lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අපේ සංක‍්‍රමණීය වැඩ පිළිවෙල පිළිබඳ කෙටි හැදින්වීමක්.

ragu by ragu
June 30, 2015
in Persepectives
0
2015 May Day
Share on FacebookShare on Twitter

වර්තමාන ලංකාව ඇමරිකාව, චීනය, හා ඉන්දියාව වැනි රටවල අධිරාජ්‍යවාදී උවමනාවන්ට සීඝ‍්‍රයෙන් බිලි වෙමින් සිටී. දුෂණය හා වංචාව අභිබවා යමින් මුලූ ආර්ථිකය විනාශ කරන කඳ පණුවන් බවට එජාප හා ශ‍්‍රිලනිපය පත්ව සිටින අතර මැදපෙරදිග කාන්තා ශ‍්‍රමය ඇඟලූම් කර්මාන්තය හා කඳුකරයේ කම්කරු ජනතාවගේ ලේ දහඩිය පූජාකර උපයාගන්නා විදේශ විනිමය ධනපති පැලැන්තියේ නාස්තිය හා දුෂණයේ සුඛවිහරණය වෙනුවෙන් යොදා ගනිමින් සිටී.

ජාත්‍යන්තර පරිමාණ මංකොල්ලකරුවන්ට හා කැසිනෝ මාදිලියේ සූදු කෙලින්නන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිදුකරන ඊනියා සංවර්ධනය දුප්පත් ජනතාවට උන්හිටිතැන් අහිමි කරන ජනතාවගේ ඛේදවාචකයක් බවට පත්ව ඇත. සුපිරි ධනපති පංතිය වෙනුවෙන් සිදු කෙරෙමින් පවතින සංවර්ධනයේ යථාර්ථය වී ඇත්තේ සාමාන්‍ය ජනතාව මත විවිධාකාර බදු පැනවීම තුළින් තව තවත් අගාධයට ඇද දැමීමය.

උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනමතය බලහත්කාරයෙන් යටපත්කර උතුරේ පළාත් සභාවේ ස්වාධින පැවැත්ම පවා අකර්මන්‍ය කර ඇත.

එක්සත් සමාජවාදී පක්ෂය පහත සඳහන් ක්ෂනික හා අත්‍යවශය කරුණු වෙනුවෙන් සටන් වදී.

1. විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුලූ ජනතා පරමාධිපත්‍යයට අහිතකර එ්කාධිපති බලතල සහිත වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කොට සියලූ ජන කොටස් වල අයිතින් සුරැුකෙන පරිදි කම්කරුවන්, ගොවීන් හා තරුණයන්ගෙන් සමන්විත දෙමළ මුස්ලිම් ජාතිකයන් ඇතුලූ සියලූ පීඩිත ජන කොටස් වල නියෝජනයක් සහිත ජන සභාමත පදනම් වන නිර්ධන පංති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තහවුරු කිරීම උදෙසා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අරභයා මහජන ව්‍යවස්ථාදායක සභාවක් කැඳවීමට පියවර ගැනීම.

2. දමිළ ජාතික ප‍්‍රශ්නය විසදීම සඳහා සංක‍්‍රමණීය පියවරක් ලෙස උතුර, නැගෙනහිර කඳුකරය හා දකුණ එ්කාබද්ධව නියෝජනය කරන කම්කරු පංතිය ඇතුළු ජනතාව විසින් ප‍්‍රජාතන්ත‍්‍රීයව තෝරාපත් කර ගන්නා නියෝජිතයින්ද ඇතුලත්ව එසේ ගොඩනගන මහජන ව්‍යවස්ථාදායක සභාවක් තුලින් බලය බෙදීමේ සංකල්පය පිළිගනිමින් කඳුකරයේ දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීම හා නැගෙනහිර මුස්ලිම් ජනයාට එම ප‍්‍රදේශ පාලනය කිරීමට තිබෙන ස්වයංපාලන අයිතිය ද ඇතුලූව උතුර නැගෙනහිර දෙමළ භාෂාව කථාකරන ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය මත පදනම්ව ජාතික ප‍්‍රශ්නය විසඳීම.

3. අධිරාජ්‍යවාදී වියගසින් රටත් ජනතාවත් නිදහස්කර ගැනිමේ ආරම්භයක පියවරක් ලෙස සියළු අධිරාජ්‍යවාදී විදේශ රටවලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හා ලෝක බැංකුවට ගෙවිය යුතු ණය වහාම අහෝසි කර ඉන් ලැබෙන ප‍්‍රතිලාභ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් යෙදවිය යුතු අතර පීඩිත ගොවින් හා කම්කරුවන්ගේ ණය කපා හැරීම. ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක වෙළද සංවිධානය යන අධිරාජ්‍යවාදී ආයතන විසින් ගෙනයන නවලිබරල් ගෝලීය ධනවාදී කි‍්‍රයාදාමය තුලින් සිදු කරන විනාශය නවත්වා ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන නිදහසට බලපාන සියලූ විදේශ බලපෑම් බිඳ දැමීම හා

4. බුද්ධාගම රෙජිමයේ උපකරණයක් බවට පත්කර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රිය පැවැත්ම අහෝසි කිරීමට ගෙන තිබෙන පියවරයන්ට එරෙහිව සටන් වදින අතර උතුරේ හමුදා පාලනය අහෝසිකර උතුරෙන් හමුදා ආපසු කැඳවීම තුලින් සිවිල් පාලනය තහවුරු කිරීමට පියවර ගැනීම හා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහා අහෝසි කර ජාතික හැඳුනුම්පතට ජීවමිතික ලක්ෂණ (BIO Metrix)  ඇතුලත් කිරීමේ කි‍්‍රයාදාමය පරාජය කර ජාතින් බෙදා පවත්වාගැනීමේ උවමනාව මත නිර්මාණය කර තිබෙන සමස්ථ හැදුනුම්පත් ක‍්‍රමය අහෝසි කිරීම හා ඊනියා පුනරුත්තාපන සහ රඳවා ගැනීමේ කඳවුරු වසා දමා සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

5. පළමු වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ නිදහස් අධ්‍යාපනය ලැබීමට සෑම දරුවකුටම තිබෙන අයිතිය ආරක්ෂා කිරීමටත් නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවය ඇතුලූ අත්‍යවශ්‍ය සුභසාධනයන් රැුක ගැනීමටත් අඩු ආදායම් ලබන පවුල්වල සියලූ දෙනා වෙත ජීවත්වීමට සරිලන ප‍්‍රමාණවත් යැපීම් දීමනාවක් හා සුභසාධන සේවාවක් ලබා ගැනීම.

6. නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට දරණ ප‍්‍රයත්නයන්ට එරෙහිව සටන් වදින අතර ශිෂ්‍ය ප‍්‍රජාවට අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය වීමට හා උද්ඝෝෂණ වර්ජන වැනි කි‍්‍රයාවන්ට අවතීර්ණවීමට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය තහවුරු කරමින් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීමහා පුද්ගලික විශ්ව විද්‍යාල ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රය දේශපාලන බල උවමනාවන්ට යටපත් කර ගෙනයනු ලබන අධ්‍යාපන පුද්ගලීකරණය නවතා දැමීම හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වන නව අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය කිරීම.

7. වයස අවුරුදු 18 සම්පූර්ණ වන්නාවු සෑම තරුණ තරුණියකටම රැුකියාවක් ලබා ගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමද පෞද්ගලික අංශය තුල කම්කරු පංතියට පැය අටේ වැඩ දිනයක් හා ජීවත්වීමට ප‍්‍රමාණවත් අවම වැටුපක් ලබා ගැනීමටද ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සම වැටුප් ලැබීමේ අයිතියද නව තාක්ෂණයේ සැබෑ උරුමකරු වන වැඩ කරන ජනතාවට තාක්ෂණය තුළ නිදහස් කම්කරුවකු බවට පත්වීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම හා ධනේශ්වර ක‍්‍රමය තුල වඩා විශේෂිත පීඩනයකට ලක්ව තිබෙන කාන්තාවන්ද ළමුන් සහ ආබාධිතයන් ඇතුලූ ජන සමාජයේ බල රහිත සියලූ කොටස්වල අයිතින් ආරක්ෂා කිරීම.

8. රාජ්‍ය සේවය ආරක්ෂා කරමින් එය ජනතා හිතවාදී කාර්යක්ෂම සේවයක් බවට පත්කල යුතු අතර සෑම කම්කරුවෙකුම ස්ථිර සේවකයෙකු බවට පත් කරමින් තාවකාලික අනියම් හෝ කොන්ත‍්‍රාත් හා මෑන් පවර් එ්ජන්සි ක‍්‍රම අහෝසි කිරීමද කටුනායක, බියගම, කොග්ගල යනාදී නිදහස් වෙළද කලාප ඇතුලූව රටේ ඔීනෑම ප‍්‍රදේශයක සේවය කරන සියලූම කම්කරුවන් හට වෘත්තිය සමිතියකට බැඳීමට තිබෙන පරම අයිතිය හා වැඩ වර්ජනය කිරීම ඇතුලූ සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය සහතික කරමින් වෘත්තිය සමිති පිළිගැනීම හාම්පුතුන්ට අනිවාර්ය කිරීම

9. දුගීබාවය හා විරැුකියාව දුරු කරමින් නවීන පන්නයේ ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍ය මුලික කොන්දේසියක් වන ග‍්‍රාමීය කෘෂිකාර්මික ප‍්‍රශ්නය විසදාලමින් අධිරාජ්‍යවාදී ලෝක වෙළද පොලේ බලපෑමෙන් ගොවියා නිදහස් කර ගොවි ජනතාවගේ ඉඩම් හා ජල ප‍්‍රශ්නය විසඳා, ධාන්‍ය වර්ග, පොහොර හා කෘෂි උපකරණ සමූපකාර ක‍්‍රමයක් තුලින් පහසු මිලට ලබාදීම මගින් ගොවි ජනතාව සක‍්‍රීය ලෙස රටේ සංවර්ධන කි‍්‍රයාවලියට සහභාගි කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඔස්සේ මහජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාලන අයුරින් කෘෂිකර්මය හා කර්මාන්ත නිෂ්පාදන හා වෙළදාම එ්කාබද්ධ කරගත් සැලසුම් සහගත ජනතාවාදී ආර්ථිකයක් නිර්මාණය කිරීම.

10. ලිවීමට කියවීමට හා තොරතුරු ලබා ගැනීමට ජනතාවට තිබෙන අයිතිය උදුරා ගැනීමට එරෙහි වෙමින් ප‍්‍රාග්ධනය විසින් මාධ්‍ය හැසිරවීමේ බලාධිකාරය බිඳ දමා කම්කරු ප‍්‍රජජාතන්ත‍්‍රීය පාලනයක් තුළින් ගොඩනැගුනු නිදහස් මාධ්‍යයක් වෙනුවෙන්ද කලාකරුවන් හා කලාමාධ්‍ය රාජ්‍ය ග‍්‍රහණයට යටත් කිරිම හා ධනේශ්වර මෙවලමක් ලෙස කලාව යොදා ගැනීම නවතා ස්වාධින කලා මාධ්‍යයක් ගොඩනැගීම.

11. ලාභය ඉපයීම හා ශ‍්‍රම සුරාකෑම එ්කායන පරමාර්ථය කරගෙන සිදුවන ඊනියා ධනේශ්වර සංවර්ධන කි‍්‍රයාවලිය තුල ඇතිවන වනාන්තර, ගංගා, ඇලදොල ඇතුලූ පරිසරය විනාශයට එරෙහිව සටන් වදිමින් අනාගත පරම්පරාවට පෘථිවිතලය ආරක්ෂා කිරීම උදෙසා සැකසුන පරිසර හිතකාමී තිරසාර සංවර්ධනයක් ඇති කිරීම.

12. ජාතිවාදී බලවේග විසින් ජාතිවාදය ඇවිස්සීම හා ආගම් අතර ගැටුම් ඇති කිරීමට දරණ නින්දිත ප‍්‍රයත්නය පරාජය කර විශේෂිත පීඩනයකට මුහුණදෙන මුස්ලිම් ජාතිකයින් ඇතුලූ අන්‍ය ආගම්වලට සිය ආගමික කටයුතු වල නියැලීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරිම හා කිසිම ආගමක් නොඅදහා සිටීමට පුරවැසියන්ට තිබෙන අයිතිය තහවුරු කිරීම.

13. සෞඛ්‍ය, අධ්‍යාපනය, ජලය, විදුලිය, බලශක්තිය, මහා මාර්ග හා දුම්රිය මාර්ග, වාරිමාර්ග, බැංකු හා රක්ෂණය, සතොස, වරාය හා නැව් සංස්ථාව, ගුවන් තොටුපල, වතු වැවිලි අංශය, විදුලි සංදේශය හා ප‍්‍රධාන කර්මාන්ත යනාදී දේශීය ආර්ථිකයේ වැදගත් ආර්ථික හා පරිපාලන මර්මස්ථාන දේශපාලකයින්ගේ බලපෑම් වලින් මිදුනු ජනසතු දේපොල ලෙස කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යටතේ පවත්වාගෙන යාම.

14. දුරදිගයන ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් සමග පළාත් බද ජනතා නියෝජිත ආයතන සඳහා ස්වාධීන බලයක් ලබාදීම හා ග‍්‍රාම සේවා නිලධාරී තනතුරේ සිට ඉහළට රාජ්‍ය සමස්ථයක් ලෙස ආණ්ඩු පක්ෂයේ දේශපාලනයෙන් නිදහස් කිරීමට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇති කිරීම.

15. රජයේ පළාත් සභා ප‍්‍රාදේශිය සභා ආදියෙහි සියලූ කටයුතු පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිය සියලූ පුරවැසියන්ට පණතක් මගින් ලබාදීමද වත්කම් හා බැරකම් පණත සංශෝධනය කර ජනාධිපතිද ඇතුළු සියලූ මහජන නියෝජිතයින් තම වත්කම් හා බැරකම් වාර්ෂිකව ප‍්‍රකාශ කිරීම අනිවාර්ය කිරීමද එ්වා මහජනයාට දැනගැනීමට හැකිවන සේ ප‍්‍රසිද්ධියට පත් කිරීම හා සියලූ දේශපාලන පක්ෂ තම වාර්ෂික ආදායම් හා ලැබීම්ද වියදම්ද, මැතිවරණ සඳහා කෙරෙන වියදම්ද ප‍්‍රසිද්ධ කළ යුතු බවට නීති පැනවීම.

නව ලිබරල් ගෝලීය ධනවාදී වැඩ පිළිවෙල වෙනුවෙන් පෙනී සිටින ජාතිවාදී දේශපාලනය කරපින්නාගත් ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ ධනපති පංතිය හා එාජපය නියෝජනය කරන ප‍්‍රතිගාමී බලවේග පරාජය කරමු. අධිරාජ්‍යවාදයේ හා ධනවාදයේ ඕනෑ එපාකම් වෙනුවෙන් මෙම යටත් විජිත රාජ්‍යය එලෙසින්ම පවත්වාගෙන යාමේ උවමනාව වෙනුවෙන් කටයුතු කරන ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ හවුල් සන්ධානයද එසේම එජාපයද පොදු ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු නොකරන බව ඉතිහාසය සාක්ෂි දරනු ඇත. රට ගිනිබත් කරන ආගමික අන්තවාදය හා ජාතිවාදය ප‍්‍රතික්ෂේප කරන අතර වමේ නායකයින් අනුගමනය කරන ධනපති සභාගවාදී හවුල් දේශපාලනය මුලූමනින්ම බැහැර කිරීම ද
රට මුහුණදෙන ගැඹුරු සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට තිරසාර විසදුම් ලබාදීම සඳහා ධනේශ්වර විරෝධී නිර්ධන පංතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී වැඩ පිළිවෙලක් කි‍්‍රයාවට නැගීම වෙනුවෙන් කම්කරු පංතිය ගොවීන්, ධිවරයින් හා උතුරු නැගෙනහිර දමිල ජනතාව ඇතුළු සියලූ සුලූජන කොටස් ඇතුලත්ව පීඩිත ජනතාව සමඟ අප සටන් වඳිනු ඇත.

එක්සත් සමාජවාදී පක්ෂය

Related Posts

No Content Available
Next Post
වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.