• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මැතිවරණයක් අබියස අරගලය විකුණාගෙන කෑම

Taniya by Taniya
September 3, 2024
in Articles
0
මැතිවරණයක් අබියස   අරගලය විකුණාගෙන කෑම

ගෝල්ෆෙස් අරගලයට වසර දෙකක් පිරුනෙ ගිය 9දාටයි. 2022 ජූලි 9දා තමයි අරගලයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කෙරුනෙ. 69 ලක්ෂයක ජනවරමින් තේරී පත්වුනු ජනාධිපතිවරයා ජනතා බලයෙන් පන්නා දැම්මය කිව්වම තාමත් හිතට දැනෙන ආආස්වාදය අපමණයි. ඒත් ඒ ආස්වාදය වැඩි දවසක් තිබුණෙ නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වුන රනිල් වික්‍රමසිංහ අරගලය පොඩිපට්ටම් කරන්න ගත්තෙ සති දෙකක් විතරයි. දැන් අපට ඉතිරි වෙලා තියෙන්නෙ අරගලය පිළිබඳ මිහිරි ඒ වගේම දුක හිතෙන මතක සටහන් විතරයි. ලංකාවේ ඉතිහාසයේ සටහන් වූ දැවැන්තම ජන අරගලය මේ අයුරින් නිමා වෙයි කියල අරගලයට සම්බන්ධ වූ අපි කවුරුවත් ඒ වෙලාවෙ හිතුවෙ නැහැ. හොල්ලන්නට බැරි මහ කළුගලක් වගේ තිබුණ රාජපක්ෂ බල කඳවුර බිමට සමතලා කරන්න අරගලයට හැකි වුනා. ඔවුන්ට රටේවත් ඉන්න බැරි තරමට අරගලය ඒ කියන්නෙ ජන බලය ඉස්මතු වුනා. රාජපක්ෂල රටට කළ විනාශය පිළිබඳව ජනතා සිත්සතන් තුළ සැඟවී තිබූ කෝපයයි මේ අයුරින් උතුරා ගියේ.

ඒ අරගලය නිමා වි දෙවසරකට පසුවත් අපට අරගලය ගැන ස්තෝත්‍ර ගයමින් ඉන්න හැකියාවක් නැහැ. ගෝටාභය පලායාමෙන් පසුව හිස්වූ ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ දැන් කරගෙන යන වැඩපිළිවෙළ දිහා බැලුවම ජනාධිපතිවරයකු පලවා හරින්නට තරම් සමත් වූ අරගලයක් රටේ තිබුණද කියල හිතාගන්නත් බැහැ. අරගලය තුළින් පලවා හරින්නට අපේක්ෂා කළ පොහොට්ටුව ප්‍රමුඛ 225 හොර කල්ලිය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ අරගලයේ තිබූ උත්තුන්ග පරමාර්ථ එකින් එක වළදාන්න ක්‍රියාකළේ අරගලයේ සිටි අපේ ඇස් ඉදිරිපිටදීමයි. දැන් ජනාධිපතිවරණයත් අත ළඟටම ඇවිල්ල. මේ වනවිට අරගලයේ ක්‍රියාකාරීව හිටපු අයත් සී සී කඩ විසිරිලා. සමහරු සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. තව පිරිසක් අරගලය මගින් බැහැර කරන්නට අපේක්ෂා කළ ‘මහ පක්ෂ‘වල මෙහෙකරුවන් බවට පත්වෙලා. තව පිරිසක් විවිධ සංවිධාන හදාගෙන තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් වැඩකරගෙන ඉන්නව. අරගලයේ පරමාර්ථ ඉදිරියට ගෙනයාමට කැපවූ තව පිරිසක් මහජන කවුන්සිල ව්‍යාපාරය හැටියට ගෝල්ෆෙස් අරගලය අලුත් අදියරකින් ඉදිරියට ගෙනයාමට උත්සාහ කරනවා. එක්සත් සමාජවාදී පක්ෂයේ අපි අයිති වෙන්නෙත් මෙන්න මේ කොටසටයි.

අරගලය තුළ විවිධ පක්ෂ සහ විවිධ දේශපාලන මතවාද දැරූ අය සිටිය වගේම මහජන කවුන්සිල ව්‍යාපාරය තුළත් එවැනි පිරිස් ඉන්නව. ඒත් එම ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන විටදී අප අපේ පක්ෂය හෝ මතවාදය එය තුළට එබ්බවීමට කටයුතු නොකොට අරගලයේ පොදු පරමාර්ථ සාක්ෂාත් කරගැනීමට කටයුතු කරයුතු බවට පොදු එකඟතාවක් තියෙනවා. එලෙස වැඩ කිරීමෙන් විතරයි මහජන කවුන්සිලය කියන්නෙ දේශපාලන පක්ෂ වැඩක් හෝ පක්ෂයක උපකරණයක්/මෙවලමක් නොවන බවට පොදු ජනයා තුළ විස්වාසයක් ජනිත කළහැකි වන්නෙ. මේ කාරණය මෙහෙම ලිව්වෙ මහජන කවුන්සිලය කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩක් බවට සමාජයේ විශේෂයෙන්ම ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් අතර පවා මතයක් නිර්මාණය වී තිබූ නිසයි. අරගලයේ ප්‍රධාන පරමාර්ථයක් වූ පාර්ලිමේන්තුවට යට නොවූ ජනතා බලයක් සහ පෙරටුගාමී පක්ෂයේ සටන් පාඨයක් වූ දියවන්නාවෙන් පිටත බලයක් යන දෙක අතර යම් සමපාත වීමකුත් පෙනෙන්නට තිබීම මීට එක හේතුවක් වෙන්න පුළුවන්. අනෙක් අතට මහජන කවුන්සිල ගොඩනැගීමේ කාර්‍යයේදී මුලදී මූලිකත්වය ගත්තෙ අරගලය තුළත් ක්‍රියාකාරීව හිටපු පෙරටුගාමී පාක්ෂිකයන් පිරිසක්. ඒ නිසාම මහජන කවුන්සිල ව්‍යාපාරය ප්‍රාදේශීය මට්ටමින් රට පුරා ව්‍යාප්ත කිරීමට බාධාකාරී තත්ත්වයක් පවතින බවත් අමතක කරන්න බැහැ.

දැනට ප්‍රාදේශීය මට්ටමින් ගොඩනගා ඇති මහජන කවුන්සිල කීපයක්.ම පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගූ ඒවා. ඒවා ගොඩනගා වසර කීපයක් ගත වුනත් ඒවා පවතින්නේ එම පක්ෂයේ දැඩි ග්‍රහණය යටතේයි. මේ වැඩපිළිවෙළට කොතරම් එකඟ වුවත්, මහජන කවුන්සිලය පෙරට ගෙනයාම වෙනුවෙන් කොතරම් කැපවී වැඩ කරන්නට අදහස් කළා වුනත් බාහිර කෙනෙකුට මේ ඇතැම් කවුන්සිල හා සම්බන්ධ වී වැඩ කරන්නට ඉඩක්/අවස්ථාවක් නැහැ. මන්ද යත් මේ ඇතැම් කවුන්සිලවලට අරක් ගත් පක්ෂ ක්‍රියාකාරීන් ඒවා පවත්වාගෙන යන්නේ ඉතා සංවෘත විදියටයි. ඒක පොදු සමාජයට විවෘත නැහැ.

මහජන කවුන්සිල වටා ගොනුවී සිටින අරගලයේ ක්‍රියාකාරීන් වැඩිදෙනෙක් මහජන කවුන්සිල දේශපාලන පක්ෂ රාමුවක් තුළ කොටු කරන්නට කැමති වුනේ නැහැ. අර කලින් කිව්ව විදියක් මහජන කවුන්සිල ගොඩනැගීමට බාධාවක් වුනෙත් මේ හැඟීමයි. මෙවන් වාතාවරණයක් තුළ තමයි අරගලය හා සම්බන්ධව සිටි පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් මූලික වෙලා ජන අරගල සන්ධානය නමැති දේශපාලන සංවිධානය ගොඩනැගෙන්නෙ. ඇත්තටම ඒක මැතිවරණ පෙරමුණක්. ඉදිරියේ එන ජනාධිපතිවරණයට මුහුණ නොදී සිටීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තියෙන නොහැකියාව නිසා එයට ආවරණයක් වශයෙන් ගොඩනැගූ එකක්. පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ආ පක්ෂයක් නිසා එහි දේශපාලන තිඹිරි ගෙය ජවිපෙයි. ජවිපෙ දැන් ජාතික ජන බලවේගය ගොඩනගා රටේ පාලන බලය ගැනීමට ඔන්න මෙන්න වගේ ඉන්නව කියල පේන තත්ත්වයක් තුළ පෙරටුගාමී පක්ෂ අනුගාමිකයන් විශාල වශයෙන් ජවිපෙ/ජාජබ දෙසට නැඹුරු වීමේ තත්ත්වයක් පෙන්නුම් කෙරුනෙ. දියවන්නාවෙන් පිටත බලයක් කියල කෑගැහුවට එවැන්නක් කෙරෙන පාටක් නැති නිසාත් ජවිපෙ දියවන්නාවේ බලය අල්ලගන්න ආසන්න වගේ පේන නිසාත් පෙසප අනුගාමිකයන් ජාජබය වෙතට නැඹුරු වීමේ ප්‍රවනතාව පෙසප නායකත්වයට ලොකු අභියෝගයක් වුනා. පෙසප මාධ්‍ය ඔස්සේ සහ වෙනත් ක්‍රියාකාරකම් හරහා මෙතෙක් ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපය බිඳවැටීමේ අවදානමකට මුහුණ පා සිටි අවස්ථාවක තමයි මේ ජන අරගල සන්ධානය ගොඩනගා ගැනීමට ඔවුන් යොමු වෙන්නෙ.

තමන්ගේ දේශපාලන ධාරාවට අනුගත කුඩා සංවිධාන/කණ්ඩායම් කීපයක් සහ සටන්කාමී අරගලකාරී උවමනාව හැර දේශපාලනයේ ගැඹුරක් නොදුටු අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් එකතු කරගෙන ජන අරගල සන්ධානය ගොඩනැගෙන්නෙ මේ සන්දර්භය තුළයි. මෙය හඳුන්වා දෙන්න පුළුවන් හොඳම යෙදුම තියෙන්නෙ ඉංගිරිසි බසින්. එය ්කකස්බජැ දf ජදබඩැබසැබජැ එකක්. ගැඹුරු දේශපාලන සංවාදයකින් පසුව ඇති කරගත් කල් පවත්නා ප්‍රතිපත්ති රාමුවක් උඩ ගොඩනැගුනු එකක් වෙන්න බැහැ. අරගලයේ අරමුණු ඉදිරියට ගෙනගොස් හැබෑ ිහිඑැප ජය්බටැ එකක් කරන්න මේ සන්ධානය ගොඩනැගූ අයට ඇත්ත උවමනාවක් තිබුණ නම් ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කළ, ඒ වගේම පෙසප නායකත්වය හොහොඳින් දන්නා එක්සත් සමාජවාදී පක්ෂය සමග මේ ගැන කතා නොකළේ ඇයි? මේ සන්ධානයේ අනෙකුත් කොටස් නොදන්නව උනාට පෙසප නායකත්වය හොඳට දන්නව මැතිවරණයකදී තමන්ගෙ ජාම බේරගන්න හදන සන්ධානයකට එක්සත් සමාජවාදී පක්ෂය එකතු නොවන බව. ඕනෑම ආකාරයක සන්ධානයක් පෙරමුණක් ගොඩනැගීමට ඕනෑම පක්ෂයකට අයිතියක් තියෙනවා. එහි ප්‍රතිපත්ති/වැඩපිළිවෙළ විවේචනයට ලක්වුනත් ඒ අයිතිය බැහැර කරන්න බැහැ. හැබැයි මේ අවස්ථාවෙදි මේ ජන අරගල සන්ධානය බොහෝ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන්ගේ ඇහි බැම උඩට කරන්නට හේතු වුනේ අරගලය කියන නම මැතිවරණ පෙරමුණක නමට යොදා ගැනීම නිසයි. ඒ කියන්නෙ අරගලයෙ අයිතිකාරයො මොවුන්ද? අරගලය නමින් ඡන්දය ඉල්ලන්න මොවුන්ට අයිතියක් තියෙනවද? වගේ ප්‍රශ්න ඔවුන් මතු කරනව.

ඇත්ත කාරණය තියෙන්නෙ පෙරටුගාමී පක්ෂය පිළිබඳව මුලින් කී විස්තරය තුළයි. තමන්ගෙ නොහැකියාව වසාගන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකත්වය ගත් මේ පියවර අනාගතයට බලපාන්නෙ කොහොමද කියන එකයි අප විසින් බැලිය යුතු මූලික කාරණය. පෙසපට අනුගත කොටස් හැර සමාජයේ අරගලයට හිතවාදී කොටස් මෙය දකින්නෙ අරගලය විකුණාගෙන කෑමක් හැටියට කියන කාරණය හංගන්න බැහැ. මේ වෙලාවෙ තමන්ගෙ පැවැත්ම යන කෙටිකාලීන අරමුණ ඉටුකර ගන්නට ඉවහල් වුනත් මේ ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී එදා ආකාරයෙන් අරගලයක් මතුවීමට තියෙන අවස්ථා මේ නිසා දැඩි ලෙස ඇහිරී යනවා. පෙසපයේ මෙම ක්‍රියාකලාපය පොදුවේ වමේ ව්‍යාපාරයටම පොදු අරගල ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමට තිරිංගයක් විදියට ක්‍රියා කරනු ඇති. ඒ නිසා අරගලයේ ජීව ගුණය සුරැකීමටත් එය තව ශක්තිමත් කොට ඉදිරියට ගෙනයාමටත් කැපවී ක්‍රියා කිරීම මේ දේශපාලන උපායට හසු නොවූ අයගේ වගකීමයි.

Previous Post

August – September 2024

Next Post

The Left and the Presidential Election 2024

Next Post
The Left and the Presidential Election 2024

The Left and the Presidential Election 2024

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
September 2024
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Aug   Oct »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.