Blog

  • රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

    රනිල් වැල් පාලමෙන් ඇද වැටෙයි

    රනිල් පසුගිය කාලයේ නිතර ප්‍රකාශ කළ හුණුවටයේ කථාවේ ගෲෂා විසින් දරුවා සමග වැල්පාලමෙන් ගොඩවූ අන්දමට තමන්ද වැල්පාලමෙන් එගොඩ යන බව කියන කයිවාරුව මේ දිනවල වැඩිය අසන්නට නොලැබේ. ඊට හේතුවන්නේ රනිල් – රාජපක්‍ෂගේ දේශපාලන වැඩ පිළිවෙල ආර්ථික වැඩපිළිවෙලද ඔහු හිතූ ලෙස සාර්ථකත්වයක් පෙන්නුම් නොකිරිමය. විශේෂයෙන් දේශපාලන කරලියේ ඔහු බලාපොරොත්තු වූ මැජික් පෙන්වීමට රනිල් ඇතුලු නඩය අසමත් වූ බව මෙවර මැයි දිනයෙන් පෙන්නුම් කෙරින. රනිල්ගේ ජනාධිපති අපේක්‍ෂක කම මැයි දින වේදිකාවේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන් හර්ෂ, එරාන්, කබීර් හා තලතා ඇතුලු මන්ත්‍රි කණ්ඩායමක් එක්සත් ජාතික පක්‍ෂයට යලි සමබන්ධ වීම ගැන ඔවුන් තුල විශාල බලාපොරොත්තු ඇති කරගෙන තිබුණි. නමුත් එය එලෙසින් සිදු නොවීම නිසා රනිල් කඳවුරට විශාල පසු බැසීමක් වූ අතර රනිල් විසින් පෙර පොරොන්දු වූ අයුරින් තම අපේක්‍ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමද අකුලා ගන්නා ලදි.

    පසුගිය දිනවල සිදුවූ දේශපාලන වර්ධනයන් සලකා බැලීමේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා ගැනීම ගැන ඔහුට විශ්වාසයක් නොතිබීම රනිල්ගේ අදහස මේ අන්දමට පසු පසට ගැනීමට හේතුවී තිබේ. රුවන් විජේවර්ධන විසින් “රනිල්ට ඉඩ දෙමු” යනුවෙන් දකුණේ සංවිධානය කළ මෝටර් සයිකල් පෙළපාලිය අතිශයෙන්ම අසාර්ථක එකක් වීම රනිල්ට ගම් මට්ටමින් තිබෙන ජනතා විරෝධය පෙන්නුම් කිරීමක්ද විය. එම සයිකල් පෙලපාලියට නගරබද හා ගම්බද ජනතාවගෙන් කිසිදු සහයෝගයක් නොලද අතර එය තනිකරම එජාප හිතවතුන් කීප දෙනෙකු මුදල් යොදවා කළ අසාර්ථක ප්‍රයත්නයක් බව පැහැදිලි විය. එසේම රනිල් පසුගිය දිනවල උතුරේ සංචාරය කරමින් දෙමළ ජනතාව රවටා ගැනීමට ගත් උත්සාහයන්ද රනිල්ගේ බලාපොරොත්තු බිද දැමීමට හේතු විය. දුප්පත් ජනතාවට නොමිලේ සහල් මල්ලක් ලබාදීම, ඉඩම් ඔප්පු ලබා දීම වැනි ඡන්දය ඉලක්ක කරගෙන දියත් කළ ව්‍යාපෘති වලින්ද ඔවුන් බලාපොරොත්තුවූ ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් හිතවාදීන් කළ කිරීමට පත්ව ඇති බව පෙනෙන්නට ඇත.

    ණය ප්‍රතිව්‍යුහගත කරණය කෙරෙහි ඔවුන් විසින් තැබු බලාපොරොත්තු අසාර්ථක වීම හා එම වැඩ පිළිවෙල තව තවත් කල් යන තත්වයක් උදා වීම සමග ආර්ථික ක්‍ෂේත්‍රයේ රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටීමට හේතුවී ඇත. එසේම ෂඵත්‍ විසින් දූෂණය නතර කිරීම සම්බන්ධව කෙරනු ලබන අවධාරණය සාර්ථක කිරීම සඳහා පියවර ගැනීමට රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වීමද මෙම අර්බුදය උග්‍ර කිරීමට හේතුවී ඇත. අනෙක් පැත්තෙන් රක්‍ෂණය, විදුලිබලය හා ටෙලිකොම් වැනි රාජ්‍ය දේපොල විකිණීම සඳහා කළ යුතු ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔහු විසින් ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව කම්කරු පංතිය තුළින් මතුවී තිබෙන බරපතල විරෝධයද රනිල් පසු පසට තල්ලු කිරීමට සමත් වී ඇත. මෙම පසුබිම තුළ වජිර අබේවර්ධන වැනි රනිල්ගේ කේවට්ටයින් කුමන කයිවාරු ගැසුවද රනිල් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන නැවත දෙගිඩියාවකට පත්ව තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. රනිල් වැල්පාලමෙන් ගොඩ වීම ගැන නිතර සිදු කළ වගාඩම්බරය ගැන දැන් නිහඬ වීම පෙන්වන්නේ වැල් පාලමෙන් ගොඩවීම කෙසේ වුවද රනිල් වැල් පාලමෙන් ඇද වැටීමට නියමිත බවය.

    පොහොට්ටුව හා රනිල් අතර මතුවෙමින් එන කඹ ඇදිල්ලද රනිල්ගේ බලාපොරොත්තු බිඳවැටීමට හේතුවී තිබේ. පොහොට්ටුවේ අයිතිකරුවා වන බැසිල්ගේ දැඩි අදහස වී තිබෙන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එසේම මෙවර මැයි දිනයේදී රනිල් තරඟ කරන්නේ නම් ඒ බව ප්‍රකාශයට පත් කරන ලෙස බැසිල් විසින් රනිල්ගෙන් කරන ලද ඉල්ලීමද ඔහු ප්‍රතික්‍ෂේප කිරීම ඔවුන් අතර තිබෙන සීතල යුද්ධයේ ස්වභාවය ප්‍රකාශයට පත්වීමකි. මේ අතර නාමල් රාජපක්‍ෂ විසින් මීලග ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්්‍යයෙන්ම පොහොට්ටුවේ ඡන්ද සලකුණ තිබෙන බවට කළ ප්‍රකාශයද රනිල් පාර්ශවයට ගැසූ කම්මුල් පහරක් වී ඇත. කෙසේ වුවද රනිල්ගේ අදහස වන්නේ පොහොට්ටුව, එජාපය ඇතුලු ආණ්ඩු පක්‍ෂයට සම්බන්ද සියලු දෙනාගේ සහයෝගය මත පොදු අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමටය. කුමන පදනමකින් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි වන අතර ස්ථීර වශයෙන්ම පරාජයට පත් වනු ඇත. කොළඹ මැද පන්තික නාගරික ජනතාවගේ යම් ප්‍රතිශතයක් රනිල් කෙරෙහි බලාපොරොත්තු රදවා තැබුවද කම්කරු පංතිය ප්‍රමුඛ ගොවි හා ධීවර ජනතාව පමණක් නොව උතුර හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහයෝගයද ස්ථිර වශයෙන් රනිල් ඔහු නොලැබෙනු ඇත. මෙම පසුබිම තුළ රනිල්ට ඔහු ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද යන්න ගැන නැවතත් සලකා බැලීමට සිදු වන බව නම් පැහැදිලිය.

    ජවිපෙ නායකයින්ගේ බල්ටි

    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ දින වල නිතර තම ස්ථාවරයන් වෙනස් කරමින් දේශපාලන බල්ටි ගැසීමේ ක්‍රීඩාවේ යෙදෙන බව දැකිය හැකිය. පසුගිය මස ඔහුගේ බල්ටිය වූයේ ඉන්දියාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයක් ස්ථාවරය වන ඉන්දියානු ව්‍යාප්තවාදය වෙනස් කරමින් ඉන්දියාව සමග අලුත් දීගයකට ඇතුල්වීමය. මැතිවරණ ආසන්න කාලයේදී දේශපාලන නායකයින් විසින් නිතර සිදු කරන මෙම අවස්ථාවාදී හැසිරීම අනුර කුමාරගෙන් නිතර ප්‍රදර්ශණය වීම අරුමයක් නොවේ. රනිල් වැල් පාලමේ ගමන් කිරීම ගැන කථාව හා එය ෂඵත්‍ එක විසින් ලංකාව වෙත අටවන ලද උගුලක් ලෙස පසුගිය කාලයේ මොරදුන් අනුර කුමාර නොබෝදා රුපවාහිණී සංවාද වැඩ සටහනකට සහභාගි වෙමින් ප්‍රකාශකලේ රනිල් බාගයක් දුර ගමන් කර ඇති වැල්පාලමේ ඉතිරි කොටස ගමන් කිරීමට තමන් සූදානම් බවය. මෙය ජවිපෙ ගමන් කර තිබෙන අවස්ථාවාදී දේශපාලන පිරිහීම මැනවින් ප්‍රදර්ශණය කිරීමකි. ජවිපෙය ක්‍රමානුකූලව පාර්ලිමේන්තුවාදී ධනපති පක්‍ෂයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව මෙම ක්‍රියාදාමයන්ගෙන් තහවුරුකර පෙන්නුම් කරනු ලබයි. දේශපාලනික වශයෙන් ජවිපෙය තුළ සිදුවන මෙම පිරිහීම ජවිපෙ හා භඡඡය වෙත ආකර්ශණය වෙමින් පවතින වාමගාමී කොටස් තේරුම් නොගැනීම බරපතල ඛේදවාචකයකි.
    ජාතික ජන බලවේගය නමින් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මේ දින වල නිතර රූපවාහිණි වැඩ සටහන්වල දැකිය හැකිය. එවන් රූපවාහිණි වැඩ සටහනකදී ජවිපෙ නායකයෙකු වන නලීන් හේවගේ කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකකි. නිවේදකයා නැගූ ප්‍රශ්ණයකට පිළිතුර වශයෙන් නලීන් හේවගේ ප්‍රකාශ කලේ 1988 – 89 භීෂණ කාලයේදී ඝාතනයට ලක්වූයේ මංකොල්ලකාරයින්, ස්ත්‍රි දුෂකයින් හා හොර මත්පැන් වෙළන්දන් බවයි. එකී ඝාතන වලට සිදුවූවාය යන හැඟීම මතු කිරීම සඳහා බාල ඝනයේ උත්සාහයක නලීන් හේවගේ විසින් ප්‍රදර්ශණය කෙරින. ඔහුගේ තර්ක ක්‍රමයට අනුව වර්තමාන රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවේ ටිරාන් අලස්ගේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කරන අනීතික මිනිස් ඝාතන සාධාරණය කරනවාද යන්න ගැන ජවිපෙ නායකයින් පිළිතුරු දිය යුතුය. ටිරාන් අලස් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කලේ කුඩුකාරයින් මරා දැමීම පවක් නොවන බවය. ඔහුගේ මෙම කැලෑනීතියට එරෙහිව නීතිඥ සංගමය දැඩි ප්‍රකාශයක්ද නිකුත් කරන ලදි. ජවිපෙ හිතාමතාම වසන් කිරීමට තැත් කරන සත්‍ය වන්නේ වෘත්තිය සමිති නායකයින්වූ එල්. ඩබ්. පන්ඩිත රජයේ මුද්‍රණාලයේ ජී.ඩී. විමලසේන, ගුරු සංගම් නායක හබරාදුවේ ජොර්ජ් රත්නායක වැනි වමේ නායකයින් ඝාතනය කලේ ඇයිද යන්නය. ඔවුන් ස්ත්‍රි දුෂකයින් හා මංකොල්ලකරුවන් වන්නේද යන්න ගැන ජවිපෙ තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුය. ජවිපෙ 88-89 දියත් කල කැලෑ නීතිය මගින් තම දේශපාලන විරුද්ධවාදීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කල බව ජවිපෙයට වසන් කළ නොහැකි ලෙස ඉතිහාසයේ සටහන්ව තිබේ.
    මේ අතර ලාල්කාන්ත විසින් ජවිපෙ මැයි රැලියේදී සිදු කල ප්‍රකාශයක්ද මේ දින වල සමාජමාධ්‍ය හරහා සාකච්ඡාවට බදුන් වෙයි. ඔහු එහිදී කියා සිටියේ නීති පැනවීමේ හා යුක්තිය සසඳලීමේ අධිකරණ බලය ගමට ලබා දිය යුතු බවයි. මේ ගැන පොහොට්ටුවේ නායකයින් මෙන්ම සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ අයද බරපතල විවේචනයන් සිදු කරන බව දැකිය හැක. ධනපති පංතියේ නියෝජිතයින්ගේ විවේචන කෙසේ වූවද ලාල්කාන්තගේ මෙම ප්‍රකාශය බලය විමධ්‍යගත කිරීමේ සංකල්පය හා එක්ව බැලීමේදී වැරදි අදහසක් නොවන බව කිය යුතුය. ගමේ ප්‍රශ්ණ විසඳීමේ බලය ගමට ලබා දීම ප්‍රගතිශීලි අදහසක් වන නමුදු ජවිපෙය මේ මගින් උත්සාහ කරන්නේ ජවිපෙ කාඩර්වරුන්ට ප්‍රශ්ණ විසඳීමේ බලය හා අයිතිය දීමක් නම් එය කාම්බෝජයේ පොල්පොට්ගේ “කෙමරූෆ්” පාලනය විසින් සිදු කල අමානුෂික ඝාතන සංස්කෘතියකට ලංකාව ඇද දැමීමක්ද යන්න බරපතල ලෙස සාකච්ඡාවට ගත යුතුය. 88-89 පමණක් නොව ජවිපේ ඉතිහාසය පුරා කලු පැල්ලම් වලින් ගහණ වී ඇති බව සැගවිය නොහැක. ජවිපෙ විසින් සිදුකල කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායක දයා පතිරණ ඝාතනය හා අනුරාධපුරේ නන්දන මාරසිංහ ඝාතනයද ඒ අතර කැපී පෙනේ. සැබැවින්ම ජවිපෙ නායක අනුර කුමාර කැනඩාව, ප්‍රංශය වැනි රටවල ලාංකික ප්‍රේක්‍ෂකයින් අමතා කරනු ලබන වහෙන් ඔරෝ භාෂාව අත්හැර දමා මෙකී ඝාතන ගැන විවෘත ප්‍රකාශයක් ඔහු කළ යුතුය.

    වසර 76ක ගෙවී ගිය කාලය තුල ප්‍රධාන ධාරාවේ ධනපති පක්ෂ ගෙන ගිය අවස්ථාවාදී දේශපාලනය මාලිමාව විසින්ද කරගෙන යෑම ආරම්භ කර ඇත. ධනපති දේශපාලන පක්ෂ ජාතිවාදය හා ආගම්වාදය මැතිවරණයක් ආසන්න වන විට කරලියට ගෙන එනු ලබයි. රණවිරුවන් ලෙස හඳුන්වනු ලබන ප්‍රධාන පෙලේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් පමණක් නොව භික්ෂු සංවිධාන බිහිකිරීම පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය පැරණි පාරේම ගමන් කරන පිරිසක් බවය. මෙකී ක්‍රියාවන් හරහා ජාතික ජනබලවේගය උත්සාහ කරන්නේ පොහොට්ටුවට හිතවත් සිංහල බෞද්ධ ඡන්ද පදනම තමන් වෙත ආකර්ශණය කර ගැනීමටය. ඝෝඨාභය ලබාගත් 69 ලක්ෂයෙන් ලොකු කුට්ටියක් කඩා ගැනීම ඔවුන්ගේ ඉලක්කයයි. ජවිපෙය හා ජාතික ජන බලවේගය මෙම ක්‍රියාවේදී සජිත්ගේ සමගි ජන බලවේගයට වඩා මේ සඳහා සමීපකමක් ඇත. ජවිපෙය ආරම්භයේ සිටම ශ්‍රිලනිපයට ආසන්න ස්ථාවරයක් ගත් අතර සිංහල බෞද්ධ ජනතාව (දෙමළ ජනතාව අමතක කර දැමු) කේන්ද්‍ර ගත කර ගත් බලවේගයකි. අනුර කුමාර උතුරට ගොස් දෙමළ ජනතාව රැවටීමත්, නැගෙනහිරට ගොස් මුස්ලිම් ජනතාව රැවටීමත් සිදු කරනු ලැබුවද ජවිපෙ ප්‍රධාන ඉලක්කය දකුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම තමන්ට දිනා ගැනීමය. ජවිපෙ හා ජාතික ජන බලවේගය අවස්ථාවාදී දේශපාලනය වැළඳගෙන ඇත්තේ ඕනෑම ජරාවක් භුක්ති විඳ බලය ලබා ගැනීම එකම උවමනාව බවට පත් කර ගෙන ඇති බැවිනි.

  • වියරු ධනේශ්වරයට එරෙහිව  වැඩකරන ජනයාගේ බලයක්…- ශ්‍රිනාත් පෙරේරා

    වියරු ධනේශ්වරයට එරෙහිව වැඩකරන ජනයාගේ බලයක්…- ශ්‍රිනාත් පෙරේරා

    මැයි දිනය – ලෝක කම්කරු දිනය ගෙවී ගියා. වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති වගේම ධනේශ්වර පක්ෂත් මැයි දිනය සැමරුවා. සැමරුවා කියනවට වඩා උචිත වෙන්නේ මැයි දිනය නාමයෙන් රැස්වීම් පැවැත්වුවා.ලොකු ලොකු ටෝක් දුන්නා ඔවුන් අරක කරන්නම් මේක කරන්නම්, මේක දෙන්නම් අරක දෙන්නම් ආදි වශයෙන් පොරොන්දු තොගයක් දුන්න. රැලිවලට පැමිණි ජනයා/කම්කරුවෝ අත්පොලසන් ගසමින් ඒව අහන් ඉඳල හොඳට බීල ආපහු ගියා.
    කම්කරු දිනය දූෂණය කර ඇති යූඑන්පීය, පොහොට්ටුව, සජබ වගේ කම්කරු විරෝධී ධනපති පක්ෂ හැමදාමත් කළේ මේ දේම තමයි. කම්කරු දිනය කම්කරුවන් වෙනුවෙන් කැප කරනවා වෙනුවට උන් කරන්නෙ ඒක උන්ගෙ නායකයන් වෙනුවෙන් කැප කරන එකයි. මේකෙ හොඳම උදාහරණය තිබුණේ 1993 වසරෙදියි. එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුනේ ජනාධිපති ආර්. ප්‍රේමදාසයි. මැයි දිනය නිමිත්තෙන් ගෝල්ෆෙස් පිටියේ පොල් ගහක් තරම් උසට ප්‍රේමදාසගෙ රුව සහිත කටවුට් එකක් සවි කොට තිබුණා. ”වියරු මිනිසා” කියල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුනෙත් ඒ ආසන්න කාලෙක නිසා මේ කටවුට් එකටත් ජනයා උපහාසයෙන් කිව්වෙ වියරු මිනිසා කියලයි. ඒ කාලයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා වැඩකළේ වියරු මිනිසකු වගේ නිසා ඒ යෙදුම හොඳට ගැලපුනා. එම වසරේ යූඑන්පී මැයි දින පෙළපාලිය මෙහෙයවමින් සිටියදී තමයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස මියගියේ.

    මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියට වැඩකරන ජනතාවට සිය අයිතිවාසිකම් දිනාගැනීමට පදනම දැමූ කම්කරු දිනයේදී පවා කම්කරුවන් දීන තත්ත්වයට පත්කොට නායකයන්ට පාලකයන්ට හුරේ දමන තත්ත්වයකට පත්කොට ඇති බවයි. කම්කරුවන්ගේ අභිමානය සහ සටන්කාමීත්වය මත පදනම්ව මැයි දිනය සැමරූ සමසමාජ පක්ෂය ධනපති පන්තිය සමග සභාග දේශපාලනයට නතුවීමෙන් පසු තමයි මේ නස්පැත්තිය වැඩකරන ජනතාවට උදාවුනේ. එය දැන් ආපහු හැරවිය නොහැකි මට්ටමට පන්ති ව්‍යාපාරය දූෂණය කරල කිඳා බැහැල තියෙන්නෙ.

    මෙවර මැයි දිනය එයිනුත් එහාට ගියා. ඒ තමයි මෙවර මැයි දින ක්‍රියාකාරකම් ඉදිරියේ එන බවට අපේක්ෂා කරන මැතිවරණ ඉලක්ක කොට පැවැත්වීමයි. සියලු ප්‍රධාන පක්ෂ මැතිවරණ මුල්කොට කම්කරු දිනය පාවාදුන්න එහෙම නැත්නම් යටපත් කළා. කම්කරු පන්තිය ගැන කිසිදු හැඟීමක් නැති ධනේශ්වර පක්ෂ එලෙස ක්‍රියා කිරීම තේරුම් ගන්න පුලුවන්. ඒත් වැඩකරන ජනයාගේ පීඩිතයන්ගේ විමුක්තිය ගැන කතාකළ ජනතා විමුක්ති පෙරමුණත් කම්කරුවන් ගැන අමතක කරල ලෝක කම්කරු දිනය මුළුමනින්ම මැතිවරණ සෙල්ලමක් වෙනුවෙන් පාවාදුන්න එක සමාව නොදිය හැකි වරදක්.

    වෙන වසරවලදී මැයි දිනය ළං වෙනකොට ජවිපෙ ”රතු මැයි රැලිය” පෝස්ටර්, බැනර් සහ කටවුට්වලින් මුලු රටම වෙලාගන්නව. වෙන කෙනෙකුට පෝස්ටරයක් ගහන්න අවස්ථාවක් හෝ ඉඩක් නැහැ. ඒ වගේම මැයි දින පෙළපාලියෙ මුලින්ම කම්කරු පන්තියේ විමුක්තියට මග පෙන්වූ මාක්ස්, එංගල්ස්, ලෙනින්ගෙ විශාල සේයාරූ රැගෙන යනව. එයට අමතරව ඔවුන්ගේ නිර්මාතෘ වන විජේවීරගෙත් විශාල සේයාරුවක් ගෙනයනව. මේ පාර ඒ මොකක්වත් නැහැ. ඊනියා රතු මැයි රැලිය පොදු ජනතාවට අකැප ධනේශ්වරයේ මැතිවරණ කෙලිය වෙනුවෙන් පාවා දෙනු ලැබුවා.

    ඇත්ත කතාව නම් ජවිපෙ මෙවර මැයි දිනය තම මැතිවරණ පෙරමුණ වන ජාතික ජන බලවේගයට පාවාදුන්නා. ඒ හුදෙක්ම ළඟ එන මැතිවරණ බොහෝ විට ජනාධිපතිවරණය වෙනුවෙන්. කම්කරු පන්ති ව්‍යාපාරයේ සටන්කාමීත්වයට අදාළ සියලු ක්‍රියාකාරකම් සහ විශේෂාංග යටපත් කරල ජාජබයේ මැද පන්තික මානසිකත්වයට ආමන්ත්‍රණය කරන රැස්වීමක් සහ එයට අනුපාන වූ පෙයක් තමයි ජවිපෙ පැවැත්වූයේ.
    මේ සියලු කාරණා කිව්වෙ පූර්විකාවක් වශයෙන් අපේ ප්‍රධාන ප්‍රස්තුතයට පිවිසුමක් හැටියට. ජවිපෙත් ඇතුළුව අනෙකුත් සියලු ප්‍රධාන පක්ෂ නවලිබරල් ධනවාදය අද දෝතින්ම පිලිඅරගෙන තියෙන්නෙ. එජාපය සජබ, පොහොට්ටුව වගේ පක්ෂවලින් ජවිපෙ/ජාජබ වෙනස් වෙනව නම් වෙනස් වෙන්නෙ ඔවුන් දූෂණයෙන් හොරකමින් තොරව මේ ක්‍රමය පවත්වාගෙන යනව කියන වාග් කියමනින් විතරයි. ජවිපෙ එහිලා කොච්චර අන්තයකට යනවද කිව්වොත් බොහෝ ලිබරල් බුද්ධිමතුන් කියන අය පවා විරුද්ධ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ගසා ඇති ගිවිසුම එලෙසම පවත්වාගෙන යන්නත් ඔවුන් කැප වී සිටිනවා. අනුරකුමාර දිසානායක මේ මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකදී පවා ඒ බව නොපැකිලව ප්‍රකාශ කළා.

    අනෙකුත් ධනපති පක්ෂ මේ පවතින සිස්ටම් එක එලෙසින්ම පවත්වාගෙන යන්න කටයුතු කරද්දී මේ සිස්ටම් එකට එරෙහිව දෙවරක්ම කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණ දැන් ඒ සිස්ටම් එක වඩා හොඳට පවත්වාගෙන යන්න පොරොන්දු වෙමින් පෙරට ඇවිත් තියෙනවා. මීට දස වසරකට පමණ පෙර කාලයේදී ”මජර ධනවාදය” ලෙස අනුර කුමාර ඇතුළු ජවිපෙ නායකයන් විසින්ම හඳුන්වන ලද මේ සිස්ටම් එකේ ”මජර ගති” ඉවත් කොට පවත්වාගෙන යන්නයි ජවිපෙ දැන් ඉදිරිපත් වී සිටින්නෙ.

    දැන් වෙනකොට ඉතා පැහැදිලිව පෙනීගොස් තියෙන කාරණය තමයි ජවිපෙ කලින් කිව්ව මජර ධනවාදයේ ලොකුම ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව. මේ සිස්ටම් එක එලෙසින්ම පවත්වාගෙන යන්න විතරක් නෙවෙයි එය තවදුරටත් එහි ගැඹුරටම ගිල්වා යලි වෙනස් නොකළ හැකි ලෙස පැලපදියම් කරන්නත් රනිල් වැඩ කරන්නෙ වියරුවෙන් වගේ.

    රටේ බලශක්ති සම්පාදනයේ ප්‍රමුඛතම කොටසක් වන විදුලිබල ක්ෂේත්‍රය නිර්ලජ්ජිත ලෙස විදේශීය ජාවාරම්කරුවන්ට පවරාදෙන්න රනිල් කන්චන දෙබාන ලහිලහියේ වැඩ කරගෙන යනව. විදුලිබල පනතක් කෙටුම්පතක් වශයෙන් මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන්නෙ. විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩල එහි හොඳම කොටස් අදානි සමාගමට දෙන්න තමයි සැලසුම තියෙන්නෙ. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය, මන්නාරම පදනම් කරගත් සුළං බල ව්‍යාපෘති නිල වශයෙන් දෙන්නත් කලින්ම අදානි සමාගමට ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ මේ මෑතකදීත් ප්‍රකාශ කළා. අඩු මිලට අදානිට දීල ඊට පස්සෙ වැඩි මිලට උන්ගෙන් විදුලිය ගන්නයි අපට සිදුවෙන්නෙ.
    රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ වියරු ධනේශ්වරය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ එක උදාහරණයක් විතරයි මේ. ඔහුගේ පාලනයේ අවසන් මාස කීපය නිසා ඉදිරි මාස කීපයේදී රනිල් වැඩකරනු ඇත්තේ එදා ප්‍රේමදාස වගේ වියරු මිනිසකු ලෙසින්. ධනේශ්වර සාරධර්ම, ධනපති සදාචාරය ගැන කතා කළ ඇතැම් ලිබරල්වාදී බුද්ධිමතුන් කියන අය පවා දැන් නිහඬව ඉන්නෙ රනිල්ගේ මේ වියරු මතවාදයෙන් සහ ක්‍රියාකලාපයෙන් ආලෝලනය වෙලා වගේ. යහ පාලනය එහෙම නැත්නම් යහපත් ආණ්ඩුකරණය ගැන ලියූ කියූ මෙවැනි පිරිස් විශේෂයෙන්ම ඉංගිරිසි කතා කරන සමාජ කොටස් බොහෝමයක් දැන් නිහඬයි. ඔවුන්ට අහිමි වෙමින් පැවති පන්ති ආධිපත්‍යය රනිල් වික්‍රමසිංහ විසින් නැවත තහවුරු කෙරෙන බවට වන අදහසකින් ඔවුන් නිහඬව ඉන්න බවකුයි පෙනීයන්නෙ.

    රනිල්ගෙ නායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ වියරු ධනේශ්වර වැඩපිළිවෙළ පරාජය කරන්න පුලුවන් එකම බලවේගය කම්කරු පන්තිය විතරයි. තම පන්තියේ සාමූහික ශක්තිය මත පදනම් වෙමින් වැඩකරන ජනයා නැවත තම පන්තියේ අයිතිය වෙනුවෙන් සංවිධානය වීම පමා කරන්නට බැහැ. හුදෙක් ජනතාව අතට බලය ගැනීම වැනි වියුක්ත සටන්පාඨවලින් මිදී තම පන්තියේ බලය තහවුරු කරගැනීමට ක්‍රියාකිරීම කම්කරු පන්ති බලවේගවල වගකීමයි.අනෙක ධනපති පන්තිය තම බලය තහවුරු කරගැනීමට ක්‍රියාකරන උනන්දුව සහ වේගය බලද්දී කම්කරු පන්තියට කල් බලන්න කාලයක් නැහැ. වෙන මොන උද්ඝෝෂණ, පෙළපාලි ගියත් වැඩකරන ජනයා තීරණාත්මක ලෙස නායකත්වයේ කාර්ය්‍යභාරයක් නොදරන තාක් දුරට එවැනි අරගලවලින් ලබන්න පුලුවන් අතරමැදි ජයග්‍රහණයක් විතරක් බව පහුගිය අරගලයෙනුත් පැහැදිලි වූ කාරණයක්. ඒ නිසා වැඩකරන ජනතාවගේ පැහැදිලි බලවේගයක් ගොඩනැගීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා කම්හල් වැඩබිම් මට්ටමේ කමිටු ගොඩනගමින් කම්කරු පන්තිය බිම් මට්ටමේ සිට සංවිධානය කිරීම තමයි මේ මොහොතේ පන්ති බලයක් ගැන විස්වාස කරන සියලු දෙනාගේම වගකීම වෙන්නෙ.

  • මුල්ලිවයික්කාල්  ජනඝාතනයට   වසර 15යි

    මුල්ලිවයික්කාල් ජනඝාතනයට වසර 15යි

    තිස්වසරක කුරිරු යුද්ධය 2009 මැයි 18 වන දින අවසන්වි මේ වසරට අවුරුදු 15ක් සපිරෙනවා. වසර 15ක් යනු යුද්ධය පැවති කාලවකවානු දෙස බැලිමේදී හරිඅඩක් වෙනවා. මෙරට ලොකුම ජන සංහාරය සිද්ධ වුනේ 2009දි ලංකාවෙ උතුරු ප්‍රදේශයේදි. යුද්ධය අවසන්වුවායයි උදම් අනන සිංහල ජාතිවාදීන්ට තවමත් නොපෙනෙන කාරනය නම් උතුරේ යුද්ධය අවසන්වුවාට උතුරේ ජනතාවගේ ප්‍රශ්න තවමත් විසදී නොමැති බවයි. එදා පැවති දේශපාලන ප්‍රශ්නවලට අමතරව අද වන විට ඔවුන්ගේ ස්වාමියාල දුවල පුතාල සහෝදරයා ආදි සනුහරයම ඝාතනයවී දැනට වසර 15ක් ගතවී තිබේ. යුද්ධය අවසන් සතිය ලංකා ඉතිහාසයේ ඉතාම ඛේදනිය සතියක් වුවාට කිසිදු සැකයක් නැත. ලාංකිය ජනතාවගෙන් එක්ලක්ෂ පනස් දහසකට (150000) ආසන්න දෙමළ ජනතාවක් එදා ඝාතනයට ලක්විය. මෙවැනි කුරිරු ජනඝාතක යුද්ධයක් අමතක කිරිමට කිසිදු මනුෂ්‍යයකුට නොහැකිය. බෞද්ධ යයි සම්මත අපේ රටේ කුරිරු පාලකයින් මියගිය දෙමළ ජනතාව සැමරීමත් දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස පෙන්වාදි තිබේ. 2009 වසරේ මැයි 18 වන දින මුල්ලිවයික්කාල් වලදී සිදුවු යුධ අවසාන සතිය ගැන ලෝකයාම කම්පාවන මොහොතක අපේ රටේ එය සැමරීම තහනමට ලක්වීම මනුෂ්‍ය සංහතියටම කරන නිගාවකි.

    ලෝකය පුරාම වෙසෙන දෙමළ ජනතාව මැයි 18ට ආසන්න සතිය මුල්ලිවයික්කාල් කළු සතිය ලෙස නම්කර එය සැමරිම එදා සිට සිදුවිය. අද වගේම හැමදාම පැවති ආණ්ඩුවලින් ඔවුන්ට පැමිනි බාධාවලින් නම් අඩුවක් නොවීය. ලිබරල් යයි සම්මත රනිල් වික්‍රමසිංහගේ ඊනියා ආණ්ඩුව මේවන විට එම සැමරුමට සුදානම්වු අහිංසක දෙමළ වැසියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ දෙමළ වැසියන් අවසන් සතිය ජීවත්වුයේ කිසිදු අහරක් හෝ බීමට ජලයවත් නොමැතිව මරබියෙනි. යුද්ධය අවසාන දිනවලදී මුහුදුබඩ බිමිතීරුවකට කොටුවී ෂෙල් වෙඩි ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවලට මැදිවී රෝගාබාධව සිටී දෙමළ ජනතාවගෙන් සමහරක් නොමැරී දිවි ගලවා ගත්තේ ආහාර ලෙස සපයාගත හැකිව තිබු කැඳ පොල්කටුවෙන් පමනි. එවැනි බිහිසුනු අත්දැකිම් විදිමින් බොහෝ ජනතාවක් තමන්ගේ ජීවිත බේරාගත්තේය. එදා තමන් සමග සිටි තම ඥාතින් මියගිය පසු එය සිහිකිරිම මෙලොව ජීවත්ව සිටින ඕනැම මිනිසකු සිදුකරන ක්‍රියාවකි. බෞද්ධයයි කියාගන්නා පාලකයින් බුදු දහමින් වල්මත්වී සිටින ජනතාවට බුදුන්ගේ ධර්මයත් විකෘති කරමින් මෙලෙස වෛරය පැතිරවිම ඛේදාන්තයකි. ලොවපුරා කිතුනු ජනතාව පාස්කුව සමරන්නේද මියගිය අය සිහිකරමිනි. නමුත් ලංකාව තුල මියගිය දෙමළ ජනතාව සිහි කිරිම තහනම් කිරිම අජාසත්ත යුගයත් පසුකරමින් තිබේ. දෙමළ ජනතාවගේ සංහිදියාව ගැන නන්fදාඩන දේශපාලකයින් මුල්ලිවයික්කාල් සතිය සැමරිම තහනම් කරන්නේ බුදුන්ගේ තෙමගුල සිහිකරන වෙසක් මාසයේම විම හාස්‍යයකි. අද වන විට බුදුන් වැඩසිටියේ නම් මේ මහා බෞද්ධයින් පනපිටින් අපායේ යවනවා නොඅනුමානය. බුද්ධාගමත් විකෘති කරමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිසුන්ගේ ඇදහිම් පාවාදෙමින් ලෝකයේ කොතනකවත් නොමැති අදමිටු පාලකයින් සිටින රටක් බවට මේ මහා ධර්මද්වීපය පත්ව තිබේ. තෙමගුලක් සැමරීමට තරම් මොවුන් ධාර්මිෂ්ඨ දැයි ඇසිමට කිසිවකු නොමැතිවිම මේ රටේ ජනතාවගේ අවාසනාවකි.

    මේ තත්වය තුල දෙමළ ජනතාව මේ දිනය සනිටුහන් කරන්නේ තමන්ගේ මියගිය මිනිසුන් වෙනුවෙන් සාධාරනය ඉල්ලා සිටින දිනයක් ලෙසයි. උතුරු නැගෙනහිර සියලුම ජනතාව මුල්ලිවයික්කාල් සතිය සැමරීම දිගටම කරගෙන ගියා. ඔවුන්ට සාධාරණය ඉටුවන තුරු මෙය ඉදිරියට පවතිවි. ත්‍රිකුණාමලය සාම්පුර් ප්‍රදේශයේ කැඳ දන්සැලක් ලබාදුන් සිවිදෙනෙක් තමයි මේ වන විට අත්අඩංගුවට ගෙන සිරිකර තිබෙන්නේ. මිනිසුන්ගේ වේදනාව හැඟීම් සිරකර තබන්න බැහැ. ඒ හතර දෙනා වෙනුවට දහස් ගනනක් උතුරු නැගෙනහිර ජනතාව 18 වන දාට මුල්ලිවයික්කාල් සැමරුම කරාවි. ලබන 23 වනදාට වෙසක් තෙමගුල වෙනුවෙන් ලංකාව පුරාම දන්සල් පවත්වනවා. සාම්පුර් සිවිදෙනා අත්අඩංගුවට ගත්තේ කැඳ දන්සැල තුලින් රෝග වැලදිය හැකි බව ප්‍රකාශ කරමින්. එසේ නම් 23 දින ලංකාව පුරා පවත්වන දන්සැල් වලින් රෝග වැලදෙන්නේ නැද්දැයි අපි රනිල් වික්‍රමසිංහගෙන් විමසා සිටිනවා. මේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙයින් ලෝකයාටම එලිදරව් වෙනවා. එක රටක නීති දෙකක් පවතින බව එදා සිටිම දෙමළ ජනතාව නගන චෝදනාවක්. මෙවැනි ක්‍රියා තුලින් එහි යථාර්තය මනාව පැහැදිලි වෙනවා.
    ඉදිරියේ පවතින මැතිවරණ මූලික කරගෙන සිංහල ජාතිවාදින් සැනසිම වෙනුවෙන් කොටි සැමරුම නතරකලා යයි පවසා ඡන්ද ලබාගැනිමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනේ. එසේ නම් ජනාධිපති රනිල් උතුරට ගොස් දෙමළ ජනතාව ඉදිරියේ ජාතික ප්‍රශ්නය විසදනවා යැයි පිංසෙන්ඩු වන්නේ කුමන අරමුණකින්ද යන්න උතුරේ ජනතාව තේරුම් ගෙන තිබේ. සුමන්තිරන් අද රනිල්ට විරුද්ධව අවි අමෝරාගෙන තිබේ. ඔහු කියන්නේ අපිට මියගිය අය සමරන්නවත් රනිල් ඉඩදෙන්නේ නැත්නම් ඡන්දෙ ඉල්ලගෙන උතුරට එන්න එපා කියලයි. රනිල් ප්‍රමුඛ ධනපති ආණ්ඩුවලට උතුරේ ජනතාවගේ හැඟීම් වෙන්දේසි කල සුමන්තිරන්ලා අද මැතිවරණ බලාගෙන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුලු හෙලමින් සිටි. අද ඔවුන් උතුරෙන් ප්‍රතික්ෂේප වෙන තත්වයක් තුල බොරුවට දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටීයි. වසර 15ක් තිස්සේ අතුරුදහන්වුවන් වෙනුවෙන් කිසිදු පාලකයෙකු කටයුතු නොකල අතර ඔභ් ප්‍රමුඛ සුමන්තිරන්ලා බලා සිටියේය. මැයි 18 සැමරුමට ආණ්ඩුව ඉඩ නොදෙන්නේ නම් තවත් වටයකින් දෙමළ ජනතාව පීඩාවට පත් කිරිමක් වන්නේය. සංහිදියාව වෙනුවට වෛරය පැතිරවිම ධනපති පාලකයන්ගේ පැවැත්ම සදහා යොදාගන්නා මෙවලමකි. මියගියේ කුමන ජාතියකද කුමන ආගමකද යන්න නොව මිය ගිය අය සැමරීම සියලුම මනුෂ්‍යයන්ට ඇති අයිතියකි.

    යුද්ධය අවසන්වී වසර 15ක් ගතවුවද ුවෙන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න එලෙසම පැවතිම තුලින් පෙන්නුම් කරන්නේ තව දශක ගණනාවක් ගියත් උතුරේ ජනතාවට සාධාරණය ඉටු කිරිමට දකුනේ කිසිදු ධනපති පාලකයකු සුදානම් නොමැති බවයි. අතුරුදහන්වුවන්ගේ දෙමාපිය උද්ඝෝෂණය මෙයට සමගාමිව උතුරේ පවතින අතර ඒ අයටද තහනම් නියෝග නිකුත් කරමින් නිරන්තරයෙන් විවිධ බාධාවන් පමුනුවමින් සිටී. මෙයින් පෙනී යන්නේ උතුරේ ජනතාවට කිසි ලෙසකින් තමන්ගේ යුක්තිය ලබා ගැනීමට දකුනේ ධනපති සිංහල පාලකයින් ඉඩ නොදෙන බවයි. එබැවින් ඔවුන් ජාත්‍යන්තරයට තම ප්‍රශ්න ගෙනයැම සාධාරණවේ. වසර 30ක් උතුරේ තරුණයන් යුද්ධ කලෙත් තම ජනතාවට සාධාරණය ඉටු කිරිම වෙනුවෙනි. යුද්ධය අවසන්වී අද වනතුරුත් උතුරු නැගෙනහිර ජනතාව ඉල්ලා සිටින්නේ තම අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි. සංහිදියාව ගැන කතාකරන රනිල්ලා උතුරට තහංචි දැමිමෙන් පෙන්නුම් කරන්නේ එම තරුණයන්ගේ බලාපොරොත්තු කඩවීමත් සමග හිගන්නාගේ තුවාලය මෙන් නැවත වටයකින් දෙමළ ජනතාව විමුක්තිය හා නිදහස ඉල්ලා නැගිටීම වැලැක්විය නොහැකිය. මෙහි බරපතලකම තේරුම් ගනිමින් වමේ අපි හැමදාම උතුරේ ජනතාවට ආමන්ත්‍රණය කලේ දකුනේ කම්කරු පංතියත් සමග අත්වැල් බැදගෙන අරගලයට එකතුවන ලෙසයි. මේ රටේ සියලු ප්‍රශ්න වලට විසදුම තිබෙන්නේ රටේ පවතින ජාතික ප්‍රශ්නය විසදිම තුලිනි. ඒ සඳහා දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් එය සමාජවාදී වැඩපිළිවෙල හා බද්ධ කර සටන් වදින්නේ එක්සත් සමජවාදී පක්‍ෂය පමණක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. ධනපති පාලකයින් කිසිදා එම ප්‍රශ්න විසදීමට සුදානම් නොමැත. ලාංකිය සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ අයිතින් දිනාගත හැකි වන්නේ උතුර දකුණ ඒකාබද්ධවු කම්කරු පංතිය ප්‍රමුඛ බලවේගවන්ගේ එකතුවක් මගින් පමනි. එම නිසා අපි ඔබට ආයාචනා කරන්නේ ඒ සදහා අප හා අත්වැල් බැදගන්නා ලෙසයි.

  • ඉතිහාසය විකෘති කෙරෙන සුදත්ගේ ත්‍රස්තවාදි ”විප්ලවවාදීයෙකුගේ” අලුත් කතාව

    ඉතිහාසය විකෘති කෙරෙන සුදත්ගේ ත්‍රස්තවාදි ”විප්ලවවාදීයෙකුගේ” අලුත් කතාව

    ඉතිහාසය විකෘති කෙරෙන සුදත්ගේ ත්‍රස්තවාදි

    ”විප්ලවවාදීයෙකුගේ” අලුත් කතාව

    බොහෝ කලකට පසු මේ දිනවල තැන තැන සුදත් මහාදිවුල්වැවගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” නමින් එළි දක්වන අලුත්ම සිනමා කෘතිය ගැන විශිෂ්ට ඇගයුම් කෙරෙනවා ඇසුවෙමි, කියෙව්වෙමි, ”වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ සිනමා ප්‍රේක්ෂකාගාරයට” යැයි සුදත් විසින් ඇලවූ හැඳින්වීමක් සමගින් වන විද්‍යුත් දැන්වීමක්ද කවුරුන් හෝ මට එවා තිබිණ. එම චිත්‍රපටයේ මංගල දර්ශනයට මට ආරාධනා නොකළත් එදින එම චිත්‍රපටය නරඹා එය විවරණය කරන බොහෝ දෙනෙකුට වඩා කිහිපවර එය තියුණු ලෙස කියවා ගැනීමට මට අවස්ථාවක් ලැබුණි. එහි ඉංග්‍රීසි උප සිරැසි යෙදීම මට බාර කෙරුණු හෙයිනි.

    චිත්‍රපටය ගැන කතාවට යාමට පෙර උප සිරැසි ගැන යමක් කිව යුතු යැයි සිතුවෙමි. සුදත් සමග වන දීර්ග දැන හැඳුනුම්කම හේතුවෙන් ඔහුට කරන උදව්වක් වශයෙන් එහි පිටපතවත් නොදැක ඉංග්‍රීසි උප සිරැසි යෙදීම මම බාර ගත්තේ එය ඉතා හදිසි කාර්යක් යැයි සුදත් කියූ නිසාය. එහෙත් තිර පිටපත කියවූ පසු එය කිරීමේ කිසිදු කැමැත්තක් නොවූවත් සුදත්ට දුන් පොරොන්දුව මත එම කාර්ය මගෙන් සිදු වූයේ මහා අපුලක් සමගින්ය. එනිසා උප සිරැසි සම්බන්ධව මගේ නම නොයොදන මෙන් මම ඉල්ලුවෙමි. එහෙත් මගේ නම එහි සඳහන්ව ඇතැයි මංගල දර්ශනයට ආරාධනා ලැබූ කිහිප දෙනෙකු මට කීහ.

    මේ චිත්‍රපටය ගැන ආරම්භයේදීම කිව යුත්තේ ඉතිහාසය අර්ථ දැක්වීම එකකිග ඉතිහාසය විකෘති කිරීම වෙනකකි. කලාවටල තම කලා භාවිතයට අවංකයෙකු වන කිසිවකු විසින් ඉතිහාසය විකෘති කිරීම නොකරන්නකිග සුදත් ඔහුගේ නවතම චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇත්තේ මෙරට දේශපාලන ඉතිහාසයෙහි ජ.වි.පෙ මුල් වූ 1987 – 1990 කාලයේ සිංහල ජනතාව මත මුදා හැරුණු ලේ වැකි ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදී පසුබිමය. ඒ ම්ලේච්ඡල සන්නද්ධ ත්‍රස්තවාදය පිළිබඳව සුදත්ට ඔහුගේම වූ දේශපාලන අර්ථකතනයක් තිබිය හැකිය. එහෙත් ජ.වි.පෙ මුල් වූ ම්ලේච්ඡත්වයක් මෘග තිරිසන් ත්‍රස්තවාදයක් එකල නොතිබුණේ යැයි එය වසන් කළ නොහැක. සුදත් ඔහුගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටයෙන් කතා කරන්නේ එවැනි කිසිදු ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවුනු සුපිරි වාම විප්ලවවාදී දේශපාලන පසුබිමක් නිර්මාණය කරගෙනය.

    ඒනයින් සුදත් මේ චිත්‍රපටයෙන් ඒ භීෂණ ඉතිහාසය සහමුලින් විකෘති කර ඇත. මේ රටේ විවෘත දේශපාලන කතිකාවල හා ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි පමණක් නොවල විදේශ මානව හිමිකම් සංවිධාන පවා දේශප්‍රේමයේ නාමයෙන් ඒ වසර කිහිපයේ ජ.වි.පෙ මුදා හැරි සන්නද්ධ මෘග ප්‍රචණ්ඩත්වය හඳුන්වනු ලැබූයේ ”ත්‍රස්තවාදය” යන පැහැදිලි වර්ග කිරීම සමගින්ය. රාජ්‍ය ආරක්ෂක සේවාවන්ගෙන් සිදුවූ තරුණ ඝාතන හමුවේ ඒ ජ.වි.පෙ සන්නද්ධ ත්‍රස්තවාදය, ”විප්ලවවාදී” හෝ ”විමුක්තිකාමී” දේශපාලනයක් වන්නේ නැත. කිසිදු කාරණාවක් නිසා මිනිසුන් ඝාතනය කිරීමට රාජ්‍ය ආරක්ෂක සේවාවන්ට යැයි කිසිදු අවසරයක් නොමැත. ඒ ගැන මොනයම්ම හෝ වාදයක් නැත. එහෙත් මේ ත්‍රස්තවාදී කැරැල්ලෙහි රාජ්‍ය ආරක්ෂක සේවාවන් විසින් අනීතික තරුණ ඝාතන ආරම්භ කෙරෙන්නේ ජවිපෙ විසින් 1986 දෙසැම්බරයේදී කොළඹ විශ්ව විද්‍යාලයයෙහි ස්වාධීන ශිෂ්‍ය නායක දයා පතිරණ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් වසර දෙකකට පමණ පසුවය. 1987 අගෝස්තු 18 වන දින ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් ගසා වසරකට පමණ පසුවය. රාජ්‍ය ආරක්ෂක සේවාවන් පාරට බසින්නේ ජවිපෙ දියත් කළ ඒ මෘග ත්‍රස්තවාදයට පිළිතුරු වශයෙනි.

    ඒ වසර කිහිපයේ සිංහල සමාජය බිලිගත් ම්ලේච්ඡ තිරිසන් ”සිංහල දේශප්‍රේමී ත්‍රස්තවාදය” ගැන කිසිදු සඳහනක් නොමැතිව සුදත් ලියා ඇති තිරපටයෙහි ”රෙඩ් කොම්රෙඩ්” විප්ලවවාදියෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ඒ යුගයේ අත්දැකීම් නොමැති, තොරතුරු නොදන්නා අලුත් පරම්පරාවට සුදත් කරන්නේ විශාල හතුරු කමකි. ඒ වසර කිහිපයෙහි ”දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය” නමින් ජවිපෙ දියත් කළ මිනිස් ඝාතන රැල්ලෙහි ගොදුරු වූයේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් යැයි නොකීමෙන් සිනමාකරුවකු ලෙස සුදත් අලුත් පරම්පරාවට කරන්නේ මහා අපරාධයකි. ඒ වසරවල ඝාතනය කෙරුණේ ජවිපෙ තුණ්ඩු කෑල්ලට අවනත නොවුනු සාමාන්‍ය මිනිසුන්ය. ඔවුන් ඡන්දය වර්ජනය කරන්නට යැයි කියූ පසු ඡන්දය දීමට ගියවුන්ය. ගමේ පාසල්වල ”කොළඹට කිරි – අපට කැකිරි” යැයි පෙළපාලි යාමට ඉඩ නොදුන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ය. ඔවුන් කඩ වසන්නට යැයි කියූ විට හමුදා අණට යටත්ව කඩ වැසීමට නොහැකිව අසරණවූ ගමේ කඩකාරයින්ය. ඔවුන්ගේ ඉන්දියන් විරෝධය වෙනුවෙන් කොත්තමල්ලිල බොම්බයි ළුණු වර්ජනයට හවුල් නොවුනු ගමේ මුදලාලිය. ඔවුන්ගේ සත්‍යග්‍රහ සඳහා සහාය නොවුනු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ය. පළාත් සභා අනුමත කළ වාමගාමී ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ය. රාජ්‍ය මර්දනයේ කොතැනකටවත් කිසිදු සම්බන්ධයක් නොතිබූ සාමාන්‍ය සිවිල් පුරවැසියන්ය. සුදත් ඔහුගේ මේ චිත්‍රපටයෙහි ජවිපෙ විසින් කළ ඒ තිරිසන් ඝාතන සියල්ල සහමුලින් මකා ඇත්තේ නොදැන නොවේ යැයි මම කියමි. එය තමන්ගේ අප්‍රකාශිත න්‍යාය පත්‍රයට අවශ්‍ය වූයෙන් කෙරුවකැයිද මම කියමි.

    එබැවින් හමුදා සොල්දාදුවන් අත තිබූ පෙට්‍රල් අවසන් වූයෙන් ජීවිතය බේරුණේ යැයි කියා සුදත් වීරත්වයක් ලබා දෙන්නට හදනල ”මයි රෙඩ් කොම්රෙඩ්” කියා නිර්ලජ්ජිතව ඔසවා තබන්නට හදන නිවට ත්‍රස්තවාදියා, පොහොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හාමුදුරුවෝ, කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතාන, ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායක හා 80 වර්ජනයේ වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු L.W. පණ්ඩිත, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ සභාපති ජෝර්ජ් රත්නායක, එහි හිටපු භාණ්ඩාගාරික උපාලි විතානගේ, රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති ලේකම් පී.ඩි. විමලසේන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පළමු කාන්තා අධ්‍යක්ෂ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනි වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන, වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු D.C.අතුකෝරළ, සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ වාරියපොළ ක්‍රියාකාරී ඇතුගල, 1971 පළමු ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකුවූ සහ පසුව ස්වාධීන සංස්කෘතික ක්‍රියාකාරිකයෙකු වූ අනුරාධපුර පොළෙහි සපත්තු සෙරෙප්පු අලෙවි කළ නන්දන මාරසිංහ, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක කේ. අමරතුංගල ”කම්කරු මාවත” පුවත් පත අලෙවි කළ 80‘ වැඩ වර්ජක ඌවපරණගම, රන්හවඩිගම නැටුම් ගුරුවරයෙකු වූ R.D.පිටවල වැනි පුද්ගල ඝාතන සිය ගණනකට වගකිව යුතු තිරිසන් ත්‍රස්තවාදීන් අතුරින් එක් කෙනෙකු පමණය.

    ජවිපෙ නායකයින් විවෘතවල පැහැදිලිව මේ ඝාතන සඳහා වගකීම් බාර නොගෙන එදා සිදුවූ ඇතැම් සිදුවීම් ගැන තමන් කණගාටුවන බැව් කියූ පමණින් සුදත්ගේ චිත්‍රපටයේ ”වීරයා” මිනිස් ඝාතන නොකෙරූ හා ඒවාට වග කිව නොයුතු පිරිසිදු විප්ලවවාදියෙකු වන්නේ නැත. වර්තමානයේ ප්‍රසිද්ධ පුවත් පතකට ලිපි ලියන සුදත්ගේ ”රෙඩ් කොම්රෙඩ්” විප්ලවවාදියාගේ ”ආණ්ඩු විරෝධය” සමග ඔහු රහස්‍ය ජීවිතයක් ගත කරන්නේ යැයි කීමෙන් ”රෙඩ් කොම්රෙඩ්” යෝධ විප්ලවවාදියෙකු වන්නේද නැත. ප්‍රසිද්ධ මාධ්‍යයට මොන නමකින් ලියූවත් ඒවා පළ කෙරෙන්නේ පවතින නීති යටතේවන නිසාම, ලියන්නා හැංගී සිටීම විකාරයක් බැව් අනාදිමත් කාලෙක විමල් වීරවංශ ඇතුළු ජවිපෙ කල්ලියක් සමග පුවත්පතකට සම්බන්ධව සිටියෙකු ලෙස සුදත් දත යුතුය. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට විරුද්ධව පාරට බැස සටන්පාඨ කිව හැක්කේ මේ සමාජයේ තවමත් ප්‍රජාන්ත්‍රවාදයක් ඉතිරිව තිබෙන බැවින්ය. අත් අඩංගුවට ගත හැක්කේ ”රාජ්‍ය විරෝධී” ක්‍රියාවලට මිස ආණ්ඩු විරෝධයකට නොවේ. එහෙත් සුදත් ඔහුගේ රෙඩ් කොම්රෙඩ්ව අද නිර්මාණය කරන්නේ ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධ ලිපි යන්නට රහස්‍ය ජීවිතයක් ගත කරන විප්ලවවාදියෙකු ලෙසින්ය. ඒ සමගින් සුදත් ඔහුගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” විකටයෙකු කර හමාරය.

    එවගේම, රාත්‍රි කාලයේ වැස්සක්ද සමගින් පොලීසියෙන් හඹා එද්දී නොදන්නා මුඩුක්කු වත්තක, නොදන්නා අයෙකුගේ මුඩුක්කු කාමරයකට බලෙන් මෙන් රිංගා ගන්නා තරුණියගේ චරිතය අතිශය ප්‍රබුද්ධ චරිතයක් ලෙස ඉදිරිපත් කරන්නට සුදත් ගන්නා උත්සාහය සමගින් ඔහු ”මගේ රතු සහෝදරයා” යැයි නිර්මාණය කරන විප්ලවවාදී නායක චරිතය ද්විතියික චරිතයක් බවට පත් කරන්නේය. තාත්තාගේ රුසියන් සාහිත්‍ය පොත් කට පාඩම් කරගත් මේ තරුණිය සුදත් නිර්මාණය කර ඇත්තේ, පුවත් පතකට ලිපි ලියා ආණ්ඩු පෙරලන්නට හැකියැයි සිතමින් සැඟවී ඉන්නා විප්ලවවාදියාට වඩා දැනුම් තේරුම් ඇති කාන්තා චරිතයක් ලෙසින්ය.

    ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටයෙහි සුදත් මෙරට ඉතිහාසය බරපතල ලෙස විකෘති කරමින් වීර ආදර්ශමත් චරිත ලෙස ඉදිරිපත් කරන දෙන්නාගෙන් ඔහු නිළියට ලබා දී ඇති දෙබස් වලින් කෙරෙන්නේද ඒ කාර්යම ය. ”සංස්කෘතික මිනිසෙකුට විතරයි පුළුවන් අළුත් හීන දකින්න…….අලුත් හීන හොයන්න………අලුත් හීන හදන්න……….අලුත් හීන නැති මිනිස්සු ගොඩාක් දුප්පත්” යැයි ඇය ඔහුට කියන්නීය. ඇය රෙඩ් කොම්රෙඩ්ගෙන් බලාපොරොත්තු වන්නේ සංස්කෘතික මිනිසුන්ගේ සමාජක් හැදීමේ කාර්ය වන්නේය. එහෙත් ”සංස්කෘතික මිනිසකු” පිළිබඳ සංකල්පය, මා මීට දසකයකටත් ඉහතින් ඉදිරිපත් කෙරුවේ, ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදී ව්‍යාපාරයක නෂ්ඨාවශේෂ අතරින් බිහි විය හැකි දේශපාලනයක් ලෙස නොවේ. එය මා ඉදිරිපත් කෙරුවේ අඩාලවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නව විකල්ප සොයන්නාවූ සංවාදයක දියුණු නූතනවාදී සමාජ ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් අප කතා කළ යුතු සංකල්පයක් වශයෙනි. එය සුදත් ඔහුගේ ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටයට අමුණා ගැනීමෙන් සිදුවන්නේ ”සංස්කෘතික මිනිසා” ම්ලේච්ඡ මෘග සංස්කෘතියක බිහිවන මිනිසකු වීමය.

    අවසන් වශයෙන් මෙයද කිව යුතුය. සිනමාවක් යැයි මා තේරුම් ගත් කලා නිර්මාණවල රූප පෙළ මූලිකය. ප්‍රධානය. සිනමා කෘතියක් යනු රූපමය කාව්‍යයකි. දෙබස්ල පසුබිම් ගීත, සංගීතය, ශබ්ද හා නිහැඬියාව යොදා ගැනෙන්නේ ඒ රූප රාමුවල ප්‍රකාශනය අවධාරණය කිරීමටල තීව්‍ර කිරීමට අවශ්‍ය වුවහොත් සහ ඒ වෙනුවෙන්ය. නිහඬ සිනමා හැදූ අතීතයේ අතිශය කලාත්මක සිනමා කෘති ඇත්තේ සිනමාව රූපමය මාධ්‍යයක් වන හෙයිනි. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ”ද ලොජ්” නිහඬ සිනමාව තවමත් අතිශය සාර්ථක චිත්‍රපටයක් ලෙස ගණන් හැදෙන්නේ එහි රූප රාමු හා නළු නිළි රංගණය විසින් ඉදිරිපත් කරන ප්‍රබල කතාව හේතුවෙනි. කාල් තියඩෝ ඩේ‍රය ගේ ”පැෂන් ඔෆ් ජොආන් ආක්” නිහඬ චිත්‍රපටයෙහි කලාත්මක අගය තවමත් අභියෝගයට ලක් නොවුනකි.

    එහෙත් ”මයි රෙඩ් කොම්රෙඩ්” චිත්‍රපටය සුදත් රඳවා ඇත්තේ ගුවන් විදුලි නාටකයක මෙන් දෙබස් මත ය. එහි කැමරාකරණය ගැන කතා කළ හැකිය. එහෙත් එහි රූප පෙළ කතාවට අනිවාර්ය නැත. සුදත්ගේ කතාවට දෙබස් අනිවාර්ය වන අතර, රූපකරණය ඒ දෙබස් සඳහා අත්වැලක් පමණි. අවංකවම කියන්නේ නම්, ඉංග්‍රීසි උප සිරැසි යෙදීමේදී දෙබස් මතින් ගොඩ නගන මෙවැනි සිනමා කෘතියකට රූප රාමු කුමකටදැයි මට සිතුණු වාර අපමණය. මෙහි සමස්ථ කතාවම කියවා ගැනීමට දෙබස් ප්‍රමාණවත්ය. මෙහි නළුවාට හා නිළියට රඟ පෑමේ අභියෝගයක් ඇත්තේද නැත. ඔවුන්ට ඇත්තේ ගුවන් විදුලි නාටකයක මෙන් නිවැරදිව, අවශ්‍ය පරිදි ආවේගයන් සමගින් දෙබස් කීමේ වගකීමක් පමණි. මෙය අලුත් ආරේ සිනමාවක්දැයි නොදනිමි. චිත්‍රපට ආර කවරක් වූවත් ඉතිහාසය විකෘත කරන්නට එය අවසරයක් නොවේ. සුදත් මහාදිවුල්වැව වාම විප්ලවවාදී විකල්පය යැයි ත්‍රස්තවාදී තිරිසන් දේශපාලනයක් වත්මන් සමාජයට ඉදිරිපත් කරන මේ චිත්‍රපටය කර තබා නොගත යුත්තකි. සුදත්ගේ න්‍යාය පත්‍රයට ගැලපුනද මෙය ම්ලේච්ඡ තිරිසන් දේශපාලකයින්ට ශිෂ්ට සමාජයක් හැදිය හැකි යැයි සුන්දර හීන මවන්නක් පමණි.

    කුසල් පෙරේරා
    2024 මැයි 09

  • தமிழ் மக்களின் அரசியல் எதிர்காலம் என்ன ?

    தமிழ் மக்களின் அரசியல் எதிர்காலம் என்ன ?

    தமிழ் மக்களின் சமூக பொருளாதார, தேசிய உரிமைகள் ஏன் தொடர்ந்து முடக்கப்பட்டு வருகிறது?

    தெற்கில் இனவாத சக்திகள் பலப்படுவதற்கும் வடக்கு கிழக்கில் தமிழ் மக்கள் தாக்கப்படுவதற்கும் தொடர்புண்டு. தெற்கு அரசியற் சக்திகள் தங்களின் அதிகாரத்தை நிலைநாட்ட இன்றும் இனவாத சக்திகளையும் – இனவாத திரட்சியையும்தான் நம்பி இருக்கிறார்கள்.
    சமூகப் பொருளாதர மேம்பாட்டை சிங்கள மக்களுக்கு ஏற்படுத்திக் கொடுக்காத கொள்கைகளை முன்னெடுப்பவர்கள் இவர்கள். வாழ்வாதாரத்தை முன்னேற்றும் அடிப்படையில் தங்களுக்கான ஆதரவை இவர்களால் திரட்ட முடியாது. தமிழ் பேசும் மக்கள்தான் எல்லாவகைப் பின்னடைவுக்கும் காரணம் என்பது போலவும், தாம் சிங்கள மக்களை முதன்மைப்படுத்திய கொள்கை உடையவர்கள் எனக் காட்டிக் கொள்ளவும், தமிழ் மக்கள் மேலான தாக்குதல் இவர்களுக்கு உதவி வருகிறது. இந்த அடிப்படையில் திரட்டப்படும் சிங்கள பௌத்த இனவாத சக்திகள்தான் தெற்கு அதிகாரத்தை தாங்கி நிற்கிறார்கள்.
    தெற்கில் இயங்கும் எந்த ஒரு பாராளுமன்ற கட்சியும் தமிழ் மக்களளின் அபிலாசைகளை பிரதிபலிப்பன அல்ல. ஐக்கிய தேசியக் கட்சி தொடங்கி ராஜபக்ச குடும்ப கட்சியான பொதுஜன பெரமுன ஈறாக அனைத்துக் கட்சிகளும் இனவாத கட்சிகளே. ஐ.தே.க யில் இருந்து பிரிந்து சென்ற சஜித் பிரேமதாச அரசியற் காரனங்களுக்காக பிரிந்து செல்லவில்லை. அதிகாரப் போட்டி மட்டுமே இவர்களை பிரித்து நிற்கிறதே தவிர சமூக பொருளாதாரக் கொள்கைகள் அல்ல.
    தம்மை மார்க்சிய கட்சியாக காட்டிக் கொள்ளும் ஜே வி பி மற்றும் அவர்கள் தலைமையில் இயங்கும் என் பி பி (தேசிய மக்கள் சக்தி) அமைப்பும் தமிழ் மக்களின் உரிமைகளை முன்னெடுப்பதில்லை. 13ம் திருத்தச் சட்டத்தை அமுல்படுத்துவதைக்கூட எதிர்த்து நிற்கிறது என் பி பி. வடக்கு கிழக்கு மாகாணங்களை இணைக்க கூடாது என நீதி மன்றம் சென்று போராடியது – ராஜபக்ச அரசு தனது கொடூரத்தைத் தொடர முண்டு கொடுத்து நின்றது- இறுதி யுத்த படுகொலைகளின் போதுகூட சத்தம் போடாமல் முதலாளித்துவ சக்திகளுக்கு ஆதரவாக நின்றது போன்ற தமிழ் மக்களுக்கு எதிரான நீண்ட வரலாற்றைக் கொண்டது ஜே வி பி. தாம் செய்த எந்த தவறுகளையும் ஏற்றுக்கொள்ள அவர்கள் தயாராக இல்லை. குறிப்பாக தமிழ் மக்களின் தேசிய உரிமையை நசுக்கும் அவர்கள் பார்வையில் எந்த மாற்றமும் இல்லை. இத்தகைய எந்த கட்சிகளுக்குமே தமிழ் மக்கள் ஆதரவு வழங்க முடியாது.

    தமிழ் தலைமைகள் என சொல்லிக் கொள்ளும் கட்சிகள் தமிழ் மக்களின் அபிலாசைகளை பிரதிபலிக்கின்றனவா?

    முதலாளித்துவ பொருளாதார கொள்கைகளால் சிங்கள மக்கள் மட்டுமல்ல அனைத்து மக்களுமே பாதிக்கப்படுகிறார்கள். இன்று தமிழ் மக்கள் வாழும் பகுதிகள் இலங்கையிலேயே வறிய பிரதேசங்களாக இருக்கிறது. வறிய மக்களின் வயிற்றில் அடிக்கும் கொள்கைகளுக்கு தெற்கு பாராளுமன்றத்தில் வாக்ககளித்துவிட்டு வடக்கு வந்து அவர்கள் உரிமைக்காக குரல் கொடுக்கிறோம் என சொல்வது வெறும் போலி அரசியல்.
    தமிழ் மக்கள் இத்தகைய போலி அரசியல் நடவடிக்கைகளை புறந்தள்ள வேண்டும். தமிழ் மக்கள் தமக்கான தனிப்பட்ட அரசியல் அமைப்பை உருவாக்க முன்வரவேண்டும். தூர நோக்குள்ள அரசியற் பார்வை – தெளிவான திட்டமிடல் – கொள்கை சமரசமற்ற தலைமை ஆகிய அடிப்படையில் அத்தகைய அமைப்பு உருவாக வேண்டும்.

    பொருளாதார மேம்பாடு, அனைத்து சனநாயக உரிமைகளையும் பெறுவது போன்ற நிலைப்பாடு தமிழ் மக்களின் தேசிய கோரிக்கையோடு பின்னிப் பிணைந்ததாக இருந்து வந்திருக்கிறது. உரிமைகள் மறுப்புத்தான் தமிழ் மக்கள் மத்தியில் தேசிய கோரிக்கை முதிர்ச்சிபெற காரணமாக இருந்து வந்திருக்கிறது. இவற்றைப் பிரித்துப் பார்க்க முடியாது. பொருளாதார மேம்பாட்டை மறுக்கும் சக்திகளோடு சேர்ந்து நின்று தேசிய உரிமை பெறலாம் எனப் பேசுவது தவறு. இந்தியா மற்றும் மேற்குலக நாடுகள் தமது பொருளாதார நலன் மற்றும் பூகோள அரசியல் நோக்கத்துக்காக மட்டுமே இலங்கை அரசுக்கு நெருக்கடி வழங்கும். தமிழ் மக்கள் மேம்பாட்டுக்காக அல்ல. இவற்றை சரியாக புரிந்து கொண்டு மக்களின் நலன்களை முன்னெடுக்கும் அரசியல் அமைப்பு கட்டி எழுப்பப்பட வேண்டும்.

    மாணவர்கள், இளையோர் தொழிற்சங்க செயற்பாட்டாளர்கள், சிறந்த நோக்குள்ள சிவில் சமூக செயற்பாடாளர்கள், சோசலிஸ்டுகள் இந்த நடவடிக்கையை எடுக்க முன்வரவேண்டும். அத்தகைய அமைப்பு எத்தகைய கொள்கைககளை முன்வைக்க வேண்டும் என்ற உரையாடல் தொடங்கப்பட வேண்டும். தமிழ் மக்களின் உரிமைகளுக்காக தொடர்ந்து போராடிவரும் அனைத்து சக்திகளையும் ஒன்றிணைக்கும் பலம் சரியான கொள்கை வரைவு மூலம் ஏற்படுத்திக் கொள்ள முடியும். வெறுமனே வார்த்தையில் மட்டும் ஒற்றுமை எனப் பேசுவது ஒருபோதும் நிலைத்து நிற்கப் போவதில்லை என்பதை வரலாறு எமக்கு தொடர்ந்து போதித்து வருகிறது. கூட்டமைப்பின் தலைமைக்கான சமீபத்து அடிபாடுகள் இதை மேலும் தெளிவுபடுத்தி உள்ளது.

    சோஷலிச கொள்கை அடிப்படையில் ஒன்றிணைந்த போராட்டம் மூலம் அனைவரின் உரிமைகளையும் பெற முடியும் எனத் தொடர்ந்து வாதித்து வந்திருக்கிறது ஐக்கிய சோஷலிச கட்சி. தமிழ் மக்களின் பிரிந்து போகும் உரிமை உற்பட சுய நிர்ணய உரிமைக்காக தொடர்ந்து குரல் கொடுத்து வந்திருக்கிறது ஐ.சோ.க. முதாளித்துவ பொருளாதார கொள்கைகளின் நீட்சிதான் தமிழ் மக்கள் மேல் நடந்த – தொடர்ந்து நடந்துவரும் தாக்குதல்கள். சோஷலிச மாற்றுக்காக எனப் போராட எழுந்த இளையோர் உருவாக்கிய போராட்ட அரசியலின் மேல் நின்று கொண்டு அப்பட்டமான முதலாளித்துவ கதிரை அரசியல் செய்யும் அனைவரது அரசியலையும் மக்கள் கேள்விக்கு உட்படுத்த வேண்டும்.

    தமிழ் மக்களின் பிரதிநிதிகள் என சொல்லிக்கொள்வது மட்டும் போதாது. எத்தகைய உரிமைகளை முன்னெடுக்கிறார்கள் என்ற தம் முழுமையான கொள்கை நிலைப்பாட்டை அவர்கள் முன்வைக்க வேண்டும். ஒவ்வொரு சனாதிபதி தேர்வின் பொழுதும் ஏதோ ஒரு தெற்கு முதலாளித்துவ பிரதிநிதிக்கு ஆதரவு வழங்குவதே தமிழ் மக்களின் கடமை என்பதே அவர்கள் நிலைப்பாடாக இருந்து வந்திருக்கிறது. ஒரு சிலரைத் தவிர பெரும்பான்மை தமிழ் பாராளுமன்ற பிரதிநிதிகள் தெற்கு முதலாளித்துவ சக்திகளின் பொருளாதார கொள்கைகளுக்கு ஆதரவாகவே வாக்களித்து வந்திருக்கின்றனர்.

    போராட்ட அரசியலை கைவிட்ட எந்த அரசியல் நிலைப்பாடும் தமிழ் மக்களின் எந்த உரிமைகளையும் பெற்றுத் தந்துவிடப்போவதில்லை. சோஷலிச போராட்டத்தை நோக்கி நகர வேண்டும் என கருதும் அனைவரையும் எம்மமோடு உரையாடும்படியும் – இணைந்து வேலை செய்ய முன்வரும்படியும் நாம் கோருகிறோம். தமிழ் மக்களுக்கான சரியான அரசியல் எதிர்காலத்தை நிலைநாட்டும் அமைப்பாக நாம் திரளாமல் எந்தக் கோரிக்கைகளை நாம் வென்றெடுக்க முடியாது. அதற்கான வேலைகளை ஐ. சோ.க தொடர்ந்து முன்னெடுத்து வருகிறது. தமிழ் மக்களின் உரிமைகளுக்கான போராட்டத்தை முன்னெடுத்துவரும் பல தமிழ் இளையோர்களோடு இணைந்து இதற்கான வேலைத்திட்டத்தை முன்னெடுத்து வருகிறோம். இவை பற்றித் தெரிந்து கொள்ள – இணைந்து வேலை செய்ய எம்மோடு தொடர்பு கொள்ளுங்கள்.

  • மலையகம் 200

    மலையகம் 200

    மனிதர்கள் வாழாத மத்திய இலங்கைப் பகுதிக்குள் கொண்டுசெல்லப்பட்ட இம்மக்களின் குருதியிலும் வேர்வையிலும் கண்ணீரிலும் சாலைகள், தொடர் வண்டிப் பாதைகள் உள்ளிட்ட இலங்கையின் உள்கட்டுமானங்கள் உருவாயின.

    தமிழ்நாட்டில் இருந்து மக்கள் இலங்கைக்குக் கொண்டு செல்லப்பட்டு இருநூறு ஆண்டுகள் உருண்டோடிவிட்டன. இந்நாள்வரை அவர்கள் அடைந்துவரும் துன்பங்களும் இழந்த உரிமைகளும் தமிழ்நாட்டில் உணர்வுப்பூர்வமாக பேசப்படவே இல்லை. 19 ஆம் நூற்றாண்டில் ஏற்பட்ட பஞ்சம் பல்லாயிரக்கணக்கானோரைக் காவு கொண்டது. பொருளியல் நெருக்கடியில் இருந்து கிராமங்கள் மீள முடியவில்லை. இந்த சூழ்நிலையில் தான் காலனிய நாடுகளுக்கு தமிழர்கள் கூலிகளாக அழைத்துச்செல்லப்பட்டனர்.மனிதர்கள் வாழாத மத்திய இலங்கைப் பகுதிக்குள் கொண்டுசெல்லப்பட்ட இம்மக்களின் குருதியிலும் வேர்வையிலும் கண்ணீரிலும் சாலைகள், தொடர் வண்டிப் பாதைகள் உள்ளிட்ட இலங்கையின் உள்கட்டுமானங்கள் உருவாயின. காபி, இரப்பர், உலகத் தரம் வாய்ந்த தேயிலைத் தோட்டங்கள் உருவாக்கப்பட்டன. இவர்கள் குடியமர்த்தப்பட்ட அந்த மலைப்பகுதிதான் மலையகம் என்றழைக்கப்படுகிறது.
    நகரங்களில் தூய்மைப் பணியாளர்களாகவும், ஆலைத் தொழிலாளர்கள் முதல் வீட்டுப் பணியாளர்களாகவும் இன்று நுவரெலியா உள்ளிட்ட 11 மாவட்டங்களில் வாழ்ந்து வருகின்றனர்.1817 ஆம் ஆண்டில் இந்த இடப்பெயர்வு தொடங்கியது என்றாலும் 1823 இல் நடைபெற்ற இடப்பெயர்வே பொதுவாக கணக்கில் எடுக்கப்பட்டு ‘மலையகம் 200″ என்று அடையாளப்படுத்தப்படுகிறது. உலகத் தமிழர்களின் மனசாட்சியைத் தட்டியெழுப்பும் வகையில் ‘மலையகம் 200″ நிகழ்வுகளைத் தமிழர்கள் நடத்திக் கொண்டிருக்கின்றனர். இந்தியப் பெருங்கடலில் மூழ்கிய கப்பல்களில் நம் மக்கள் எழுப்பிய ஓலமும் மன்னாரில் இருந்து மாத்தளை வரை நடந்துசெல்லும் பொழுது பலியானவர்கள் எதிர்கொண்ட தருணங்களும் நமக்குத் தெரியாது. டைட்டானிக் கப்பல் மூழ்கிய கதையை உலகமே அறிந்திருக்க, ஆதிலெட்சுமி கப்பல் மூழ்கிய கதையை தமிழர்களாகிய நாமாவது அறிவோமா? கடல்கடந்து, காடுகடந்து, மலையில் நடந்து இவர்கள் போன கதை என்பது வலி நிரம்பிய ஒரு நீண்ட கதையின் முதல் பாகம் தான். பிரிட்டிஷாரால் இவர்கள் கசக்கிப் பிழியப்பட்டு சுரண்டப்பட்டனர். 1948-ஆம் ஆண்டில் பிரிட்டிஷார், இலங்கையை விட்டு வெளியேறியதும் 10 லட்சம் மலையகத் தமிழர்களின் குடியுரிமையைப் பறித்தது இலங்கை அரசு. நாட்டின் மொத்த ஏற்றுமதியில் 90 விழுக்காட்டிற்கு பங்களித்துக் கொண்டிருந்த மக்கள் நாடற்றோர் ஆக்கப்பட்டனர்!

    தங்களின் உழைப்பால் நவீன இலங்கையை உருவாக்கிய இம்மக்களின் தலைவிதியை சிங்கள பௌத்தப் பேரினவாதத்தின் கையில் ஒப்படைத்துவிட்டுப் போனதற்காக பிரிட்டிஷார் பொறுப்பேற்க வேண்டியவர்களாக உள்ளனர். இந்திய அரசு மட்டுமல்ல, தமிழ்நாட்டு மக்களும் தனக்கென்ன என்றிருந்தனர்! இந்நிலை இன்றுவரை தொடர்கிறது.

    இலங்கையில் சிங்களர்களுக்கு அடுத்த படியாக இரண்டாவது பெரிய மக்கள் கூட்டமாக இருந்தவர்கள் இன்று நான்காம் இடத்தில் உள்ளனர். இலங்கையில் இனத் துடைப்புக்கு (ethnic cleansing) ஆளான முதல் சமூகம் மலையக த் தமிழர்கள்தான் (upcountry tamils)! நாடற்றோர் ஆக்கப்பட்ட அம்மக்களை ஆடு, மாடுகள் போல தங்களுக்கு இடையே பிரித்துக் கொள்ளும் உடன்படிக்கையை இந்தியாவும் இலங்கையும் 1964-ஆம் ஆண்டில் போட்டுக் கொண்டன. 6 தலைமுறையாய் வேர்பிடித்து வாழ்ந்த மக்களைப் பிடுங்கி எறிவதற்கான உடன்படிக்கை அது!

    மலையகத் தமிழர்கள்

    இந்தியாவுக்கு திருப்பி அனுப்பப்பட்டது போக இலங்கையில் எஞ்சியவர்கள் இன்றளவும் இரண்டாம் நிலை குடிமக்களாகவே வாழ்ந்து வருகின்றனர். உள்நாட்டிலும் கூலித் தொழிலாளர்களாக பல்வேறு மாவட்டங்களில் சிதறடிக்கப்பட்டுள்ளனர். ஆங்கிலேயர் காலத்தில் இருந்ததுபோல் இன்றும் லைன் வீடுகளில் வாழ்ந்து வருகின்றனர். அவர்கள் பாடுபட்டு உருவாக்கிய நிலத்தில் அவர்களுக்கு எந்தப் பங்குமில்லை. கல்வி, சுகாதாரத்தில் ஏனைய இனச் சமூகங்களைவிட மிகவும் பின்தங்கியுள்ளனர். வெறுங்கையோடு போய் பல தலைமுறைகள் இருந்து வளங்கொழிக்கும் தோட்டங்களை உருவாக்கி, பின்னர் வெறுங்கையோடு திருப்பி அனுப்பப்பட்டவர்களைத்தான் தாயகம் திரும்பியோர் (சுநியவசயைவந) என்கிறோம்!

    இந்தியாவுக்கு திருப்பி அனுப்பப்பட்டவர்களை அவர்தம் உறவுகள் ஏற்க மறுத்தன. ஆடு, மாடுகளைப் போல் பிரித்து கூடலூருக்கும் வால்பாறைக்கும் கொடைக்கானலுக்கும் அனுப்பியதோடு கேரளத்திற்கும் ஆந்திரத்திற்கும் கர்நாடகாவுக்கும் அனுப்பிவைக்கப்பட்டனர். உடன்படிக்கை முழுமையாக செயல்படுத்தப்பட்டதா? வந்தவர்கள் நிலை என்ன? யாரிடமும் பதில் இல்லை என்பதல்ல அவலம். இதுவரை யாரும் இந்தக் கேள்விகளைக் கேட்கவேயில்லை என்பதுதான் அவலம்!

    1964, 1974 உடன்படிக்கைகளில் இவர்களின் தாய்நாடு எது என்ற தலைவிதியை எழுதினார்கள். 1977, 1981, 1983 இல் தமிழருக்கு எதிராக அரசு ஆதரவுடன் இன வெறியாட்டம் நடத்தப்பட்டது. ஈழ மக்களின் தாயகத்தில் தஞ்சம் புகுந்திருந்தவர்கள் ஆயிரக்கணக்கான மலையகத் தமிழர்களும்தான்! 1980களில் ஈழ விடுதலைப் போராட்டம் தீவிரம் பெற்றது. இராணுவப் பிடியில் இருந்து உயிருக்கு அஞ்சி தமிழ்நாட்டில் தஞ்சம் புகுந்தவர்கள் ஈழத் தமிழர்கள் மட்டுமல்ல, மலையகத்தில் இருந்து தப்பிப் பிழைத்து வடக்கு, கிழக்கில் தஞ்சம் புகுந்திருந்த மலையகத் தமிழர்களும்தான்! எந்த மண்டபம் முகாமில் இருந்து கூலிகளாக கப்பலில் ஏற்றப்பட்டார்களோ அதே மண்டபம் முகாமில் அவர்களின் தலைமுறையினர் நாடற்றோராக தஞ்சம் புகுந்தனர். படகில் வந்தவர்கள் என்ற காரணத்தின் பெயரால் ‘சட்டவிரோத குடியேறிகள்” என்று இந்திய ஒன்றிய அரசு இவர்கள் மீது முத்திரை குத்தியது. பிரிட்டிஷார் உருவாக்கிய செயற்கைப் பஞ்சத்தால் தாய்மண்ணை விட்டு வெளியேற நேர்ந்தவர்களின் தலைமுறைகள் இன்று இலங்கையில் மலையகத் தமிழர்களாகவும் தமிழகத்தில் தாயகம்திரும்பிய தமிழர்களாகவும் முகாம்களுக்கு உள்ளேயும் வெளியேயும் நாடற்றோராகவும் வாழ்ந்துவருக்கின்றனர். நான்காவது பிரிவினராக, உலகின் பல்வேறு நாடுகளில் குடிமக்களாகவும் ஏதிலிகளாகவும் சிதறியுள்ளனர். இவர்களும் பல்வேறு இன்னல்களை எதிர்கொண்டு வருகின்றனர்.

    கோரிக்கைகள்

    அடிப்படை ஊதியக் கோரிக்கை உடனடியாக நிறைவேற்றப்படவேண்டும். அவர்கள் கோரும் ஆயிரம் ஷரூபாய் ஊதிய உயர்வு உடனடியாக நிறைவேற்றப்படவேண்டும். காலம் காலமாக வாழ்ந்து வரும் நிலத்தின் உரிமை அவர்களுக்கு வழங்கப்பட வேண்டும். நிலமற்ற அனைத்து தொழிலாளர்களுக்கும் நில உரிமை வழங்கப்பட வேண்டும். தேவையான வீட்டு வசதிகளை ஏற்படுத்திக் கொடுக்க வீட்டுத் திட்டம் முன்னெடுக்கப்பட வேண்டும். சிறுவர்கள் நீண்ட தொலைவு சென்று கல்வி கற்கும் நிலை மாற புதிய கல்விக்கூடங்களை உருவாக்கும் முதலீடு செய்யப்பட வேண்டும். போக்குவரத்து வசதிகள் புதிப்பிக்கப் பட்டு அனைத்து தொழிலாளர்களும் பயனடையும் முறையில் மாற்றி அமைக்கப்பட வேண்டும்.

    மலையகத்தில் இருந்து வலிந்து துரத்தப்பட்ட பலர் இந்திய முகாம்களிலும் வெளியேயும் ஏதிலிகளாக தொடர்ந்து துன்புற்று வருகிறார்கள். அவரகள் வாழ்வாதாரம் முன்னேற தமிழ் நாடு அரசு உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும். இந்தியக் குடியுரிமை கோருவோருக்கு உடனடியாக குடியுரிமை வழங்கப்பட வேண்டும். அனைவருக்குமான நில உரிமை மற்றும் வாழ்வாதார உதவி உறுதி செய்யப்படவேண்டும்.

    மலையகத் தமிழர்கள் தனித்துவமான மக்கள் சமூகம் என்பதை இலங்கை சட்டத்தில் அங்கீகரிக்கவேண்டும். அதன்மூலம் எந்த பாகுபாடுமற்ற அனைத்து உரிமைகளும் இந்த மக்களுக்கு முழுமையாக வழங்கப்பட வேண்டும். இலங்கையில் ஒற்றை ஆட்சி முறை மாற்றப்பட்டு மக்கள் தம்மைத்தாமே நிவகித்துக் கொள்ளும் வகையில் மலையாக தமிழர்களுக்கு அரசியல் அதிகாரம் பகிர்ந்தளிக்கப்பட வேண்டும்.