lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු – මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු

New Admin by New Admin
July 11, 2022
in නිවේදන
0
අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු – මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු
Share on FacebookShare on Twitter

අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු
මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු

ජුලි මස 9 වෙනි දින මින් පෙර ඉතිහසයේ නොදුටු දැවැන්ත ජනතා ව්‍යාපාරයක් මගින් ලංකාවේ දූෂිත ධනපති ආණ්ඩුව මුලමනින්ම අවලංගු කර ඇත. ජුලි 13 වන බදාදා වන විට ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට දුන් පොරොන්දුව ප්‍රමාණවත් නොවේ. එමගින් ගෝඨාභය යථා තත්ත්වයට පත්වීමට හෝ නැවත කුමන්ත්‍රණකාරී ලෙස සංවිධානය වීමට කාලය මිලදී ගැනීමට උත්සාහ කරන බව ජනතාව තේරුම් ගෙන ඇත. එහෙයින් ජනතාව විසින් බලයෙන් පහකළ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පිටව යන තුරු ජනාධිපති මන්දිරය අල්ලාගෙන සිටීමට අරගල ව්‍යාපාරය නිවැරදිව තීරණය කිරිම අගය කළ යුතුය.

පැරණි රාජපක්ෂ පාලන තන්ත්‍රයේ සහ ඊට සම්බන්ධ පාලක පන්තියේ සියලුම කොටස් වහාම ඉවත්විය යුතුය. දැනටමත් එක්සත් ජනපදය/බටහිර/ඉන්දියාව සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සිය දේශීය සහචරයින් සමග කටයුතු කරමින් සිටී. ධනපති ක්‍රමයේ මූලිකාංග පවත්වා ගැනීමට සහ එමගින් ධනේෂ්වර බලය පවත්වා ගැනීමට යම් ආකාරයක සර්ව පාක්ෂික නියෝජනයක් සඳහා තල්ලු කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිති. ඔවුන් උත්සාහ කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පරණ දූෂිත දේශපාලනඥයන් අලුත් මුහුණුවරකින් නැවත මතු කිරීමටය.

අරගල කරන ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් වත්මන් අර්බුදය ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි ධනපති පංතියේ කිසිවකුට පැහැදිලි අදහසක් නැත. ජුලි 9 වැනිදා දක්වා ඔවුන්ගෙන් බහුතරයක් ගෝඨාභය සහ රනිල් යන දෙපිරිස සමඟම සහයෝගයෙන් කටයුතු කළ අතර, කම්කරු ගොවි තරුනයන්ට සහ දුප්පතුන්ට පීඩා කිරීම හැර වෙනත් මාර්ගයක් ඔවුනට නොමැති විය. ඔවුන් සියල්ලෝම එකතු වී රටේ ඉඩම් හා සම්පත් සියල්ල ධනපතියන්ට විකුණා තවදුරටත් තම සාක්කු පුරවා ගැනීමට කටයුතු කළේය. දැන් වෙනස් වී ඇත්තේ කුමක්ද? ඔවුන් වෙනස් වූයේ කුමන ආකාරයෙන්ද? ඔවුන් දැන් වෙනස් දෙයක් ඉදිරිපත් කරනවාද? නැත. ඔවුන් ජනතාවගේ සතුරන් ය. ඒ හේතුව නිසා දැන් ජනතාව විසින් ඔවුන්ගේ බලය ඉවත් කර ඇත. එසේ නම් ඔවුන්ව පණ ගැන්වීම සදහා ඔවුන්ට නැවත බලය ලබා දෙන්නේ ඇයි? නමුත් පැරණි නායකයින් ඉවත් කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසදේ. අලුත් ධනපති දේශපාලඥයන් බලා සිටින්නේ බලයට අත තැබීමට තම වාරය එනතුරු බලා සිටීමය.

ජනතා නැගිටීම පෙන්නුම් කළේ ලංකාවට අලුත් අනාගතයක් අවශ්‍යය බවය. ජනතා සතුරන්ට නැවත බලය ලබා දීමේ අරමුණින් අන්තර්වාර ආණ්ඩුවක් යෝජනා කිරීම හෝ බලය බෙදාගැනීම ඔවුන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාර කිරීමකි . තවමත් පලා නොගිය ප්‍රභූ පැලැන්තිය දැන් කතා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැනය. ජනතාවට අවශ්‍ය වන්නේ යහපත් අනාගතයක් දිනා ගැනීම සඳහා දුප්පතුන් හා සූරාකෑමට ලක් වූ වැඩකරන ජනතාවගේ එකමුතුවක් ගොඩනගා ගැනීමය. නමුත් ධනපති පංතියේ සූරාකන්නන් සහ පීඩකයන් සමඟ එකමුතුවීමක් නම් නොවේ! අපට විකල්පයක් තිබෙන බව ජනතාව වීදිවල බලය මගින් පෙන්නුම් කර ඇත . මේ බලය පාර්ලිමේන්තු තාප්පයෙන්, අරලියගහ මන්දිරයෙන් ජනාධිපති මන්දිරයෙන් පිටත සම්බන්ධීකරණය කර සංවිධානය කරන්න පුළුවන් බව ජන අරගලය පෙන්නුම් කරන ලදී .
වැඩබිම්වල, නගරවල, හැම ගමකම කමිටු ගොඩනගා ඒවා ශක්තිමත් කරමින් ඉදිරියටම යමු. එම කමිටු විසින් වහාම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව බෙදා හැරීම සංවිධානය කළ යුතුය. මෙම ආයතනවලට පත්වන තම නියෝජිතයන් ජාතික මධ්‍යස්ථානයට සම්බන්ධ කළ හැකිය. මෙම ආයතන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවාගත යුතුය. විප්ලවවාදී ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතුය. මෙම අන්තර්වාර ආයතනයට රාජ්‍ය කටයුතු පාලනය කිරීමට ද පියවරගත හැක. එය සමාජයේ සියලුම කොටස්වල අභිලාෂයන් සැබවින්ම පිළිබිඹු කරන පාලන රටාවක් බවට වනු ඇත.

 


ජනතාව විසින් ගොඩනගන අතුරු පාලනය තුළ පැරණි ධනපති පාලනයේ අංග කිසිවක් තිබිය යුතු නැත. එයට ධනේශ්වර දූෂිත පාර්ලිමේන්තු විපක්ෂය ඇතුළත් කිරීම ද අවශ්‍ය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ වෘත්තීය සමිති නියෝජිතයින්, අරගල නායකයින්, ගොවි නායකයින් ධිවරයින් සහ ජනතාව සමඟ එක්ව අරගල කරන සමාජවාදී ක්‍රියාකාරීන් විසින් වහාම ජාතික මහජන ව්‍යවස්ථා සභාවට වගකිව යුතු අතර එය ඉක්මනින් ගොඩනගා ගත හැකිය. අරගලයේ ඉල්ලීම් ක්‍රියාවට නංවන්නේත් එය විසින් තවත් වර්ධනය වන ඉල්ලිම් ක්‍රියාවට නංවන්නේ මෙලෙස පත්වන ජාතික ආයතනයයි. අන්තර්වාර පාලනයට පැරණි ධනපති කොටස් ඇතුළත් වේ නම්, ඔවුන්ගේ ප්‍රධාන අරමුන වනු ඇත්තේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම නොව, එයට පයින් ගැසීමය. දූෂිත මළ සිරුරු නැවත ආණ්ඩු පාලනයට එකතු කිරිමෙන් නැවත උන්ට පණ උපදවා ගැනීමට අප ඉඩ නොදිය යුතුය.

සියලුම විදේශ ණය වහාම අවලංගු කරන ලෙස අපි ඉල්ලා සිටිය යුතු අතර- සාර්ව ණය ආපසු ගෙවීම වහාම නතර කළ යුතුයි. දූෂිත ධනපති පංතිය ඔවුන් සොරාකෑ ධනය රැගෙන හොර රහසේ පලායාමද නැවැත්විය යුතුය. අප වහාම කොල්ලකන ලද ධනය රාජසන්තක කළ යුතු අතර දැන් පවතින ප්‍රාග්ධන පාලනයට වඩා දැඩි ප්‍රාග්ධන පාලනයක් ක්‍රියාත්මක කළ යුතුය. මෙම ක්‍රියාවන් තුලින් පමණක් ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ක්ෂණික ගැටලු සමඟ කටයුතු කිරීමට ප්‍රමාණවත් මුදල්/සම්පත් අපට උපයාගත හැකිය. හදිසි ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාල හදිසි සැලසුම් කමිටු වහාම පිහිටුවිය යුතුය.
පවතින පාර්ලිමේන්තුවෙන් සහ අනෙකුත් ධනපති ගැති බලවේගවලින් නිර්මාණය කෙරෙන ඊනියා සර්ව පාක්ෂික සභාග ප්‍රෝඩාව ප්‍රතික්ෂේප කරන ලෙස අරගලයේ යෙදී සිටින සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. අරගල නායකයන්ගේ නියෝජිතයන් සර්වපාක්ෂික ප්‍රෝඩාවට එකතු කර ගැනීමට දරණ රැවටිලිකාරි උත්සාහයට අපි පිළිතුරු දිය යුතුය. ඊනියා අන්තර්පාලන ආණ්ඩුව අරගලයේ නියෝජිතයින් හට දෙනු ලබන සැබෑ බලය කුමක්ද යන්න ප්‍රශ්ණ කළ යුතුය. ඒ අතර අරගල භුමිය නිර්මාණය කරන ලද අපි ඉදිරිපත් කර ඉල්ලීම්වලට අන්තර්වාර පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම එකඟද? මේවා විසදාගත යුතුය. අපි අවස්ථාවාදී පදනමක් මත කිසිදු ගනුදෙනුවකට එළඹිය යුතු නැත. එමගින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බිලියන ගණනක ජනතාව අසාර්ථක වූ ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාමේ ප්‍රයත්නයකට අපි කිසි ලෙසකින්වත් ඉඩ තැබිය යුතු නැත. අරගලය විසින් නිර්මාණය කර තිබෙන ජනතා කමිටුවලට බලය පවරණ ලෙස අපි බලකර සිටිමු.

සිරිතුංග ජයසුරිය – ප්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදි පක්ෂය
2022 -07 -11

Tags: අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
නිවේදන

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

by Taniya
November 19, 2024
0

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට...

Read moreDetails
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

September 24, 2024
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

July 3, 2024
Next Post

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.