• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

Taniya by Taniya
November 19, 2024
in USP Statements
0
සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට (NPP) නොවැම්බර් 14 දින පැවති මැතිවරණයෙන් ලබා ගැනීමට හැකි විය. මෙය ලංකාවේ පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව 7/10 බලයක් සහිත දැවැන්ත ජයග්‍රහණයකි. මෙයට පෙර විශාල ජයග්‍රහණයක් ලෙස සඳහන් වූ එක්සත් ජාතික පක්‍ෂය 1977දී ලබාගත් 5/6 පාර්ලිමේන්තු බලය පවා අභිබවා යෑමකි. එසේම NPPය රටේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 160න් 152ක් ජය ගැනීමට හැකිවීමද කැපී පෙනෙන්නට ඇත. ඒ අනූව ඔවුන් ලබා ගත් මෙම ජයග්‍රහණය ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක්ද වන්නේය. එක්සත් ජාතික පක්‍ෂය පරාජය කර මහා පෙරලියක් ලෙස ඉතිහාසයට එක්ව තිබු 1956 බණ්ඩාරනායක ලැබූ ජයග්‍රහණය අභිබවා යෑමට සමත්ව තිබෙන අතර මෙතෙක් කල් ලංකාව පාලනය කළ බමුණු කුලය හා සාම්ප්‍රදායික පක්‍ෂ සහමුලින්ම අතුගා දැමීමට ජාතික ජන බලවේගය සමත්වී ඇත. වසර 76 තිස්සේ ලංකාව බෙදාගෙන පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලු සාම්ප්‍රදායික ධනපති පක්‍ෂ දේශපාලන භූමියෙන් අතුගා දැමීමට හැකිවීම කැපී පෙනේ.

මෙම තත්වය දකුණට පමණක් සීමා නොවුවක් වන අතර උතුර – නැගෙනහිර හා මධ්‍යම කදුකරයේ දේශපාලන රටාව වෙනස් කිරීම දක්වා ඇදී යයි. සුමන්තිරන් ඇතුලු දක්ෂිණාංශික දෙමළ දේශපාලඥයින් කෙරෙහි උතුරේ දෙමළ ජනතාව තුල පවතින දැඩි විරෝධය මාලිමාවට ආකර්ෂණය වීමට හේතු විය. පසු ගිය කෙටි ඉතිහාසය තුල ධනපති අර්බුදයේ ප්‍රථිපලයක් ලෙස දෙමළ ජනතාවට කිසියම් හෝ සොච්චම් සහනයක් දීමට සිදුවු සෑම අවස්ථාවකම ඊට එරෙහිව සිංහල ජාතිවාදී අස්තානයක පිහිටා දැඩි ලෙස විරුද්ධවූ දේශපාලන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය අමතක කර තම ඡන්දය මාලිමාවට ප්‍රකාශ කිරීම දක්වා දෙමළ ජනයා ගමන් කිරීම ඉතිහාස ගත වන සිදුවීමකි. එම තත්වය මධ්‍යම කදුකරයේ තත්වයටද අදාලවන අතර දශක 7කට වැඩි කාලයක් තොන්ඩමාන්ලා පවත්වාගෙන ගිය ධනපති ගැති සාම්ප්‍රදායික දේශපාලනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම කදුකරයේ ජනතාවගේ බහුතරයක් ගෙන තිබෙන තීන්දුවෙන් ප්‍රකාශයට පත්ව ඇත. මෙම වර්ධනයන්ට අවනත නොවු එකම දිස්ත්‍රික්කය වූයේ මඩකලපු දිස්ත්‍රික්කය පමණි. ඊට බලපෑ එක් හේතුවක් වූයේ ෂානක්කියන් රාසමානික්කම්ගේ නායකත්වය වූ අතර ගෝඨාභයගේ පාලන කාලය තුල පොතුවිල් සිට යාපනය දක්වා දියත් කළ වූ P2P පා ගමනට මැදිහත් වීම වැනි අවම ජනතා ක්‍රියාවන් වලදී කැපි පෙනීම ඔහුට වාසිදායක විය. කෙසේ වුවද අනුර කුමාරගේ ප්‍රතිපත්තිය වන ජාතික ප්‍රශ්ණයට සිල්ලර විසදුම් ඉදිරිපත් කර විසදා ගත හැකි නොවන අතර එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය දෙමළ ජනතා වගේ මූලික ජාතිකත්ව අයිතිය සහතික කරන විසදුමක් නොවන්නේ නම් ජාතික ප්‍රශ්ණය ඉදිරි කාලයේ උග්‍ර ස්ථානයකට පත්වීම වැලැක්විය නොහැකිය.

සාපේක්‍ෂ වශයෙන් සියයට 69ක් වැනි අඩු ප්‍රතිශතයක් දක්වා ඡන්ද ප්‍රකාශ කිරීම පහල වැටීමද ඡන්ද ප්‍රථිපල විග්‍රහ කිරීමේ සැලකිය යුතු සාධකයකි. ඡන්දයට පෙර සිටම පරාජය බාරගෙන කටයුතු කළ විපක්‍ෂයේ බංකොලොත් බාවය හේතු කොටගෙන බොහෝ පිරිස් ඡන්දය දීමට උනන්දුවක් නොදැක්වූ බව අනුමාන කළ හැකිය. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් හැට අට ලක්‍ෂයක් (6863186) එනම් 61.56ක් ලබා ගැනීමට NPPය සමත්වූ අතර සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 31ක් එනම් 5932510ක් ඡන්දය දීමෙන් වැලකී සිටීමද සැලකිය යුතු කරුණකි. කෙසේ වුවද මේ අන්දමේ ජයග්‍රහණයක් NPPයට ලබා ගැනීමට හැකිවීම පෙන්නුම් කරන්නේ පැරණි ගතානුගතික දේශපාලන රටාව ප්‍රතික්ෂේප කිරීමේ සමාජ මානසිකත්වයක් නිර්මාණය වීමය. එම පරිවර්තනය තීරණාත්මකව ආරම්භවූයේ 2022 ගෝල් ෆේස් අරගලයේදී සමාජ ගත කෙරුණු මතවාදයයි. එහි අවධාරණය වූ ප්‍රධාන සටන්පාඨ දෙක වූයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225 ගෙදර යැවිය යුතු බව හා වසර 76ක් රට පාලනය කළ දූෂිත දේශපාලනය අවසන් කළ යුතු බවය. එහි ප්‍රථිපලයක් වශයෙන් අරගලය නිසා රාජපක්‍ෂවරුන්ට පාලන බලයෙන් ඉවත් වීමට සිදු විය. එම හිදැස පිරවීම සඳහා අහම්භයෙන් ජනාධිපතිධූරයට පත් රනිල් වික්‍රමසිංහ විසින් අරගලය සමතලා කර දැමුවද රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරමින් ඔහු ගෙන ගිය ඉතා දැඩි මර්ධනකාරී පාලනයට එරෙහි ජනතා විරෝධය යටිතලයේ කැකෑරෙමින් පැවතින. 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන ඡන්දය රනිල් විසින් බලහත් කාරයෙන් කල් දැමීමද ජනතා විරෝධය ඉහල තලයකට පත් වීමට හේතු විය.

මෙම පසුබිම තුල රට පුරා නැගී එන මහජන විරෝධය හමුවේ අලුත් දේශපාලන බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය මහජන වේදිකාවට ගොඩ එන්නේ පැරණි ජනතා විමුක්ති පෙරමුණේ බෝඩ් ලෑල්ල ගලවා දමමින්ය. ඔවුන් ඒ සඳහා තවදුරටත් නාමික වශයෙන් හෝ සමාජවාදයට සම්බන්ද නැති බව ප්‍රදර්ශණය කලා පමණක් නොව IMF එක ඇතුලු නව ලිබරල් දේශපාලන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවට ප්‍රසිද්ධියේ සහතික දුන්හ.

මේ වන විට ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්ව ජාතික ජන බලවේගය ජයග්‍රාහකයා බවට පත්ව ආණ්ඩුව පිහිටුවා අවසානය. ජනතාව බලා සිටින්නේ ඔවුන් මැතිවරණ වේදිකාවල දුන් අති විශාල පොරොන්දු තොගය ඉටු කරන්නේ කෙසේද යන්නය. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම, මනාප බලු පොරය අවසන් කර ජනතාවට වගකියන මන්ත්‍රිවරයෙකු තෝරා පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රනිල් ඇති කරගත් ගිවිසුම සංශෝධනය කිරීම, VAT බදු පහත හෙලීම, කම්කරු වැටුප වහා වැඩි කිරීම, අධික ජීවන වියදම පහත දැමිම, ජාතික ප්‍රශ්ණයට විසඳුම් ඉදිරිපත් කිරීම හා සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA)අහෝසි කිරීම හා සියලු මර්ධනකාරී පනත් අහෝසි කිරීම. වංචාව හා දුෂණ වලට සම්බන්ද දේශපාලඥයින්ට එරෙහිව නඩු පැවරීම හා විදේශ රටවල ඔවුන් තැන්පත් කර තිබෙන මුදල් තොගය ආපසු ලබා ගැනීම, අධ්‍යාපනයට අයවැයෙන් සියයට 6ක් වෙන් කිරීම, සියලු ජනතා දේපොල විදේශික ජාවාරම්කරුවන්ට විකිණීම නතර කිරීම ඇතුලු විශාල පොරොන්දු තොගයක් ඒ අතර විය. ඔවුන් විසින් ජනතාවට දුන් මෙම පොරොන්දු ඉටු කිරීම සඳහා ප්‍රමාණය ඉක්මවා ගිය අසීමිත බලයක් NPPයට ලැබී ඇත. එබැවින් ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට පමණක් තනිවම කළ නොහැකිය යන අදහස කියා ගැලවීමට ඔවුන්ට ඉඩක් නොමැත.

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් බලයට පත්ව මැතිවරණයට දක්වා බලයේ සිටි දින 45ක් කෙටි කාලය තුල ඉහත දැක්වු පොරොන්දු ඉටු කිරීමට නොහැකි බව පැහැදිලිය. එසේ වුවද එම කෙටි කාලය තුල ඔවුන් ආණ්ඩු පාලනය ගෙන යනු ලැබුවේ කෙසේද යන්න විමසා බැලිමෙන් අනාගත ගමන් මඟ නිර්නය කරගත හැකිය. ලංකාව මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයට විසදුම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ඇති කර ගත් “ණය ධරණීය විශ්ලේෂණය” වෙනස් කරන බව අනුර කුමාර ප්‍රසිද්ධියේ කියා සිටියද ඔහු ජනාධිපතිධූරයට පත්ව මුලින්ම කලේ එම පොරොන්දුව අමු අමුවේ කඩා දැමීමකි. වසර දෙකක් යන තුරු රනිල් හා IMF අතර ඇතිවූ ගිවිසුම අනුව තමන් කටයුතු කරන බව ප්‍රකාශ කිරීම තුලින් අනුර කුමාරගේ අලුත් ආණ්ඩුවේ දිශානතිය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. එපමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභයගේ ආර්ථික උපදේශකයෙකු වූ හුලංගමුව අනුර කුමාරගේද ආර්ථික උපදේශකයා ලෙස පත් කර ගැනීම හා ජාත්‍යන්තර පරිමාණ විශාල ව්‍යාපාරිකයෙකු වන හාන්ස් විජේසූරිය ලංකාව ඩිජිටල් කරණය කිරීමේ වැඩ පිළිවෙල බාරදීම බරපතල ලෙස ප්‍රශ්ණ කළ යුතුය. රනිල් වික්‍රමසිංහ IMF උපදෙස් අනූව ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ඔවුන්ට උවමනා ලෙස ක්‍රියාවට නංවා ගැනීම සඳහා කටයුතු කලේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන හා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන දෙදෙනා සමගිනි. අනුර කුමාර මෙම දෙදෙනාට එම කටයුත්ත ඉදිරියට ගෙන යාම සඳහා එම තනතුරු වල තබා ගැනීම අනුර කුමාර ජාත්‍යන්තරයට සහ මුලින්ම යටත් වීම පෙන්නුම් කරයි. හාන්ස් විජේසූරිය මැලේසියාවේ ඩයලොග් සමාගමේ විශාල කොටස් හිමියෙකු බවද සඳහන් කළ යුතුය. ඒ අතර ජාතික ජන බලවේග ආණ්ඩුව හාම්පුතුන්ගේ සම්මේලනය (Employees Federation) හා ලංකාවේ වාණිජ මණ්ඩලය (Chember of Commerce) වැනි ධනපති පංතියේ ප්‍රධාන ආයතන සමග සමීපව වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩු බලය ගෙන යාම සඳහා ඔවුන් ධනපති ආයතන හා එහි නියෝජිතයින් සමග අනුගමනය කරන ක්‍රියාදාමයයි. මේ අනුව අනුර කුමාරගේ ආණ්ඩුවෙන් අතවශ්‍ය රාජ්‍ය වියදම් කප්පාදු කිරීම් හා දුෂිතයෙන් තොර පාලනයක් බව පෙන්වීමට මතුපිටින් කටයුතු කරනවා හැර දුර දිග යන සමාජ ප්‍රතිසංස්කරණයක් හෝ සිදු කිරීමට අසමත් වනු ඇත. අනුර කුමාර ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන සියලු පත්වීම් වල බහුතරය විවිදාකාරයෙන් පැවැති රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ද ජාවාරම්කාර පැළැන්තියේ අයවලුන්ය. මෙම පසුබිම මධ්‍යයේ නවලිබරල් විවෘත ආර්ථිකය දිගටම පවත්වාගෙන යන ආණ්ඩුවෙන් කම්කරු පංතිය හා ජනතාව බලාපොරොත්තු වෙන සහන නොලැබෙනවා පමණක් නොව ධනපති ක්‍රමයේ ආවේණික ලක්ෂණයක් වන දුෂණයද සහ මුලින්ම තුරන් කල නොහැකි වන්නේය. ජවිපෙයද සම්බන්ධව සිටි රාජපක්ෂවරුන්ගේ පාලන කාලයේ දුෂණ ගැන හා මහ බැංකු කොල්ලය වැනි බරපතල දුෂණයන්ට එරෙහිව මෙම ආණ්ඩුවෙන්ද විසඳුම් බලාපොරොත්තු වීමට නොහැකිය. එසේම දෙමළ ජනතාවගේ සැළකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තද 13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය මගින් පළාත් සභා පිහිටුවීමට එරෙහිව කටයුතු කල අනුර කුමාරලාගෙන් ජාතික ප්‍රශ්නයට දුරදිග යන විසඳුමක් බලාපොරොත්තු වීම බරපතල රැවටීමකි.

මෙම පසුබිම තුල ජනතා ඉල්ලීම් හා කම්කරු පංතියේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියා මාර්ග වලට ඉදිරි කාලයේදී අවතීර්ණ වීමට අනිවාර්්‍යයෙන්ම සිදුවනු ඇත. ඒ සඳහා කම්කරු පංතිය ඒකාබද්ධ බලවේගයක් ලෙස සංවිධානය වී කටයුතු කිරීම පියවර ගැනීම අත්‍යවශ්‍යවේ. මෙහිදී කට්ටිවාදයෙන් තොරව වෘත්තිය සමිති නායකයින් එකඟ වන අවම පොදු වැඩ පිළිවෙලක් සකසා ගනිමින් එය වටා සියලු බලවේග ඒකාරාශි කිරීම සඳහා පියවර ගත යුතුය. අනුර කුමාරගේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ලාංචනය ගමන් මග පැහැදිලි කරන මාලිමාව වුවද ඔහුගේ ආණ්ඩුව ඉදිරි කාලයේදී ගමන් කරනු ඇත්තේ මාලිමාවෙන් පෙන්වන ඉදිරි දැක්මක් නොමැති වල්මත්වූ ආණ්ඩුවක් වශයෙන් බව ඉදිරි කාලයේ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කල ජනතාවන්ට දැකීමට හැකි වනු ඇත.

සිරිතුංග ජයසූරිය
2024 – 11 – 18

Previous Post

2024 நாடாளுமன்றத் தேர்தல்

Next Post

2024 December Ratutharuwa

Next Post
2024 December Ratutharuwa

2024 December Ratutharuwa

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
November 2024
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Oct   Dec »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.