lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඉල්මහේ මියගිය දෙමළ විරුවන්

Taniya by Taniya
November 28, 2023
in Articles
0
ඉල්මහේ මියගිය දෙමළ විරුවන්
Share on FacebookShare on Twitter

කතෝලික ජනතාව නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය ලෙස නම්කර මියගිය අය සිහිපත් කරනව. එය කතෝලික ජනතාව විසින් සිදුකරන උතුම් කාර්යයක් ලෙසයි සලකන්නෙ. එහිදි මියගියේ සිංහලද දෙමළද යන්න වැදගත් නොවන අතර මියගිය සියලු මනුෂ්‍යයන් සිහිකිරිම කතෝලික ආගමානුකුලව සිරිතක් ලෙසයි ඔවුන් සිදුකරන්නේ. ලංකාවේ දේශපාලනික පසුබිම තුල ඊලාම් අරගලයේදී මියගිය අය සිහි කිරිම දඩුවම් ලැබිය යුතු වරදක් බවට පත්ව තිබේ. එය මේ රටේ දෙමළ ජනතාවට පමනක් දමා ඇති තහංචියකි. දකණේ සිදුවු “දේශප්‍රේමී” භීෂණ සමයේදී අරගලයේදි මියගිය අය සිහිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් “ඉල්මහ විරු සමරුව” නමින් සෑම වසරකම නොවැම්බර් මාසයේ මියගිය විරුවන් සිහිපත් කරයි. එයට උසාවි නියෝග එහෙමත් නැතිනම් දඩුවම්දිය යුතු වදරක් ලෙස කිසිදු පාලකයෙකු මෙතෙක් තහංචි පනවා නොමැත. එය මනුෂ්‍ය අයිතියක් ලෙස පිලිගනිමින් ඔවුන්ට ඒ සදහා ඕනෑම උත්සවයක් පැවැත්විමට අවසර ලැබේ. වසර 30කට ආසන්න කාලයක් තුල උතුරේ පැවැති අරගලය තුල මියගිය වුන් සැමරීම එල්ලුම්ගස් යැවීමට තරම් වරදක් ලෙස දකුණේ පාලකයින්ගේ මතයවී තිබේ. මින් පෙනීයන්නේ සිංහල ජනතාවට ඇති අයිතිය ලබා දීමට රටේ පාලකයින් තවමත් ඉඩ නොදෙන බවය.

මියගියේ කුමන ජාතියකද කුමන ආගමකද යන්න නොව මියගිය අයව සැමරීම සියලුම මනුෂ්‍ය වර්ගයාට ඇති අයිතියක් බව පාලකයින් අමතක කරන්නේ ඔවුන් දෙමළ ජාතිකයින් වීම නිසාවෙනි. පසුගිය සමයේ අතුරුදහන් කරන ලද තම දරුවන් හා ඥාතින් පිළිබදව සත්‍ය පවසන ලෙසත් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් මේ වන විටත් උතුරු නැගෙනහිර මව්වරුන් සහ ඥාතින් අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදී සිටී. දේශපාලන සිරකරුවන් නිදහස්කරන ලෙස බලකරන උද්ඝෝෂණද තවමත් එම ප්‍රදේශවල පැවැත්වෙනව. අද වන තුරුත් එයට කිසිදු විසදුමක්දීමට පැවති එක ආණ්ඩුකින්වත් උනන්දුවක් දැක්වුයේ නැත .දශක 3කට ආසන්න යුද්ධය අවසන්වී දැනට වසර 13ක් ගතවී ඇතත් තවමත් උතුරු නැගෙන හිර ජනතාවට යුක්තිය ඉටු කිරිමට කිසිදු පාලකයෙකුට හැකවී නොමැත . දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරනවා යැයි පැවසු රනිල් වික්‍රමසිංහ අද වන විට අනෙක් සිංහල බෞද්ධ අන්ත ජාතිවාදි පාලකයන්ටත් එහා ගමන් කරමින් ලංකාවේ ජාතික ප්‍රශ්නයක් නැතිගානට කටයුතු කරමින් සිටී. මාස 2න් ජාතික ප්‍රශ්නය විසදනවා යැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල රනිල් දෙමළ ජනතාවට කැරට් අල පෙන්වුවා පමණක් නොව උතුරට ගොස් ප්‍රකාශ කලේ ඊට පසුදාම දෙමළ ජනාවගේ ප්‍රශ්න විසදන අයුරිනි. බොරු පොරොන්දු දෙමින් එම ජනතාව මුලාවේ දමා ලෝකයාම ඇන්දීමේ කවටයකු බවට ඔහු පත්ව ඇත . අද වන විට උතුරු ප්‍රදේශයේ දේශපාලන තත්වය ඉතාම ව්‍යකූල තත්වයකට ඇදදමා ඇත . ජනතාව මංමුලාවී කරකියාගත නොහැකි තත්වයකට පත්ව තිබේ. දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස පෙනි සිටි ඔභ් ඇතුලු උතුරේ ධනපති පක්ෂ රනිල්ගේ ආණ්ඩුව සමග සහජීවනයෙන් ජීවත්වනවා පමණක් නොව ජනතාවගේ සියලු බලාපොරොත්තු බිදදමා ඇත. ටීඑන්ඒ නායකයින් වටයෙන් වටය ජනාධිපති හමුවී කාලය මැරිමක් කල නමුදු ජාතික ප්‍රශ්නය විසදිමට දශමයකින් වත් ඉදිරියට යැමට රනිල් ඇතුලු ටීඑන්ඒ පාලකයන්ට හැකියාවක් ලැබි නොමැත .

අද වන විට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට තමන්ගේ අභිමතය පරිදි සැමරුම් උත්සවයක් පැවැත්විමටවත් නිදහසක් නොමැත . යුද්ධය අවසන්වු පසු ඔවුන් විසින් විශ්ව විද්‍යාල භුමිය තුල ඉදිකරන ලද සැමරුම් ස්මාරකය ඉවත් කිරිමට පවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබේ. එයින් පෙන්නුම් කරන අභාග්‍ය නම් දෙමළ ජනතාවට තම මියගිය අය සිහිකිරිම ආගමානුකුලවවත් සිදුකලනොහැකි දෙයක් බවට පත්ව තිබ්මයි. මෙවැනි තත්වයක් තුල ලංකාවේ ජාතික ප්‍රශ්නයට මේ කිසිදු පාලකයෙකුගෙන් විසදුම් නොලැබෙනවා පමණක් නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නොමැතිවීම අවාසනාවන්ත තත්වයකි. ධනපති පාලකයන්ට උතුර මතක් වන්නේ මැතිවරණ වේදිකාව සරසන මෙවලම් බවට පත්කර ගැනිමට පමනි. රනිල්ගේ ආගමනයත් සමග උතුරේ දෙමළ ජනතාව ආණ්ඩුව ගැන උනන්දුවුයේ උතුරට මොනවා හෝ කරනවා යැයි දැඩි විශ්වාසයකිනි. අද එය පුස්සක් බවට පත්වී තිබෙන්නේ දෙමළ ජනතාවගේ මානව අයිතින්වත් රැකගැනිමට උතුරට ඉඩක් නොලැබෙන තත්වයක් තුලය. පසුගිය කාලය තුල පාලකයන් උත්සාහ කලේ අතුරුදහන්වුවන් මියගිය අය ලෙස සලකා ඔවුන්ට මරණ සහතිකයක්දීමටයි. අතුරුදහන්වුවන්ගේ ඥාතින්ගෙන් එයට ලැබුනු විරෝධය නිසා ආණ්ඩුවට එම උපාය හකුලා ගැනිමට සිදුවිය. ඉන් පසුව වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 2ක් ලබාදීමට ගත් උත්සාහයද එම ජනතාවගෙන් මතුව ආ විරෝධය නිසාවෙන් අසාර්ථක විය. අද වන විට මෙවැනි ප්‍රශ්නයක් නොමැති ගානට රනිල් ඇතුලු නඩය කටයුතු කරමින් සිටී. නොවැම්බර් මාසයේ අවසාන සතියේ මියගිය අය සැමරීම එදා සිටම දෙමළ ජනතාව සිදු කල දෙයකි ඕනෑම යුද්ධයකදී මිය ගිය අය සැමරීමට එම ජාතියට ඇති අයිතියකි. නමුත් සිංහල පාලකයින් දෙමළ ජනතාව මියගිය අය සැමරීම එල්.ටී.ටී.ඊ සැමරුමක් ලෙස සලකා එයට තහංචි දමා ඇත. රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ සිටින කාලයේ මේ අයිතිය ලබා දිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලද ඔහුගේ පාලනය තුල අද එය තහනම් දෙයක් ලෙස සැළකීම තුලින් පෙන්නුම් කරන්නේ මේ පාලකයින්ගේ තිබෙන ජාතිවාදී ස්වරූපයයි.

ධනපති පාලකයන්ගේ අසාර්ථකත්වය මත අද වන විට විදේශිය රටවල් උතුරු ප්‍රදේශය ඔවුන්ගේ නිධානයක් බවට පත්කර ගෙන තිබේ. උතුරේ ජනතාව තවත් පැත්තකින් රැවටීම සදහා අලුත් සෙල්ලමක් දැන් පටන්ගෙන තිබේ. එනම් පසුගිය දිනවල ඉන්දියානු හා චීන නියෝජිතයින් තරඟයට මෙන් නිරන්තර උතුරට ගොස් මොනවා හෝ සොච්චමක් එම ජනතාවට ලබාදෙමින් අප ඔබලා සමගයි යනුවෙන් පෙන්නුම් කරමින් ඔවුන්ගේ සැබැ ප්‍රශ්න මගහැර රනිල්ගේ ආණ්ඩුව කෙරෙහි ප්‍රසාදය දනවන ආකාරයේ වැඩසටහනක් දියත් කර තිබිමයි. ජන්දයක් ලංවන විට උතුරට දකුණේ දේශපාලකයින් ගමන් කිරිම පසු ගිය කාලය තුල දිගින් දිගටම සිදුකලද එය දෙමළ ජනතාවගේ මානසිකත්වය වෙනස් කිරිමට නොහැකිවිය. නමුත් විදේශීය නියෝජිතයන්ගේ ආගමනය පෙන්නුම් කරන්නේ ඉන්දියාව හා චීනය උතුර කෙරෙහි මෙතරම් උනන්දු වන්නේ රනිල්ගේ දේශපාලන ගමන ශක්තිමත් කිරිමට බව පෙන්නුම් කරයි. මේ මොන සෙල්ලම් දැම්මත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිමට එම කිසිදු විදේශිය බලල් අතකට නොහැකි තිබේ. ඔවුන් එම භුමියේ තම අණසක පැතිරවීමට කටයුතු කලත් දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසදිමට එකදු විදේශීය රටක් හෝ ඉදිරිපත් නොවන බව අපි දැඩිසේ අවදාරණය කරන්නෙමු උතුර දකුණ එකතුවු පීඩිත ජනතාවගේ අරගලයක් ගොඩනැගෙන තුරු ලාංකිය ජාතික ප්‍රශ්නයට විසදුම් නොලැබේ. ඒ සදහා අපි ඔබට ආරාධනා කරන්නෙමු.

– ධම්මිකා ද සිල්වා –

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
AI –  කෘතිම බුද්ධිය   කම්කරු පංතියට  ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –

AI - කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් - ප්‍රසාද් වැලිකුඹුර -

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.