lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා

Taniya by Taniya
March 13, 2024
in Articles
0
වෙඩි තබන මිනී මරන – පොලිස් ”යුක්තිය” – ශ්‍රිනාත් පෙරේරා
Share on FacebookShare on Twitter

රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ක්‍රියා කරන බවට පොරොන්දු වෙමින් රජ පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා වන ටිරාන් අලස්ගේ සහ ඔහුගේ වැඩබලන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන යුක්තිය නමින් හඳුන්වන පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දේ ලියවිලා තියෙනවා. මූලික වශයෙන් රටේ පවතින මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන්නේය කියන මෙම මෙහෙයුම තුළින් සැකකරුවන් 700, 800, 1000 ආදී වශයෙන් අත්අඩංගුවට ගන්න බව දිනපතා මාධ්‍යවල වාර්තා කෙරුණා. මෙහෙයුම පටන් ගෙන මාසයක් පමණ යනතුරු ක්‍රියාදාම චිත්‍රපටයක ජවනිකා වගේ තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය රූපවාහිනී තිර මත දිගහැරුනෙ.
ටිරාන් අලස් ඇමතිවරයා ඒ දවස්වල කිව්වෙ කාටවත් කරන්න බැරුව හිටපු දෙයක් එයා දැන් කරනව කියලයි. කුඩු සහ පාතාලය මුලිනුපුටා දමන ආඩම්බර කතා තමයි කිව්වෙ. ජූනි පළවැනිදා වෙත කොට මත්කුඩු උවදුර තුරන් කරන කතා අපට මතකයි. පාතාලයේ අපරාධ කරන අයට එයා කිව්වෙ මැරුම් කන්න එපා කියලයි. අපරාධ කළොත් නඩු අහනවා, හිරේ දානවා නෙවෙයි මැරුම් කන්නයි වෙන්නෙ ටිරාන් අලස්ගේ නීතියට අනුව.

ඒ කියන්නෙ ටිරාන්-දේශබන්දු කල්ලියේ අපරාධ මර්දනයේ මූලෝපාය වෙලා තියෙන්නෙ අපරාධකරුවන් කියල ඔවුන් හඳුන්වන අය ඝාතනය කිරීමයි. නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට මේ විදියට මරාදමන එක ජාත්‍යන්තර නීතියේ extra judicial killings කියන පදයෙන් හඳුන්වන්නෙ. පහුගිය කාලයක් පුරාම දේශබන්දු තෙන්නකෝන් හඳුන්වා දුන් මේ ක්‍රමවේදය තමයි පොලිසිය අනුගමනය කළේ අපරාධ මර්දනයේ නාමයෙන්. සඟවා තියෙන බෝම්බ, ආයුධ, මත්කුඩු පෙන්වනවය කියල අපරාධ සැකකරුවන් පාලු කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගිහින් පොලිසියට වෙඩි තියන්න, බෝම්බ ගහන්න හැදුවය කියල ඒ සැකකරුවන්ට වෙඩි තියල මරන එකයි දේශබන්දු අපරාධ මර්දනය සඳහා යොදාගත් වැඩපිළිවෙළ වුනේ.

මේ විදියට ඇතැම් අවුරුදු තිබුණ සැකකරුවන් 5 දෙනෙකුට වැඩි ගණනක් පොලිසිය විසින් වෙඩි තියල මරාදමන ලද. මේ හැම ඝාතනයක්ම පොලිසිය සිදු කර තිබුණේ මහරෑ හෝ අළුයම් කාලයේ කිසිදු බාහිර කෙනෙකුට දැකගන්න හෝ දැනගන්න බැරි ආකාරයෙන්. මේ කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් සාධාරණ මරණ පරීක්ෂණයක් සිදුකෙරුනේ නැහැ. මරණය සිදුවූ ආකාරය ගැන තියෙන්නෙ පොලිසිය කියන දේ විතරක් නිසා. පොලිසිය කියන දේ තමන්ට වෙඩි තියන්න හදපු නිසා ආත්මාරක්ෂාව සඳහා පෙරළා වෙඩි තියන්නට සිදුවූ බවත් එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය කියන්නෙ. ඒ හැර වෙනත් සාක්කි මොකුත් නැති නිසා පොලිසිය කියන දේ පිළිගෙන ආත්මාරක්ෂාව සඳහා කළ සාධාරණ වෙඩි තැබීමක් කියල තීන්දු කරන්නට විනිසුරුවරයාට සිදුවෙනව.

වෙඩි තියල මරාදාල පටන්ගත් ක්‍රියාදාමය වෙන විධියකින් ක්‍රියාත්මක කිරීමක් තමයි යුක්තිය නමින් දැන් කරගෙන යන්නෙ. දැන් ඒක ප්‍රධාන වශයෙන් මත්කුඩු උවදුර තුරන් කිරීමේ මෙහෙයුමක් හැටියටයි සමාජය ඉස්සරහට අරගෙන යන්නෙ. මුලදි නම් රූපවාහිනී පුවත්වල මුල් පුවතට පෙන්නුවෙ මේ මෙහෙයුම යටතේ පොලිස් බල්ලනුත් දාගෙන ගෙවල් ඇතුළ නොපිට පෙරලන එක. හෙරොයින්, අයිස්, ගංජා මෙච්චර හොයාගත්තය, අච්චර හොයාගත්තය කියමින් ටිරාන් දේශබන්දු දෙන්න ා රනිල් වික්‍රමසිංහගෙ ආශීර්වාදයෙන් මේ ක්‍රියාත්මක කළේ මේ රටේ පීඩිතම ජනතීරුවලට එරෙහි මෙහෙයුමක්. ඉතාම දිළිඳු ජනකොටස් ඉලක්ක කරගෙනයි මේ මෙහෙයුම මෙහෙයවුනේ. ඔවුන් මෙහෙයුම් ක්‍රියාත්මක කළ ප්‍රදේශවලම පිහිටි ධනවතුන්ගෙ , බලවතුනගෙ කිසිදු ගෙදරකට මේ මෙහෙයුම ඇතුළු වුනේ නැහැ. ටිරාන් දේශබන්දු දෙන්නා සල්ලිකාරයන්ට, බලපුලුවන්කාරයන්ට බයද? වැරදි කරන තොග වෙළෙඳුන් එළිපිට නිදැල්ලේ සිටියදී කුඩා සිල්ලර වෙළෙඳුන් අල්ලනව වගේ සිල්ලර වැඩක් මේ දෙන්නා මේ කරමින් ඉන්නෙ.

පසුගිය වසර තුන හතර තුළ පොලිසිය එන්න එන්නම පිරිහුනා මිසක් සුද්ද වුනේ නැහැ. සුද්ද කරන්න හැකියාවක් හෝ ඕනකමක් තියෙන ඇමතිවරයෙක් හිටියෙ නැහැ. ඒ නිසාම අපි තමයි ”ලයිසන් චන්ඩි” කියල ලයිසමක් අරගෙන අපරාධ කරන පොලිස් නිලධාරීන් දැන් වැහිවැහැල හැමතැනම. මේ ලයිසන් චණ්ඩි කතාවෙ උච්චම අවස්ථාව තමයි ජනවාරි 18දා නාරම්මලදි උප පොලිස් පරීක්ෂකවරයෙක් සාමාන්‍ය සිවිල් පුද්ගලයකුගෙ ඔළුවටම වෙඩි තිබ්බෙ නගරය මැද්දෙදිම. වෙඩි තිබ්බ විතරක් නෙවෙයි ඊට පස්සෙ ඒ නිලධාරියා හිනාවෙවී ඇවිදගෙනත් යනව. මේ විදියට තමයි ටිරාන් දේශබන්දු දෙන්නා මේ රටේ යුක්තිය සලස්වන්නෙ.

මෙයින් පෙන්නුම් කෙරෙන දේ නම් මේ රට නීතිය යුක්තිය නාමයෙන් පොලිස් රාජ්‍යයක් කරා වේගයෙන් ගමන් කරන බවයි. ජන පදනමක් නැති සහ ජන වරමක් දිනාගන්නටත් බැරි රනිල් ටිරාන් දෙන්නා අද තම බලය පවත්වාගැනීම සඳහා මේ විදියට මත් උවදුර සහ පාතාලය මර්දනය කරන කඩතුරාවට මුවාවී පොලිස් රාජ්‍යයක් ගොඩනැගීමටයි මේ වැඩ කරගෙන යන්නෙ. මේ තත්ත්වය වාමාංශික ව්‍යාපාරය සහ විශේෂයෙන්ම කම්කරු පන්ති ව්‍යාපාරය තේරුම් ගන්න අවශ්‍යයි. මොකද මේ පොලිස් ක්‍රියාදාමයේ අන්තිම ඉලක්කය වෙන්නෙ වැඩකරන ජනතාව මර්දනය කිරීම. වැඩකරන ජනයාගේ සටන්, අරගල මර්දනය නොකර රනිල් වික්‍රමසිංහට තම දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැහැ.

පොලිසිය කියන්නෙ නියම අර්ථයෙන් නම් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා වන ආයතනයක්. එය ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රජා පොලිස් සේවයක් වශයෙනුයි. පොලිසිය සේවය කිරීමට බැඳී සිටින ප්‍රජාවේ අධීක්ෂණය යටතේයි. ඒ අනුව පොලිසිය වගකිව යුත්තේ ප්‍රජාවටයි. ඒත් මේ රටේ සිද්ධ වෙන්නේ ඒකෙ අනෙක් පැත්තයි. අද මේ රටේ පාලකයන්ගෙ ආරක්ෂකයො (body guards) පිරිසක් විදියටයි පොලිසිය ක්‍රියා කරන්නෙ. සමාජවාදී පාලනයක් තුළදී මේ පොලිස් බලකාය මුළුමනින්ම විසුරුවා හැර අදාළ ප්‍රජාවට වගකියන, ප්‍රජාවේ පාලනයට යටත් නව ප්‍රජා ආරක්ෂක සේවයක් ස්ථාපිත කළ යුතු වෙනවා. එය ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් තුළ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් වගකීමට බැඳී සිටින මහජන සේවාවක් ලෙස ස්ථාපනය කළ යුතු වෙනවා.

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
ගෝලීය අර්-බුදය  සහ සමාජවාදය සඳහා අරගලය

ගෝලීය අර්-බුදය සහ සමාජවාදය සඳහා අරගලය

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.