lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

“NO”

senan by senan
June 28, 2015
in World News
0
“NO”
Share on FacebookShare on Twitter

යුරෝපා බලවතුන්ගේ ණය කොන්දේසි යෝජනා ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කිරීමට ග්‍රීසියේ සිරීසා ආණ්ඩුව ගෙන තිබෙන තීරණය පිළිබද කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ ග්‍රීක අංශය – සෙකනිමා සංවිධානය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය

සිරීසා ආණ්ඩුව අවසානයේ නිවැරදි තීරණය ගෙන තිබේ! ණය දෙන්නන් සමග ‘එකගතාවයක්’ ඇතිකරගැනීම පිළිබද ප්‍රශ්නය ග්‍රීක ජනතාව ඉදිරියට ගෙන යාම සහ ජනමත විචාරණයක් මගින් එය ප්‍රතික්ෂේප කිරීම සදහා යෝජනා කිරීම! මෙය ඉතාම නිවැරදි තීරණයකි.

ආණ්ඩුව පාර්ශවයෙන් මුලදී පෙන්නුම් කළ පසුබැසීම්වලින් අනුබල ලත් ඊනියා ‘ආයතන’ ( මේ ට්‍රොයිකාව සදහා තවත් නමකි ) වඩ වඩා මහන්තත්වකම් පෑ අතර එම මහන්තත්වකම් පෑම සියලු සීමා ඉක්මවා යන්නක් විය. ඔවුන්ට අවශ්‍ය වූයේ නව ආණ්ඩුව හුදෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – පැසොක් පක්ෂය – පොටාමි පක්ෂ යන පක්ෂවලින් යුක්ත වූ පූර්ව ආණ්ඩුවේම තවත් එක් පුනරුක්තියක් බවට පත්කිරීමටය. නව සිරීසා ආණ්ඩුව දණ ගස්වා, පෙර ආණ්ඩුවල ප්‍රතිපත්තිම ක්‍රියාවේ යොදවන ලෙස ඊට බලකොට සිරීසාව අවමානයට පත්කොට යටත් කරගැනීමටත් ඒ තුලින් ග්‍රීක ජනතාව අවමානයට හා යටත් කිරීමට ලක්කිරීමටත් ඔවුහු උත්සාහ කළහ. ඒ සිරීසාවට සිදුවූ දෙය පාඩමක් කොට තමන්ගේ අණ ප්‍රශ්න කිරීමට තරම් නිර්භය වෙන යුරෝපයේ වෙනත් ජනතාවක් වේ නම් එම ජනතාව එම පාඩම පෙන්වා බියගැන්වීමටය.

සිරීසා ආණ්ඩුව මෙම බලපෑම ප්‍රතික්ෂේප කොට තිබේ! මෙය අවසානයේ පැමිනි ප්‍රබල බලසම්පන්න ප්‍රතික්ෂේප කිරීමකි. මෙය වූ කලී මුලු යුරෝපයම සොලවා දැමීමෙහිලා සමත් එමෙන්ම ලෝකයේ සෑම කෙලවරකටම ලගා වීමෙහිලා තරම් සමත් ප්‍රබල ප්‍රතික්ෂේප කිරීමකි.

ප්‍රතිවිරුද්ධ කෙලවරේ ප්‍රතිගාමී බලවේග සිය සකල විධ බලය එක්රැස් කරනු ඇතැයි අපේක්ෂා කල හැක. බැංකුකරුවන්, නැව් හිමියන්, කර්මාන්තකරුවන්, විශාල ඉදිකිරීම්වල යෙදෙන ව්‍යාපාරිකයින්, මාධ්‍ය, යුරෝපා සංගමයේ සංස්ථාපිතය, ජාත්‍යන්තර සංවිධාන ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා බැංකුව ආදී වූ ), බහුජාතික සමාගම් – මේ සියල්ලෝ අප ජනමත විචාරණයේ දී ‘නැත’ යන පිලිතුර දුනහොත් අපට ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවනු ඇත යන්න අපට ‘ඒත්තු ගැන්වීමට’ මුලු වැර යොදා වෑයම් කරනු ඇත.

එහෙත් සැබෑ ඛේදවාචකය වනුයේ ණය දෙන්නන්ට පැටවීමට අවශ්‍ය වී තිබෙන ක්‍රියාමාර්ගවලට ‘ඔවු’ යැයි ජනමතවිචාරණයක දී පිළිතුරු දීමය. ආර්ථිකය විනාශ කළ , එසේම සමාජ ඛේදවාචකයක් ජනිත කළ පසුගිය වසර පහ තුල අනුගමනය කල ප්‍රතිපත්ති එසේ වුවහොත් ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති අතර මෙය ඛේදවාචකයක් මිස අන් කිසිවක් නොවේ.

වත්මන් සමාජ ඛේදවාචකය ඇති කල ප්‍රතිපත්තීන් අප ප්‍රතික්ෂේප කලහොත් තමුන් මහා විනාශයක් ඇති කරන බව අපට කීමට තරම් මේ ‘මහත්වරුන්ට’ ( සහ ‘නෝනාවරුන්ට) ධෛර්යය තිබේ! මේ බොරුකාරයෝ තමන්ගේ ප්‍රතිපත්ති ‘අපගේ’ ප්‍රශ්න විසදනු ඇති බවටත් ඒ ප්‍රතිපත්ති මගින් ඇතිවන  වර්ධනය හා සංවර්ධනය විසින් අපව ‘මුදාගනු ඇති බවටත්’ මුල පටන්ම මුසාවාද ඇද බෑහ. එසේ කියන අතරේ අප ඔවුන්ගේ මුදල් හා ඔවුන්ගේ කාලය කා දමන ‘අලස’, ‘දූෂිත’ හා ‘කමකට නැති’ ජනතාවකැයි ඔවුහු අප ගර්හාවට හා නින්දාවට ද පාත්‍ර කළහ.

දැන් ඔවුන්ට නිසි පිලිතුරු දීමට මොහොත උදාවී තිබේ!

එසේම ණය දෙන්නන්ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම සදහා දෙන ඡන්දය යුරෝකලාපයෙන් රට ඉවත්ව යාමට පක්ෂව ලබා දෙන ඡන්දයක් ද වන බව අප පැහැදිලිව වටහා ගත යුතුය.

යුරෝව බදු ප්‍රබල ජාත්‍යන්තර මුදල් ඒකකයක සිට ඩ්‍රැක්මාව බදු කුඩා ආර්ථිකයක මුදල් ඒකකයකට විතැන් වීම අවදානම්වලින් සමන්විත ක්‍රියාමාර්ගයකි. එහෙත් පවතින කුණු වී ගොස් තිබෙන ක්‍රමයෙන් කැඩී වෙන්වීම සදහා අවශ්‍ය නිසි ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවන්නේ නම් මෙකී අවදානම් ජයගත හැකි වනු ඇත.

ඩ්‍රැක්මාව වෙත නැවත යාම ‘අපායට ඇතුලු වීම’ හා සමාන වනු ඇතැයි ප්‍රාග්ධනයේ ඒජන්තයින් ගෙන යන ප්‍රචාරය සුවිශාල බොරුවකි. බොරු කීම ‘කලාවක් ‘ බවට පත්කරගෙන ඇති මෙම ඒජන්තයින්ගේ විශාල බොරු ගොන්නක තවත් එක් බොරුවකි මේ. සංස්ථාපිතය නියෝජනය කරන මේ දූෂිත ඒජන්තයින් ඇත්ත කීවේ කවදාද? අපායට වැටෙනු ඇත්තේ ධනවාදී මාවත දිගේ තවත් ඉදිරියට ගියහොත්ය. දැන් අවශ්‍ය වී තිබෙන්නේ එම මාවතෙන් කැඩීමකි.

 

ක්‍රියාමාර්ග මාලාවක ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක ආර්ථිකයට නැවත දෙපයින් සිටගැනීමේ හැකියාව ඇත. ධනකුවේර තන්ත්‍රයක ලාභ සදහා කටයුතු කරනු වෙනුවට එලෙස දෙපයින් සිටගන්නා ආර්ථිකයක් සමාජ අවශ්‍යතා වෙනුවෙන් සේවයේ යෙදවීමට පුලුවන් වනු ඇත.

මහා පරිමාණ ප්‍රාග්ධනයට ස්වකීය මුදල් හා ලාභ, වෙනත් වචනවලින් කියනවා නම් අපගේ ශ්‍රමය විසින් නිෂ්පාදිත ධනය, විදේශයන් වෙත අපනයන කළ නොහැකි වන පරිදි ප්‍රාග්ධන සීමා වහ වහා පැනවිය යුතුව තිබේ. සතියකට කළ හැකි බැංකු මුදල් ආපසු ගැනීම්වලට සීමාවක් දැමීම කළ යුතුය. ධනපතීන්ට  මුදල් ආපසු ඇදගැනීම තුලින් බැංකු සංචිත හිස් කිරීමට ඉඩ නොදීමට මේ ක්‍රියාමාර්ගය ගත යුතු අතර එහිදී වැඩකරන පංතියේ පවුල්වලට හා කුඩා ව්‍යාපාර හිමි පවුල්වලට තමන්ගේ අව්‍යතා ඉටු කරගැනීමට ප්‍රමාණවත් වන ලෙස එකී සීමා පැනැවීමට වගබලා ගත යුතුය.

ජූනි 30 වන දා, එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අප විසින් අතිරේක යූරෝ බිලියන 1.5 මුදලක් ගෙවිය යුතුව තිබෙන දිනයේ ‘අපි මුදල් නොගෙවමු’ යැයි නිශ්චිතව ප්‍රකාශ කල යුතු වෙමු. අප දැන් උවමනාවටත් වඩා ගෙවා ඇත. මේ ණය අපගේ ණයක් නොවේ. ඒ නිසා අප එය ගෙවන්නේ නැත!

ආර්ථිකය දණ ගැස්වීම සදහා කල හැකි සියලු දේ මහා පරිමාණ ප්‍රාග්ධනය විසින් කරනු ඇත යන්න ගැන සැකයක් නැත. ඒ නිසා බැංකු පද්ධතිය ජනසතු කිරීම එනම් බැංකුවල අයිතිය,පාලනය සහ කලමනාකරණය සමාජය වෙත පැවරීම අතිශයින් වැදගත්ය. අතිශයින් හදිසිය. එසේම ආර්ථිකයේ අණ දෙන මුදුන් වැඩකරන ජනතාව‍ගේ පාලනය හා කලමනාකරණය යටතේ ජනසතු කිරීම අවශ්‍ය වේ. ආර්ථිකය නැව් හිමියන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හසුරුවනු වෙනුවට වැඩකරන ජනතාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙහෙයවිය හැකි ලෙස නිෂ්පාදනය සහ බෙදාහැරීම සැලසුම් කල හැක්කේ එවිටය.

අද දවස ඓතිහාසික දවසකි! පාලක පංතියේ නියෝජිතයින්ගේ මුහුණුවල ඇති වී තිබෙන සන්ත්‍රාසය පැහැදිලිව දෘශ්‍යමානය. නව ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය, පැසොක් පක්ෂය හා පොටාමි පක්ෂය නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනවල ද මේ සන්ත්‍රාසය කැටි වී තිබේ. අප උද්දාමයට පත් විය යුතු වෙමු!

කම්කරුවාට, දුගියාට, රැකියා විරහිතයාට, අසරණ වී සිටින සෙසු සියලු දෙනාට අද දවස විශිෂ්ට දවසකි! ඔවුන්ට නැවතත් සිනාසීමට පුලුවන. එහෙත් ඒ අතර අරගලය හුදෙක් ජනමත විචාරණයේ දී ‘නැත’ ඡන්දය දීමට පමණක් සීමා නොකරන මෙන් අප සියලු දෙනා සිරීසාවට බල කල  යුතු වෙමු. මේ අරගලය මහා පරිමාණ ප්‍රාග්ධනයෙන් බලය උදුරා ගැනීම දක්වා, ආර්ථිකයේ අණ දෙන මුදුන් සමාජය සන්තක කිරීම දක්වා, ආර්ථිකය සමාජයේ සහ වැඩකරන ජනතාවගේ පාලනය හා කලමනාකරණය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලසුම් කිරීම දක්වා, අපගේ ශ්‍රමයට එරෙහිව කරන සියලුම කොල්ලකෑම්, දූෂණ සහ සොරකම් නිශ්චිතවම අවසන් කිරීම දක්වා පැහැදිලිව සහ තීරණාත්මකව ඉදිරියට ගමන් කළ යුතුය.

‘ආයතන’වලට  ග්‍රීසියේ ‘ආණ්ඩු වෙනසක්’ අවශ්‍ය වී තිබේ. පාලක පංතීන්ට එරෙහිව ග්‍රීසිය තුල ඇති වී තිබෙන ප්‍රතිවිරෝධය පෑම ධනවාදයේ අර්බුදයේ මිල ගෙවන්නට නියම වී සිටින යුරෝපයේ සෙසු රටවල වැඩකරන සහ මධ්‍යම පංතික ජනතාවන්ගේ මේ හා සමාන වූ විරෝධය පෑමේ ව්‍යාපාර පැතිරී යාමට අනුබල සපයනු ඇතැයි ඔවුහු බියවී සිටිති. මෙම බිය සහේතුකය. ග්‍රීසියේ වැඩකරන ජනතාවගේ අරගලය තුල වෙනත් රටවල සමාන්තර ව්‍යාපාර අවුලුවාලීමේ අතිමහත් විභවයක් ගැබ්ව තිබේ. අයර්ලන්තයේ, පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ ආණ්ඩු ග්‍රීක ජනතාවට විශේෂයෙන්ම සතුරු වී තිබෙන්නේ ඒ නිසාය. ඔවුන් තමාගේම අනාගතය ගැන බියපත් වී සිටිති.

පැහැදිලි සමාජවාදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් අපට නැවත බලාපොරොත්තු දැල්විය හැක. එම බලාපොරොත්තුව ග්‍රීක ජනතාවට පමණක් නොව යුරෝපයේ සහ මුලුමහත් ලෝකයේම ජනතාවන් වෙත සැපයෙන මහත් උත්ප්‍රේරකයක් වනු ඇත.

Statement by Xekinima (CWI in Greece)

Related Posts

ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !
World News

ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !

Rally round Palestinian people for their national liberation Support the struggle of Palestinians against the Zionist state of Israel....

by Taniya
October 12, 2023
ධනවාදී සංස්ථාව විසින්  නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන
Articles

ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30...

by Taniya
September 15, 2023
චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.
Articles

චීන ජනාධිපති ෂී ජින් පින් සියලු බලය තමාවෙත පවරාගනී.

  ඔක්තෝබර් 16-22 දක්වා බීජිං හි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික සම්මේලනය, මහලේකම් ෂී ජින්පින්ගේ චරිතය...

by Taniya
December 23, 2022
උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම
World News

උඩු යටිකුරු වන යුරෝපා දේශපාලන සිතියම

පහතින් දැක්වෙනුයේ පසුගිය ජනවාරි 24-30 කාලය තුළ බෙල්ජියමේ පැවැත්වුණු කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ(CWI) ලෝක සම්මේලනයේදී ‘යුරෝපය’ පිළිබදව පැවැත්වූ සමස්ත...

by ragu
May 30, 2018
Next Post
මැතිවරණ බිමේ වමේ අභියෝගය

මැතිවරණ බිමේ වමේ අභියෝගය

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.