lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Local Election

New Admin by New Admin
May 30, 2018
in ලිපි
0
Share on FacebookShare on Twitter

පළාත් පාලන ඡුන්දයෙන් පසු ආණ්ඩුවට අබසරණ

පෙබරවාරි 10වෙනිදා පැවැත්වෙන පළාත්පාලන ඡුන්දය ,පුංචි ඡුන්දය, ලෙස හැඳින්වුවද මෙම මැතිවරණය මහ මැතිවරණයකටත් වඩා තීරණාත්මක ඡුන්දයක් බවට පත්ව ඇත. යහපාලනය නමින් හඳුන්වා ගන්නා එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ වසර තුනක කෙරුවාව ගැන ජනතාවගේ මතය මෙම මැතිවරණයේදී ප‍්‍රකාශයට පත්වීමට නියමිතය. එසේම එජාපය හා මෛති‍්‍රගේ ශ‍්‍රීලනිපය සමග ගෙනයන හවුල් ආණ්ඩු දීගයේ අනාගතයද මෙමගින් බොහෝ දුරට තීන්දු විය හැකිය. එජාපය හා ශ‍්‍රීලනිපය අතර අභ්‍යන්තර ගැටුම ඉතා උත්සන්න තැනකට පත්ව ඇති අතර මේ දෙගොල්ලන්ට එකට ආණ්ඩුවක් ගෙනයා නොහැකි ප‍්‍රමාණයට මතබේද උග‍්‍රවී තිබේ.

එපමණක් නොව මෙම ඡුන්දයේදීත් ශ‍්‍රීලනිපයේ ග‍්‍රාමීය පදනම මෛති‍්‍රපාල හා මහින්ද අතර බෙදී ඇත්තේ කෙසේද යන්න දැක ගැනීමට හැකිවනු ඇත. එ් අනුව ඡුන්දයේදී ප‍්‍රකාශ වන ජන මතය අනුව මෛති‍්‍ර හෝ මහින්ද යන දෙදෙනාගෙන් එක් අයෙකුගේ දේශපාලන අනාගතය අවධානමකට ඇද වැටීමට නියමිතය. මහ බැංකු මගෝඩිය හා රනිල් මහ බැංකු බැඳුම්කර වංචාව තනිකරම එක්සත් ජාතික පක්ෂයේ සැලසුමට අනුව සිදුකළ දෙයක් බව මේ වන විට හෙළිදරව්වී අවසානය. බැඳුම්කර වංචාව සමග ,මිස්ටර් ක්ලීන්, ලෙස පෙනී සිටීමට රනිල් ගෙනගිය නාඩගම අවසන්ව රනිල් නිරුවත් කර දමා ඇත. රනිල් ඇතුලූ එජාප නායකයින්ට බැඳුම්කර මගෝඩිය සමග රටම මුහුණදීමට නොහැකි තත්වයට පත්ව තිබීම ඔවුන්ගේ හැසිරීමෙන් මනාව පෙන්නුම් කෙරේ. එජාපය හා රනිල් කෙරේ විශ්වාසය තැබූ සිවිල් සංවිධාන හා රනිල් ලිබරල්වාදියෙකු ලෙස පිම්බීමට උත්සාහ දැරූ වික‍්‍රමබාහු, ලාල් විජේනායක, ජයම්පති වැනි වමෙන් පලාගිය පැරණි නායකයින්ද මේ සමග විශාල අර්බුදයකට ඇදවැටී ඇත. මහින්ද හා මෛති‍්‍ර අතර ගැටුමට පොහොර දමා තමන්ට දේශපාලන වාසියක් නෙලා ගැනීමට රනිල්ට තිබූ කපටි සැලසුම බැදුම්කර මගෝඩිය සමග දියවී යන්නට පටන්ගෙන ඇත. මහින්ද රාජපක්ෂ, නාමල්, මහින්දානන්ද හා විමල් වීරවංශ ඇතුලූව බරපතල ¥ෂණ වංචා හා මිනී මැරීම්වලට සම්බන්ද අයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම හිටපු අධිකරණ ඇමති විජේදාසගේ ඇඟපිට දමා නිෙදාස්වීමට උත්සාහ කලද ඔවුන්ට එරෙහිව නිතිය කි‍්‍රයාත්මක නොකලේ මහින්ද හා රනිල් අතර තිබෙන රහස් සම්මුතිය නිසා බවද දැන් නොරහසකි. ඉදිරි ප‍්‍රාදේශීය සභා ඡුන්දයේදී මෛති‍්‍ර – මහින්ද ගැටුම හේතුකොට එජාපයට යම් ප‍්‍රමාණයක ජයග‍්‍රහණයක් ලබාගත හැකි වුවද එයින් එජාපයේ බිඳවැටීම වසන්කළ නොහැකි වනු ඇත. එජාප නායකයා හා අගමැති ලෙස අසාර්ථක නායකයෙකු බවට රනිල් ඇදවැටීම සමග එජාපය තුළ යටිතලයේ පවතින නායකත්වයේ අර්බුදය ඉස්මත්තට පැමිණීම වැලැක්විය නොහැකි වන අතර අනාගත ජනාධිපතිවීමේ රනිල්ගේ සිහිනයද විනාශවී යනු ඇත. නව ලිබරල්වාදී වැඩ පිළිවෙලේ අයිතිකරු වශයෙන් රනිල් දියත් කර තිබෙන ජනතාද්‍රෝහී වැඩ පිළිවෙල ප‍්‍රතික්ෂේප කිරීම සදහා දෙනු ලබන ඡුන්දයක් බවට මෙම ඡුන්දය පත්වීම සමග රනිල් පුද්ගලිකවම ලබන පරාජයක් ද වන්නේය.

මෛති‍්‍රගේ කරනම් හා මහින්දගේ කරනම්

2015 ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු තමන් නැවත වරක් ජනාධිපතිවරණයකට තරඟ නොකරන බව හා ජනාධිපතිගේ ධුරකාලය වසර 4කට සීමා කිරීමට යෝජනා කල මෛති‍්‍ර දැන් සැරසෙන්නේ නැවත ජනාධිපතිධුරයට තරඟකිරීම සදහා බව පෙනේ. ඉන් නොනවතී ජනාධිපති ලෙස තම කාලය වසර 5ක් හෝ 6ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ඔහු හදිසියේම පියවර ගත්තේ ජනාධිපතිධුරයේ වැඩිකලක් රැුදී සිටීමට තිබෙන කෑදර උවමනාව නිසා බව පැහැදිලිය. එහෙත් අධිකරණයේ තීන්දුව සමග මෛති‍්‍ර රඟ දක්වමින් සිටී සාන්තුවරයාගේ භුමිකාව අවසන්වූ අතර මෛති‍්‍ර දැන් වේදිකාවලදී දෙකොන පත්තුකර ගත් විලාශයක් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් ඡුන්දය මෛති‍්‍රගේ අවසාන ජවනිකාව විය හැකිය. පළත්පාලන ඡුන්දයේදී ශ‍්‍රීලනිපය තුන්වන ස්ථානයට ඇදවැටුනහොත් මෛති‍්‍රට ජනාධිපතිධුරයේ රැුදිසිටීම තවදුරට කොතරම් සදාචාරාත්මකද යන ප‍්‍රශ්ණය මතුවීම වැලැක්විය නොහැකිය. ඔහු දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත්වන අතර 2020දී ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවක් ගොඩනැගීම ගැන ඔහු කරන දෙඩවිල්ල විහිලූවක් බවට පත් වන්නේය. මහින්ද සමග සම්මුතියකට යැම වෙනුවෙන් පෙනී සිටින ශ‍්‍රීලනිපයේ ඇමතිවරු ශක්තිමත්වී මෛති‍්‍රපාල නිකම්ම නිකම් රූකඩයක් බවට පත්වනු ඇත. එවැනි තත්වයක් මතුවුවහොත් රනිල් හා එජාපය සමග කෙසේ හෝ ඉදිරි වසර දෙක සඳහා දෙපාර්ශ්වයේම අවස්ථාවාදී උවමනාවන් වෙනුවෙන් ආණ්ඩුව ගැට ගසාගෙන යනවාද යන්න ඔහුට තීන්දු කිරීමට හැකිය. ඊළඟ තෝරාගැනීම වන්නේ මහින්ද හා රනිල් යන දෙදෙනාටම එරෙහිව එකවර නීතිමය පියවර ගනිමින් තුන්වන පාර්ශ්වයක් ලෙස දේශපාලන ගමනක් යෑමට තින්දු කිරීමය. එහිදී ගෝඨාභය සමග ඉක්මන් සම්මුතියක් ඇතිකර ගැනීම මෛති‍්‍රට යුහුසුලූවනු නොඅනුමානය. නාමයෝජනා සිදුවීම සමග ගෝඨාභය ඇමරිකාවට ගොස් නිහඩවීමද මෛති‍්‍රගේ අනුදැනුම මත සිදුවූවක් බව පෙනෙන්නටද ඇත. නාමල් හා බැසිල්ගේ න්‍යාය පත‍්‍රය සමග ගෝඨාට තිබෙන විරසකය මෛති‍්‍ර තම උවමනාව සදහා යොදා ගැනීම කාලයක සිටම කටයුතු කරමින් සිටි බවද නොරහසකි. මේ සමග මෙම ඡුන්දය මහින්දගේ දේශපාලන අනාගතයට තීරණාත්මක එකකි. මහින්ද පදනම් වන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගවල උරුමක්කාරයා වශයෙනි. දකුණේ සිංහල ජාතිවාදය උපරිම ලෙස යොදා ගන්නා පරිසරයක් තුල ඔහුගේ පොහොට්ටුව මෙම ඡුන්දයේදී තුන්වන තැනට පත්වුවහොත් මහින්ද තුන්වන වරටත් පරාජයට පත්වූවකු බවට පත්වන්නේය. එසේම සිංහල අන්තවාදී ජාතිවාදය රටතුල තිබෙන පදනමද දෙදරායෑමට එම ප‍්‍රථිපලය සමත්වනු ඇත. ඡුන්ද ප‍්‍රථිපලය මහින්දට අවාසි වුවහොත් මෛති‍්‍ර නැවත තිරිහන්වී ශ‍්‍රීලනිපය මෛති‍්‍රකරණය කරමින් නැවත ජනාධිපතිවීමේ ජවනිකාව පෙරට ගනු ඇත. මෙම ඡුන්දයෙන් කවුරුන් දිනුවද කවුරුන් දෙවැනි හා තුන්වැනි තැනට පත්වුවද සියලූ ධනපති දේශපාලන කඳවුරු අලූත් අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැකිය. එය කම්කරු පංතිය හා වම ලැබූ ජයග‍්‍රහණයක් බවට පත් කරගත යුතුය. coque iphone outlet shop

උතුරේ දේශපාලන අර්බුදය

දකුණේ ඇතිවිය හැකි තත්වයන් ගැන බොහෝ විචාරකයින් විවිධ අදහස් දැක්වුවද උතුරේ මතුවෙමින් තිබෙන දේශපාලන අර්බුදය ගැන ඔවුනට උවමනාවක් නොමැත. මෙම ඡුන්දය දකුණට මෙන්ම උතුරටද එක හා සමානව වැදගත්ය. සම්බන්ධන් නායකත්වය දෙන දෙමළ ජාතික සන්ධානය මේ වන විට කණ්ඩායම් කීපයකට කැඞී ගොස් වෙන වෙනම තරඟ කරන තත්වයක් දැකිය හැකිය. ඊට හේතුව දෙමළ සන්ධානය උතුරේ ජනතාවට පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු කිසිවක් ඉටුකර ගැනීමට ඔවුන් අපොහොසත්වීමය. උතුරෙන් හමුදාව ඉවත් කරගැනීම, හමුදාභාරයේ පවතින පාරම්පරික ඉඩම් ආපසු ලබාගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම හා අතුරුදහන්වවන්ගේ ප‍්‍රශ්ණය වැනි ප‍්‍රශ්න විසදා ගැනිමට ඔවුනට නොහැකිවිය. ජාතික ප‍්‍රශ්ණයට විසදුම් ලබාගැනිම සදහා නව ව්‍යවස්ථාවක් ගැන ඔවුන් තැබු බලාපොරොත්තු මේ වන විට කුණු කූඩයට වැටී ඇත. මේ සමග උතුරේ දෙමළ ජනතාව සම්බන්ධන් – සුමන්දිරන් නායකත්වය කෙරෙහි තැබු විශ්වාසය විශාල වශයෙන් පලූදුවී ඇති අතර ජනතාව මහ ඇමති විග්නේෂ්වරන් කෙරෙහි ඇදී යන තත්වයක් පෙනේනට ඇත. coque huawei සියලූ කල කිරීම් මධ්‍යයේ වෙනත් පැහැදිලි විකල්ප දේශපාලන ව්‍යාපාරයක් නොමැති පසුබිම තුල දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන කීපයක බලය ගැනීමට සමත්විය හැකිවුවද ඔවුන්ගේ ජන පදනම විශාල වශයෙන් පල්ලම් බැස යනු ඇත. මෛති‍්‍ර සමග අනියම් දීගයක සිටින ඩග්ලස් දේවානන්දගේ තත්වයද විශාල අභියෝගයකට ලක්ව තිබෙන බව පෙනේ. දෙමළ ජාතිකවාදය පදනම් කරගත් ගජෙන්ද්‍රකුමාර් යම් ආකාරයක පෙරට එ්මක් මෙම ඡුන්දයේදී පෙන්නුම් කළ හැකිය. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර හා ආනන්ද සංගරී දෙමළ ජනතාව අතර බලපෑමක් කිරීමට සමත් බව නොපෙනේ. යුද්ධයෙන් පසුව ගෙවී ගිය වසර 9ක පමණ කාලය සමග උතුරේ දේශපාලනය නව මානයන් සොයා යෑම අරඹා ඇති බව නිරික්ෂණය කළ හැකිය. තරුණ පරම්පරාව සාම්ප‍්‍රදායික දේශපාලන නායකයින් කෙරෙහි තැබූ විශ්වාසය සහමුලින්ම බිඳවැටී ඇත. වමේ ව්‍යාපාරය මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න අප ඉදිරියේදී ගැඔුරින් සාකච්ජා කළ යුතුය. ස්වයංනිර්ණය අයිතිය පිළිගැනීම පදනම් කරගත් වමේ දේශපාලන ව්‍යාපාරයට උතුර හා දකුණ එ්කාබද්ධ කරගත් බලවේගයක් ගොඩනැගීමට ඉඩකඩ විවෘත්ත වෙමින් පවතී. coque huawei pas cher එහෙත් මෙය පහසු කාර්යයක් නොවුවද ජාතික ප‍්‍රශ්ණය නැවත ප‍්‍රබලව ජාතික දේශපාලනයට ඇතුල්වීම සමග වමේ භුමිකාව තීරණාත්මක වනු ඇත.

ඡුන්දය හා වම

ඊනියා නිදහස ලබා වසර 70ක් ගෙවීයන මෙම මොහොත වන විට අප රටේ සමස්ථ ධනපති ක‍්‍රමය ගැඔුරු අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ජාතික ප‍්‍රශ්නයට ධනපති සිමාවන් තුල හෝ විසදුමක් ඉදිරිපත් කිරීමට දුබල ධනපති දේශපාලන පක්ෂ අසමත්ව තිබේ. ජාතික සමගිය ගොඩනගා රට එක්සත් කිරීම වෙනුවට රට කැබලිවී යන තත්වය නිර්මාණය වෙමින් ඇත. මෙම තත්වයට විසදුම් ඉදිරිපත් කිරීම වමේ කාර්යභාරය බවට නැවත පත්ව ඇත. ව්‍යාජ වම්මුන්ට එයකළ නොහැකි අතර එය කළ හැකි වන්නේ සමාජවාදී වැඩ පිළිවෙලක් පදනම් කරගත් කම්කරු පංතියේ නායකත්වයෙන් යුක්තවූ පුලූල් වමේ බලවේගයක් ගොඩනැගීමෙන් පමණි. මෙම පළාත් පාලන ඡුන්දයේදී ජනතාවට තෝරා ගැනීමට විකල්පයක් නොමැති බව සත්‍යයකි. coque samsung s8 ධනපති කඳවුරු හා ජවිපෙය අතර ජනතාවට තෝරාගැනිමට දෙයක් නොමැත. ජවිපෙය කථා කරන ¥ෂණ විරෝධය විහිලූවකි. ධනපති ක‍්‍රමය තුල ¥ෂනය නැති කිරීමට කථා කිරීම ජනතාව ගොනාට ඇන්දවීමකි. එසේම ජවිපෙය පසුගිය කාලය පුරාම මැතිවරණ දේශපාලනය කලේ ධනපති ශ‍්‍රීලනිපය හා එජාපය අතර වරින් වර අවස්ථාවාදී දේශපාලන සම්මුති ගැසීම් වලින්ය. 2005 දී ජවිපෙය මහින්ද වෙනුවෙන් කඬේ ගිය අතර 2015 දී මෛති‍්‍රපාල වෙනුවෙන් කඬේ ගියේය. මෙම පරිසරය මධ්‍යයේ කම්කරු පංතිය තරුණයින් හා පීඩිත ජනතාව ධනපති පක්ෂ හා කල්ලි වලට මෙන්ම ජවිපෙ වැනි සුළු ධනේෂ්වර කොටස්වලට ඡුන්දය නොදිය යුතුය. achat coque samsung pas cher එවැනි පියවරක් ගැනීම සටන්කාමී ජනතාවගේ පළමු වගකීම වන්නේය. නවලිබරල්වාදයට, ජාතිවාදයට එරෙහිව ප‍්‍රතිපත්තියානුකුළ ස්ථාවරයක පිහිටා තෝරාගත් ස්ථාන කිපයක පමණක් තරග කරන එක්සත් සමාජවාදී පක්ෂයට ඡුන්දය දීමෙන් කම්කරු පංතික නායකත්වයෙන් පුලූල් වමේ ව්‍යාපාරයක් ගොඩනැගිම සදහා යන ගමන ශක්තිමත් කිරිමට හැකිවනු ඇත. ධනපති ක‍්‍රමය මුහුණ දෙන ගැඔුරු අර්බුදය හමුවේ වම නැවත ගොඩනැගීම තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති අතර එ් සදහා ගතයුතු පියවරයන් ගැන විවෘත සාකච්ජාවක් ආරම්භ කිරීමට පියවර ගතයුතුය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

future of china

Sinhala Communalists on streets against Sri Lankan Muslims!

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.