• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය

dhammika by dhammika
October 31, 2022
in Articles
0

ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති විසින් මේ දින වල අනුගමනය කරන ක්‍රියාදාමය තුළින් ඔහු රටට පෙන්වා දෙන්නේ තමන් වික්‍රමසිංහ නොව රනිල් රාජපක්‍ෂ යන නමට අනුව කටයුතු කරන බවයි. මෙය තහවුරු කරමින් නාමල් රාජපක්‍ෂ “පොඩි මයිනා” පසු ගියදා ප්‍රකාශ කලේ රනිල් දැන් බටහිර බලපෑමෙන් ඉවත්ව පොහොට්ටුවේ දේශපාලන මතවාදය පිළිගන්නා බවය. රනිල් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන වික්‍රමබාහු වැනි ඊනියා වාමාංශිකයින් හා රාජ්‍ය නොවන සංවිධාන රනිල් පසු පස බඩගාමින් ඉල්ලා සිටින්නේ රනිල් මහින්ද රාජපක්‍ෂ භූමිකාවෙන් ඉවත්ව පැරණි රනිල් වික්‍රමසිංහ භූමිකාවට පැමිනෙන ලෙසය. වාමාංශික සලු පිළි ගලවා දමා දක්‍ෂිණාංශික දේශපාලනය වැළඳ ගෙන සිටින පාරාජිකාවූ මෙම අවස්ථාවාදීන්ට නොතේරෙන්නේ රනිල් විසින් රාජපක්‍ෂ මාවතේ බොහෝ දුර මේ වන විටත් ගමන් කර ඇති බවය. රාජපක්‍ෂ වරුන් අසමත් වූ අධිරාජ්‍යවාදීන් ඉල්ලා සිටින ජනතා ද්‍රෝහී වැඩ පිළිවෙල ක්‍රියාවට දැමීමට රනිල් අත ගසා ඇත. ඉතිහාසයේ ද්‍රෝහීම වැඩ කොටස ඉටු කර ගැනීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේග රනිල්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටී.

ණය උගුල හා චීන සාධකය

මේ අතර රනිල් රාජපක්‍ෂ ආර්ථික අර්බුදය විසදා ගැනීම සඳහා අවසානයක් නොදකින සාකච්ඡා වටයක හිරවී ඇති අතර ඔහු සාමාන්‍ය ජනතාව මත අධික ලෙස බදු බර පැටවීමට කටයුතු කරමින් සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ෂඵත්‍) කොන්දේසි වලට අනුව රටකට ණය ගෙවා ගැනීමේ හැකියාව යනු ගිවිසගත් පරිදි අතිරේඛ මුල්‍යයම ආධාරයක් නොමැතිව නියමිත පරිදි ණය හා පොලී මුදල් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එසේ වුවත් අප රටේ තත්වය නම් මුලික ණය ගෙවා ගැනීමට නොහැකි වනවා සේම පොලිය ගෙවා ගැනීමටත් නොහැකි තත්වයකට රට ඇද වැටීමටය. රට මුහුණ දෙන ණය අර්බුදයට පිළියමක් ලෙස ආණ්ඩුව විසින් ඉල්ලා සිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ථ ක්‍රියා වලියම කඩා වැටීමේ අනතුරක් රට ඉදිරියේ පවතී. එමම ගැටලුකාරී තත්වය මතුවීමට මුලික හේතුව වන්නේ අප රට විසින් ගෙවීමට තිබෙන යෝජිත ණය වලින් සියයට 52ක්ම චීනයට අයත් වීම නිසාය. එම ණය මුදල් ඩොලර් බිලියන 7.3ක් වන අතර ප්‍රතිව්‍යුහගත කිරීමට අයත් අනෙක් ණය වලින් සියයට 12ක් අයත් වන්නේ ඉන්දියාවටය. ඉන්දියාවට ගෙවීමට තිබෙන එම මුදල ඩොලර් බිලියන 1.7කි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලංකාවෙන් ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ මූලික ණය මුදලෙන් සියයට 30ක් හෝ 40ක් කපා හැරීම සඳහා කෙරෙන ඉල්ලීමයි. රටේ ප්‍රධාන ණය හිමියා වන චීනය මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවර මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත. වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන්නේ නම් චීනය මුලු ණය මුදලෙන් කොටසක් කපා හැරීමට එකඟ වන බව පෙන්වා නැත. පසුගිය සැප්තැම්බර් මස ඉක්වදෝරයේ ණය සම්බන්දයෙන් චීනය ප්‍රකාශයට පත් කළේ ණය මුදල් කපා හැරීමට ඉඩ දිය නොහැකි බව හා ණය ගෙවීමට තිබෙන කාලය දීර්‍ග කිරීමට පමණක් තමන් එකඟ බවය. ඉක්වදෝරය විසින් ගෙවීමට තිබෙන ණය සම්බන්ධයෙන් චීනය විසින් ගනු ලැබු මෙම ස්ථාවරයම ලංකාව වෙනුවෙන් ගත හොත් රට තවත් දැවැන්ත අර්බුදයකට ඇද වැටෙනු ඇත. චීනය විසින් ලංකාව සම්බන්ධව ඉදිරියේදී ගැනීමට නියමිත මෙම ස්ථාවරය තීන්දු වනු ලබන්නේ චීනය හා ලංකාව අතර පවතින විදේශ සම්බන්ධතා වල තත්වය මත විය හැකිය. චීනය විසින් අප්‍රිකානු හා දකුණු ඇමරිකානු රටවල් වලට හා ආසියාතික රට වලට ණය ලබා දී ඇත. එසේ වුවද චීනය මෙලෙස ණය ලබා දී තිබෙන කිසිදු රටකට ණය කපා හැරීමේ තීන්දුවක් හෝ සහනයක් දී නොමැති බවද තේරුම් ගත යුතුය.
චීනය ණය ලබා දී තිබෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාදාමය වනුයේ එම රටවල් සඳහා අලුත් ණය මුදලක් ලබා දී එම ණය මුදලින් පැරණි ණය වලින් කොටසක් ආපසු චීනයට ගෙවා දැමීමට කටයුතු කිරීමයි. මෙම පියවර හරහා සිදුවන්නේ අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය මත තවත් අලුත් ණයක් එකතු වී ගොඩ ඒමට නොහැකි ණය කරුවෙකු බවට පත්වීමය. චීනය මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණාත්මක සාධකය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ කලාපීය දේශපාලන උවමනාවන් ඉෂ්ට කර ගැනීමේ චේතනාවෙනි. ලංකාව මුහුණ දෙන භූ දේශපාලනික ගැටලුවේ එක් පාර්ශවයක් චීනය වන අතර අනෙක් පාර්ශවය වන්නේ ඇමරිකාව, ජපානය ප්‍රමුඛ බටහිර රටවල්ය. අතර මැද ඉන්නා බව අසල් වැසි ඉන්දියාව පෙන්නුම් කළද ඉන්දියාව වඩා සමීප වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කලාපයටය. රනිල් රාජපක්ෂ හිරවී සිටින්නේ මෙම මාරාන්තික උගුලේය. මෙම උගුලෙන් බේරීම සඳහා රනිල්ගේ කපටි වැඩ පිළිවෙලට හැකියාවක් තිබෙන බව මේ වන විට පෙන්නුම් කර නොමැත. එසේ වුවහොත් ඩොලර් 2.9 යේ (ෂඵත්‍) සහන පැකේජය පවා ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා විය හැකිය. එම පසුබිම තුළ බැරෑරුම් ප්‍රථිපල වලට රටට මුහුණ දීමට සිදුවිය හැකි වන අතර ආහාර, ඉන්ධන, ඔෘෂධ හා ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගත නොහැකි පරිසරයක් නිර්මාණය විය හැකිය.

 

Tags: ණය උගුල හා රනිල්ගේ සෙප්පඩ විජ්ජා දේශපාලනය
Previous Post

October Ratutaruwa

Next Post

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

Next Post

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
October 2022
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Sep   Nov »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.