• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

dhammika by dhammika
January 22, 2021
in Articles
0
ගෝඨා ෆේල්වීම හා සජිත් චම්පික මංගල කරු කලඑළි බැසීම

නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම බරපතල ලෙස කඩාවැටීමකට පත්ව ඇතැයි නිගමනය නොකළ යුතුය. එය කෙසේ වුවද ගෝඨාගේ අසාර්ථකභාවය නිසා බලවත් ලෙස අසරණ තත්වයට ඇඳවැටී තිබු පාර්ලිමේන්තුවාදී ධනපති විපක්ෂය තරමක තිරිහන් වීමක් පෙන්නුම් කෙරේ. එම පසුබිම තුළ සාම්ප්‍රදායික විපක්ෂයේ සිටින කොටස් එකිනෙකට තරඟකාරී වැඩ පිළිවෙලවල් ඉදිරිපත් කිරිම මේ දිනවල පෙනේනනට ඇත. ඒ අතර ප්‍රධාන තැනක් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට හිමිව ඇති අතර චම්පික රණවකගේ 43 වන සේනාංකය කරූ ජයසුරියගේ සාධාරණ සමාජයක් සඳහාවු ව්‍යාපාරය මංගල සමරවීරගේ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය ගොඩනැගීම යන ව්‍යාපාර ඇත.

2024 පමණ කාලයේ පැවැත්විමට නියමිත මීලග ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් කටයුතු කරන මෙම කණ්ඩායම් වල ප්‍රධාන ඉලක්කය වන්නේ නන්දසේන හා මහින්ද දෙසට නැඹුරුවී තිබෙන දකුණේ සිංහල බෞද්ධ බහුතරය දිනා ගන්නේ කෙසේද යන්න හා මෙම සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනයෙන් යම් ප්‍රමාණයකට හෝ වෙන්වීමක් පෙන්නුම් කරන්නේ මංගල සමරවීර පමණය. (ඔහුගේ දේශපාලනය ගැන මෙම ලිපියේ පහතින් වෙනම දැක්වේ) අන් සියලු දෙනාම රාජපක්ෂවරුන්ගෙන් සිංහල බහුතරය තමන් වෙතට නැඹුරුකර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර විශේෂයෙන් කැපී පෙනෙන්නේ ඔවුන් උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ජාතික ප්‍රශ්නය උවමනාවෙන්ම මගහැර සිටීමය. එහි ප්‍රධාන කප්පිත්තා වන සජිත් ප්‍රේමදාස 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ අනුගමනය කළ පන්සල් සරණයෑමේ ජාතිවාදි දේශපාලනයට අවතීර්ණ වී සිටී. ඔහු මුස්ලිම් ජනතාවගේ භුමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ 2019 ජනාධිපති ඡන්දයේදී මුස්ලිම් ජනතාවගෙන් ලැබු ඡන්ද පදනම රැකගැනීම සඳහා පමණය. මුස්ලිම් ජනයාගේ භුමදාන අයිතිය වෙනුවෙන් පෙනි සිටිමින් ඔහු කෘතිම අන්දමට බෞද්ධ ජනයාගේ පාංශුකූල අයිතිය ගැන සමාජය තුළ මතුවී නොමැති ප්‍රශ්ණයක් ගැන කථා කලේ දෙපැත්ත බැලන්ස් කර ගැනීමටය.

මෙවැනි කරුණු වලින් නැවත ඉස්මතු කර පෙන්වන්නේ සජිත්ගේ ඇඟතුළ තිබෙන සැබෑ සිංහල ජාතිවාදි දේශපාලනයයි. ඉන්දිය විදේශ ඇමති ජෙයසංකර් සුබමනියම් මුණගැසීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළාත් සභා ඡන්දය පැවැත්වීම අවශ්‍ය වන නමුත් පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දිමට තමන් විරුද්ධ බවය. මෙයින් පැහැදිළි වන්නේ ව්‍යාජ රැඩිකල් මුහුණුවරක් සමග සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන ඔහු මේ දිනවල කරන කථා රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී දේශපාලනයෙන් වෙන්වීමක් පෙන්නුම් නොකරන බවය. සජිත්ගේ සමගි ජන බලවේගය ආරම්භ කරන අවධියේ සජිත්ට ඉතා සමීපව කටයුතු කළ මංගල සමරවීර සජිත්ගෙන් වෙන්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ සජිත් රාජපක්ෂවරුන්ගේ සිංහල ජාතිවාදී දේශපාලනයෙන් දශමයකින්වත් වෙනස්වී නොමැති බවය. අනෙක් පැත්තෙන් බටහිර අධිරාජ්‍යවාදීන් සමග සමීප සම්බන්ධයක් සහිත එක්සත් ජාතික පක්ෂයේ සමාජ ආර්ථික හා දේශපාලනය සමග ප්‍රතිපත්තිමය වෙනස්කමක් නොමැති එජාපයේ කාබන් කොපියක් ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන සැටියකි. සජිත් එජාපයෙන් ඉවත්වුයේ කිසිදු ප්‍රතිපත්තියානුකුල ප්‍රශ්ණයක් මත නොවන අතර හුදු නායකත්වය පිළිබද ප්‍රශ්ණයක් මත බව නොදන්නා කෙනෙක් නොමැති අතර ඔහු කථා කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව රැවටීමේ උගුලක් පමණී. ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ඉදිරිපත් කළ පොරොන්දු වැඩ පිළිවෙල ගෝඨාභයගේ සව්භාග්‍යයේ දැක්මට මුහුණදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රායෝගික නොවන හුදු ප්‍රචාරකවාදී එකක් පමණක් විය.

චම්පිකගේ අලුත් අඩව්ව

නන්දසේන ගෝඨාභය දේශපාලන කරලියට ඇතුල්විම සදහා අනුගමනය කළ ක්‍රමවේදය කොපිකරමින් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී විශාල වියදමක් දරා චම්පික රණවකගේ 43වන සේනාංකය fදාරට වඩම්මවන ලදී. විශ්ව විද්‍යායේ ඉගෙනුම ලබන කාලයේ ජවිපෙ දේශපාලනය සමග අත්පොත් තැබු චම්පික පාර්ලිමේන්තු දේශපාලනය වැළද ගැනීම සමග වැලයන පැත්තට අනුව පැත්ත මාරුකිරිමට දක්ෂ බව පෙන්වා ඇත. 88 89යේ පැවැති භිම සමය සමග “ජනතා මිතුරෝ” නමින් සංවිධානයක් ගොඩනගාගෙන ස්වාධින දේශපාලනයට අවතීර්ණ වන චම්පික උග්‍ර ජාතිවාදී දේශපාලනනයක් දේශනා කරමින් බෞද්ධ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග සිංහල උරුමය ගොඩනගා අනතුරුව “හෙළ උරුමය ” නමින් මැතිවරණයට ඉදිරිපත්ව ආසන කීපයක් දිනා ගන්නා ලදී. දකුණේ සිංහල බෟද්ධ දේශපාලනය කරලියට ගෙනඒම සදහා ප්‍රධාන භුමිකාවක් රග දැක්වු චම්පික ජනතාව රැවටීම සදහා ඊනියා “ධර්ම රාජ්‍ය” සංකල්පයක් හදුන්වා දුනි. වැඩිකල් යෑමට මත්තෙන් මන්ත්‍රී හාමුදුරුවරුන් සමග ගැටුමක් නිර්මාණය කරගත් ඔහු ද්‍රවිඩ විරෝධී උග්‍ර යුද්ධවාදී පදනමක් සහිතව මහින්ද රාජපක්ෂ සමග සන්ධානගතව මැති ඇමතිකම් ඉසිලීය. ඉන් අනතුරුව 2014දී මහින්ද රාජපක්ෂගේ පරාජය පෙනෙන පසුබිම තුළ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය වැළදගෙන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයෙකු බවට පත්විය. ඉතා සැකෙවින් මෙහි සදහන් කළේ චම්පිකගේ දේශපාලන කරනම්වල කෙටි ඉතිහාසයයි.
එජාපය ඇතුලත රනිල් සජිත් දෙදෙනාගේ නායකත්වය පිළිබද බලඅරගලය උග්‍රවන විට දෙපැත්තට උල් පන්දම් දෙමින් සිටී චම්පික රනිල්ගේ පරාජය සහතික වීම සමග අවසානයේ සජිත් පිලට එකතුවිය. මේ අතර ගෝඨාභයගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විරෝධය ආරම්භවීම සමග සමගි ජන බලවේගයේ නායකත්වය ලබාගැනීමේ අරමුණ ඇතිව තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වන ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීමට කඩිමුඩියේ තීන්දු කරන ලදී. අනතුරුව නොබෝදා විශාල මුදලක් වැය කරමින් තරුපහේ හෝටලයක 43 වන සේනාංකය එළිදැක්වීම ඔහුගේ අලුත්ම පිටපතවී ඇත. මධ්‍යම පන්තික බුද්ධිමතුන් සමග බලය කරායන ගමනේදී ගෝඨාභය ආරම්භ කළ “එළිය හා වියත්මග” මාදිලියේ සංවිධාන රටාවක් හදුන්වා දෙමින් චම්පික යුද්ධවාදී හා ජාතිවාදී හැඩයක් සහිත 43වන සේනාංකය ගොඩනගා ඇත්තේ වාමවාදී වෙස් මුහුණක් පැළදගත් ජාතිවාදී දේශපාලනය නව වටයකින් පෙරට ගැනීම සදහා බව තේරුම් ගැනීම වැදගත්ය.

කරූ හා මංගලගෙ කුරුමානම

එජාපයේ කැපී පෙනුන නායකයෙකුව සිටී කරූ ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම සදහා 2015 මෙන්ම 2019දී විශාල වෙහෙසක් දැරූ අතර එම උත්සාහය අසාර්ථකවීමෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් තරමක් ඈත්ව සිටින බවක් පෙන්නුම් කරයි. මේ වන විට ඔහු මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරයේ ප්‍රධානියා බවට පත්ව ආඳා මාලු ඉරට්ටෙන් කනවා වැනි දේශපාලන ගමනක් ආරම්භ කර ඇත. ගෝඨාභයගේ ඒකාධිපති දරදඩු පාලනයට අභියෝග කළ හැකි ශක්තිමත් ධනපති විපක්ෂයක් ගොඩනැගීමේ ක්‍රියාදාමය සදහා කරූගේ දායකත්වයට විශාල භුමිකාවක් තිබෙන බව ඔහු වටා සිටින භඨධ ක්‍රියාකාරීන්ගේ මතයවී තිබේ. ගෝඨාට එරෙහිව විකල්පයක් ගොඩනැගීම ගැන කථා කරන මෙවැනි උදවියගේ අදහසට ඇත්තේ ගෝඨා විස්තාපනය කර එතැනට තමන්ට ගැලපෙන වෙනත් මුහුණක් ආදේශ කිරිම විනා පවතින ධනපති නවලිබරල් ක්‍රියාදාමයට අභියෝග කිරිම හෝ වෙනස් කිරිම නොවන බව ඉතාම පැහැදිලිය. එම නිසා ආණ්ඩු වෙනසක් වෙනුවෙන් කථාකරන මෙම පිරිස්වල උවමනාව වී ඇත්තේ ධනපති ක්‍රමය පවත්වාගෙන යමින් දූෂණයෙන් හා වංචාවෙන් තොර පාලනයක් ඇටවීම යන්න රෑවැටුනු වලේ දවල් වැටීමට වඩා වැඩි දෙයක් නොවනු ඇත. ධනේෂ්වර ක්‍රමය ඉතිහාසය තුළ මුහුණ දෙන අතිශය තීරණාත්මක අර්බුදයකට ගමන් කරමින් සිටින මෙම අවධියේ ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින මෙම කොටස් වලින් ජනතාව බේරා ගැනීමේ වගකිම සමාජවාදී බලවේග වල අභියෝගය වී ඇත.

මංගල සමරවීරගේ භුමිකාව ඉහත දැක්වු සාම්ප්‍රදායික ධනපති නියෝජිතයින්ගේ ක්‍රියාකලාපයට වඩා තරමක වෙනස් ස්වරූපයක් ගත්තකි. ඔහු පසුගාමී ගතානුගතික සිංහල බෞද්ධ සංඝ සමාජයට දැඩි විවේචනයක් එල්ල කරන අතර සිංහල ජාතිවාදි දේශපාලන න්‍යාය පත්‍රයට එරෙහිව පෙනී සිටී. ගෝඨාභය හා මහින්ද පවත්වාගෙන යන සිංහල ජාතිවාදී වැඩ පිළිවෙල වෙනත් ආරයකින් ගෙනයාම සදහා වෙහෙසෙන සජිත් හා චම්පිකගේ ක්‍රියාදමය සමග මංගල විරුද්ධ වන්නේ ඒ අනුවය. එහෙත් ඔහු ධනපති නව ලිබරල්වාදයේ සෘජු ඒජන්තයෙකු ලෙස කටයුතු කරන බව ඔහුගේ ප්‍රකාශ වලින් පෙනේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට ගෝඨාභය ගත් තීන්දුව ඉහලින් අගය කරන මංගල වරාය වෘත්තිය සමිති වලින් හා ජනතාවගෙන් නැගෙන විරෝධයට ප්‍රසිද්ධයේ පහරදීමට ඉදිරිපත්වීමෙන් ඔහුගේ අධිරාජ්‍යගැති ප්‍රතිගාමී දේශපාලනය මැනවින් ප්‍රදර්ශනය කරයි. ධනපති පංතියේ රැඩිකල් මතවාදය නියෝජනය කරන මංගල සමරවීර දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් වංචනික අදහසක් නියෝජනය කරන අතර ඔහු රනිල් පෙරටුකර ගත් අධිරාජ්‍යගැති ධනපති හවුලක් නැවත අටවා ගැනීමේ බංකොලොත් උත්සාහයක නිරතව සිටින බව පෙනේ.

වාම විකල්පයක අවශ්‍යතාවය

1948දී බි්‍රතාන්‍යයින්ගෙන් ඊනියා නිදහස ලැබුදා සිට ලාංකේය දේශපාලනයට අඩුවැඩි වශයෙන් සිංහල ජාතිවාදය බලපෑම් කරන සාධකයක් වශයෙන් හැසුරුනු බව දැකගත හැකිය. ජාතිවාදි දේශපාලනයේ එකී බලපෑම තීරණාත්මක සාධකයක් බවට පත්වුයේ 1956දී බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කළ තනි සිංහල ආණ්ඩු සංකල්පය සමගිනි. බණ්ඩාරනායක විසින් කරලියට ගෙන ආ සිංහල ජාතිවාදය 2005 දී මහින්ද රාජපක්ෂ විසින් හා 2019 ගෝඨාභය විසින් සිංහාසනාරූඩ කරන ලදි. දෙමළ ජනතාවගේ විමුක්තියේ නාමයෙන් LTTE සංවිධානය අනුගමනය කළ පුද්ගල ත්‍රස්තවාදී වැරදි විධික්‍රමය මගින් සිදුකළ කුරිරු මිනිස් ඝාතන දකුණේ ජාතිවාදි සිංහල සුළු ධනපති දේශපාලනයට විශාල උත්තේජනයක් සපයන ලදි. එතැන් සිට මේ දක්වා ගෝඨාභය හා මහින්ද සිංහල ජාතිවාදය නඩත්තු කරමින් පවත්වාගෙන යාම ඔවුන්ගේ ආණ්ඩු පාලනයේ අත්තිවාරම බවට පත්ව ඇත.

මෙම පරිසරය නිවැරදිව අවබෝධකර ගනිමින් අණ්ඩු විරෝධී විකල්ප මධ්‍යස්ථානයක් ගොඩනැගීම සදහා ධනපති නවලිබරල්වාදයට හා සිංහල ජාතිවාදයට එරෙහි ප්‍රතිපත්තියානුකුල පදනමකින් කටයුතු ආරම්භ කිරීම තීරණාත්මක සාධකයවේ. එම ජනතා බලවේගය උතුරේ දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය විසදිම සදහා දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරිමට පියවර ගතයුතු අතර උතුර දකුණ ඒකාබද්ධ කරන ව්‍යාපාරයක් විය යුතුය. ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව පෙන්වන සජිත් චම්පික ඇතුලු විකල්ප ධනපති කණ්ඩායම් කරනු ලබන්නේ සැබෑ ප්‍රශ්න යටගසා ජනතා වෛරය කොල්ලකා නැවත බලයට පත්වීමට කුරුමානම් ඇල්ලීමය.

වමේ දේශපාලනය වෙනුවෙන් පෙනි සිටින කිසිවකුට ලංකාවේ ප්‍රධානතම දේශපාලන ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය දෙවන තැනකට පත්කර කටයුතු කිරිමට නොහැකිය. ව්‍යාජ වම්මු විසින් මෙම තීරණාත්මක දේශපාලනය විවිධ උපමාරු මගින් යටපත් කිරිම නිසා උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය වම වෙත දිනාගැනීම දුෂ්කර තත්වයකට පත්කර ඇත. සැබැවින්ම වමේ දේශපාලනය නිවැරදි ආස්තානයක පිහිටා තිබෙන්නේද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන උරගල වන්නේ ජාතික ප්‍රශ්නයයි. එවන් ප්‍රතිපත්තියානුකූල ස්ථාවරයන් පදනම් කර ගනිමින් කම්කරු පංතිය හා වෘත්තිය සමිති ව්‍යාපාරයද ගොවි ජනතාව තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලු උතුරේ දෙමළ ජනතාවද ඒකරාශී කරගත් පුලුල් දේශපාලන වේදිකාවක් නිර්මාණය කිරීමට මැදිහත් විය යුතුය. මෙය පහසු කටයුත්තක් නොවන බව සත්‍ය වුවද මෙවැනි උත්සාහයක් සාර්ථක කිරීමකින් තොරව පාර්ලිමේන්තුවාදී ධනපති විපක්ෂය විසින් අටවන උගුලෙන් ජනතාව මුදා ගැනීම අසීරුවනු ඇත. එසේ නොවන්නේ නම් 2015 ඇතිවු අන්දමට ඊනියා යහපාලන ප්‍රෝඩාව මෙන් තවත් ප්‍රෝඩාකාරී ව්‍යාපාර මගින් ජනතා බලවේගය නොමග යැවීමට ගන්නා වංචනික පියවර පරාජය කිරිමට නොහැකි වනු ඇත.

Previous Post

පළාත් සභා අද නොවේ හෙට

Next Post

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

Next Post
යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
January 2021
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Dec   Feb »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.