lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම

Taniya by Taniya
March 5, 2024
in Articles
0
ඉන්දීය ධනපති නායකයන් සමග ජවිපෙ මගුල් කෑම
Share on FacebookShare on Twitter

ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේයේද නායකයා වන අනුරකුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය මේ වනවිට සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබේ. මීට මාස කීපයකට පෙර පැවති තත්ත්වය අනුව නම් ජවිපෙ නායකයන් ඉන්දියාවේ ආණ්ඩුවේ ආරාධනයක් පිට ඉන්දියාවේ සංචාරයක් කරනු ඇතැයි හිතන්නටවත් පුලුවන්කමක් නොතිබිණි. ඒ තරමට ඔවුන් ඉන්දීය විරෝධී විය. ඒත් දැන් එම විරෝධය උඩු යටිකුරු වී තිබේ.

පැති දෙකකින් මේ සංචාරය වැදගත් වෙයි. පළමුව ඔවුන්ගේ ඇඳුමයි. ඇඳුම කෙනෙකුගේ පෞද්ගලික දෙයකි. ඒ උඩ දේශපාලනික මැනීම්වලට යාම උචිත නොවේ. එහෙත් මේ අවස්ථාවේ ඔවුන්ගේ ඇඳුම පවා දේශපාලනික ඉඟි සපයයි. අනුර කුමාර, විජිත හේරත් ඇතුළු ජාජබ නායකයන් සාමාන්‍ය කටවහරට අනුව ටයි කෝට් ෆුල් සූට් හැඳ පැළඳ සිටි අපූරුව දුටු විට මුලින්ම මුවගට එන්නේ සිනහවකි. ටයි කෝට් පන්නයේ ඇඳුම් පැරණි වමේ නායකයින් අදින පළදින විට ඊට එරෙහිව සටන් කළ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් මුළුමනින්ම පිළිකෙව් කළ ඇඳුමකි එය. දැන් අනුරකුමාර එම පිළිවෙතට පස්ස හරවා එය තම නිල තත්ත්වයේ ඇඳුම බව පෙන්නුම් කර තිබේ. එය වැදගත්ය. අනෙක් අතට ඔවුන් හමුවූ ඉන්දීය නායකයන්, නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් බොහෝ විට ඇඳ සිටියේ සාම්ප්‍රදායික ඉන්දීය ඇඳුම් හෝ සාමාන්‍ය කමිස කලිසම් ය. එයින් පෙන්නුම් කෙරුණේ ඉන්දීය නායකයින් ටයි කෝට් ඇඳුමට ඔවුන් කිසිදු විශේෂත්වයක් නොදක්වන බවයි. එහෙත් ජවිපෙ නායකයන්ට මේ සංචාරය මහමෙරක් මෙන් වටින බව සහ එයට ඔවුන් දුන් ඉමහත් වැදගත්කම ඔවුන්ගේ ඇඳුමෙන් පවා පිළිඹිබු කෙරිනි. ඉන්දීය ආණ්ඩුවේ ආරාධනය සම්බන්ධයෙන් ඔවුන් කොතරම් අමන්දානන්දයට පත්වූයේද සහ එයට කොතරම් වැදගත්කමක් දුන්නේද යන්න ඇඳුම් තෝරාගැනීමෙන් පවා පෙන්නුම් කෙරිනි.

දෙවනුව මෙහි දේශපාලනික ඇඟවීම් මොනවාද? ජවිපෙ නායකයන් ඇඳුම් ඇඳීමේදී නොමග ගිය අයුරින්ම මෙහිදීත් මෝහනයට පත්වී සිටි බව පැහැදිලිය. ෆුල් සූට් ඇඳීමෙන් ඔවුන් ඉන්දීය නායකයන්ට හැඟවූයේ ඔවුන් තවදුරටත් කැරලිකරුවන්, අරගලකරුවන්, වීදි සටන්කරුවන් නොවන බව සහ දැන් වැදගත් මහත්වරුන් බවය. ඒ අනුව ඉන්දීය පාලක පන්තියට ජවිපෙ යනු විස්වසනීය කණ්ඩායමක් බව මුල් බැල්මට තහවුරු කිරීමට ඔවුහු ක්‍රියා කළහ. හින්දුත්ව මහජාතිවාදය කරපින්නා ගත් දක්ෂිණාංශික භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුව සමග වුවත් ගනුදෙනු කිරීම සඳහා තමන් විස්වාසය තැබිය හැකි gentlemen පිරිසක් බව ජවිපෙ නායකත්වය ඉන්දියාවට පයතබන විටම ඉන්දීය බලධාරීන්ට පෙන්නුම් කළේ එලෙසිනි.

අනුරකුමාර ඇතුළු පිරිස මුලින්ම හමුවූයේ ඉන්දීය විදේශ ඇමති එස්. ජෙයිෂංකර් ය. ජෙයිෂංකර් යනු ඉන්දීය විදේශ ප්‍රතිපත්ති මෙහෙයවන්නා පමණක් නොව අගමැති නරේන්ද්‍ර මෝදි ලෝකය හමුවට ප්‍රක්ෂේපනය කරන්නාද වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද සහභාගී වූ උගන්ඩාවේ පැවති නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දියාව නියෝජනය කළේ ජෙයිෂංකර් විදේශ ඇමතිවරයාය. අගමැති මෝදිගේ ප්‍රධානතම trouble shooter ලෙස හැඳින්වෙන ඔහු ජවිපෙ නායකයන් හමුවීම ඉතා වැදගත් කාරණයක් බව අවධාරණය කොට සඳහන් කළ යුතු වේ. මෙරට මාධ්‍යවල අනුරකුමාරගේ සංචාරය පිළිබඳව කතා කෙරෙන විට වැඩියෙන් සහ උපහාසාත්මක ලෙස සඳහන් කෙරුනේ ඔහු අදානි සමාගමේ මූලස්ථානයට ගිය කාරණයයි. එහෙත් එම සංචාරයේ වැදගත්ම අවස්ථාව වන්නේ අනුරකුමාර ජෙයිෂංකර් හමුවයි.
ඉන්දීය විදේශ ඇමතිවරයා සමග පැවති සාකච්ඡා ජවිපෙ නායකයන් ඉස්මතු නොකළ අතර ඔවුන් ආපසු පැමිණි පසු පැවති මාධ්‍ය සාකච්ඡාවලදී මාධ්‍යවේදීන් ද ඒ ගැන ගැඹුරින් විමසා සිටියේද නැත. එහෙත් ඇත්ත වශයෙන්ම මේ ගමනේ තීරණාත්මක වූ මේ හමුවේදී සිදුවන්නට – කතා කරන්නට ඇත්තේ කුමක්ද ? ජෙයිෂංකර් ජවිපෙහි පැරණි ඉන්දීය විරෝධය පිළිබඳව තොරතුරු විමසන්නට ඇත්ද? නොඑසේනම් ”ඔයගොල්ලො බලයට අවොත් අනේ අපේ වැඩවලට බාධා කරන්න එපා, ඔයාල චීනෙත් එක්ක යාලු නිසා චීනෙන් අපට කරදරයක් වෙන්න දෙන්න එපා” ආදී වශයෙන් යාප්පු වෙන්නට ඇත්ද? එහෙත් කොයි වෙලේත් සිනාමුසු මුහුණින් සිටින ජෙයිෂංකර් ජවිපෙ නායකයන්ට ඍජුව නිසැකවම සහ හොඳින් පවසන්නට ඇත්තේ ”පාඩුවෙ ඉන්න” කියා බව පැහැදිලිය. එමෙන්ම අනවශ්‍ය කියුම් කෙරුම් වලට ගොස් අත පුච්චාගන්න එපා කියාද කියන්නට ඇත.

ඉන්දීය විදේශ ඇමතිවරයා ඉතාම ඩිප්ලොමැටික් ලෙස ජවිපෙ නායකයන් මෙල්ල කළ බව දැන් නොරහසකි. ඉන්දීය ව්‍යාප්තිවාදයක් තබා ඉන්දියාවේ යම් වරදක් සම්බන්ධයෙන් හෝ කට හොල්ලන්නට බැරි වන තැනට ජෙයිෂංකර් ඉදිරියේ අනුරකුමාර, විජිත හේරත් ඇතුළු ජවිපෙ/ජාජබ නායකත්වය නගුට දෙපා අස්සේ ගහගත් බව පැහැදිලිය. ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ගැන පමණක් නොව මේ දිනවල ලංකාවේ සිදුකෙරෙන අදානි ඇතුළු ඉන්දීය ආයෝජන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ප්‍රමුඛව උතුරු පළාතේ විශාල ප්‍රදේශයක් ඉන්දීය ආණ්ඩුවේ ග්‍රහණයට නතුකිරීම ඇතුළුව ඉන්දියාව මේ රටට කරන බලපෑම් ගැන මින්පසු ජවිපෙ නායකයන් කට නොඅරිනු ඇත. ජවිපෙ 70, 80, 90 ගණන්වල ඉන්දීය ව්‍යාප්තිවාදයක් ගැන කතා කරමින් රට තුළ ඉන්දීය ජනයාට එරෙහිව ජාතිවාදී ලෙස ඉස්මතු කළ ඉන්දීය විරෝධය පිට්ටු කෑල්ලක් ලෙසින් ඔවුන්ගේ මුවේ හිරවී තිබියදී ඉන්දීය පාලක පන්තියේ ප්‍රතිගාමී ව්‍යාප්තවාදය හැබැවින්ම ක්‍රියාත්මක වන්නේ දැන් බව ජවිපෙ නායකයන් තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. ආණ්ඩුව අලුතින් ඉදිරිපත් කර ඇති ධීවර පනත හරහා උතුරු මුහුද ඉන්දීය ධීවර ව්‍යාපාරිකයන්ට නිදහස් මුහුදු කලාපයක් කරන්නට දරන ප්‍රයත්නය ගැන ජවිපෙ නායකයන් නිහඬව සිටින්නේ එබැවිනි. කෙටියෙන් කිවහොත් ජෙයිෂංකර් ඉදිරියේ අනුරකුමාර ප්‍රමුඛ ජාජබ නානායකත්වය දණ ගැසූ බව සැඟවිය නොහැකිය.
එලෙස ඉන්දීය පාලකයන්ට නතුවූ ජවිපෙ/ජාජබ නායකත්වය ඉන්දීය පාලකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව යමින් ඉන්පසුව ටාටා සහ අදානි සමාගම්වල ප්‍රධානීන් හමුවිය. රනිල් වික්‍රමසිංහ පාලනයේ ඍජු මැදිහත්වීම සහ ආශීර්වාදය ඇතිව ලංකාවේ පොදු දේපොළ සහ සම්පත් ගිල ගැනීමට මාන බලමින් සිටින මේ සමාගම් ලොක්කන් හමුවේ ජාජබ නායකයන් හුදෙක් ශ්‍රාවකයන්, ඇහුම්කන් දෙන්නන් බවට පත්ව සිටි අයුරු රූපවාහිනී තිර මතින් පිළිඹිබු කෙරිනි. මෙරට කිරි ගවයන්, ගොවිපොළවල්, කිරි කම්හල් අත්පත් කර ගැනීමට කෙළ හලමින් සිටින අදානි සමාගමට එරෙහිව ජවිපෙ ගොවි සංවිධාන යුද්ධ ප්‍රකාශ කර සිටියදී 50 – 50 පදනමින් එනවා නම් අදානි සමග වුව ගනුදෙනු කිරීමට ලෑස්ති බව කියන්නේ ඒ නිසාය. මේ පදනමින් ලොව ඕනෑම ජාවාරම්කාර සමාගම්ක් සමග ගනුදෙනු කිරීමට ජවිපෙ නොපැකිලව ඉදිරිපත් වෙයි.

ජවිපෙ නායකත්වයත්, ජාජබයේ අලුත් තරුව වන හරිනි අමරසූරියත් කියන අයුරු වෙනස් වන ලෝක තත්ත්වයන්ට අනුව වෙනස් වීමට ඔවුහු ලෑස්ති පිට සිටිති. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස ආශ්චර්‍ය ජනකය. 1987-89 කාලයේදී ඉන්දීය විරෝධයක් මතුකොට ජවිපෙ රට ගිනි තියන සමයේ ඉන්දියාව සෝවියට් දේශය වැනි රටවල් සමග සමීපව ලෝක දේශපාලනය තුළ සාපේක්ෂ වශයෙන් යම් ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකරමින් සිටියේය. එහෙත් ජාතිවාදී ලෙස සිංහල ජනයා අතර පදනම තහවුරු කරගැනීම සඳහා ජවිපෙ ඉන්දීය විරෝධය ඉවහල් කරගත්තේය. අද රට තුළත්, ජාත්‍යන්තර වශයෙනුත් මෝදි පාලනය ඉටු කරමින් සිටින්නේ අතිශය ප්‍රතිගාමී කාර්යභාරයකි. හින්දුත්ව ස්වොත්තමවාදය ඔස්සේ අනෙකුත් සියලු ජනයා යටපත් කොට ඇත. එවන් ධනේශ්වර පාලක පන්තියක් සමග එකතු වීම යනු ලංකාවේ මෙන්ම ඉන්දියාවේද මෝදි පාලනයේ අත පෙවීම්, බලහත්කාරය, මර්දනය සහ රැවටීම්වලට අනියමින් නොව ප්‍රසිද්ධියේ සහාය දීමකි. ජවිපෙ හා ජාතික ජන බල වේගයේ නායකත්වය නිර්ලජ්ජිත ලෙස මේ කරමින් සිටින්නේ එයයි.

සමාජවාදීන් වශයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ මේ පාදඩ දෙබිඩි පිලිවෙත ප්‍රතික්ෂේප කරමින් එය එලිදරවු කිරීමට පසු ගිය කාලය පුරාම ක්‍රියාකළ අතරම දක්ෂිණාංශික ඉන්දීය පාලක පන්තියට එරෙහිව ඉන්දියාවේ පීඩිත වැඩකරන ජනයා සමග අත්වැල් බැඳ ගනිමින් මෙරට සහ ඉන්දියාවේ පීඩිත ජනයාගේ සහ කම්කරු පන්ති ව්‍යාපාරයේ එක්සත් සටන් ව්‍යාපාරයක් ගොගනැගීමට කැපවී සිටිමු. ඒ සඳහා වන පූර්වාදර්ශයක්ද අපට ඇත. එනම් 1945දී සුදු අධිරාජ්‍යවාදී පාලකයන් විසින් සිරගත කරනු ලැබූ සමසමාජ පක්ෂයේ නායකයන් ඉන්දියාවට ගොස් එරට මාක්ස්වාදී විප්ලවකාරී නායකයන් සමග එක්වී ඉන්දීය බොල්ෂේවික් ලෙනින්වාදී පක්ෂය (BLPI) ගොඩනගා එහි ලංකාවේ ශාඛාව ලෙස එම පක්ෂයේ ලංකා ශාඛාව නිර්මාණය කිරීමයි. ඉන්දියාවේ සහ ලංකාවේ පීඩිතයන්, ප්‍රගතිශීලීන් එක්ව කිසිදු ජාතිවාදයකට නතු නොවී දෙරටේම ප්‍රතිගාමී ධනපති නායකත්වයන් පලවා හැරීමට ක්‍රියාත්මක වූයේ ඒ අයුරිනි. අප ඒ මග නැවත විවර කොට ඉන්දීය අර්ධ මහාද්වීපයේ කම්කරු සහ පීඩිත ජනයාගේ බලයක් ගොඩනැගීමට ක්‍රියාකරනු විනා ජවිපෙ නායකත්වය මෙන් දෙරටේම පීඩිතයන් දඬුකඳේ ගැසීමට මෝදි පාලනයට සහ එහි පිටුබලය ඇතුව රනිල් වික්‍රමසිංහට අතදෙන මජර ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බව අවධාරණය කර සිටිමු.

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

කාන්තා දේශපාලනය සිහිවන්නේ March 8 විතරද ?

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.