප්ගේ සංචාරය දුටුවේ වන්දනා ගමනක නිරතවූ අයෙකු ලෙසිනි. මේ පිලිබදව ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතෙහි ඬේවිඞ් රොත්කොෆ් සිය විචාරය පළකර තිබුණේ ,ලෝකයේ ඉතාම බලගතු පුද්ගලයා මුණ ගැසීමට ඉතා දුරබැහැර ගෙවා බීජිංග් නුවරට තමා සම්ප‍්‍රාප්ත වූ බව දැනගත් ප‍්‍රතම ඇමරිකානු ජනාධිපතිවරයා ට‍්‍රම්ප්, බවයි. නව යුගයක් සඳහා ,චීන මාදිලියේ සමාජවාදය, ලෙස නම්කර ඇති සී ගේ ව්‍යාජ න්‍යාය දැන් ඔහුගේ නාමයද සහිතව චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාව තුල විධිමත් ලෙස සුරක්ෂිත කර ඇත. එය මා ඕ සේතුංගේ සිතිවිලි හා ඩෙන් සියා ඕපිංග් න්‍යාය සමග සමගාමී ලෙස ඇතුලත් කර ඇති අතර එය චීන ජාතිකවාදය හා රාජ්‍ය ධනවාදී මතවාදය ආරක්ෂා කරයි. සී මෙය හඳුන්වන්නේ ලෝක වේදිකාවේ මුදුනතට චීනය ලඟාවීමක් ලෙසය. කලින් පැවති ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ගෝලීය අනුක‍්‍රමණය දැන් ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ වැටෙමින් පවතියි. සම්මේලනයේ එකම ප‍්‍රතිපලය වූයේ සී ජිංපිංගේ බලය තව තවත් ශක්තිමත් කිරීම මුළුමණින්ම සැලසුම් කරන ලද්දක් වීමය. චීනයේ පමණක් නොව ගෝලීය වශයෙන්ද නව ලිබරල්වාදය වඩාත් සංකීර්ණ අවධියකට ලඟාවී ඇති බව සමාජවාදීන් වන අප විශ්වාස කරති. එනම් ජාත්‍යන්තර අර්බුදයේ තියුණු බව සමග චීනය තුල පිපිරීයාමකට අවශ්‍ය කෙරෙන සමාජ අසමානතාවය හා ඉතා විශාල ආර්ථික කම්පනයන් ඉදිරියේදී ඇතිවීමට තිබෙන බව පැහැදිලිව දැකිය හැක.

දිවි ඇති තෙක් අධිරාජ්‍යයා

තෝරාගත් නියෝජතයින් හා ඡුන්දය භාවිතා කිරීමට බලය ලත් නියෝජිතයින්ගෙන් සමන්විත දශකයකට දෙවරක් පමණක් පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ අතිශය වැදගත් සම්මේලනයක් වෙනුවට මෙවර පවත්වන ලද්දේ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද සී අධිරාජ්‍යයා බවට අභිෂේක කිරීමේ උත්සවයකි. හොංකොංහි පදිංචි චීන විද්වතෙක් වන විලිලැම්ට අනුව සි පින්ග් බොහෝ දුරට ,දිවි ඇතිතෙක් පාලනයේ සිටින අධිරාජ්‍යයා, බවට පත්වනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම ස්ටැලින්වාදී උරුමයක් සහිත අනෙකුත් රටවල මෙවැනි රෙජිමයන්හි ඉතිහාසයපුරා මෙවැනි ප‍්‍රදර්ශනාත්මක සම්මේලන පැවැත්වීම ඇත්ත වශයෙන්ම අලූත් දෙයක් නොවේ. එසේවුවද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන සම්මේලනය බොහෝදුරට එම සියලූ වාර්තා බිඳ දැමීමට සමත්විය. සමුළුවට පැමිණි ඊනියා නියෝජිතයින් ඇත්ත වශයෙන්ම දැවැන්තවූත් විචිත‍්‍රවූත් සංදර්ශනයක් සඳහා කුලියට පැමිණ අතිරේක පිරිසක් ලෙස හැදින්විය හැක. මාධ්‍ය මගින් සම්මුඛ සාකච්ජා කරන ලද පිරිස් සිය නායකයාට අත්‍යන්තයෙන්ම ගෞරවය පුද කළහ. පැය තුනකුත් විනාඩි විස්සක් පුරා රුපවාහිනිය ඔස්සේ සී පැවැත්වූ කථාව මුළු චීන දේශයපුරාම පාසැල් ළමෝ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුවිය. රැුස්වීමේ මුල් දිනය තුල 19 වන පක්ෂ සම්මේලනය යන සමාජ මාධ්‍ය සංකේතය බිලියන 1.19 වාරයක් විකාශය විය. පක්ෂ යාන්ත‍්‍රණයේ ඉහලම මට්ටම දක්වා නැගී එන විරෝධය යටපත් කරමින් අභ්‍යන්තර පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සී විසින් අහෝසි කර දමා ඇත. ඔහුට පෙර සිටී ජියැංග් සෙමින්ග් හා හූ ජින්ටා ඕ යන නායකයින් චීන කොමියුනිස්ට් පක්ෂයේ කි‍්‍රයාකාරිත්වය තුල යම් තරමක ආයතනික තුලනයක් ඇති කිරීම සඳහා අභ්‍යන්තර පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන මතය මද වශයෙන් හදුන්වාදී තිබිණ. පසුගිය සම්මේලනවාර දෙකකදී ප‍්‍රමුඛ පෙලේ නායකයින් – එනම් දේශපාලන මණ්ඩලයේ සාමාජකයින් 25 දෙනා හා දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවේ සාමාජිකයින් හත්දෙනා තෝරා ගැනීම පිළිබදව අදහස් ලබා ගැනීමට පැවැත්වූ නියෝජිතයින්ගේ උපදේශාත්මක මූලික ඡුන්දය (මේවායේ ප‍්‍රතිඵල කිසිවිටෙකවත් ප‍්‍රසිද්ධියට පත්කර නැත.* මෙවර සී ජින්පිංග් විසින් ඉවත් කර දමා ඇත. එ් අනුව පෙර අවස්ථාවලදී මෙන් නොව මෙම චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය තව දුරට හුදෙක් රබර් මුද්‍රාවක් පමණක්වී ඇත. ඊට මාස ගණනාවකට පෙර සිට සියළු අත්‍යවශ්‍ය කටයුතු අවිධිමත් කි‍්‍රයාමාර්ග ඔස්සේ සාකච්ජා වී තීරණය වී තිබිණ. මෙම කි‍්‍රයාමාර්ග සදහා විශ‍්‍රාමලත් චීන කොමියුනිස්ට් පක්ෂ නායකයින් ඉහලම මට්ටමේ ජෙනරාල්වරුන් ඇතුළු ප‍්‍රධාන පෙලේ පුද්ගලයින් සහභාගි වී ඇත. සී විසින් සිය පෞද්ගලික බලය තහවුරු කර ගැනීම තුලින් ආඥදායකත්වය වඩා භයානක දිශාවකට යොමුකර ඇත. පසුගිය කාලයේ පැවැති ආකෘතිය තුල ස්ථාපිතව තිබූ සාමුහික නායකත්ව ආකෘතිය වෙතින් තියුණු ලෙස වෙන්වූ සීගේ නව ප‍්‍රතිපත්තිය කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන පාලක පිරිස් විසින් අවිවාදිතව පිලිගැනීමට ලක්ව තිබේ.

ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය?

ආඥදායකත්වය යන ප‍්‍රවේශය 1980දී ඩෙංග් සියා ඕ පින්ග් විසින් වර්ධනය කරන ලද්දකි. එය වර්ධනය කරන ලද්දේ රෙජිමයේ පෙරමුණේ ඇති බලමුළු තුල අභ්‍යන්තරික ස්ථාවරත්වය හා තුලනය යම් ප‍්‍රමාණයකින් ස්ථාපිත කිරීම සදහාය. ,ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය, තුල එම කරුණ සඳහා එකිනෙකා හා තරඟ වදින පක්ෂ හා මැතිවරණ තිබේ. ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුවද මේ වන විට අර්බුදකාරී හා අකි‍්‍රයශීලී යුගයකට එලඔ ඇත්තේ ලෝකයපුරා පන්ති අරගලය උත්සන්න වන හෙයිනි. එහෙත් එම ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදි ක‍්‍රමයත් චිනයේ අධිපතිවාදී ධනවාදී ක‍්‍රමයත් අතර බොහෝ වෙනස්කම් තිබේ. වැඩකරන ජනතාවගේ පැත්තෙන් සලකා බලන්නේ නම් ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල එම ජනතාවන්ගේ සංවිධානවලට ඔවුන්ගේ දේශපාලනික අදහස් වර්ධනය කිරීමේ හා බලපෑම් සිදු කිරීමට සාපේක්ෂ වශයෙන් අවස්ථාව ලැබී ඇත. එ් අනුව ධනපති පාලනයන් වල යම් ප‍්‍රමාණයක නම්‍යශීලී බාවයක් පෙන්නුම් කෙරේ. සිමාසහිතව හරි හෝ වැරදි පෙන්වා දෙමින් නිවැරදි කර ගැනීමේ අවස්ථා තිබේ. මෙම ලක්ෂණය දරදඩු අධිපතිවාදී පද්ධතියක් තුල දක්නට නොලැබේ. පවත්නා පාලක පක්ෂය වෙනුවට වෙනත් පක්ෂයක් පත්කර ගැනීමේ හැකියාව සහිත ,ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විටෙක පන්ති පීඩනය නිශ්කී‍්‍රය කරලීමට මැතිවරණ උපයෝගී කර ගනිති. එමගින් ඔවුහු තදබල දේශපාලනමය හා ආර්ථික අර්බුදවලට මුහුණ දෙන නමුත් පැරණි ධනපති ක‍්‍රමය සහමුලින්ම බිඳවැටීමක් සිදුවන්නේ නැත. එවැන්නක් සිදුවිය හැක්කේ කම්කරු පන්ති ව්‍යාපාරය තුලින් පැහැදිලි දේශපාලනමය විකල්පයක් ඉදිරිපත් වන්නේ නම් පමණකි. එහෙත් සිදුවීමට හැකි මහා පරිමාණ අර්බුදයක් පිළිබඳ අදහසක් චීන ප‍්‍රභූ පන්තියට මහා භයක් ගෙනදෙනු ඇත. එයට හේතුව 1989 දී තියන්නෑම් චතුරඝ‍්‍රයේදී සිදුවූ වාක් මෙන් එවැනි තත්වයක් සමස්ත පද්ධතියටම සෘජු අභියෝගයක් එල්ල කල හැකි බැව් ඔවුන් තේරුම් ගෙන සිටින නිසාය. ඩෙංග් විසින් හඳුන්වා දෙන ලද අභ්‍යන්තරික සුරක්ෂිතභාවය පිළිබද ක‍්‍රමවේදය සී විසින් බොහෝ දුරට ඉවත් කර ඇත.

නව මා ඕ සේතුං

මා ඕ සේතුංගෙන් පසුව බිහිවු අතිශය ප‍්‍රබල නායකයා ලෙස සිදු කෙරෙන වර්ණනා ගැන අප සැකයෙන් යුතුව සලකා බැලිය යුතුවේ. සීගේ විජයග‍්‍රහණයේ පදනම් වන්නේ සුවිශේෂි ලෙසින් ගොඩනගන ලද ආණ්ඩු යාන්ත‍්‍රණය හා හමුදාවන්හි නිලධාරීවාදයයි. මුදුනේ සිට පහල මට්ටම දක්වා සීගේ බලය ක‍්‍රමානුකූල ලෙස හසුරුවනු ලබන්නේ ප‍්‍රචාරක මාධ්‍ය පාලනය තුලින් හා ආරක්ෂක – පොලිස් – හමුදා යාන්ත‍්‍රණය මගිනි. 19 වන සම්මේලනය අවසන්වීමත් සමග චීන රෙජිමය දේශපාලන මධුසමයක් වැනි ප‍්‍රීතියක් භුක්ති විඳින්නේ මැතිවරණයකින් පසුව බටහිර රටවල ඇතිවන උද්දාම තත්වයකට සමාන වෙමිනි. එහෙත් මෙම තත්වය වැඩි කලක් නොපවතිනු ඇත. සීගේ ජයග‍්‍රහණය පදනම් වන්නේ සැබෑ මහජන සහයෝගයක් මත නොවේ. බොහෝ විචාරකයින් අවබෝධ කර ඇතිවට වඩා එය දැඩි අස්ථාවර බවකින් යුක්තය. මෙතෙක් නොවූ විරූ මර්දනය හා මාධ්‍ය මගින් පුම්බා තබනු ලබන සීගේ පෞද්ගලිකත්ව ප‍්‍රතිරූපයද පසුගිය වසර පහ තුල චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරි තන්ත‍්‍රය බිය වැද්දීමට උපයෝගී කරගත් ¥ෂණ විරෝධී ව්‍යාපාරය යන කරුණු හේතුවෙන් හිටපු නායකයින් වන හූ හා ජියාංග්ට වඩා සීගේ පාලනය ශක්තිමත් කර ගෙන ඇත. එහෙත් යම් මතගැටුම් තිබුණේවී නමුත් මා ඕ ට හා ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ ඩෙංග් ෂියා ඕ පිංග් වටා එක්රොක්ව තිබූ ජනතා සහයෝගය හා සීගේ පාලනය සැසදිය නොහැක. මා ඕගේ පාලනය ගැන සලකා බලන විට ඔහුට ලැබුණ අතිමහත් ජනතා සහයෝගය පදනම්ව තිබුණේ බොහෝ ප‍්‍රතිඵල සහිත සමාජ හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය මතය. එසේ වෙනස්වීම් කිරීමට මා ඕට හැකිවූයේ නිලධාරිවාදය මත පදනම්වූ සමාජ විප්ලවයක් තුලිනි.ඩෙංග්ගේ සමාජ පදනම වූයේ 1960 – 1970 දක්වා පැවති මා ඕවාදී රෙජිමයේ අවසාන කාලයේ මහජනතාව කලකිරීමට පත්ව සිටීමය. ඓතිහාසිකවම චීනයේ ප‍්‍රාන්ත තුල තම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවීම මධ්‍යම ආණ්ඩුවේ ප‍්‍රධානතම ගැටළුවයි. මෙය විසදීමට සී අපේක්ෂා කරන්නේ බලහත්කාරයෙන් හෝ බලය යලි මධ්‍යගත කිරීම තුලිනි. චීනය තවමත් බොහෝ අතින් එකනෙකට වෙනස් වන ප‍්‍රාන්ත ආර්ථිකයන්ගේ එකතුවකි. සමහර ප‍්‍රාන්ත ඔවුන් විසින්ම දැවැන්ත ආර්ථික යෝධයන් බවට වර්ධනය කරගෙන සිටිති. ගුවැන්ග්ඩොංග්, ජියැන්ග්සු හා ෂැන්ඩොංග් යන ප‍්‍රාන්ත ස්වාධීන ජාතීන් සේ සැලකෙන්නේ නම් ලෝකයේ ආර්ථික අතින් බලවත් ප‍්‍රථම 20 දෙනා අතරට ඔවුන් එක්වෙති. coque de samsung galaxy s3 එ් හැම එකක්ම දල දේශීය නිෂ්පාදන අගය අනුව ඨ 20 සාමාජිකයින් වන ඉන්දුනීසියාව, තුර්කිය හා සවුදි අරාබියට වඩා වෙසෙසින්ම ඉදිරියෙන් සිටිති.

බටහිර විරෝධය

චින කොමියුනිස්ට් පක්ෂය ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට්වාදී පක්ෂයක් නොවේ. අද දින එහි දේශපාලනය දක්ෂිණාංශික මෙන්ම, ජාතිවාදී වන අතර ධනවාදයට පදනම්වූවකි. කොමියුනිස්ට් පක්ෂයට මිලියන 88ක් වන සාමාජිකයින් සිටින බවට පුරසාරම් ෙදාඩන මුත් එය ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට් පක්ෂයක් නොවේ. ඉන්දියාවේ දක්ෂිණාංශික ජාතිවාදී ඊන්‍ඡු පක්ෂයට මිලියන 110ක සාමාජිකයින් සිටිනා බවක් කියවේ. Coque huawei P20 එ් අතින් ඊන්‍ඡු පක්ෂය ඉදිරියෙන් සිටින බව හැෙඟ්. චීනයේ රාජ්‍යයත් පක්ෂයත් යන දෙකම එ්කාබද්ධවී දැවැන්ත අධිපතිවාදී ව්‍යුහයක් බවට එය පත්කරගෙන ඇත. coque telephone pas cher පක්ෂය විසින් ආණ්ඩුව, හමුදාව, අධිකරණය, ආරක්ෂක සංවිධාන මාධ්‍යය, සයිබර් අවකාශය හා ආර්ථිකයේ තිරණාත්මක අංශ පාලනය කරනු ලබයි. ආර්ථිකයේ තීරණාත්මක අංශ පාලනය කරන්නේ රාජ්‍ය සතු ව්‍යවසායන් පාලනය කිරිම තුළිනි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආධිපත්‍ය වෙන් කළහොත් චීන රාජ්‍යය බොහෝ දුරට කඩා වැටෙනු ඇත. මෙය චීනයේ මෙන්ම ගෝලීය වශයෙන්ද චින කොමියුනිස්ට් පක්ෂයට ඇති අධිපතීිත්වය පැහැදිලි කරයි. ගෝලිය මට්ටමෙන් චීන රාජ්‍යය ලෝක ධනවාදයේ ආර්ථීක අවශ්‍යතා වලටත් ලාභ උපයා ගැනීමටත් අතිශය තීරණාත්මක සාධකයක් වෙයි. ඇමරිකානු ඩොලර් වටිනාකම අනුව බලන විට චීනයේ සිටින බිලියන පතියන් සංඛ්‍යාව අන් සියළු රටවල් අභිභවා යයි. චීනයේ බිලියනපතියන් සංඛ්‍යාව 647කි. ඇමරිකා එක්සත් ජනපදයේ එම සංඛ්‍යාව 563කි. ෂැංහයි මුලස්ථානය කරගත් ,හුරුන්, ලැයිස්තුව අනුව ලෝක බිලියනපතියන්ගෙන් 36%ක් සිටින්නේ චීනයේය. 2012 වසරේදී සි ජින්පිංග් බලයට පත්වූ පසුව චීනයේ බිලියනපතියන් සංඛ්‍යාව 251 සිට දෙගුණයකටත් වඩා වැඩිවී ඇත. මෙම බිලියනපතියන් අතරින් තිදෙනෙකු එනම් ලී ඩෙන්ෂායි, වූ ෂා ඕක්සුන් හා පැන් ගැන්ග් යන අය චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයට නියෝජිතයින් ලෙස සහභාගිවූහ. පසුගිය වසරේ පීකිං විශ්ව විද්‍යාලය සිදුකල අධ්‍යයනයකදී හෙලිවූයේ චීන ගෙවැසියන්ගෙන් 25%ක් (එනම් මිලියන 342ක් පමණ වන ජනතාව* සතු වන්නේ මුළු රටේ සම්පත්වලින් 1%ක් පමණ වන ප‍්‍රමාණයක් බවයි. ඉතාම ධනවතුන් ගෙන් 1%ක් (මිලියන 13ක් පමණ – බොහෝ දෙනෙක් චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්ය. * රටේ මුළු ධනයෙන් තුනෙන් එකක් ඔවුන් සතුකර ගෙන සිටිති. බටහිර ධනවාදී සමාජයන්ට ආවේණික වූ නිදහස් වෙළදපොල නැමැති ධනවාදී ආකෘතිය හා සසඳන විට සැලකිය යුතු වෙනස්කම් චින ආකෘතියේ ඇති බව පෙනේ. චීන ධනවාදය බටහිර ධනවාදී ආකෘතිය අනුගමනය කර නොමැති අතර එය කෙදිනකවත් චීනය තුල එලෙස ස්ථාපිත වන්නේද නැත. පසුගිය දශකය පුරා පැවති ගෝලීය ආර්ථික අර්බුදය හා බටහිර ධනවාදයේ සාපේක්ෂ පිරිහීම තුලින් චිනයේ පාලකයින් උකහාගත් වැටහීම වන්නේ ඔවුන්ගේ චීන ධනවාදී ක‍්‍රමය වඩාත් උත්තරීතර බවයි. එමෙන්ම එය තවදුරටත් කි‍්‍රයාත්මක කල යුතු බව ඔවුන් දැඩිව විශ්වාස කරති.

¥ෂණ විරෝධය

මීට ඉහත අප විසින් පැහැදිලි කරන ලද අයුරින් සීගේ ඊනියා ¥ෂණ විරෝධී ව්‍යාපාරය ප‍්‍රාථමික වශයෙන් උපයෝගී කර ගත්තේ ඔහුගේ බලය තහවුරු කර ගැනිමට දේශපාලන මෙවලමක් ලෙසය . එය ¥ෂණයට එරෙහිව දියත් කරන ලද සටනක් නොවිණ. ¥ෂනය දැනට මුළු චීන රාජ්‍යය පුරාම ආවේණික ලෙස ව්‍යාප්තවී ඇත. සීගේ ප‍්‍රථම පාලන කාලය තුල වඩාත්ම ප‍්‍රචලිත කරන ලද එකම කාර්ය්‍යයක් වුයේ එයයි. අදාල පරීක්ෂණ සිදු කිරීමෙන් පසු උසස් රජයේ නිලධාරීන් 170ක් හා ජෙනරාල්වරුන් 60ක් දඩුවම් ලැබුහ. කෙසේ වුවද බොහෝ අවස්ථාවන්හිදී එම දඩුවම් ඉතා සුළුවිය. සේවයෙන් පහකිරීම, තනතුරෙන් පහතට හෙලීම වැනි දඩුවම් නියමවූ අතර 10% පමණ පිරිසක් සදහා අපරාධ නඩු පැවරිණ. වඩාත්ම කැපී පෙනෙනුයේ සි ගේ පූර්වගාමියා වූ හූ ජින්ටා ඕගේ පාලන කාලය තුලදී අත් අඩංගුවට පත් බෝ ක්සිලායි හැරෙන්නට චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් වන පාරම්පරික වංශවත් අය කුමාරවරුන් වැනි පිරිස් සීගේ ව්‍යාපාරය මගින් ¥ෂනයන් සදහා හදුනා නොගැනීමය. බොහෝ විට සිදු වන්නට ඇත්තේ තිරය පිටුපස පැවති නොයෙකුත් ගනුදෙනු, සාකච්ජා මගින් එවැනි පිරිස් බේරා ගනු ලැබූ බවයි. එහෙත් සී ගේ මෙම 19 වන සම්මේලනයේදී කැළලක් මතුවුන බව පෙනී ගියේය. එ් සීගේ ඉතාම සමීප සඟයෙකුවූ ¥ෂණ විරෝධී සාර්වරයෙකු සේ සැලකෙන වැන්ග් ක්විෂාන් වයස අවුරුදු 69 පිරෙද්දී බලයෙන් විශ‍්‍රාම ගැන්වීමයි. සී විසින් මෙතෙක් ලිඛිතව ප‍්‍රකාශ කර නොමැති විශ‍්‍රාම ගැන්වීමේ නීති පසෙකට දමමින් වැන්ග් පක්ෂයේ ඉහල තනතුරක තබාගනු ඇති බවට ආරංචි පැතිර තිබුණද එය එසේ නොවීය. එසේ විශ‍්‍රාම නොගන්වා වැංග් තවදුරටත් තනතුරේ සිටියේ නම් එය පූර්වාදර්ශයක් වනු ඇත. එමෙන්ම 2022දී මෙයට පෙර සිදුවී නොමැති පරිදි තෙවන වරටත් පක්ෂයේ බලය ලබා ගැනීමේ සී ගේ ගමන් මග වඩාත් පහසුවනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ ,කළු පෙට්ටියේ, අභිරහස් ස්වභාවය අනුව වැංග්ට සිදුවූයේ කුමක්ද යන්න ගැන ස්ථිරවම යමක් කිව නොහැක. coque huawei pas cher සී විසින් ,පක්ෂයේ ස්ථාවරත්වය, සදහා ඔහු බිලිදුන් බවක් පෙනී යයි. නික්කි එ්ෂියන් රිවිව් වාර්තාවකට :භසනනැස ්ිස්බ ඍැඩසැඅ* අනුව වැංග් බල පදනමසේ සැලකෙන විනය පරීක්ෂණ සදහා වන මධ්‍යම කොමිසම (ක්‍ක්‍ෘෂ * තුලින්ම ඔහු එම මණ්ඩලයේ සිටීම පිළිබදව විරෝධය පලවී තිබිණ. අනෙකුත් වාර්තා අනුව කියවෙන්නේ 19 වන සම්මේලනය පැවැත්වීමට සති දෙකකට පමණ පෙර සී හා පක්ෂ නායකයින් අතර පැවති ප‍්‍රධාන පෙලේ රැුස්වීමකදී වැන්ග් ඉවත් කිරීමට තීරණයවූ බවයි. මින්මතු බොහෝ දුරට ¥ෂණ විරෝධය ටිකෙන් ටික බලරහිත වනු ඇති අතර ප‍්‍රභුන් අතර යම් සබදතා යලි ඇතිකර ගැනීමට කි‍්‍රයාකරනු ඇත. ආයතන ප‍්‍රති සංවිධානය කරන අතර එයට රාජ්‍ය එ්කකයක විධිමත් තත්වයක් ලබාදෙනු ඇත. එහෙත් එය සීගේ ප‍්‍රධානතම දේශපාලන අවිය ලෙස පවත්වාගෙන යනු ලබන්නේ එතුලින් ඔහුට අභිමත පරිදි පාලනය පවත්වා ගැනීමටත්, පක්ෂයේ හා රාජ්‍යයේ සංවිධාන තුල ඇතිවන ප‍්‍රතිරෝධයන් උදාසීන කිරිමටත් එය භාවිත කල හැකි බැවිනි. නොඅනුමානවම ඊළඟ වකවානුව තුලදී චීන කම්කරුවන් මිලියන 800කින් සමන්විත වන යෝධයා නැගී සිටිම හා ලෝක පංති අරගල වේදිකාවේ මුදුනට ලගාවනු දකින්නට හැකිවනු ඇත.

Previous Post

Local Election

Next Post

Sinhala Communalists on streets against Sri Lankan Muslims!

Next Post

Sinhala Communalists on streets against Sri Lankan Muslims!

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2018
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« Mar   Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.