lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි.

dhammika by dhammika
May 30, 2018
in Articles
0
Share on FacebookShare on Twitter

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා – පොලිස් මර්ධනය කැඳවයි. පසුගිය මාස දෙක තුනක කාලය තුළ උතුරේ මිනීමැරීම්, වෙඩිතැබීම්, පහරදිම් හා මංකොල්ලකෑම් ගැන නිතර වාර්තාවිමට පටන්ගෙන ඇත. උතුරේ සිදුවන මෙම සිදුවීම් එකක්වත් අසාමාන්‍ය සිදුවීම් හෝ අප රටේ කොතැනක හෝ කිසිදිනක සිදුනොවූ එ්වා නොවේ. Coque pour Huawei කලූතරදී බන්ධනාගාර රථයකට වෙඩිතබා සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු මහ දවල් ඝාතනය කරනු ලැබීය. මෙම අගෝස්තු මස බිලූමැන්ඩල් වලදී රිවෝල්වරයක් හා වෙනත් ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය. Coque iPhone 6S එවැනි සිදුවීම් දකුණේ නිරන්තරව සිදුවන දේවල්ය. තුවක්කු හා පිස්තෝල සමඟ කීපදෙනෙකු නොබෝදා කලූතරදී අත්අඩංගුවට පත්විය. එසේ වුවද උතුරේ සිදුවන මෙවැනි අපරාධවලට විශාල ප‍්‍රචාරයක්දීමට දකුණේ සිංහල මාධ්‍ය හා ජාතිවාදී බලවේග කටයුතු කරන බව පෙනී යයි. නිතිය අභිබවා යමින් උතුර දකුණ නොතකා රටේ කොතැනක හෝ සිදුකරන අපරාධ, මංකොල්ල හා මිනිස් ඝාතන වලට එරෙහිව නීතිය එකසේ කි‍්‍රයාත්මක විය යුතුය. එ් ගැන විවාදයක් තිබිය යුතු නැත. නමුත් ප‍්‍රශ්නය වන්නේ උතුරේ සිදුවන අපරාධ හා මිනීමැරීම් වැනි සිදුවීම් දඩමීමා කරගෙන නැවත වරක් උතුරේ ජනතාව මිලිටරි – පොලිස් මර්ධනයකට යටත් කිරීමට දරණ උත්සාහය පිළිබඳ ප‍්‍රශ්ණයයි. ජුලි 30 වන දින යාපනයේ කොන්ඩාවිල්හිදී කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට පහරදී ඇත. මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම ප‍්‍රදේශයේ පැමිනිල්ලක් විභාග කිරීම සඳහා ගමන් කරමින් සිටියදී 11 දෙනෙකුගේ කල්ලියක් ඔවුන් පසුපස හඹාගොස් කඩුවලින් කොටා පලාගොස් ඇත. මෙම පහරදීම ඉහත සදහන් පරීඏණයට සම්බන්ද බවටද තොරතුරු අනාවරණයවී ඇත. ඊට පසු දින එනම් ජුලි 31 වෙනි දින යාපනයේ සංචාරයක යෙදුන පොලිස්පති පූජිත ජයසුන්දර යාපනයේ ආගමික නායකයින් හා සිවිල් කි‍්‍රයාකාරීන් සමග පැවැති සාකච්ජාවකදී මෙසේ ප‍්‍රකාශ කර ඇත. ,ත‍්‍රස්තවාදය අවසන් කළ බව කිව්වත් එ් හා සම්බන්ද සියලූ දේවල් අවසන්වී නැහැ. coque huawei nova pas cher එල්.ටී.ටී.ඊ සංවිධානය ත‍්‍රස්තවාදය ආරම්භ කලේද මේ අකාරයටමයි. ත‍්‍රස්තවාදීන් අවි ආයුධ ලඏ ගණන් බාරදුන්නත් සියලූ අවි ආයුධ ඉවරයි කියා කියන්න බැහැ., යයිද පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර ඇත. මේ ප‍්‍රකාශය දකුණේ ජාතිවාදින්ට උඩගෙඩි සැපයීමකි. යාපනයේ ආරඏාව තර කිරීම සඳහා විශේෂ කාර්යබලකාය දිවා රාත‍්‍රී මුර සංචාරය සඳහා යොදවා ඇති බවත් ඉදිරියේදී අවශ්‍යතාවය මත ති‍්‍රවිධ හමුදාවේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත. ජුනි මාසය ඇතුලත යාපනයේ මෙවැනි සිදවීම් කිහිපයක්ම වාර්තාවිය. එ් අතර එක් සිදුවීමක් වූයේ යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාගේ ආරඏක නිලධාරියෙකු නල්ලූර් ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමය. එසේම ජුනි මස 9වෙනිදා පේදුරුතුඩුවේදී වැලි ප‍්‍රවාහනය කරමින් සිටී ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩිතබා එහි ගමන් කරමින් සිටී තරුණයෙකු ඝාතනයට ලක්වීමය. පොලිසිය මේ ගැන ඇඟබේරා ගැනීම සඳහා ප‍්‍රකාශ කලේ මෙම ටිපර් රථය අනවසර වැලි ප‍්‍රවාහණය කරමින් සිටී බවත් අණ නොතකා රථය ධානය කිරීම නිසා එයට වෙඩි තැබිමට සිදුවූ බවත්ය. coque samsung s8 පොලිසියේ මෙම විහිළු ප‍්‍රකාශ විශ්වාස කරන ජනතාවක් අප රටේ සිටින්නේද ? මේ අතර දකුණේ බංකොලොත් ජාතිවාදී දේශපාලඥයින් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා රෝහිත අබේගුණවර්ධන වැනි අය උතුරේ මෙම සිදුවීම් අතිශයෝක්තිකරණයට නංවමින් රාජපඏ පාලනය ඉවත් කිරීමෙන් පසු උතුරේ නැවත ත‍්‍රස්තවාදී කැරලිකාරීත්වයක් ආරම්භ වී ඇති බව දකුණේ සිංහල ජනතාව තුලට කාවැද්දීමට වියරු උත්සාහයක යෙදී ඇත. මොවුන්ගේ නවතම තුරුම්පුව ,ආවාකල්ලියයි,. ආවාකල්ලිය රාජපඏ පාලන සමයේ ගෝඨාභයගේ අනුදැනුම මත නිර්මාණය කල දෙයක් බව මේ ඊනියා දේශපේ‍්‍රමීන්ට අමතකවීම පුදුමයකි. මෙම පරිසරය තුල උතුරේ ජනතාවගේ නායකයින් ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධාන නායකයෝ මෛතී‍්‍ර – රනිල් ආණ්ඩුව සමග සහජීවනයෙන් ඔවුන් පසුපස බඩගාමින් දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නය ගැන හෝ එදිනෙදා ප‍්‍රශ්න කෙරෙහිවත් විසදුමක් ඉදිරිපත් කිරීමට නොහැකි බංකොලොත් තත්වයට ඇදවැටී ඇත. යුද්ධයෙන් වසර 8ක් ඉක්මවා ගොස් තිබුනද උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන එදිනෙදා ප‍්‍රශ්න වන හමුදාව විසින් අල්ලාගෙන සිටින පාරම්පරික ඉඩම් ආපසු ලබා ගැනීම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, අතුරුදහන්වුවන් පිළිබද ප‍්‍රශ්නයට වැනි කාරනා ගැන විසදුම් දිමට ආණ්ඩුව අසමත්ව සිටී. වවිනියාව, කිලිනොච්චිය හා මුලතිව් වැනි ප‍්‍රදේශවල අතුරුදහන්වුවන්ගේ දෙමවිපියන් හා ඥතීන්ගේ අඛණ්ඩ උද්ඝෝෂණය මේ වනවිට දින 175කට ආසන්න වෙමින් ඇත. Coque huawei Outlet රටපුරා සමස්තයක් ලෙස තිබෙන තරුණ විරැුකියාව ඉතා ඉහල මට්ටමක උතුර හා නැගෙනහිර පලාත් වල වර්ධනය වෙමින් ඇති අතර තරුණ අසහනය උග‍්‍රවෙමින් පවති. මෙම පසුබිම තුල උතුරේ ජනතාව තුල විවිධ උද්ඝෝෂණ හා විරෝධතා මතුවීම කිසිවෙකුට වැලැක්විය නොහැක. මේවාට විසදුම්දිම වෙනුවට මර්ධනය කැඳවීම භයානක ප‍්‍රතිපල අත්කර දියහැකි බව අවධාරණය කළ යුතුය. උතුරේ ජනතාව තමන් මුහුණ දෙන ප‍්‍රශ්ණ වෙනුවෙන් ගෙනයන උද්ඝෝෂනයන්ට දකුණේ කම්කරු පංතිය ප‍්‍රමුඛ ප‍්‍රගතිශිළි ජනතාවගේ සහයෝගය ලබාදිය යුතුව ඇත. ජාතික ප‍්‍රශ්නය විසදීමට අලූත් ව්‍යවස්ථාවක් ගෙනඑ්ම කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ දෛනික ප‍්‍රශ්ණවලට විසදුම් සැපයිය නොහැකි බංකොකොලත් යහපාලන ආණ්ඩුව ඊට පිළියම් ලෙස නැවත වරක් හමුදා – පොලිස් මර්ධනය දියත් කිරීමට සුදානම් වන බව පැහැදිලිව දැකිය හැකිය.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post

North

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.