lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

Saliya Kanugala by Saliya Kanugala
August 13, 2026
in දේශීය, ලිපි
0
අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
Share on FacebookShare on Twitter

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ හර්තාලයයි. යටත්විජිතකරණයෙන් නිදහස ලැබීමෙන් පසුව දේශපාලන අරගල ගණනාවක් හරහා ලංකාව ගමන් කොට ඇත. 1971 හා 1987-89 තරුණ කැරලිකාරිත්වය, 70 දශකයේ මැද භාගයේ පමණ සිට 2009 දක්වා පැවතුන උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය හා 2022 ගෝල්ෆේස් ජන අරගලය අනෙක් ප්‍රධාන දේශපාලන අරගලයන්ය. 1953 හර්තාලයට මෙරට දේශපාලන අරගල අතර වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ එය ලංකාව නිදහස ලැබීමෙන් පසු ඇති වූ පළමු විශාල පරිමාණයේ සැබෑ ජනතා නැගිටීමක් නිසා පමණක් නොව එය විසින් ඇතිකළ සමාජ දේශපාලන බලපෑම සහ එහි සුවිශේෂී ස්වභාවය හේතුවෙන් ය.

1952 මැයි මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් හිමිකර ගත්, UNP ආණ්ඩුව, ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ වැඩවසම් රදළයන් හා එක්ව 14 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් පිහිටුවන ලදී. නමුත් UNP ආණ්ඩුවට වැඩි කල් නොගොස් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිය.  තුන් අවුරුදු ලේවැකි කොරියානු යුද්ධය විසින් ඇති කරන ලද උත්පාතය නිමාවීම හේතුවෙන්  එවකට තිබූ රටේ ප්‍රධානම අපනයනයනවල මිළ සීඝ්‍රයෙන් පහත වැටුණි. ප්‍රතිඵලය වූයේ 1950දී ලංකාව සතුව තිබූ රුපියල් මිලියන 951ක වෙළෙඳ අතිරික්තය, 1951දී රුපියල් මිලියන 345ක් දක්වා අඩුවී, 1953 වන විට රුපියල් මිලියන 200ක වෙළෙඳ හිඟයක් බවට පත් පරිවර්තනය වීමයි. 1952 ජනවාරි වන විට රුපියල් මිලියන 1,209ක්ව පැවති ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය 1953 ජූලි වන විට රුපියල් මිලියන 676ක් දක්වා පහත වැටී තිබුණි. ඒ වන විට ලෝක වෙළදපොලේ සහල් මිල ඉහළ යමින් පැවතුනි. ඒ නිසා සහල් ආනයනය සඳහා ලංකාවට දැරීමට සිදු වූ වියදමද ඉහළ ගියේය.

ලංකාව 1950දී ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු පළමු වරට එහි උපදෙස් ලබාගෙන තිබුණේ මෙම අර්බුදය අවස්ථාවේදී ය.  මහජන සුභසාධන කපාහැරීම, සමාජ ආරක්ෂණයක් නවතාලීම ආදිය ලෝක බැංකුව විසින් ලබාදුන් උපදෙස් අතර විය. 1552-53 අයවැය මගින් එවක මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන විසින් පළමු වරට ලංකාව තුළ ලෝක බැංකු උපදෙස් ක්‍රියාත්මක කරන යෝජනා ඉදිරිපත් කර තිබුණි. රටේ ප්‍රධාන ආහාරය වූ සහල් සඳහා වූ සහනාධාරය ඉවත් කරමින්, මිල තුන්ගුනයකින් ඉහල දැමීය. මීට අමතරව එය සීනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල මිල ඉහල දැමීමටද,  පාසැල් දරුවන්ගේ දිවා ආහාරය කපා දැමීමට ද සෟඛ්‍ය සහ වෙනත් සමාජ සුබසාධන වැඩසටහන් කපා  දැමීමටද දුම්රිය ප්‍රවාහන, තැපැල්, දුරකථන සහ විදුලි පණිවිඩ සේවා සඳහා ගාස්තු ඉහළ දැමීමටද පියවර ගත්තේය. ඒ හා සමගම ධනවතුන් සඳහා  බදු සහන සහ වෙනත් දීමනා ඔහු ප්‍රකාශයට පත් කළේය.

අයවැයට කලින්ම ජූලි 21 දින හාල් මිල ඉහළ දමා තිබුණි. හාල් මිල ශත 25 සිට 70 දක්වා, එනම් තුන් ගුණයකින් පමණ වැඩි කෙරිණි.  මේ ඉර හඳ පවතින තුරු හාල් සේරුව ශත 25 ට ලබා දෙනවා යැයි කියූ UNP ඩඩ්ලිගේ ආණ්ඩුවය. ඊට එරෙහිව, 1953 ජූලි 21 වැනිදා  බලපිටිය හා අම්බලන්ගොඩ අතර  රන්දොඹේ නැමැති ගමේ ස්ත්‍රින් හා පුරුෂයන්ගෙන් සැදුණු පිරිසක් මහ පාරේ වැතිර ගමනා ගමනය වලක්වා සටන් මඟට පිවිසියහ.   එසේ හටගත් ජනතා ගිනි පුපුරු මාදම්පේ, සිනිගම, අකුල හා තොටගමුව දක්වාද ජුලී 23 වනවිට  බලපිටිය දක්වාද 24 වනවිට කරන්දෙණිය ඌරගහ  සහ අහුංගල්ල දක්වාද ලැව් ගින්නක් සේ පැතිර ගියේය. මෙම ප්‍රෙද්ශ සමසමාජ පක්ෂ ය බලවත්ව සිටි ප්‍රෙද්ශයන් ය.

ඊට සමගාමීව වරාය කම්කරුවන් 12,000ක් පමණ පැය තුනක සංකේත වැඩ වර්ජනයක්ද, වැල්ලවත්ත රෙදි මෝල කම්කරුවන් වරුවක වැඩ වර්ජනයක්ද දියත් කොට තිබිණ. රත්මලාන දුම්රිය කම්කරුවන් දහස් ගණනක්ද උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ. පෑලියගොඩ තරුණ සංගමය 60,000කගේ අත්සනින් යුත් පෙත්සමක් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට භාර දෙන ලදී. බස්නාහිර වෙරළ තීරයේ ප්‍රදේශ ගණනාවක දැවැන්ත මහජන විරෝධයක් හොඩ නැඟුණි. ලසසප විසින් හාල් මිල ඉහළ දැමීමට එරෙහිව ඒකාබද්ධ විරෝධයක් වෙනුවෙන් අනෙකුත් වමේ පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළ අතර එය අයවැය දින එනම් ජූලි 23 දින ඔවුන්ගේ පුවත්පත මගින් ප්‍රසිද්ධ කොට තිබුණි. එමඟින් කියා තිබුනේ වැඩවර්ජනයක් හා හර්තාලයක් සැලසුම් කොට ඇති බවත්, පොදු එකඟතාවයකින් ඉදිරියේදී දිනය තීරණය කරන බවත්ය. බලාපොරොත්තු වූ ලෙසම, ජූලි 23 අයවැය මගින් දුම්රිය ගාස්තු, තැපැල් ගාස්තු වැඩි කෙරිණි පාසල් දිවා ආහාරය නවතා තිබුනි. ආහාර සහනාධාරයද 50%කින් පමණ අඩු කළේය. ජේ. ආර්. ජයවර්ධනට ජූලි 23 දින පාර්ලිමේන්තුව තුළ එම අයවැය කියවීමට සිදු වුයේ පාර්ලිමේන්තුවෙන් පිටත ගෝල්ෆේස් පිටියේ එම අයවැය යෝජනාවලට එරෙහිව අති දැවැන්ත රැලියක් පැවැත්වෙද්දීය. ලසසප  වෙනුවෙන්  එන්. එම්. පෙරේරා, කොප වෙනුවෙන් පීටර් කේනමන්, චෙල්වනායගම් මෙන්ම විපක්ෂ නායක බණ්ඩාරනායක හා ඉන්දියානු දෙමළ කොංග්‍රසය වෙනුවෙන් රාමලිංගම් යන අය එම රැලිය අමතා ඇත. මුලදි බණ්ඩාරනායක හර්තාලය සමග එකග නොවු අතර අවසන් මොහොතේ ඊට එකතු විය. එය කම්කරු බලය, ජාතික සමගිය හා විපක්ෂයේ එක්සත් කම ප්‍රදර්ශනය කරමින් UNPයට අභියෝග කළ දැවැන්ත රැළියක් විය. රැළිය අවසන් වීමෙන් පසු ඊට සහ සහභාගි වූ පිරිස් පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කරද්දී පොලීසිය එම පිරිස්වලට පහරදී විසුරුවා හැරීමට කටයුතු කර අතර එම මොහොතේදී ජනතාව පොලීසිය සමග ගැටී තිබුණි.

පසුව විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණි. ජූලි 25 දින බදුල්ල, ජූලි 26 දින යාපනය, කළුතර, නුවර, රුවන්වැල්ල ආදී වශයෙන් එම විරෝධතා සංවිධානය කොට තිබුණි. ජූලි 25 දින රැස්වූ සමසමාජ වෘත්තීය සමිති අගෝස්තු 6 දිනට වැඩවර්ජනයක් සඳහා දින නියම කොට තිබුණි. පසුව ජූලි 29 දින, කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ගනු ලැබු තීරණයක් අනුව මෙම දිනය අගෝස්තු 12 ලෙස යොදා ගනු ලැබුණි. ශ්‍රීලනිප හා ඉන්දියානු දෙමළ කොංග්‍රසය වැඩ වර්ජනයට සහාය දීමෙන් වැළකුණ අතර විරෝධතාවය කැඳවීමට අත්සන් තැබුවේ ලංකාවේ වමේ පක්ෂ හා ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති පමණි. සමසමාජය වෙනුවෙන් ලෙස්ලි ගුණවර්ධන, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එස්.  වික්‍රමසිංහ, විසසප වෙනුවෙන් පිලිප් ගුණවර්ධන යන තිදෙනාද, මෙම පක්ෂ තුනේ වෘත්තීය සමිති සම්මේලන වල සභාපතිවරුන් වූ එන්. එම්. පෙරේරා (ලසසප), පිටර් කෙනමන් (කොප), සී. හික්කඩුවගේ (විසසප) ද, ලංකා කම්කරු සංගමයේ ඒ. ඊ. ගුණසිංහ (කණිෂ්ඨ) සහ ලංකා වෙළෙඳ සේවක සංගමයේ බාලා තම්පෝ යන අය එයට අත්සන් කරමින් මෙම දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස සලකන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිය. හර්තාලය වෙනුවෙන් වෘත්තීය සමිති කල ආයාචනයේ මෙසේද සදහන් විය. ” රෝහල්, ඩිස්පැන්සරි, සහ වෛද්‍ය ආයතනවල සේවය කරන්නන්ද, එම ආයතන වලට ආහාර සහ ඖෂධ සපයන්නන්ද, එදින වැඩ කල යුතුය. ඔවුහු එසේ වැඩ කිරීමේදී කළු පටියක් පැලදීමෙන් තම විරෝධය පලකල හැකිය අගෝස්තු මස 12 වනදා හර්තාලය, ජාතික විරෝධතා දිනය උදා විය. කම්කරුවන්, ගොවීන් සහ තරුණයන් කටයුතු තමාගේම අතට ගත්හ. වරාය, රත්මලාන දුම්රිය වැඩපොළ, විදුලි රථ සේවය, වැල්ලවත්ත රෙදි මෝල, සහ වෝකර් කර්මාන්ත ශාලා, ගිනිකූරු කර්මාන්ත ශාලා ඇතුළු වැඩබිම්වල සහ ගොවිබිම්වල සියලු වැඩ නවත්වනු ලැබීය. මෙම් වැඩ නැවැත්වීමේ විරෝධතාවය වේගයෙන් පැතීරී ගිය අතර පොලිසිය අවහිර කිරීම සඳහා කොලඹට රැස්වූ ජනතා කොටස්, කොළඹට ඇතුලුවන සෑම පිවිසුමක්ම හරස්කර බැරිකේඩ තැනූ හ. කිරුළපන පාලම  ආසන්නව පාර හරහා තැනුනු එක බැරිකේඩයක ජනයා පොලිස් කොස්තාපලුන් අසූවක් සමඟ සටන් කලහ. එමෙන්ම පිටකොටුව ඇතුලු ප්‍රෙද්ශ ගනනාවක  පොලිසිය වෙඩි තබන ලදී. පිටකොටුවේ කේ.එඩ්වින්, රජ්ගම ඇල්බදුරගේ අල්විස්, උරගහ එස්.එම්. රූබල්, දොඩම්දූවේ ටී.එම්. පනාගොඩ, දොම්පේ කේ.එම්. පියසේන, දොම්පේ කේ.ඒ, සාදිරිස් හා වික්‍රමසිංහ පෙරේරා, කිරුලපොන ටී. සිරිසේන, මෝදර ඩග්ලස් නිකලස් යන අය පොලිස් වෙඩි පහරින් ඝාතනය කරන ලදී විරෝධතාකරුවන් ගල් වලින් සහ ක්‍රොන්කීට් කැබලි කඩා ගනිමින් පොලිසියට පහර දෙනු ලැබිණි. පිටකොටුවේ සිටි නාට්ටාමි පිරිස් මෙහිදී විරෝධතාකරුවන් ට සහය ලබා දෙන ලදී.

බියෙන් ත්‍රස්ත වූ යූඑන්පී කැබිනට්ටුව කොලඹ වරායේ නැංගුරම්ලා තිබූ බිත්‍රාන්‍යයට අයත් එච්එම්එස් නිව්පවුන්ඩ්ලන්ඩ්  යුද නෞකාව තුල රැස්වූහ. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් දුටු තැන වෙඩි තැබීම සඳහා මිලිටරියට අණ නිකුත් කෙරිනි. කම්කරු පාන්තික පක්ෂ  කාර්යාල සහ මුද්‍රණාල් සීල් තැබිනි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කල අතර දේපළ අලාභ හානි කිරීම සඳහා මරණ දණ්ඩනය ලබා දෙන ලෙසට නියෝග කෙරුණි. කොලඹ ද  බස්නාහිර හා දකුණේ ගම්බද ප්‍රදේශවල ද කම්කරුවන් හා තරුණයින් 11 දෙනෙක් වෙඩි තබා මරා දැමූ පොලිසිය  තවත් විරෝධතාකරුවන් 175 දෙනෙකුට බරපතල තුවාල සිදු කළහ.  හර්තාලයට සහභාගිවීමේ ‘වරදට’ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරිකයින් 499 දෙනෙකුට නඩු පැවරිණි. අගොස්තු 13 සහ 14 යන දිනවල ද හර්තාල් විරෝධතා ඇදී ගියේය. ඒ අතරතුර  හර්තාලය නිසා ජේ.ආර් ජයවර්ධනට මුදල් ඇමති තනතුරින් ඉවත්විමට හා ඩඩ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය..

1953 හර්තාලය යනු පැහැදිලි පන්ති සටනක් විය. ධනපති පන්තිය මුළුමණින්ම හර්තාලයෙන් ඉවත්ව සිටියේය. වාම වෙස් ගත් බණ්ඩාරණායකලාට පවා ඉන් ඉවත් වීමට සිදු විය. 1953දී ජනතාව වීදි බසිනුයේ දේශපාලන නායකත්වයක් සහිතව ධනපති ප්‍රමයට විකල්ප දේශපාලන අදහස් දරා ගනිමිනි. හර්තාලයට කලින් සතියේ වාමාංශික පුවත්පත් ලක්ෂ ගණන් අලෙවි වීම පෙන්නුම් කළේ එයයි. 1953 හර්තාලය ජාතික මට්ටමේ විරෝධතාවයකි. එයට උතුරත් දකුණත් සහභාගි විය. නමුත් එම විරෝධතාවය එතනින් ඔබ්බට ගෙනයාමේ වැඩපිළිවෙළක් වමේ පක්ෂවලට නොවූ හෙයින් එයම වමේ ව්‍යාපාරයේ අසාර්ථකත්වයට හේතු සාධක විය.

1953 අගෝස්තු හර්තාලය මගින් අපට උගන්වන ඓතිහාසික පාඩම නම් ධනපති ක්‍රමය විසින් නැතිකර දමන ජනතා වුවමනාවන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම ක්‍රමය පෙරළා දැමීමට නායකත්වය දිය හැකි සැබෑ විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාවයයි. එවැන්නක් ගොඩනැඟීම වෙනුවෙන් පියවර ගැනීම සහ එහිදී මුහුණ දෙන හානිකර ප්‍රවණතා ගැන ඓතිහාසික පාඩමක් ලෙස ඓතිහාසික හර්තාලය අපේ ඉදිරි දර්ශනය සඳහා තවමත් වගකියනු ලබයි.

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
දේශීය

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

by Taniya
August 14, 2026
0

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර...

Read moreDetails
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

August 13, 2026
Please login to join discussion
Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.