lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

2024 පාර්ලිමේන්තු මැතිවරණය

Taniya by Taniya
October 22, 2024
in Articles
0
2024 පාර්ලිමේන්තු මැතිවරණය
Share on FacebookShare on Twitter

මර්දනයට පීඩනයට සූරාකෑමට එරෙහි වැඩ කරන ජනතා බලයක්

එළඹෙන මහ මැතිවරණය ජනතා බලයේ දිශානතිය තීන්දු කෙරෙන මැතිවරණයකි. මැතිවරණයට තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවාදයට අනුගත වී දියවන්නාවේ ආසනයක් දිනාගැනීමට උදෙසා පෙළගැසී සිටියදී පාර්ලිමේන්තුවාදයට යට නොවී එයින් බැහැර ජනතා බලය ගොඩනැගීම සඳහා ඡන්දය ඉල්ලන එකම පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය බවට පත්වී තිබේ.

සමාජයේ පීඩිත ජන කොට අයිතිවාසිකම් දිනාගත හැක්කේ පාර්ලිමේන්තු රාමුවට කොටුවීමෙන් නොව මහපාරේ වීදියේ කම්හලේ වැඩබිමේ ජන බලය ගොඩනැගීමෙනි. ඉතිහාසය පුරා ජනයා සිය අයිතිවාසිකම් දිනාගෙන ඇත්තේ එලෙසිනි. උඩරට වතුකරය ගත්විට එම ජනතා නියෝජනය කරන්නට ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තු ගිය එකදු පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් හැබෑ අරුතින් ගත් කල ඔවුන් නියොජනය කළේ නැත. ඔවුන් කළේ ධනපති ආණ්ඩුවලට මුක්කු ගසමින් තම පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගැනීම පමණක් බව මේ වනවිට අත්දැකීමෙන්ම පැහැදිලිය. එබැවින් ඔබේ නමින් ඡන්දය ඉල්ලාගෙන එන මේ හොරුන් තක්කඩියන් එළවා දැමීමට කාලය උදාවී තිබේ.
එක්සත් සමාජවාදී පක්ෂය ඡන්දය ඉල්ලන්නේ වාමාංශිකය කියන ඇතැම් අය කියන පරිදි විපක්ෂයේ ආසනයක් දිනාගැනීමට නොවේ. එවැනි මන්ත්‍රී සිහිනයක් අපට නැත. අප ඡන්දය ඉල්ලන්නේ ඒ තුළින් ලැබෙන ශක්තිය උපයෝගි කරගෙන පීඩිත කම්කරුවන්ගේ, තරුණයන්ගේ, සිසුන්ගේ, ස්ත්‍රීන්ගේ, lgbtiq ප්‍රජාව ඇතුළු සියලු පීඩිත ජන කොටස්වල අරගලය පෙරට ගැනීම සඳහාය.
උඩරට කඳුකරයේ මලෙයියග ජනයා වසර 200ක් තිස්සේ මිනිස් බවේ ආවේණික ගුණාංගයක් වූ ගරුත්වයට කිසි දින හිමිකමක් නොලැබූ ජන කොටසකි. ඔවුන් තවමත් ජීවත් වන්නේ  අර්ධ වහල් තත්ත්වයෙනි. නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් ලබන්නේයයි කීවද ඔවුන්ට සලකන්නේ පුරවැසියන් ලෙස නොව යටත්වැසියන් ලෙසය. ඔවුන්ට ගමක් නැත. නිවසක් නැත. ලිපිනයක් නැත. තම ලෙයින් ඩහදියෙන් සරු කළ පොළොවේ බිම් අඟලකට අයිතියක් නැත. මියගිය පසු මිනිසකු ලෙස පොළොවට පස් වීමටවත් අයිතියක් නැත. පාලකයන් සහ වතු හිමියන් උත්සව පවත්වා සැමරූ දෙසීය වසරකට පසුත් වතු කම්කරුවන් ඇතුළු මලෙයියග ජනතා පෙළන පීඩනයේ, සූරාකෑමේ කිසිදු වෙනසක් සිදුවී නැත.
මේ දුක්ඛිත තත්ත්වය අවසානාත්මක ලෙස වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. එය කළ හැක්කේ ඒ සඳහා දැක්මක් ඇති පක්ෂයකට පමණි. ඒ සඳහා මග වන්නේ  සමාජවාදයයි. පාලක පීඩක පන්තිය විසින් කම්කරුවන් සූරාකමින් ලාභ පොදි ගහන මේ මජර ධනවාදය අහෝසි කොට ශ්‍රමයේ පලය එහි හැබෑ උරුමකරුවන් වන වැඩකරන ජනතාවට හිමිකර දිය හැක්කේ සමාජවාදී සමාජ ක්‍රමයක් තුළිනි.
ඒ සමාජවාදය ගොඩනැගිය හැකි බලවේගය වන්නේද සංවිධිත කම්කරු පන්තියයි. ධනපති පන්ති පාලනය බිඳ දමා කම්කරු පන්තිය අතට බලය ගැනීම හැර වෙන මාවතක් නැත. ඒ සඳහා වැඩපොල, කම්හල්, ආයතන, පාසල්, විශ්ව විද්‍යාල ආදිය මට්ටමින් කම්කරුවන්ගේ කමිටු ගොඩනඟමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒවා එකතු කරගත් ක්‍රියාකාරී ජාලයක් හොඩනගා කොල්ලකාරී ධනේශ්වර පන්ති පාලනය පෙරලා දැමීම තවදුරටත් පමා කළ නොහැකිය.
එක්සත් සමාජවාදී පක්ෂය සටන් වදින්නේ ඒ වෙනුවෙනි.
– ශ්‍රිනාත් පෙරේරා –

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
2024 நாடாளுமன்றத் தேர்தல்

2024 நாடாளுமன்றத் தேர்தல்

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.