lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආටක නාටක – ලලිත් අබේසිංහ

Taniya by Taniya
March 15, 2024
in Articles
0
ආටක නාටක – ලලිත් අබේසිංහ
Share on FacebookShare on Twitter

ආටක නාටක සුලබ කාලය එලෙඹ ඇත. ඒ මැතිවරණ සමයයි. මැතිවරණ සමය ලෙස මෙය කියා පෑවේ මෙදා සැරේ නම් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ටක්කෙටම මෙම අවුරුද්ද අවසාන භාගය වන විට තියන්න සිද්ධ වෙනවාමැයි විශේෂඥවරු සියල්ලෝම පාහේ කියා සිටින බැවිනි . “අරගලයේ” රස්නයත් සහමුලින් නිවී නොගිය කාලයේ පවා, විපක්ෂ බලවේග යම් ප්‍රමාණයකට ශක්තිමත්ව තිබූ අවස්ථාවක පවා , පලාත් පාලන මැතිවරණ තියන්න සල්ලි නැතැයි කිය කියා සිටි රනිල් උන්නැහේ මැතිවරණ කොමිසම තුල කලබලයක් ඇති කර පසුව කීවේ මැතිවරණ තියන්න සල්ලිත් නෑ, සල්ලි තිබ්බත් තියන්න මැතිවරණයක් නෑ කියාය. එම උද්දච්ච අනීතික ප්‍රකාශය ඉදිරියේ විපක්ෂ බලවේග වලට එයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට හැකියාවක් තිබුනේ නැත. රනිල් උන්නැහේ මෙම ජනපතිවරනය සඳහාද කුමන උප්පරවැට්ටියක් දමයිද කියා තවම දන්නේ නැති වුනත් මෙදා පොටේ නම් කල් මැරීම ලෙහෙසි පහසු නොවන බවද නොකිය මනාය !

කෙසේ වෙතත් දැන් ආටක නාටක තිරය විවිර වී ඇත.

හිටපු හා ඉන්න මැති ඇමතිවරු වෙඩි කෑ ඌරන් සේ කලබල වී ඇත. හිස් ලූ ලූ අත දුවමින් ඇත. සංධාන හදමින්, කඩමින් , පූට්ටු වෙන්න විශේෂ මෙහෙයුම් කරමින් , සිටිය තැන් වලින් ඉල්ලා අස්වෙමින් ජනතාව සිනා සයුරේ ගිල්වා ඇත. රට දැය සමය නැවත මතක් වී ඒවා බේරාගන්න ගිරිය පුප්පා ගෙන හිටපු ඇමැතිවරු , තමන් එහෙම හිටියාදැයි වත් අමතකව නන් දොඩවමින් ඇත. ආණ්ඩුවේ ඉන්නා අය ආණ්ඩුවටම බැන වදිමින් ජනතාව වෙනුවෙන් පෙල ගැසී ඇත. මෙම විකාර රූපී චරිත තම බලයද, වාසිද ,කොමිස්ද ,ටෙන්ඩරද අහිමි වන දැන පිස්සු විකාරයෙන් කතා කරන රඟ දුටුවාම මේ උත්තමයින් අපට කොයි තරම් ආදරයෙන් හිටියාද ඉන්නවාද යන හැඟීම එන විට අපට වාවන්නේද නැත.

තම තමන්ගේ වාසියට ලැග්ග සියලු කඳවුරු සුන්නත්ධුවිලි නන්නත්තාර වී ඇත. ලංකාව නම් මමය, මගේ පවුලය කියා සිතා සිටි හා ක්‍රියාකළ රාජපක්‍ෂ කඳවුර අද ඇත්තෙන්ම මහින්ද රාජපක්‍ෂ වගේමය. රතන, විමල්, ගම්මන්පිල හොල්මන් වී ඇත. එල්ලෙන්න තැනක් නැතිය. වද කොත්තූ, වද ජංගි ,පැලෝපියා නාල විශේෂඥ හා ඉන්දියානු විරෝධි සකල විධ නාටක පල්ල ගිය බාල්දි ලෙස වියැලී ඇත. ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි මෙලොව රහක් නැති කථාවක් යලිත් අල්ලාගෙන යටි ගිරියෙන් දහඩිය පිස දම දමා ගොන් කතා වැලක් කියාගෙන ගියද ඒවා ඇසූ කෙනෙක් හෝ ප්‍රතිචාර දැක්වූ එකෙක් නැත. ගම්මන්පිලද මුඛ පූට්ටූ රෝගයෙන් පෙලෙමින් සිටී. දැන්ම මොනා හරි කීවොත් හොදය. මාගේ වටිනා ඡන්දය දීමටය. ඩලස්, චරිත, චාපා ආදීන් එලියට බට නමුදු කොහෙටවත් ඇතුල් වීමට නොහැකිව සිටිති. ලංසාගේ නායකත්වයෙන් සුසිල් අනුර ප්‍රියදර්ශන රනිල්ගේ සෙවනේ මොකක් හරි හොයා ගන්න සැදී පැහැදී සිටිති. ජී එල් හොයාගන්නවත් නැත. ජයසුමන අලුත් කර නමක් ගසා ඇත්තේ ඔහුට පසුගිය මැතිවරණ වලදී තිබූ ඩොක්ටරි සාෆිට හිග වැටුප් දී සියලු චෝදනා වලින් නිදහස් කොට යලි සේවයේ පිහිටුවා ලීමත් සමග පැලෝපියා නාල සටන නිමාවූ නිසාය.

යූ ඇන් පියේ සිටින්නේ රංග බණ්ඩාර හා වජිර පමණි. හැට නව ලක්ෂයේ ජනවරම එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරයක් පමණක් දිනා එයට සපැමිණි රනිල්ව ජනාධිපති කරවන්නට මහත් භක්තියෙන් කැප කළ පොහොට්ටුව කළේ ගමේ තම පාක්ෂිකයන්ගේ රෙදි ගලවා දැමීමය. රනිල් විරෝධයෙන් අපවිත්‍රව සිටි පවිත්‍රා දේවි සුවද සබන් ඇග ගල්වා නහා පවිත්‍රවී රනිල්ට වැද නමස්කාර කොට කියන හැටියට ඉන්නම් යැයි දිවුරා ඇමතිකම් බාර ගත්තේ ආපු ගමන යලි නොහැරෙන්නය. නමුත් නාමල් පවසා සිටින්නේ රනිල්ගේ බදු ප්‍රතිපත්තිය තමන් අනුමත නොකරන බවය. ඒ, තම බාප්පා සියලු හිත මිත්‍රාදීන්ට බදු සහන ලබා දීමේ ප්‍රතිලාභ ඔහු දන්නා නිසාය.

ශ්‍රිලනිප පතාක යෝධ සිරිපාල හා අමරවීර මැතිදුන් අවසන් මොහොත තෙක් ඇමති සුර සැප විදින්න තෝරාගෙන ඇත්තේ පක්‍ෂ මතයට සහමුලින් එරෙහිවය. එකල සුපර් ස්ටාර් වෙලා හිටිය පසුව මහා ලේකම්කමින් මොකක් හෝ කරගන්න මාන බලා සිටි ජයසේකර උන්නැහේ තමන්ට හුරුව සිටි සිංදු කීමද අත්හැර තිබූ හෙයින් එයද අහිමිවීමෙන් උකටලීව දැන් බයිලා ප්‍රසංගයක් හෝ මැතිවරණ කාලයේදී කිරීමට සැලසුම් කර ඇතැයි ආරංචිය. සිරිසේන උන්නැහේද තරගයට ඉදිරිපත් වන බව පවසා තමන්ම එය ස්තිර කරගෙන ඇතත් දිවි හිමියෙන් එවන් තරගයකට පිවිස ඇපත් නැතිව ගෙදර යෑමට සිදුවන බව දැනගෙන, දිනන්න පුල්වන් අශ්වයක් හොයාගෙන ලගට යෑමට නියමිත මොහු එමගින් ප්‍රබල ඇමැතිකමක් හෝ ලබා ගන්නටය සිහින මවාගෙන ඇත්තේ. ඊලග මැතිවරණයේදී රොෂාන් පැරදවීම මේ සියලු දෑට වඩා ඔහුට වැදගත්ය.

පුතානෝ පියානෝද ගසමින් පියානෝව වයමින් ක්‍රිකට්ද අරකද මේකද සියල්ල කරමින් ඉන්නේ පෙර මැතිවරණයේදී මෙන් නොව මෙම මැතිවරණය අවසානයේදී හෝ වන වැදී පුල් ටයිම් කැලෑ ෆොටෝ කර්මාන්තය කරගෙන යෑමේ බී ප්ලෑන් එකක් තබා ගෙනය. දයා රත්නායක පිල්ලිය එවීමෙන් පොන්සේකාද උරණ කරගෙන ඉන්න පුතානෝ රට නංවන්න රට පුරා පාසැල් වලට ස්මාර්ට් ක්ලාස් රූම් හා බස් ලබා දීම ඇත්තටම හොද වැඩකි. ඒ වේ ආටක නාටක වලින් එහෙම හෝ ලාභයක් ලබා ගැනීමට පාසැල් කීපයකට හෝ අවස්ථාව සැලසෙන නිසාය.

තවත් ආටක නාටක ලැයිස්තුවක්ම ඇතත් ඒවා සඳහන් කිරීමෙන් සිනහව නවතාගන්න බැරිව කාලයාත්‍රා කිරීමට නොහැකි නිසා මේ ඇතිය. නමුත් කාලක්‍රියා කලත් කමකි නෑ කියලා හිතෙන්නේ රත්තරන්, ජොනී හා තිස්ස කුට්ටියා මතක් වෙන විටය.ලසසප කොප ගැන කතා කර වැඩක් නැත. ඒ , ඒවා නොපවතින බැවිනි. උතුරද සුමන්දිරන් එලවා දමමින් කර ඇත්තේ වෙනත් හැගවීමකි. ඒ බයිලා ඇති යන්නය. මෙයින් ඉතා පැහැදිලි දේශපාලන කරුණක් දේශපාලන භුමියේ සලකුණු කොට ඇත. ඒ මෙතෙක් මෙම බල කදවුරු දෙසා බෑ කිසිවක් තවත් අසන්නට ජනතාව සූදානම් නැති බවය.

ඒ, අධිරාජ්‍යය ගැති, ධනවාදි, මැද මාවත්, නව ලිබරල් ආදී නොකී මෙකී හැම උප්පර වැට්ටියෙන්ම තමන්ට කෙලවා ඇති බව ජනතාව තේරුම් ගැනීමය. ඒ නිසාම මෙම දේශපාලන රූකඩ වලට යන එන මං නැතිවීමය. මේ සියල්ලගේ අවසානය නම් උන් හැදී රටම බංකොලොත් කර ඇති බවය.

ජාතික ජන බලවේගය මෙම තත්වයට විකල්පයක් ලෙස යම් ආකර්ශණයක් දිනා ගෙන සිටින බව පෙනෙන්නේ ඔවුන් හොද නිසාම නොව අනික් උන් ඒ තරම් නරක නිසාවෙනි. එසේ වුවද නව ලිබරල් වැඩ පිළිවෙලට අනුගත වෙමින් ඔවුන් ගෙන යන දේශපාලනය ගැඹුරින් ප්‍රශ්න කල යුතුව ඇත. ජාතික ප්‍රශ්නය ගැන ඔවුන්ගේ මතය සමාජ ගත කිරීම අවශ්‍යය.
සම්ප්‍රදායක අරුතින් ජවිපේ සැලකෙන්නේ ජනප්‍රිය අර්ථයෙන් වාම බලවේගයක් ලෙසය. එහි පදනම් ශක්තිමත් කම්කරු පදනමක් නොවන අතර සු`ඵ ධනේෂ්වර බලවේග හා පීඩිතයන් කොටසකගේ ආකර්ශණයක් දිනා සිටින බව පැහැදිලිය.
මෙම දේශපාලන සංදර්භය ආටක නාටක ලෙස ප්‍රකාශයට පත්වුවද සැබවින්ම මෙහි වෙනත් ගතිකයක් ඇත. ඒ , පසුගිය දශක හත තූල කෙරූ කිසි දෙයකින් පොදු පීඩිත ජනතාවගේ සුභ සිද්ධිය සඳහා කිසිවක්ම සිදුවී නැති බවය. විවිධ ආටෝප වලින්, පොදු ජනයා දැන් ඉස්සර වගේ නෙවෙයි ස්මාර්ට් ෆෝන්ද පාවිච්චි කරන බව හුවා දැක්වුව හැකි වුවද සමස්ථ ජනතාවගේ යහ පැවැත්මේ ප්‍රමිතිය බෙහෙවින් පහල බැස ඇත. ජනතාව ඉල්ලන්නේ සැබවින්ම සාමය, පාන් හා ඉඩම්ය. සාමය යනු සහජිවනයය, ගරුත්වයය, නිස්කලංක භාවයය, ආදරයය, ජීවිතේ විදීමය. පාන් යනු ඇත්තටම සාගින්නෙන් හා මන්ද පෝෂණයෙන් මිදිමය. ඉඩම් යනු සම්පත් වල හිමිකාරිත්වයය, ජීවනෝපායය.

මෙම විරල දේශපාලන සංදර්භය සැබවින්ම ඉල්ලා සිටින්නේ කෝපා විෂ්ඨ වල් අලියෙකු සේ ගම් වැදී සියල්ල විනාශ කරන නව ලිබරල්වාදී ඊනියා සැලැස්මෙන් ජනතාව බේරා ගැනීමය. නමුත් භඡඡය එයට විකල්පයක් වන්නේ කෙසේද යන්න සළකා බැලිය යුතුය.

ජාතික ජන බලවේගය ජනප්‍රිය බලයක්සේ ඉස්මතු වන්නේ නම් මෙම ක්‍රියාධාමය මැතිවරණ හමුවේ මෙරට වාම බලවේග වල කාර්යභාරය පිලිබදව විචක්‍ෂණ කථිකාවක් ඇරඹීම කල යුතුව ඇත.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
தெற்கின் முதலாளித்துவ  தலைவர்களிடம் மீண்டும் ஏமாற வேண்டாம் !

தெற்கின் முதலாளித்துவ தலைவர்களிடம் மீண்டும் ஏமாற வேண்டாம் !

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.