• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

සිරීසා ඡන්දදායකයන්ට අවශ්‍ය කප්පාදු පිලිවෙත් අවසන් කිරීම මිස ට්‍රොයිකාවව සමග තවත් ගිවිසුමක් නොවේ

senan by senan
June 26, 2015
in World News
0
සිරීසා ඡන්දදායකයන්ට අවශ්‍ය කප්පාදු පිලිවෙත් අවසන් කිරීම මිස ට්‍රොයිකාවව සමග තවත් ගිවිසුමක් නොවේ

කප්පාදු පිලිවෙත් වලින් ඉවත් වෙනු! – සමාජවාදී වැඩපිලිවෙලක් අනුගමනය කරමු!

කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ ග්‍රීක අංශය වන සෙකනිමා සංවිධානයේ වෙබ් අඩවියේ පල වූ කතුවැකියකි

ග්‍රීක පාලක පන්තිය, එයට සේවය කරන ජනමාධ්‍ය, ලිබරල් ‘පොටාමි’ පක්ෂයේ නායක ස්ට්‍රවෝස තියෙඩොරාකිස් වැන්නවුන්, කේ.සී.ජුන්කර්, එම්.ජුල්ඩ් හා යුරෝපියානු සංගමයේ හා අනෙකුත් නිලධාරීන් ද ග්‍රීක ජනතාවට විඩා නොබලා ‘පැහැදිලි කරන්නේ ‘ සිරිසා නායක ඇලෙක්සිස් සිප්රාස් ‘සිරිසාහි නායකයා ලෙස නොව රටේ අගමැති ලෙස කටයුතු කළ යුතු බවයි’.

ග්‍රීසියේ ණය හිමියන් හා එකගත්වයකට පැමිණෙන ලෙසට හා සිරීසා පක්ෂය හා එහි මධ්‍යම කාරක සභාව අවධානයට නොගෙන එය ග්‍රීක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට පවා ඔවුන් ඇලෙක්සිස් සිප්රාස්ට ආරාධනා කරයි. සිරිසාහි වාම  පාර්ශවය එකගතාවයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කළහොත් ඔවන් සිප්රාස්ට පවසන්නේ ‘කරදර නොවන ලෙසටයි’. මක්නිසාද යත් අනෙක් අය එකගතාවයට ඡන්දය ලබා දෙනු ඇති බැවිනි. නියත වශයෙන්ම පොටාමි එවැන්නකට ඡන්දය ලබාදෙනු ඇත. පාසොක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද සියල්ලෝම නැතත් සමහරෙක් හෝ ඡන්දය දීමේ හැකියාව ඇත.

සිරීසා දෙකඩ කොට පාලක පංතිය හා ට්‍රොයිකාව ( දැන් නම් ‘ආයතන’ ) සමග විවෘත සන්ධානයකට එලඹෙන ලෙසට මෙය සිරීසා නායකත්වයට කරන ලද විවෘත හා ප්‍රකෝපකාරී කැදවීමකි.

සිරීසා මීට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

නායකත්වයේ ස්ථාවරය පැහැදිලි කර, ප්‍රතිගාමී බලවේගයන් සිරීසා වලින් කරන ඉල්ලීම් නැවැත්වීමට අවශ්‍ය සංඥාවක් හෝ සිරීසා නායකත්වය පැත්තෙන් ප්‍රකාශ වනු අප දැක්කේ නැත.

ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, සිරිසාහි නායක කණ්ඩායම, පාලක පංතියේ නියෝජිතයින්ව උනුසුම්ව පිලිගනු අපිට දක්නට ලැබේ. එමෙන්ම පක්ෂයේ වාම පාර්ශවය සමග ගැටුමකට ඔවුන් සූදානම් වන බවද ඔවුන් සගවන්නේ නැත.

රාජ්‍ය ගුවන් විදුලිය වූ ඊආර්ටී සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එල්. ටැග්මට්රහිරිස්ව පත්කිරීම මෙම ක්‍රියාවලියේ මෑත කාලීනම හා බරපතලම උදාහරණයයි. කප්පාදු පිළිවෙත් අනගමනය කරන ලද පාසොක් රජය ද ඔහුව විධායක නිලධාරියෙක් ලෙස පත් කළේය. එමෙන්ම සිරීසා රජය ඊ.පනාරිටිව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ග්‍රීක නියෝජනය ලෙස පත් කරන ලදී. පේරු හි නව ලිබරල් හා අති මර්දනකාරී ෆු‍ජිමෝරි රජයේ උපදේශකයෙක් ලෙස ඔහු ලෝක බැංකුව වෙනුවෙන් සේවය කළේය. අවසානයේ දී සිරීසා තුල ඔහුගේ පත්වීමට වූ බලවත් විරෝධය නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තනතුරෙන් ඉල්ලා අස්වීමට පනාරිටිට සිදුවිය. එසේ වූවද අගමැතිවරයාගේ කාර්යාලයෙන් ඔහුව අගමැතිවරයාගේ කාර්යාලය ඔහුගේ පත්වීම අනුමත කළාය යන කරුන බරපතල කරුණක් වන්නේය. ( මුදල් අමාත්‍ය වයි. වැරෝෆකිස්ගේ තීරණයක් මත පමණක් එසේ වී යැයි මුලින් කියැවිණ. පානාරිටි වැරෝෆකිස්ගේ සහායකයෙක් ලෙස වැඩ කොට තිබේ )

නිකොස් පපාස් ‘පක්ෂ විනය’ ඉල්ලා සිටී

ඒ අතර රාජ්‍ය අමාත්‍ය හා සිප්රාස්ගේ හිතවතෙක් වන නිකොස් පපාස් ප්‍රකාශ කරන්නේ එළඹෙන ඡන්දය ‘පක්ෂ විනය’ පිලිබද ගැටලුව මතු කරන බවයි. මොහු සිරිසා හි දක්ෂිණාංශයේ නායකයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ප්‍රකාශ කර සිටියේ සිරීසා හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ ස්වාධීන ග්‍රීකයෝ ( සිරීසා හි සන්ධාන හවුල්කරුවන් ) බ්‍රසල්ස් හා අගමැතිවරයා එලඹෙන එකගතාවයකට අදාල යෝජනාවකට පකෂව ඡන්දය දීම ප්‍රතික්ෂේප කලහොත් නව මැතිවරණයක් කැදවිය යුතු බවයි.

මෙම තර්ජන පොදු හෝ අපැහැදිලි නොවේ. ඒවා නිශ්චිතවම සිරීසාහි වාම පාර්ශවය ඉලක්ක කරගෙන එල්ල වේ. ඇලෙක්සිස් සිප්රාස් වටා ඇති නායකත්වය වමට තර්ජනය කර සිටින්නේ පක්ෂයෙන් ඉවත්කිරීම හා නව පාර්ලිමේන්තු ඡන්දයකදී ඔවුන්ගේ ආසන අහිමිවීම ( මැතිවරණ නීතියට අනුව අවසාන මැතිවරණය පවත්වා මාස 18 ක් ඇතුලත ඡන්දයක් පැවැත්වුවහොත් එක් එක් පක්ෂයේ ලැයිස්තුව තීරණය කරන්නේ පක්ෂ නායකයා බවයි ) සිදුවනු ඇති බවයි.

සිරීසා නායකත්වය මෙවැනි තර්ජනය කරන්නේ ඇයි? ‘ආයතන’ සමග තිරය පිටුපස එලැඹුණු එකගතාවයකට සිරිසා තුල ප්‍රබල විරෝධයක් එන් ඇතැයි ඔවුන් කලබල වී ඇති නිසාය මේ තර්ජනය.

සිප්රාස් , සිරීසා හා සමාජය

සිරිසා හි ප්‍රමුඛ කාඩර්වරු හිතන්නේ සහ නිර්භයව පවසන්නේ 2012 දී සිරීසා සියයට 27 ක් ඡන්ද ලබාගත්තේ හා පසුගිය ජනවාරියේ දී සියයට 36 කට එම ඡන්ද සංඛ්‍යාව ඉහළ ගියේ එහි නායකත්වයේ ‘සිප්රාස් වැනි දීප්තිමත් පිරිසක්’ සිටිනා නිසා බවයි. මෙවැනි අදහස් යථාර්ථයෙන් බොහෝ දුරස්ථය.

සිරීසා වල නැගීමට හේතුව වූයේ ග්‍රීක සමාජයේ වාස්තවික තත්වය හා පසුගිය වසරවල පැවැති විශාල සමාජ අරගල මෙන්ම සිරීසා බලය ගැනීමට කළ යෝජනාව මෙන්ම වාමාංශික අනෙකුත් කොටස්වලට පොදු ක්‍රියාමාර්ග ගැනීමට කළ යෝජනාවයි. ඒ හා සමානවම, ආර්ථික අර්බුදය බලපෑම් සහගත වූ සෑම රටකම, අලුත් දේශපාලන ප්‍රපංච මතුවී ඒම අපට දැකගත හැකිය. එය වමෙන් දකුණෙන් හෝ දෙපැත්තෙන්ම විය හැකි අතර, ඒ මගින් දශක ගණනාවක සිට පාලක පන්තියේ සාම්ප්‍රදායික පක්ෂවලින් පාලනය වූ දේශපාලන තත්වය හැසිරවීම දැකගත හැකිය. දේශපාලන තත්වය අස්ථාවර කරන ලද නව වාම ප්‍රවනතා දැකිය හැක්කේ ග්‍රීසියේ පමනක් නොවේ. ඒවා ස්පාඤ්ඤයේ හා අයර්ලනතයේ දීත් දැකගත හැක.

අප පාලක පන්තියට හා සිරීසා නායකත්වයට කියා සිටින්නේ සිප්රාස් හා ඔහු වටා සිටින කුඩා කවයකට ට්‍රොයිකාව සමග එකගතාවයකට එලඹීමට අයිතියක් නැති බවයි. පාලක පංතිය විසින් සකසන ලද ග්‍රීක ව්‍යවස්ථාව අගමැතිවරයාට බොනපාට්වාදී බලයක් ලබා දේ ( එය ඔහුව පක්ෂයට හා සමාජයට ඉහලින් ස්ථානගත කරයි ) නමුත් සිප්රාස්ට වාම අදහස් හා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් මෙම බොනපාට්වාදී බලය භාවිතා කිරීමට ඔහුට කිසිම අයිතියක් නැත. ඒ වෙනුවට සිරීසා රජය කල යුත්තේ මෙම බලය කටු ගා දැමීමය.

වැරදි හදුනාගැනීම

පටන් ගැන්මේදීම සිරීසා නායකත්වයට වෙනම වගකීමක් ඇත. එනම් පාලක පංතිය හා ට්‍රොයිකාව කෙරෙහි ඔවුන්ගේ ප්‍රවේශය හා උපාය වැරදි බව පිලිගැනීමය. ඔවුන් මුලදී පැවැසූ පරිදි හවුල්කරුවන් සමග එකිනෙකාට වාසි සහගත වූ සාකච්ඡා කල හැකි වේ යැයි ඔවුන් තුල සිතලුවක් තිබුණේය. නමුත් ‘හවුල්කරුවන්’ අධිෂ්ඨානයෙන් සිටියේ සිරීසා වලට කටුක පාඩමක් ඉගැන්වීමටයි. ඊලග ග්‍රීක රජයට ‘ත්‍යාගයක්’ ලබාදීමට යුරෝපා සංගමය සූදානම් යැයි මැතිවරණයට පෙර තමා කියූ බව වැරෝෆකිස් මතකක් කර ගත යුතුය. ඇත්තටම ඔවුන් සූදානම් කරමින් සිටියේ ග්‍රීක වැඩකරන ජනතාවගේ හා දුප්පතුන්ගේ බෙල්ලට දමන තොණ්ඩුවයි!

සාකච්ඡා ඇණහිටීමත් සමග ‘අන්තර්වාර එකගතාවය / පාලම ‘ පිලිබද අදහස අත්හැර දමා ‘සමස්ත එකගතාවයකට’ යාමට සිරීසා කණ්ඩායම තීරණය කළේය. දැන් ඔවුන්ට වැටහී ඇත්තේ ට්‍රොයිකාවටත් ඒ ගැන උනන්දුවක් නැති බවයි ! එබැවින් ඔවුන් තර්ජනය කිරීමට පටන් ගෙන ඇත. ‘පක්ෂ විනය’ හා ‘ ඡන්ද’ සිරීසා පාර්ලිමේන්තු කන්ඩායමේ ඇතිවන ගැටුම් සදහාය.

කප්පාදු පීඩාව අවසන් කරනු!

සාරාංශ කොට නැවත පවසන්නේ නම් ග්‍රීක ජනතාව පසුගිය මැතිවරණයේ දී ඡන්දය ලබාදුන්නේ සිරීසාවලටයි. සිප්රාස්ගේ පාලක කවයට නොවේ. ජනමාධ්‍ය තුල ඉන්නා පාලක පන්තියේ ගිරවුන් වෙහෙසක් නැතිව කියන පරිදි ‘යුරෝවෙන් පිට නොවීමට වග බලාගැනීමට නොවේ!’. ඔවුන් සිරීසාවලට ඡන්දය දුන්නේ කප්පාදු පිලිවෙත් අවසන් කිරීමටය.

සිරීසා විසින් ඉටු කළ යුත්තේ මෙම  කාර්යභාරයයි. ග්‍රීක වැඩ කරන ජනතාවගේ පංතිය සිරීසා ආණ්ඩුවෙන් අපේක්ෂා කරන්නේ හා ඉල්ලා සිටින්නේ එයයි. පාලක පංතිය හා එකග වී විකිණුනු තවත් වාම නායකයෙක් ලෙස ඉතිහාසගත නොවීමට නම් ඇලෙක්සෙයි සිප්රාස් කළ යුත්තේ මෙයයි.

සෙකනිමා ( කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ ග්‍රීක අනුකමිටුව ) සිරිසාවලට පවසන්නේ ඔවුන්ගේ පූර්ව මැතිවරණ කප්පාදු විරෝධී පොරොන්දු ඉටු කරන ලෙසටය. යුරෝ කලාපයේ කප්පාදු පිලිවෙත් වලින් වෙන්වී සමාජවාදී වැඩසටහනක් අනුගමනය කරන ලෙසටය. එම සමාජවාදී වැඩපිලිවෙල තුල පහත ඉල්ලීම් ඇතුලත් කරන ලෙසටය.

 

  • ණය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම
  • ප්‍රාග්ධනය ගලා යාම පාලනය හා ‘වෙලදපොල’ ප්‍රහාරවලින් ආර්ථිකය ආරක්ෂා කිරීමට විදේශ වෙලදාමේ රාජ්‍ය ඒකාධිකාරය
  • බැංකු හා ආර්ථිකයේ අණ දෙන මුදුන් වැඩකරන ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය පාලනය හා කලමනාකරණය යටතේ පොදු අයිතියට ගැනීම සහ ප්‍රාග්ධන හිමියන්ගේ ලාභය වෙනුවෙන් නොව ජනතාවගේ අවශ්‍යතාවලට අනුව ආර්ථිකය මෙහෙයවීම.
  • සියලුම කප්පාදු ක්‍රියාමාර්ග නැවත හැරවීම හා සැමට ජීවත්වීමට තරම් වැටුප් සහිත රැකියා, ගුණාත්මක නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය හා සුබසාධනය ලබාදීම.
  • වැඩකරන ජනතාවගේ පංතිය හා තරුණ ජනතාව ට්‍රොයිකාවට එරෙහි අරගලයට හා සමාජවාදී විකල්පයට සක්‍රීයව සහභාගී කරවා ගැනීම සදහා වැඩ බිම්වල හා ප්‍රජාවන්වල ජනතාවගේ මහජන සභා හා ක්‍රියාකාරී කමිටු ඇතිකිරීම.
  • කප්පාදු විරෝධී හා සමාජවාදී යුරෝපයක් සදහා අරගලයට සහභාගී වන ලෙසට ස්පාඤ්ඤය, පෘතුගාලය, අයර්ලන්තය හා යුරෝපය පුරා වූ වැඩකරන ජනතාවට හා තරුණ ජනතාවට ආයාචනා කිරීම.

Statement by Xekinima (CWI Greece)- Translated by Narmada Liyanage

Previous Post

Ratutharuwa Paper June & July

Next Post

“NO”

Next Post
“NO”

“NO”

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
June 2015
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May   Jul »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.