එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන අපේක්ෂක අංගජන් රාමනාදන්ගේ ආධාරකරුවන් විසින් පහරදීම එක්සත් සමාජවාදී පක්ෂය තරයේ හෙලාදකී. Coque huawei Outlet පසුදින – එනම් 2015.08.08 දින චාවකච්චේරී නගරයේදී පැවැත්වීමට නියමිතව තිබු මෙම රැලිය සම්බන්ධ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවන් වෙතට මෝටර් බයිසිකල් වලින් පැමිණි මෙම මැර පිරිස එම ප‍්‍රදේශයේ දේශපාලනය කළ හැක්කේ අංගජන්ට පමණක් බවටත් ඔවුන් වහාම එම ස්ථානයෙන් පිටව යා යුතු බවටත් තර්ජනය කරමින් අපගේ සහෝදරවරුන්ට පහර දී ඇත.