• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රනිල්ගේ අලුත් Smart සෙල්ලම

Taniya by Taniya
November 28, 2023
in Articles
0
Articles

රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 21 වෙනිදින එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට පැමිනියේ යුරෝපීය නලුවකුගේ විලාශයෙන් කලුපාට ලෙදර් ජැකට්ටුවක් පැළඳ ගෙනය. ඔහු එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහු තවමත් තරුණ බව පෙන්වීමට විය යුතුය. මෙම සම්මේලනය අමතා රනිල් කළ කථාව විහිලු සහගත එකක් වූ අතර එහි තිබු විශේෂත්වය වූයේ Smart රටක් හැදීම සඳහා එක්සත් ජාතික පක්ෂය Smart පක්ෂයක් බවට පරිවර්තනය කරන බව පැවසීමය.

රනිල්ගේ දේශපාලන කැරට්ටුව ගැන රටේ ජනතාවට හොද අවබෝධයක් ඇත. අවුරුදු 25ක පමණ කාලයක් විපක්ෂයේ නායකත්වය දරමින් එම කාලය තුල පැවැති මැතිවරණ සියල්ල පරාජය වීම ගැන වාර්ථා තැබු අයෙකු ලෙස රනිල් ඉතිහාසයට එක්විය. එපමණක් නොව ඔහු විසින් ලාංකීය ධනපති පංතියේ ප්‍රධාන පක්ෂය වන එජාපයට අත් කර දී තිබෙන විනාශය සු`ඵ පටු එකක් නොවේ. 2020 පැවැති මහ මැතිවරණයේදී ඉතිහාසයේ පළමු වරට එක්සත් ජාතික පක්ෂයට එකම මැතිවරණ ආසනයක් වත් දිනා ගැනීමට නොහැකිව කුජීත ලෙස පරාජයක් අත් කර දුන්නේ රනිල්ගේ නායකත්වය විසිනි.
2022 වසරේදී ක්‍රියාත්මක වූ ”Gota Go Home” අරගලය හේතු කොට ගෙන දැවැන්ත අර්බුදයකට ඇද වැටී රාජපක්ෂ කල්ලියේ පාලනය බිඳ වැටීමේ පරිසරය තුළ පිං ජනාධිපති ලෙස බලයට පත්වූ රනිල් දැන් රට පාලනය කරන්නේ කිසිවක් නොදන්නා ගානටය. රනිල්ට මෙම පිනා චාන්ස් එක ලැබුනේ එජාපය පසුගිය මැතිවරණයෙන් ලැබුණු ජාතික මන්ත්‍රීධූරයට ඔහු විසින් ඔහුවම පත් කර ගැනීමේ කූඨ ප්‍රාප්තිය හේතු වෙනි. රනිල්ගේ බල ලෝභය හා කෑදර කම ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය ලබා ගැනීම සඳහා ඔහු අනුගමනය කළ කූඨ වැඩ පිළිවෙලින් මනාව පැහැදිලි විය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රිවරුන් පත් කිරීම මැතිවරණයකින් පසුව පැවැත්වෙන පළමු වන පාර්ලිමේන්තු සැසිවාරයට පෙර පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. නමුත් රනිල් එජාප නායකයා ලෙස එම සම්ප්‍රදාය කඩ කරමින් තමාගේ නායකත්වය යටතේ එජාපයට අත් කර දුන් විශාලම පරාජය නොතකා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයට කෙළහමින් කාලය මරා දමමින් නිහඩව සිටියේය. එජාපයට අත් වූ ඉරණම ගැන කළ කිරීමට පත් වූ දෙවැනි පෙළ නායකයින් එකා පසු පස අනෙකා පක්ෂය අත්හරිමින් ගිය අතර ඉතුරු වූ අත ලොස්ස නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. මෙම පසුබිම තුළ එජාපය තුළ ඉතුරු වූ රනිල් හිතවාදී අනුගාමිකයින්ගේ නිහඩ අනුමැතිය තුල වසරකට ආසන්න කාලයක් හිස්ව තැබු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ඔහු ලබා ගත්තේ කිසිම ලැජ්ජාවක් නොමැති බව ලෝකයටම ප්‍රදර්ශනය කරමිනි.
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පුද්ගලික බූදලයක් බවට පත් කර කටයුතු කරමින් එයට විනාශය අත් කර දුන් නින්දිත ඉතිහාසයකට උරුමකම් කියන රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපතිධූරයේ පිහිටෙන් තිරිහන්ව දැන් Smart පක්ෂයක් ගොඩ නැගීම ගැන කරන පුරාජේරුව තේරුම් ගැනීමට එයම ප්‍රමාණත්වය. Smart පක්ෂයක් හා රටක් ගොඩනැගීම ගැන රනිල් කරන කයිවාරුව අලුත් දෙයක් නොවේ. තරුණ තරුණයින්ට බ්‍රේස්ලට් යුගයක් උදා කරන බව පසුගිය කාලයේදී ඔහු විසින් කල ප්‍රකාශය හෝ “වොක්ස්වැගන්” කම්හලක් කුරුණෑගල පිහිටවනු බවට ඔහු විසින් කරනු ලැබු කයිවාරු ගැන රනිල්ට අමතක වුවද ජනතාවට අමතක නොවේ. රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපති ධූරයේ වැජඹීමට හැකියාව තියෙන්නේ තව මාස නමයක් වැනි ඉතා සු`ඵ කාලයක් පමණි. මෙම සීමිත කාලය තුල රනිල්ට කල හැකි දෙයක් නැත.මෙම පසු බිම තුල Smart රටක් ගොඩ නැගීම කෙසේ වෙතත් රනිල්ට කළ හැකි වන්නේ අධිරාජ්‍යවාදී බලවතුන්ට අවශ්‍ය ලෙස රටේ ඉතුරු වී තිබෙන සම්පත් ටික කුණු කොල්ලයට විකුණා දැමීමය. මෙම විනාසය රටට අත් කර දීමට පෙර රනිල් වික්‍රමසිංහ බලයෙන් එලවා දැමීම සඳහා පියවර ගැනීම කම්කරු පංතිය ප්‍රමුඛ වමේ බලවේග වල වගකීමය.

ජනතාව ඇලජික් පාලකයෙක්

වික්‍රමසිංහට කිසිදිනක සාමාන්‍ය ජනතාව සමග සම්බන්දයක් නොතිබුනු අතර සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ කොළඹ 7 කුරුඳු වත්තට සම්බන්දකම් පවත්වන ඔහුගේ ගජ මිතුරු කල්ලිය සමගය. එපමණක් නොව ජනාධිපතිධූරයට පත් වූයේ කිසිදු ජන වරමකින් තොරව වීම හේතු කොට ගෙන ඔහුගේ හැසිරීම සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් වලට කිසිසේත් නොගැළපෙන අන්දමටය. ඔහු මේ දින වල සිහින දකිමින් සිටින්නේ 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයෙන් බලයට පත්වීමට හැක්කේ කෙසේද යන්න උරගා බැලීමය. මේ වෙනුවෙන් දූෂිතයින්, අපරාධකරුවන් හා පිරිහුනු දේශපාලකයින් සමග සන්ධානයක් අටවා ගැනීමට ඔහු කටයුතු කරන බව පෙනේ. මේ සඳහා වික්‍රමසිංහට ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැත. සාමාන්‍යයෙන් අවුරුදු 5ක ආණ්ඩු කාලය අවසන් වීම සමග බලයේ සිටි ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයක් මතු වන අතර ජනතාවට අවශ්‍ය වන්නේ විකල්ප බලවේගයක් බලයට පත් කිරීමටය. ඒ අනුව බැලූ විට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නැවත බලය ලබා ගැනීමේ බලාපොරොත්තුව මහ පොළොවේ යාථාර්තයක් නොවන බවය.
මෙම පසුබිම තුළ රනිල් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ධූරය අහෝසි කිරීම හා විධායක අගමැති ධූරයක් ගැන ඉව අල්ලන අතර පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා කමිටුවක් පත් කර ඇත. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා ජනතාවට තිබෙන අතිමහත් උවමනාව අනිසිලෙස ප්‍රයෝජනයට ගත හැකි යැයි ඔහු සිතන නමුත් ජනතාව මෙම උගුලට හසුවීමට ඉඩක් නොමැතිය. අනෙක් පැත්තෙන් දැනට පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කේවල ක්‍රමයට මන්ත්‍රිවරුන් 160ක් හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රි වරුන් 65ස් දෙනෙකු පත් කිරීම ගැන යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ජනතාව නොමග යැවීමටය. රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබෙන කොමිසමේ සභාපති වරයා වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා වන පියසාත් ඩෙප්ය. රනිල් වික්‍රමසිංහ විසින් මෙම කොමිසම වෙත කර ඇති නිර්දේශ අතර ඉතා බරපතල කරුණු කීපයක් ඇත. ඉන් එකක් වන්නේ එක පුද්ගලයෙකුට මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේදී මැතිවරණ වර්ග දෙකකට තරඟ කිරීමටත් ඒ අනුව එම පුද්ගලයා තෝරා පත් වුවහොත් එකවර අදාල ආයතන දෙකම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දීමටය.
වික්‍රමසිංහගේ මෙම අපභ්‍රංශ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එකම පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව හා පළාත් සභාව යන ආයතන දෙකම එකවර නියෝජනය කිරීමට හැකි වනු ඇත. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට පත් වන සියලු මන්ත්‍රිවරු පළාත් සභාවට තරඟ කර තෝරා පත් වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
ඒ අනුව පාලන ආයතන දෙකක් පැවතීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය නිෂේධය වනු ඇත. රනිල්ගේ ඔ`ඵව තුල හොල්මන් කරන ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය අහෝසි කිරීමට කටයුතු කිරීම ඔහු තුල පවතින ඒකාධිපති බල වියරුව පෙන්නුම් කරන්නකි. එසේම මේ දිනවල ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා කර තිබෙන සමාජ මාධ්‍ය මර්ධනය කිරීමේ පනත හා නව ත්‍රස්ත පනත වැනි අන පනත් සම්මත කර ගැනීමට දරන උත්සාහය පෙන්නුම් කරන්නේ ජනතාව කෙරෙහි වෛරයෙන් කටයුතු කරන බව හා රාජ්‍ය මර්ධන යන්ත්‍රය කෙරෙහි පමණක් විශ්වාසය කරන බවය. මේ අනුව ඔහු විසින් නැවත බලයට පත්වීමේ සියලු බලාපොරොත්තු විනාශ කර ගනිමින් සිටින බව පැහැදිලිය. වසර 5ක කාලය අවසන් වීමට ලගා වීම සමග සාමාන්‍ය පාලකයෙකු සිදු කරන ජනතාව රැවටීමේ ක්‍රියාදාමයවත් වික්‍රමසිංහට කල නොහැකි බව IMF කොන්දේසි මත ඔහු විසින් ඉදිරිපත් කළ මෙම අයවැය ලේඛනයෙන් පැහැදිලි වී ඇත.

ආර්-ථික අර්-බුදය  හා අයවැය

රනිල් පසුගිය දිනවල කියමින් සිටියේ ජනතාවට සහන ලැබෙන අයවැයක් ඔහු ඉදිරිපත් කරන බවය. එසේ නමුත් පිං ජනාධිපතිගේ අවසන් අයවැය කන්දක් විළිලා මී පැටියෙකු ප්‍රසුත කිරීම තරම්වත් දෙයක් නොමැතිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය නිදහස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි ඉටු කිරීම ගැන සෑහිමකට පත් නොවන බව ඔවුන් ඉදිරිපත් කළ වාර්ථාවලින් පැහැදිලිය. ඔවුන්ගේ කොන්දේසි අනුව යමින් කම්කරු පංතියට අයත් අර්ථසාදක අරමුදල කොල්ලකනු ලැබු අතර ජනතාවගේ කර මත බදු පිට බදු පටවා ජනතාව සුසාන භූමියට දක්කමින් තිබේ. ආණ්ඩුව ගැන වර්ණනා කරන කේවට්ටයින් කුමන දේවල් ප්‍රකාශ කලද රටේ ආර්ථිකය එන්න එන්නම අර්බුදයට යමින් කඩා වැටෙමින් පවති. 2022 වසරේ පළමු කාර්තුවේ සිට 2023 වසරේ පළමු හා දෙවන කාර්තුව දක්වා ආර්ථිකය සෘණ මට්ටමට වැටීම පෙන්නුම් කරන්නේ ආර්ථික අර්බුදයේ ගැඹුරු පරිමාවයි.
මේ අතර අයවැය ලේඛණයට සතිදෙකකට පෙර වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා ජනවාරි 1 වෙනිදා සිට ඉහල දැමීමට කටයුතු කළේ බංකොලොත් අයවැය හිඟය පියවා ගැනීම සඳහාය. වැට් බද්ද ඉහල දැමීම නිසා හාල්, පාන්පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා බත් පාර්සලය ඇතුලත් සියලු බඩු භාණ්ඩ වල මිල ඉහල යනු ඇත. මේ අතර ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන නොබෝදා ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා වලට අනුව බදු එකතු කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට ආණ්ඩුවට සිදු වී ඇති බවය. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් කම්කරු පංතිය ඇතුලු සාමාන්‍ය ජනතාව පිට නැවත නැවත බදු බර පටවන අතර මහා පරිමාන ධනපතියන්ගෙන් බදු අය නොකර ඔවුන්ව සැනසීමට කටයුතු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිව දැකිය හැකිය.
අනෙක් පැත්තෙන් ව්‍යාජ දත්ත හා සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර පාරිභෝගික ජනතාව රවටමින් මාස 3න් 3නට විදුලි බිට වැඩි කිරීම සිදු කරන අතර මෙයට විරුද්ධව රට පුරා පාරිභෝගික ජනතාව අඛණ්ඩ උද්ඝෝෂණයන් වල යෙදෙමින් පවතී. කණගාටුවට කරුණ වන්නේ කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව රට පුරා විවිධාකාර විරෝධතා වල යෙදී සිටින පසුබිම තුල සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය වැනි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ජනතා අරගල වලට නායකත්වය දීම මගහැර මැතිවරණ මිරිගුව පසුපස යමින් සිටීමය.
රට පුරාම රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය උත්සන්න වෙමින් පවතින බව ඉතා පැහැදිලිව දකින්නට හැකිය. මෙම තත්වය මර්ධනය කිරීම සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය ඉතා බිහිසුණු අන්දමින් දියත් කර තිබෙන අතර අනෙක් පැත්තෙන් සිංහල – බෞද්ධ ජාතිවාදය නැවත ඇවිස්සීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනේ.
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි වජිර අබේවර්ධන විසින් ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට යම් බලවේග සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව නොබෝදා ප්‍රකාශ කළ අතර ඉන්දියානු රෝ ඔත්තු සේවයද එවැන්නක් පිළිබඳ ආණ්ඩුවට දැනුම්දී ඇති බවටද තොරතුරු ඇතැයි වාර්තා කර ඇත. පොහොට්ටුව සමග එක්ව ආණ්ඩුව විසින් ජනතාව වෙතින් මතුවන දැවැන්ත විරෝධය නොමග යැවීම සඳහා ජාතිවාදී කොටස් සංවිධානය කරන බව රහසක් නොවේ. මෙම තත්වය හමුවේ ආණ්ඩු විරෝධී බලවේග දැනුවත්ව කටයුතු කිරීම වැදගත් වන බවත් පංති අරගලය කැලේ පැන්න වීම සඳහා සැලසුම් කරන සියලු කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා සවිඥානිකව මැදිහත් වීම වමේ බලවේග වල වගකීම බව අවධාරණය කළ යුතුය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය (NPP) ධනපති පංතියේ උපකරණයක් බවට පත්ව පංති ව්‍යාපාරය අවුල් කිරීම සඳහා ගෙන යනු ලබන පංති ද්‍රෝහි ක්‍රියාකාරිත්වය පංති ව්‍යාපාරය තුළ දැනුවත්ව හෙළිදරව් කිරීම අප ඉදිරියේ පවතින අභියෝගයක් බවද අවධාරණය කළ යුතුය.
Previous Post

මහජන කවුන්සිලය – රාජ්‍ය බලය සහ ජනතා පරමාධිපත්‍යය

Next Post

ඉල්මහේ මියගිය දෙමළ විරුවන්

Next Post
ඉල්මහේ මියගිය දෙමළ විරුවන්

ඉල්මහේ මියගිය දෙමළ විරුවන්

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
November 2023
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Oct   Feb »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.