lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට

dhammika by dhammika
May 30, 2018
in Articles
0
Share on FacebookShare on Twitter

දෙමළ ජනයා : කඳුළු අතුරින් සටන් මගට ජනතාව වීදිබැස සටන් කිරීම මෛත‍්‍රී පාලනයේ හෝ යහපාලනයේ හොඳකම නිසා සිදුවුනු දෙයක් නෙවෙයි. එ්ක ජනතාව දිනාගත්ත අයිතියක්. coque iphone outlet store මේ අයිතිය දිනා ගන්න වැඩියෙන්ම දායක වුනේ මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාවයි. ඔවුන් 2015 ජනවාරියේදීත් අගෝස්තුවේදීත් කෙලින්ම යහපාලනයට හෝ යහපාලනය වෙනුවෙන් තොග වශයෙන් ඡුන්දය දුන්හ. එහෙම ඡුන්දය දිල ඔවුන් වසර දෙකක් පමණ කල්බලා හිටිය ඇඟට දැනෙන් වෙනසක් ප‍්‍රතිඵලයක් ලැබෙයිද කියල. මෛති‍්‍රපාල නිදහස් දිනයට, එහෙම නැත්නම් උතුරට ගිහිල්ල සංහිදියාව ගැන ,මසුරං, කතා කිව්වට මහ පොලොවෙ කිසිදෙයක් වුනේ නැහැ. යුධ සමයේ බලහත්කාරයෙන් හමුදාවට පවරා ගත්ත ඉඩම් ටික ආපසු දෙයි කියලා, වසර ගනනාවක් තිස්සේ ත‍්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරයි කියල. වසර 30ක කුරිරු යුද්ධය අතරතුර පැහැරගෙන යන ලද හෝ අතුරුදහන් කරන ලද තම ¥පුතුන්ට මොකද වුනේ කියල ඇත්ත කියයි කියල. යුද්ධයේ අවසන් අදියරේදී මරාදමන ලද දහස් ගණනක් දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කරමින් යුධ අපරාධ කළ අයට දඩුවම් කරයි කියල, දෙමළ ජනයා ඇස් කන් ඇරගෙන බලා හිටිය. මෙයින් ඇතිවුනු අපේක්ෂා භංගත්වය විසින් තමයි දෙමළ ජනයා තම අයිතිය ඉල්ලා පාරට බැස්සෙ. offre coque huawei මුලතිව් කෝප්පාපිලවු, මන්නාරමේ මුල්ලකුලම් වැනි තැන්වල අල්ලාගත් තම ඉඩම් ආපහු දෙන ලෙස ඉල්ලලා. coque iphone france කිලිනොච්චිය, වව්නියාව වැනි තැන්වල අතුරුදහන් කළ තම ¥දරුවන්ට මොකද වුනේ කියා විමසමින් ජනතාව අඛණ්ඩ උද්ඝෝෂණ වලට යොමු වුනේ මේ අනුවයි. මේ හැම තැනකම මේ වන විට දින 100කට වැඩි කාලයක් ජනයා වාඩිලාගෙන සත්‍යග‍්‍රහ උද්ඝෝෂනවල යෙදී ඉන්නව. විශේෂයෙන්ම කිලිනොච්චියෙ මව්වරු තම ¥දරුවන් ඉල්ලමින් ගෙනයන අරගලය ඉතාම සජීවී එකක්. එ් අරගලයට දින 100ක් පිරීම නිමිත්තෙන් පසුගිය මැයි 30දා තිබුණු උද්ඝෝෂණයට විශාල ජන සහභාගීත්වයක් තිබුණ. උතුර පදනම් කරගත් දේශපාලන පක්ෂවලට අමතරව දේශපාලන පක්ෂයක් වශයෙන් එයට සහභාගිවූයේ එක්සත් සමාජවාදී පක්ෂය පමණයි. මැයි මාසය මේ වන විට දෙමළ ජනයාට සුවිශේෂී මාසයකි. 27 වසරක් පුරා පැවති යුද්ධය තිරශ්චීන ලේ වැගිරීමකින් අවසන් වූයේ 2009 මැයි මාසයේදීය. දහස් ගණන් දෙමළ ජනයා තම ජාතික අයිතිය ඉල්ලා ගෙනගිය අරගලයේදී දිවිපිදුහ. එම ජීවිත ජුජාවන් සිහි කරමින් කඳුලක් හෙන්නටවත් රාජපක්ෂ පාලන සමයේදී ඔවුනට අයිතියක් නොවීය. පහනක් දැල්වීම සාපරාධී වරදක් විය. එ් පාපතර පාලනය පෙරළා දැමුවද තම මළවුන් සිහිකර පහනක් දල්වන්නට අයිතිය ලබා ගැනීමට දෙමළ ජනයාට තවමත් සටන් කරන්නට සිදුව තිබේ. කෙසේ වෙතත් මෙවර මැයි 18දා ඔවුහු වෙල්ලමුල්ලිවයික්කාල්හිදී සිය ගණනින් රැුස්වී පහන් දල්වා තම මළවුන් සිහි කළහ. එය අපට වැදගත් වන්නේ දෙමළ ජනයා යුද්ධයේ පරාජයෙන් පසු තම අයිතීන් ඉල්ලා නැවත නැගිටීමට යොමුවීමක් නිසාය. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ අරගලයද අප අතනොහැර ඉදිරියට ගෙනයා යුතුයි. දේශපාලන සිරකරුවන් වූ නිමලරූබන් සහ දෙල්රුක්ෂාන් ඝාතනයට ලක්වූ වව්නියාව බණ්ධනාගාරයට හමුදාව සහ ීඔත්‍ පහරදුන්නේ 2012 ජුනි 27දා වන අතර මේ ගැන තාමත් නිසියාකාර පරීක්ෂණයක්වත් සිදුවී නැත. එක්සත් සමාජවාදී පක්ෂය දෙමළ ජනයාගේ මේ සියලූ ප‍්‍රශ්න වෙනුවෙන් තීරනාත්මක ලෙස මැදිහත් වන්නේ දෙමළ ජනයාගේ ජාතික පීඩනයට එරෙහි අරගලය කම්කරු පන්තියේ සමස්ත අරගලයේම කොටසක් බව සලකමිනි. coque de telephone samsung galaxy j5 කම්කරු පන්තිය එ් සඳහා බද්ධ කරගැනීම මෙහිලා අත්‍යවශ්‍ය අංගයකි.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
Against Donald Trump

Against Donald Trump

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.