lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

dhammika by dhammika
November 1, 2022
in Articles
0
Share on FacebookShare on Twitter

රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් රාජපක්‍ෂගේ අලුත්ම අඩව්ව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර තිබෙන ණය ලබා ගැනීමේ කොන්දේසි ඉටු කිරීම සඳහා අඩු ආදායම් ලාභී පීඩිත ජනතාවගේ බොටුව හිර කිරීමටය. තෝරු – මෝරු වැනි විශාල ව්‍යාපාරිකයින්, කැසිනෝකාරයින් රක්‍ෂණ සමාගම් අයිතිකරුවන් හා වෘතිකයින් විසින් ගෙවිය යුතු මහා පරිමාණ බදු නොගෙවා සිටින පසු බිම තුළ රුපියල් ලක්‍ෂයක් උපයන ජීවිතය අමාරුවෙන් ගැට ගසා ගන්නා සාමාන්‍ය ජනතාවගෙන් සෘජු බදු අය කිරීමට ගෙන තිබෙන තීන්දුව පරාජය කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුය.

මේ අතර තේරුම් ගත යුතු වන්නේ කොළඹ වරාය නගර සංවර්ධන පනත යටතේ පිහිටුවා තිබෙන සමාගම් වලින් ආණ්ඩුව බදු අය කිරීම කරනු ලබන්නේ තව අවුරුදු 40ක් ගෙවීමෙන් පසුවය. එසේම උපාය මාර්ගික සංවර්ධන පනත යටතේ පිහිටුවන සමාගම් වලට අවුරුදු 25ක බදු විරාම කාලයක් ආණ්ඩුව විසින් ලබා දී ඇත. මෙලෙස මහා පරිමාණ ව්‍යවසායකයින්ට ආණ්ඩුවෙන් බදු සහන ලබා දී තිබෙන අතර කම්කරු පංතිය ඇතුලු සාමාන්‍ය ජනතාවගේ ලේ උරා බීම සඳහා අලුත් බදු ක්‍රමය හඳුන්වා දී ඇත. උදාහරණයක් වශයෙන් දෛනික පොල් කඩන කම්කරුවෙකු සාමාන්‍යයෙන් දිනකට රු.3000/= ක් පමණ මුදලක් උපයති. එසේම බඩු පැටවීම හා බෑම සිදු කරන ඉතා දුඛ්ඛිත ජීවිතයක් ගත කරන නාටාහාමි වරයෙක් පවා දිනකට රු 3000/= ක පමණ මුදලක් උපයති. රනිල්ගේ මෙම අලුත් බදු යෝජනාව අනුව පොල් කඩන කම්කරුවාගේ සිට නාටාහාමි දක්වා බදු ගෙවිය යුතුය.

රාජ්‍ය ආදායම හා වියදම අතර පියවා ගත නොහැකි විශාල පරතරයක් තිබෙන බව සැබෑවක් වන අතර ඊට වග කියයුත්තේ රනිල් ඇතුලු රට කාබාසිනියා කළ ධනපති පාලක හැත්තය. 2021 වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1457ක් වන අතර රාජ්‍ය වියදම රුපියල් බිලියන 3537කි. මෙම මුදල් වලින් අතිවිශාල මුදලක්ක වැය වන්නේ හමුදාව නඩත්තු කිරීම සඳහාය. යුද්ධය අවසන් වී වසර 13ක් ගතව ඇතත් අයවැයෙන් විශාල පංගුව වෙන් කර තිබෙන්නේ හමුදාව නඩත්තු කිරීමටය. හමුදා වියදම අඩකට වැඩියෙන් කප්පාදු කිරීමට රනිල් පියවර නොගත්තේ ඇයි. ඒ පමණක් නොව මෙතරම් විශාල ආර්ථික අර්බුදයක් තිබෙන පසුබිම තුල විශාල ඇමති මණ්ඩලයක් හා රාජ්‍ය ඇමතිවරු වෙනුවෙන් විශාල මුදලක් කාබාසිනියා කරන්නේ ඇයිද යන්න ජනතාව ප්‍රශ්ණ කළ යුතුය. ඉතා අමාරුවෙන් ජීවිකාව ගෙන යන කම්කරු පංතිය ඇතුලු පීඩිත ජනතාව විසින් පරිප්පු ඇටයේ සිට සබන් කෑල්ල හා ගිනිපෙට්ටිය දක්වා වක්‍ර බදු ගෙවීම සිදු කරන පසුබිම තුල ඔවුන් පිට තවත් සෘජු බදු අය කිරීමට රනිල් විසින් ගෙන තිබෙන පියවරට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බව රතු තරුව අවධාරණය කර සිටී.

Tags: රනිල්ගේ බදු යෝජනාවෙන් ජනතාව නොමරා මරයි

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
IMF

IMF

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.