• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!

Taniya by Taniya
October 18, 2023
in USP Statements
0
ඊශ්‍රායල-ගාසා යුද්ධය වහා නවත්වනු!

අධිරාජ්‍යවාදීන් සමග ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකරන ජන ඝාතනය නවත් වනු!

මේ වන විට ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ තත්වය ඉතා බිහිසුණු වී ඇති අතර දෙපස සිටින සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගොස් ඇත. ඊශ්‍රායලය වෙත හමාස් විසින් පෙර නොවූ විරූ අන්දමේ ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ පසුගිය මාස සහ වසර වලදී පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල ආන්ඩුවේ ප්‍රහාරයෙන් තීව්‍ර කිරීමේ ප්‍රතිපත්තිය නිසාය. බටහිර බලවතුන්ගේ සහාය ඇතිව බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් ඊශ්‍රායල් ආන්ඩුව, ගාසා තීරයට දැවැන්ත කුරිරු බෝම්බ හෙලීමක් සමග මිලිටරි ත්‍රස්තවාදයේ විධික්‍රම හා ප්‍රතික්‍රියා කරමින් සිටි. යුද්ධ ප්‍රහාර වලින් මුළු ප්‍රදේශම විනාශ වෙමින් පවතින අතර මර්ධනය දැඩි කර ඇත. ආහාර, බෙහෙත් හෝ ඉන්ධන කිසිවක් ගාසා තීරයට ලබා ගැනීමට ඔවුන් බාධක පනවා ඇත. මෙයින් පෙන්වන්නේ කලක් පැවතිය හැකි නව යුද්ධයක් ආරම්භ වී ඇති බවයි. එහි වින්දිතයින් වන්නේ ගැටුමේ දෙපැත්තේම සිටින කම්කරු පන්තිය වන අතර එය මැදපෙරදිග කලාපයේ ජීවත්වන ජනතාවගේ සාමයට හෝ ස්වයං නිර්ණයට අයිතියට කිසිදු ජයග්‍රහණයක් මෙයින් නොලැබෙනු ඇත.

ගාසා තීරය වෙත ඊශ්‍රායල හමුදා සිදු කරන ප්‍රහාරයන් තවත් ලේ වැකි ගැටුමකට ප්‍රධාන දායකත්වයක් සපයනු ඇත. මිලියන දෙකකට අධික පලස්තීනුවන් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන් ජනාකීර්ණ බිම් තීරයක කොටු වී සිටිති, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සරණාගතයින් ය. මෙතෙක් ඊශ්‍රායලයේ පැවති වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩුවේ මගපෙන්වීම යටතේ පලස්තීනුවන් විශාල පිරිසක් මරාදැමීමද ඇතුලුව – මර්දනය ඉහල නංවා ඇත. මෙයට අමතරව බටහිර ඉවුරේ සිටින පලස්තීනුවන්ද ඊශ්‍රායල හමුදා විසින් ගෙනයන ම්ලේච්ඡ වැටලීම් සහ ඝාතන වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් සිටී. මේ අතර ඊශ්‍රායලය විසින් ගෙන යන ම්ලේච්ච ප්‍රහාරය හේතුවෙන් ගාසා තීරයේ ‘අල් අහලි’ රෝහලට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයෙන් 500කට ආසන්න රෝගීන් පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව මේ වන විට වාර්තාවේ.

ඔක්තෝම්බර් 7 සෙනසුරාදා ගාසා තීරයේ සිටින හමාස් ප්‍රමුඛ එම අධිකාරියේ මිලිටරි හස්තය විසින් ඊශ්‍රායලය වෙත දැවැන්ත, ලෙස සූදානම් කළ ප්‍රහාරයක් සිදු කරන ලදී: ඊශ්‍රායලයට රොකට් දහස් ගණනක දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය. ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද සැලසුමට අනුව හමාස් සටන්කාමීන් සිය ගණනක් ඊශ්‍රායල නගර සහ ගම්වලට කඩා වැදී ඒවා තාවකාලිකව පාලනය කිරීමට හැකි විය.
මෙය ඊශ්‍රායල පාලන තන්ත්‍රය සහ හමාස් ප්‍රමුඛ ගාසා අධිකාරිය අතර සිදුවන පස්වන යුද්ධය වන නමුත් මෙවර වර්ධනයන් පෙර නොවූ විරූ මට්ටමකට පැමිණ ඇත. ඊශ්‍රායලයේ වසර 75ක ඉතිහාසය තුළ හමාස් සංවිධානය විසින් මීට පෙර කිසි දිනෙක මෙවැනි පරිමාණයෙන් ප්‍රහාරයන් සිදුවී නැත.මරණය හා විනාශය ගැන වේදනාකාරී ලෙස හුරුපුරුදු ගාසාවේ පලස්තීනුවන්ගේ, මරණ සංඛ්‍යාව ඊශ්‍රායල ජාතිකයින්ට වඩා බොහෝ සෙයින් ඉහළ යනු ඇත, ඊශ්‍රායෙල අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ ගාසා තීරුවේ කොටස් සුන්බුන් බවට පත් කරන බවත් එය “පාළු දූපතක්” බවට පත් කරන බවට පවා තර්ජනය කරමිනි.

මෙය විශාල ප්‍රමාණයේ මිලිටරි ප්‍රහාරයක් වන අතර එය වර්ධනය වුවහොත් මෙම යුද්ධය වඩාත් විනාශකාරී මට්ටමකට පත්වනු ඇත. එය කොපමණ දුරක් යයිද යන්න මෙම මුල් අවධියේදී පුරෝකථනය කළ නොහැක, නමුත් ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ උත්සාහයන් සමග සමහර විට හමාස් පාලනය බලයෙන් ඉවත් කර අධිරාජ්‍යවාදීන් විසින් රූකඩ පාලනයක් ඇටවීම පවා බලාපොරොත්තු විය යුතුය. එසේම, දිග හැරෙන සිදුවීම්වල අනපේක්ෂිත බව, අස්ථාවරත්වය සහ පුපුරන සුලු ස්වභාවය අනුව, කලාපයේ වෙනත් රටවල් දක්වා මෙම යුද්ධය ව්‍යාප්ත විය හැකි ය. ෆෝඩ් ගුවන් යානා වාහක සහිත යුධ නෞකා ඊශ්‍රායලයට පිටුබලය දීම සඳහා එක්සත් ජනපද පරිපාලනය යැවීම පෙන්නුම් කරන්නේ මෙම වර්ධනයන් සම්බන්ධයෙන් ගෝලීය ධනේශ්වර බලවතුන් අතර ඇති අවධානයයි. එපමණක් නොව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම ඊශ්‍රායලයේ සංචාරය කිරීම පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදීන් ගාසා තීරය විනාශ කිරිම සඳහා ඊශ්‍රායලයට ලබාදෙන සහයෝගය එලිපිටම ප්‍රදර්ශණය කිරීමකි.

මෙම තත්වය යුක්රේන යුද්ධයෙන් බෙදී අස්ථාවර වී තිබෙන ලෝකයට විශාල ආර්ථික කම්පනයන් අලුතින් ඇති කරනු ලබයි. මෙම තත්වය පාලනය කිරීමට ජාත්‍යන්තර ධනේශ්වර දේශපාලඥයින්ට ඉදිරිපත් කිරීමට විසඳුම් නැති අතර ධනපති ක්‍රමය මුලුමනින්ම කුණු වී ඇති බව පුපුරා යන යුද්ධවලට යටින් පවතින සැබෑ හේතුව වන්නේය. එයින් පෙන්වන්නේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීමට ධනේෂ්වරයට හැකියාවක් නැති බවය. ඒ වෙනුවට, ඔවුන් රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය සන්නද්ධ කරන බටහිර බලවතුන් ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් ආක්‍රමණය කරගෙන සිටින පලස්තීනුවන්ට ද පහර දීමට සහාය දැක්වීමට පියවර ගෙන ඇත. ලෙබනනයේ සහ ගාසා තීරයේ ඊශ්‍රායල රාජ්‍යයේ මර්ධනකාරී ඉතිහාසය හෝ හමාස් නායකයින් ඔවුන්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරයේ දී සිවිල් වැසියන් භීතියට පත් වීම ගැන දෙපාර්ශ්වයේම නායකයින්ට කිසිදු පැකිලීමක් නැත. නමුත් එය අන්ත දක්ෂිනාංශික ඊශ්‍රායල ආන්ඩුව අතට වාසිදායක ලෙස සෙල්ලම් කළ හැකි ජනතාව තවත් මර්ධනය කිරීමට අවකාශය සපයා ඇත. වත්මන් ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir විසින් 1994 දී මුස්ලිම් පල්ලියකදී පලස්තීනුවන් 29 දෙනෙකු සමූල ඝාතනය කල ඊශ්‍රායල ත්‍රස්තවාදියා වූ Itamar Ben-Gvir උත්කර්ෂයට නැංවීය. ඊට සමගාමීව මෙම වසරේ මාර්තු මාසයේදී ඊශ්‍රායල මුදල් ඇමති Bezalel Smotrich, විසින් පලස්තීන නගරයක් වන Huwara අල්ලාගෙන මුස්ලිම් ජනතාව එලවා දැමීමට නියෝග කළේය.

ඊශ්‍රායලයේ පවතින අර් බුදය

ඊශ්‍රායල රාජ්‍යය 1948 ආරම්භයේ සිට එහි විශාලතම ආරක්ෂක අර්බුදයට මේ වන විට මුහුන දී සිටී. හමාස් ප්‍රහාරයට සති දෙකකට පෙර නෙතන්යාහු, විසින් පලස්තීන භූමි ප්‍රදේශයක් නොපවතින බව පෙන්වන මැදපෙරදිග සිතියමක් අතැතිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අතිශය විශ්වාසයෙන් යුතුව කතා කළේය. එහෙත් දැන් ඔහු නියෝජනය කරන්නේ හමාස් සංවිධානය විසින් එහි කීර්තියට බරපතල පහරක් එල්ල කර ඇති පාලනයකි. ඊට අමතරව, ඊශ්‍රායලයේ ධනපතියන් ඔත්තු බැලීම් සහ මිලිටරි තාක්ෂණය සහ නවීන උපකරණ භාවිතා කිරීමේ ප්‍රමුඛයන් ලෙස සැලකීමේ ලෝක ව්‍යාප්ත තත්ත්වයකට පත්ව තිබුණි. මෙම රූපය මේ වන විට දැඩි ලෙස බිඳ වැටී ඇති අතර ඊශ්‍රායලය තුළම ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමකට දායක වී ඇති බව ඔවුන්ට පෙනෙන්නට පටන් ගෙන ඇත – ශක්තිමත් පොලිස් සහ හමුදා යාන්ත්‍රණයක් පැවතීම හේතුවෙන් ඊශ්‍රායලය පරාජය කළ නොහැකිය යන හැඟීමක් ඔවුන් තුල පැවතුන බව නොරහසකි.

මේ දිනවල පවතින යුද්ධය හේතුවෙන් ‘ජාතික සමගිය’ නමින් රැල්ලක් ගොඩනගා නෙතන්යාහුගේ ඊශ්‍රායල් ආණ්ඩුවේ ස්ථාවරය තාවකාලිකව ඉහළ නැංවිය හැකිය. අන්ත දක්ෂිනාංශික පක්ෂ ඇතුලත් ඔහුගේ දුර්වල සභාග ආන්ඩුවට එරෙහිව මෙම වසරේ මාර්තු 27දා රට අඩාල කල මහා වැඩවර්ජනයක් දියත් වූ අතර ඔහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයට එරෙහිව මාස නවයක් පුරා පැවති මහජන ව්‍යාපාරයකින් සමන් විත විය. මෙම යුද්ධයේ ආරම්භය නිසා එම විශේෂිත ජනතා ව්‍යාපාරය තාවකාලිකව යටපත් කරනු නොඅනුමානය. නමුත් මුල් අවස්ථාවේදීම ඊශ්‍රායලයේ රජයට එරෙහිව විශාල කෝපයක් මතුවෙමින් තිබේ. ප්‍රහාරවලින් දිවි ගලවා ගත් අය සහ මියගිය සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඊශ්‍රායල රූපවාහිනියෙන්: ‘ආණ්ඩුව කොහේද?‘ සහ ‘හමුදාව කොහේද?‘ කියා අසන්නට පටන්ගෙන ඇත. එය යුදෙව් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟා ඇති බව ඔවුන් විශ්වාස කරන රාජ්‍යයක් අතහැර දැමීමේ හැඟීම් ප්‍රකාශ කිරීමක් වන්නේය. ඊශ්‍රායල-ගාසා යුද්ධයේ වගකීම සම්පුර්ණයෙන්ම නෙතන්යාහු මත පැට වී ඇත. එබැවින් මනෝභාවය ධ්‍රැවීකරණය වී ඇති අතර, සමාජය පුරා කම්පනය උග්‍ර වන අතර යුද්ධය සහ එහි මරණ සංඛ්‍යාව වැඩි වන විට ජනතාවගේ කෝපය තව තවත් වර්ධනය වී පුළුල් වීමට ඉඩ ඇත.

එම පරිසරය තුල ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ වලට තාවකාලිකව ප්‍රතිලාභ ලැබිය හැකිය. නමුත් ඔවුන් නෙතන්යාහු සමඟ හදිසි ‘ජාතික සමගි’ රජයක් පිහිටුවීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් එසේ සිදු වීමට ඇති හැකියාව ඔවුන් විසින්ම අඩු කර ගෙන තිබේ. එසේම ඊශ්‍රායලයේ සියලුම ධනේශ්වර ගැති පක්ෂවලට මෙන්ම, ආන්ඩුවට ද ඔවුන්ගේ අසාර්ථක වීමෙන් පසු ඔවුන්ට තිබු ජනතා ආකර්ෂණයක් අඩුවනු ඇත;
ඊශ්‍රායල සමාජයේ සියලුම අංශ යුද්ධය මගින් ඊශ්‍රායලයේ හදවතට ගෙන ආ හැකි අස්ථාවරත්වය ගැන බියෙන් සිටින බවට සැකයක් නැත. 2021 දී ඊශ්‍රායලයේ මිශ්‍ර යුදෙව්-අරාබි ජාතිකයන් සිටින නගර ගණනාවක වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති වූ අතර, අන්ත-ජාතිකවාදී ඊශ්‍රායල යුදෙව්වන්ගේ මැර කල්ලි විසින් එය මර්ධනය කරන ලදී. ගාසා තීරය සමඟ නැවත නව යුද්ධයක් ඇතිවීම මගින් ඊශ්‍රායලය තුළ අස්ථාවරත්වය වැඩි කරමින් තවත් ගැටුම්වලට එය තුඩු දිය හැකිය.

එවැනි අන්තරායන්ට මුහුන දී සිටින ඊශ්‍රායල කම්කරු පංතිය සහ වෘත්තීය සමිති සාමාජිකයින් විවිධ පසුබිම්වලින් පැමිණෙන ප්‍රජාවන් සමග කම්කරු පන්තිය පදනම් කරගත් සහයෝගීතා ව්‍යාපාර ගොඩනැගීමට උත්සාහ කරමින් ධනපති පාලකයින්ට එරෙහිව සංවිධානය විය යුතුය. මෙය, අනෙකුත් කම්කරුවන්ගේ ක්‍රියාවන් සහ අරගල සමග එක්ව, කම්කරු පන්ති අවශ්‍යතා මත – බිහිසුණු ලේ වැගිරීමේ යුද්ධ වලට එරෙහිව සැබෑ විකල්පයක් වන සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ ඊශ්‍රායලයේ නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට මග සකස් කිරීමට උපකාරී වනු ඇත.

පලස්තීනුවන්ගේ අරගලය

දක්ෂිනාංශික දේශපාලන ඉස්ලාමය මත පදනම් වන හමාස් සංවිධානය ඊශ්‍රායල මිලිටරි මර්දනය සමග සහයෝගීව කටයුතු කරන බටහිර ඉවුරේ තිබෙන ෆාටා ප්‍රමුඛ පලස්තීන අධිකාරියට විරුද්ධව, ස්ථානගත වී ඇත. ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ හමාස් සංවිධානයට ගාසා තීරයේ ඇත්තේ සුළුතර සහයක් පමණක් වන නමුත් එහි ඔක්තෝබර් 7 ප්‍රහාරය හේතු කොට ගෙන අවම වශයෙන් ටික කාලයකට එම මට්ටම ඉහළ නැංවීමට ඉඩ ඇත. මැද පෙරදිග වෙනත් රටවල හමාස් සංවිධානයට ලැබෙන සහයෝගය සහ අරමුදල් වැඩි කර ගැනීම ද මෙම ප්‍රහාරයේ අරමුණ වූවාට සැක නැත. ගාසා තීරයේ සිදු කරන ප්‍රචන්ඩත්වය හා ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ නගරවල සිදුකරන වැටලීම්ද දක්ෂිණාංශික යුදෙව් පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය, වැනි කරුණු හමාස් සංවිධානය පෙන්වා දෙනු ලබයි. ඒ අතර ජනාවාසවල මර්ධනය සමග ජෙරුසලමේ අල් අක්සා මුස්ලිම් පල්ලියේ පලස්තීනුවන් 5200ක් හිරබාරයේ තබා ගැනීම වැනි කරුණු ද එයට එක්වෙති.

හමාස්ගේ මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර එක්සත් ජනපදයේ අනුග්‍රහය ඇතිව ආරම්භ වූ සහයෝගීතා සාකච්ඡා වලට ප්‍රතික්‍රියාවක් විය හැකි අතර, එම සාකච්ඡා තවදුරටත් වලංගු නොවන බවට පත් කිරීම හමාස්ගේ අරමුණ වූ බව පෙනේ. – බොහෝ විට මෙම ප්‍රහාරයට ඉරානයේ පාලන තන්ත්‍රයේ පිටුබලය ඇත. හමාස් මෙහෙයුම ඉරානයට සම්බන්ධකම් ඇති ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සවුදි අරාබිය සමඟ සාකච්ඡා වලට තිබෙන සම්බන්දය කෙලින්ම යොමු කර ඇත. හිස්බුල්ලා වරුන් හමාස්ගේ ක්‍රියාවට සහය දැක්වූයේ ඊශ්‍රායල හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් වන අතර එය වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් විය.

කෙසේ වෙතත් සමාජවාදීන්ට දක්ෂිනාංශික දේශපාලන ඉස්ලාමය මත පදනම්ව කටයුතු කරන හමාස් සංවිධානය හෝ හිස්බුල්ලා වැනි සංවිධාන වලට කිසිදු සහයෝගයක් ලබා දිය නොහැක. ඔවුන් කම්කරු අයිතිවාසිකම් මෙන්ම LGBTQ¬ අයිතිවාසිකම් සහ කාන්තාවන් සඳහා සමානාත්මතාවයට මුලුමනින්ම විරුද්ධ ය; ඔවුන්ගේ මිලිටරි උපාය මාර්ග පලස්තීනුවන්ට විමුක්තියක් හෝ ඔවුන්ට යහපත් ජීවන තත්වයන් හෝ ගැටුම් වල අවසානයක් ගෙන එන්නේ නැත – ධනවාදී ක්‍රමයක් යටතේ ඒ කිසිවක් කළ නොහැකි බව පැහැදිලිය. ඒ වෙනුවට, පලස්තීනුවන්ගේ ඉදිරි මාවත වනු ඇත්තේ, ධනවත් ප්‍රභූ පැලැන්තියෙන් ස්වාධීනව, කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ අවශ්‍යතා මත පදනම් වූ, ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය කරන මහජන අරගලය මගින් සමාජවාදී ඉන්ටිෆාඩාවක් ගොඩනැගීම හරහා ය.

වර්තමාන ඊශ්‍රායල-ගාසා යුද්ධය තුල ඇතිවන ජාතික ගැටුම් වලදී ඊශ්‍රායල විසින් සාමාන්‍ය සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන යන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ (CWI)හි සමාජවාදීන් විසින් සැමවිටම අපගේ විරෝධය දක්වා ඇත. ඊශ්‍රායල යුදෙව් කම්කරුවන් ඊශ්‍රායල ධනේශ්වර පන්තියේ අවශ්‍යතා සමඟ පවතින සම්බන්දතාවයෙන් ඈත් කිරීම මගින් පලස්තීනුවන් සමඟ සහයෝගීතාවයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතුය. ගාසා තීරයේ සිරකර සිටින සිවිල් සිරකරුවන් නිදහස් කළ යුතු අතර, ඊශ්‍රායල සිරගෙවල්වල සිටින සියලුම පලස්තීන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බල කර යුතුය.

මහජන අරගලයේ නියැලීම සඳහා පලස්තීන කම්කරුවන් ධනේශ්වර සම්බන්ධතා වලින් ස්වාධීනව තමන්ගේම මහජන පක්ෂයක් ගොඩ නැගිමට පියවර යුතුය. පලස්තීන ප්‍රභූ පැලැන්තියට සහ ධනේශ්වර ගැති දේශපාලන පක්ෂ වලට මෙම අර්බුදයට අවසානයක් ලබා දීමට නොහැකි බව පැහැදිලිය. ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමෙන් පමනක්, කම්කරු පන්තියේ හා දුගී මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ආදේශ කිරීම තුලින් පීඩනය හා යුද්ධය අවසන් කිරීම සඳහා පදනම දැමිය හැකිය. ජාතික සීමාවන් නොතකා සමාජවාදී වැඩපිලිවෙලින් සන්නද්ධ බහුජන කම්කරු සංවිධාන ගොඩනැගීම යහපත් ජීවන තත්වයන් දිනාගැනීමේ ඉලක්කය කරා යන එකම මාවතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික අයිතීන් දිනා ගැනීම සඳහා අරගලයකට සම්බන්ධ වන ලෙසත් ධනපති පාලන තන්ත්‍ර විසින් ගෙන යන ජනතාව සූරාකෑම අවසන් කිරීමටත් සියලූ රටවල මහජනතාව වෙත ආයාචනය කිරීම මැදපෙරදිග අර්බුදයට එකම ඉදිරි මාවත වනු ඇත.

● ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු ඊශ්‍රායෙල හමුදාව අල්ලාගත් ප්‍රදේශවලින් වහාම ඉවත් වෙනු

● ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වූ ආරක්ෂක කමිටු ගොඩනගනු.

● පලස්තීන ජනතාවගේ විමුක්තිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී කමිටු මගින් මහජන අරගලයක් දියත් කරනු.

● පලස්තීනයේ සහ ඊශ්‍රායෙලයේ ස්වාධීන කම්කරු පක්ෂ ගොඩනැගීම තුලින් දෙරට අතර ජනතාවගේ සම්බන්ධතා ශක්තිමත් කරනු

● ස්වාධීන, සමාජවාදී පලස්තීන රාජ්‍යයක් හා සමාජවාදී ඊශ්‍රායෙලයක් සමග ජෙරුසලමේ අගනුවර දෙකක් පිහිටවනු.

● සමාජවාදී මැද පෙරදිග කලාපයක් ගොඩනැගීමේ අරගලය උදෙසා සියලු සු`ඵ ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කරනු.

එක්සත් සමාජවාදී පක්‍ෂය

Previous Post

ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !

Next Post

2023 November Ratutharuwa…

Next Post
2023 November Ratutharuwa…

2023 November Ratutharuwa...

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
October 2023
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Sep   Nov »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.