• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

Taniya by Taniya
September 15, 2023
in Articles, World News
0
ධනවාදී සංස්ථාව විසින්  නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන දා සිට අගෝස්තු 3 වන දා දක්වා ජර්මනියේ බර්ලින් නගරයේ පැවැත්විනි. ඒ සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 115කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මේ සඳහා එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ප්‍රසාද් වැලිකුඹුර සහ චමෝද් අල්විස් යන සහෝදරවරුන් දෙදෙනා සහභාගී වූහ.

මෙම ජාත්‍යන්තර පාසල දේශණ දෙකකින්, කමිටු සාකච්ඡා 20කින් සමන්විත වූ අතර ඊට අමතරව ජනතා රැලියක් සහ කුසලතා ප්‍රදර්ශනයක් සමඟ පැවැති සුහද හමුවකින්ද සමන්විතවිය.

පාසලේ සමාරම්භක උත්සවය ජූලි 30 වන දා උදෑසන 10:00ට නව ජර්මානු ප්‍රකාශන නිවසේ ශ්‍රවණාගාරයේදී පැවැත්වින. එහි ප්‍රධාන දේශනයන් ධනවාදී කැළඹීමේ නව යුගයක් යන මාතෘකාව ඔස්සේ විහිදුන අතර ජාත්‍යන්තර ලේකම් මණ්ඩලයේ ටෝනි සහ බොබ් ලාබි සහෝදරවරුන් විසින් පවත්වන ලදී. ඒහිදී මේ වන විට ලෝකය පුරා ධනවාදී සංස්තාපිතය මුහුන දී සිටින අර්බුධය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලදී. එමෙන්ම මීට පෙර අවස්ථාවන්හිදී ධනවාදය අර්බුධයට යාම් සිදු වූ නමුත් ඒ අවස්ථාවන්හිදී රාජ්‍යන් හෝ කලාප ප්‍රධානකොට අර්බුධ ඇතිවීමේ ප්‍රවනතාවක් දක්නට ලැබුනත් අද වන විට නිර්මාණය වෙමින් පවතින අර්බුධය සමස්ථ ලෝකයම වෙලාගත් අර්බුධයක් ලෙස ගොඩ නැගෙමින් පවතින බව අවධාරණය කෙරිනි.

ධනේශ්වර සූරා කෑමේ පහල අන්තයේ සිටි නව යටත්විජිත රාජ්‍යයන් අත්විඳිමින් සිටි දරීද්‍රතාවය සහ ආර්ථික පීඩනය අද වන විට දියුණු ධනවාදී ආර්ථිකයන් ලෙස සම්මත ආර්ථිකයන් හිමි රාජ්‍යයන් වෙත දැනෙන්න පටන්ගෙන ඇති බව ප්‍රකාශ කරන ලදී. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය බටහිර යුරෝපය ප්‍රමුඛ බටහිර ධනවාදි කඳවුරේ රටවල් පුරා ඇතිවෙමින් පවතින වැඩකරන ජනතාවගේ උද්ඝෝෂණ රැල්ලට හේතුව මේ ආකාරයට ගෝලීය ධනපති ක්‍රමය විසින් වැඩකරන ජනතාව සිය මූලික අවශ්‍යතා පවා ඉටුකරගත නොහැකි මට්ටමේ සූරා කෑමකට ලක්කිරීමත්, ධනපති පන්තියේ උවමනාවන්ට අනුගතව වර්ථමානයේ ජනතාව විසින් භුක්තිවිඳින සුබසාධන සහ සේවාවන් කප්පාදු කිරීමට කටයුතු කිරීමත් බව ඔවුන් පැහැදිළි කරන ලදී.

බටහිර ධනවාදයේ බලවතා ලෙස පිලිගැනෙන ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ සූරාකෑම නව මානයකට වර්ධනය වෙමින් පවතී. මෙතෙක් පැවැති පුරවැසියන්ගේ ඡන්දයෙන් පත් වූ ආයතන හරහා ධනපති ප්‍රජාතන්ත්‍රවාදය හරහා පාලනය වන නගර වෙනුවට සමාගම්වල සෘජු අනුදැනුම යටතේ පාලනය වන පෞද්ගලික නගර නිර්මාණය වීමට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම වැඩිපුර වැඩෙහි යොදවන බවට දැවැන්ත ලෙස චෝදනා ලබා සිටින තාක්ෂණික ක්ෂේස්ත්‍රයේ සමාගම් විසින් තමා යටතේ වැඩ කරන සේවකයන්ගේ ශ්‍රමය වඩාත් පහසුවෙන් සූරාකෑම අරමුනෙන් මේ ආකාරයේ නගර නිර්මානය කෙරෙන බව අනාවරණය කෙරිනි.

වර්ථමාන ගෝලීය දේශපාලන සංධර්භය පිළිබඳ කතාබහේ දී චීනය මඟහැරයාමට හැකියාවක් නැත. බටහිර ධනවාදී කඳවුරට එරෙහි ප්‍රධාන බලවතා ලෙස පෙනී සිටින චීනය මේ වන විට ස්ථාවර දේශපාලන සහ ආර්ථිකයක් පවතින බවට පින්තූරයක් මවමින් සිටින නමුත් මේ වන විට චීනය තුළ දේශපාලන හා ආර්තික අර්බුධයක ලකුණු මුතුවෙමින් පවතින බව පැහැදිළි කෙරිනි. විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඇති අභ්‍යන්තර බෙදීම් යම් ආකාරයකට වැඩි වෙමින් පවතින බව පෙනී යාමත්, පසුගිය කාලයේ දක්නට ලැබුන ඉදිකිරීමේ ක්ෂේස්ත්‍රයේ අර්බුධයත් ආශ්‍රයට ගනිමින් ප්‍රකාශ කලේ පිටතට පෙන්නවා සිටින තරමේ ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වයක් චීනය තුළ නොපවතින බවයි. එමෙන්ම චීනයේ වර්ධනය වෙමින් සිටින නව ධනපති පන්තියේ බලපෑමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයට මිදිය නොහැකි බවත් මෙහිදී අවධාරණය කෙරිනි.
මේ වන විට නව යටත්විජිත රටවල දිගහැරෙමින් පවතින ජනතා නැඟිටීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ චිලී රාජ්‍යයේ ඇති වූ ජනතා නැඟිටීම් සහ ඒවා සැබෑ ජනතා ජයග්‍රහණයකින් තොරව අවසන් වීම පිළිබඳ වැඩි අවධානයක් හිමිවිය. අධික උද්ධමනය හේතුවෙන් ඇති වූ ජනතා නැඟිටීම් වලදී වැඩකරන පන්තිය වෙනුවට මධ්‍යම පන්තිය නායකත්වය ගැනීමත්, එම ජනතා නැඟිටීම් විප්ලවයක් දක්වා ගෙනයාමට සමත් දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත ලෙනින් විසින් සඳහන් කළ ආකාරයේ ශක්තිමත් වැන්ගාර්ඩ් පක්ෂයක් නොපැවතීමත් බව අවධාරණය කෙරිනි. ඉන් අනතුරුව එක් එක රටවලින් පැමිනි නියෝජිතයන් ඒ වන විට සිය රටේ පවතින තත්වය සම්බන්ධයෙන් කෙටි වාර්ථා ඉදිරිපත් කරනලදී.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සහෝදරයා විසින් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කේන්ද්‍රීය ධනවාදී කඳවුරේ අධිරාජ්‍යවාදයේ ඇතිවී තිබෙන පසුබෑම පිළිබඳ විස්තර කරන ලද අතර. මේ වන විට එක්සත් ජනපදය තුළ වෘත්තීය සමිතිවල ඇතිවෙමින් පවතින පිබිදීම ගැන අවධාරනය කළේය. එහිදී UPS ස්ටාර්බක්ස් හා ඇමසෝන් වැනි ලක්ෂ ගණනක් සේවකයින් සේවය කරන දැවැන්ත සමාගම් වල සේවකයන් අවම වැටුපක් යටතේ සිය ශ්‍රමය සූරාකෑමට එරෙහිව වෘත්තීය සමිති හරහා සංවිධානගත වීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිනි. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය පුරා සෑම දිනකම පාහේ වර්ජන ඇති වන බවත් උද්ඝෝෂන සිදුවන බවත් ප්‍රකාශ කෙරිනි. කෙසේ වෙතත් මේ දක්වා ඒවා එකිනෙකට සම්බන්ධිත ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දක්වා වර්ධනය වීමක් සිදුව නැති බවත්, නමුත් එසේ වීමට අවැසි වටපිටාව සැකෙසෙමින් පවතින බවත් ප්‍රකාශ කරන ලදී. මීට අමතරව කෘතිම බුද්ධිය නිසා සිය රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමට එරෙහිව හොලිවුඩ් නළුවන් සහ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය පිළිබඳවද මෙහිදී අදහස් දැකිවිනි.

බි්‍රතාන්‍ය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටෝරි පාලනය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති හමුවේ බි්‍රතාන්‍යයේ වැඩකරන ජනතාවට එල්ල වී ඇති බලපෑම් වලට එරෙහිව බි්‍රතාන්‍යයේ සිදුවෙමින් පවතින වැඩ වර්ජන සහ උද්ඝෝෂණ රැල්ල පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරිනි. එමෙන්ම තවදුරටත් දේශපාලන තත්වය විග්‍රහ කරමින් ප්‍රකාශ කෙරුනේ ස්ටාමර්ගේ නායකත්වයෙන් යුත් ලේබර් පක්ෂය මේ වන විට කම්කරු පන්තියට නායකත්වය ලබාදෙනවා වෙනුවට ධනපති පන්තියේ අන්තේවාසිකයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂය තුළ සිටින සමාජවාදීන් සහ වාමාංශික අදහස් දරණ කණ්ඩායම් වලට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම ලේබර් පක්ෂයේ හිටපු නායක ජෙරමි කෝබින් හට පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකත්වය ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබිය දී පවා වැඩ කරන ජනතාව වෙනුවෙන් ස්වාධිනව ඉදිරිපත් වීමට හෝ ඔවුන් වෙනුවෙන් නව වැඩකරන ජනතාවගේ පක්ෂයක් නිර්මාණය කිරීමේ කර්ත්‍රව්‍යට නායකත්වය නොදීම තුළ වැඩකරන පන්තිය මුහුනදී සිටින අර්බුධය පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරන ලදී.

පසුගිය වසරක පමණ කාලය තුළ බි්‍රතාන්‍ය නොදෙවන ලෙස දැඩි උන්සුම්කාරී වාතාවරණයක් දක්නට ලැබුන රට ලෙස ප්‍රංශය හැඳින්වීමට පුළුවන්. ප්‍රංශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඇතිවූ දැවැන්ත උද්ඝෝෂණ පිළිබඳ පැහැදිළි කරන ලදී. විශේෂයෙන්ම මැක්‍රෝන් විසින් ක්‍රියාත්මක කරමින් සිටින දක්ෂානාංශික ප්‍රතිසංස්කරණ වලට එරෙහිව වැඩකරන ජනතාව වඩා සංවිධානාත්මක ලෙස මැදිහත් වීමට ඇති අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිනි. එමෙන්ම විශ්‍රාම වයස ඉහල දැමීමට එරෙහි උද්ඝෝෂණ වැනි වෘත්තිය සම්බන්ධ උද්ඝෝෂණ වලට වෘත්තීය සමිති නායකත්වය සැපයූ නමුත් පොලීසිය විසින් 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම නිසා රට පුරා ඇති වූ උද්ඝෝෂණ වැනි සමාජීය ගැටළු සම්බන්ධ අවස්ථාවන් සඳහා වෘත්තීය සමිතිවල මැදිහත් වීම අවම මට්ටමක පැවැති බවත් ප්‍රකාශ කෙරිනි. එය කලබලකාරී තත්වයක් දක්වා වර්ධනය වීම වලක්වාගැනීමට වැඩකරන පන්තියේ මැදිහත්වීමත් පැවැතුනා නම් හැකියාව තිබූ බවද ප්‍රකාශ කරන ලදී.

ජර්මනිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කෙරුනේ යුක්‍රේන යුද්ධ ඒ හා බැඳුන ආර්ථික අර්බුධයේ පීඩනය සමස්තයක් ලෙස ජනතාව වෙත එල්ල වීමත් සමඟ රට තුළ සිදුවෙමින් පවතින වර්ධනයනුයි. මෙහිදී බර්ලින් නගරය තුළින් නිවාස 500කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන දේපළ සමාගම් සතු දේපළ ජනසතු කිරීම සඳහා ආරම්භ වූ ව්‍යාපාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවිය. ඒ තුළින් ජනමත විචාරනයක් කැඳවා එය නීතියක් බවට පත් කර ගැනීමට හැකි වීම යම් ආකාරයක ජනතා ජයග්‍රහනයක් වන නමුත් මේ දක්වා පවතින ධනේශ්වර රජය හරහා එය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් පැහැදිළි කරන ලදී. එමෙන්ම පවතින ආර්ථික පීඩනය හේතුවෙන් අඩු වරප්‍රසාද හිමි වැඩකරන පන්තියේ ජනතාව දක්ෂිනාංශික මතවාදයන්හි ගොදුරු බවට පත් වෙමින් සිටින බව ප්‍රකාශ කෙරිනි. විශේෂයෙන්ම එරට ප්‍රධානතම වාමාංශික සංධානය වන ඩි ලින්කේ පක්ෂය නැගෙනහිර ජර්මනියේ සමහර ප්‍රාන්තවල ආණ්ඩු සමඟ සංධානගතව කටයුතු කිරීම නිසා සහ ඔවුන් රජයේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට එරෙහිව මුනිවත රැකීම නිසා රජය වෙත එල්ලවන දෝෂාරෝපන ඔවුන් වෙතත් එල්ල වෙමින් පවතින බව එහිදී පැහැදිළි කෙරිනි. විශේෂයෙන්ම නැගෙනහිර ජර්මනිය තුළ වාමාංශික කණ්ඩායම් වලට ජනතාව අතරට යාමේ බාධාවක් ඇතිව තිබීමත් පිළිබඳ ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මේ තත්වය යටතේ එම සංධානය දෙකඩ වීමේ අවධානමක් පවතින බවත් අවාසනාවකට එම දෙකඩ වීම පන්ති අරගලයට මූලික වීමකින් තොරව ජාතිකවාදී අදහස් මූලික කරගෙන සිදුවීමේ හැකියාවක් පවතින බවද පැහැදිළි කරන ලදී.

ඊශ්‍රාලය සම්බන්ධයෙන් අදහස් දැක්වීම් පලස්තීන ජාතික ප්‍රශ්නයට පිලිතුරු සැපයීමට ධනවාදය අසමත්වීම හේතුවෙන් ඇතිව ඇති අර්බුධය පිළිබඳ අදහස් දක්වන ලදී. එමෙන්ම මේ වන විට ඊශ්‍රාලය තුළ නෙතනයාහුට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝදය හමුවේ ඔහු වඩාත් ආක්‍රමණශිලී ආකාරයක් පෙන්නුම් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිනි. මෙහිදී සිය ජනප්‍රියත්වය ආරක්ෂා කරගැනීම සඳහා ඉරානයට පහරදීමේ අවදානමක් පවතින බවද ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මෙහිදී 30,000කට අධික පිරිසක් සහභාගී වූ ජෙරුසෙලමේ පැවැති LGBTQ පෙළපාලිය පිළිබඳවත් සඳහන් කෙරිනි. සංවිධානාත්මක ලෙස සිදුකෙරුන දක්ෂිනාංශික කණ්ඩායම් වල විරෝධය හමුවේ එවැනි දැවැන්ත ජනකායක් ආන්තීකරණයට ලක්වූ LGBTQ ප්‍රජාවට සහාය දැක්වීම සඳහා ජෙරුසෙලම් නගරයට එකතු වීම ඊශ්‍රාලය තුළ ගතානුගතික දක්ෂිනාංශික බලය පිරිහී යෑම සම්බන්ධයෙන් දර්ශකයක් ලෙස සැළකිය හැකි බව ප්‍රකාශ කෙරිනි.

මේ පාසල සඳහා පැරනි සෝවියට් සමූහාණ්ඩුවෙන් බිඳීගිය රටක් වන මධ්‍යම ආසියාවට අයත් කසක්ස්තානයෙන් සහෝදරයෙකු සහභාගීවීම විශේෂ කරුණකි. සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසු වේගයෙන් ධනවාදයදෙසට ගමන් කරන ලද කසක්ස්තානයේ මේවන විට උද්ගතව ඇති තත්වය පිළිබඳ සභාව සමඟ සිය අත්දැකීම් බෙදාගන්නා ලදී. එහිදී රටේ බහුතරයක් ව්‍යාපාර සහ සේවා සැපයීම ජනාධිපතිවරයාට හිතවත් කුඩා කණ්ඩායමක් විසින් පාලනය කිරීමත්, ඊට විරුද්ධවන ඕනෑම පුද්ගලයෙකු කණ්ඩායමක් දැඩි මර්ධනයකට ලක්කිරීමට කටයුතු කිරීමත් පිළිබඳව එහිදී ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ඛනිජ තෙල් කර්මාන්තයට සම්බන්ධ සේවකයින් විසින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ඉල්ලා කරන ලද විරෝධතා මිලේච්ඡ ලෙස මර්ධනය කිරීමට රජය කටයුතු කළ ආකාරය පැහැදිළි කළේය. එමෙන්ම ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකශ කළේ මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ වාමාංශික සංවිධාන ක්‍රියාකාරීන් හට ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් රට තුළ නොපවතින බවයි. මේ හේතුව නිසා බොහෝ වාමාංශික ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති නායකයින් රට හැර ගොස් ඇති බවත් ඉතිරි සුළු පිරිස රහසේ සිය කටයුතු වල නිරතවන බවත්ය.

අපගේ අසල්වැසි ඉන්දියාවේ සිට පැමිනි සහෝදරය විසින් ඉන්දියාව තුළ මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලදී. මෝදි ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය විසින් ඔහුට හිතවත් ධනපති පන්තියට වාසිදායක වන ආකාරයට වැඩකරන පන්තිය තවදුරටත් පීඩනයට පත්කිරීමට අවැසි ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටින බවයි. නමුත් පන්ති පදනමක් යටතේ මේ ක්‍රියාවලියට විරුද්ධ වීමට සහ වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් නොමැති වීම තුළ වැඩ කරන ජනතාව තවදුරටත් අර්බුදයට යමින් සිටින බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ධනේශ්වර ඉන්දීය ජනතා කොංග්‍රසය සමඟ දීගකන වාමාංශික පක්ෂයක් ලෙස පෙනී සිටින කොමියුනිස්ට් පක්ෂ වැඩ කරන ජනතාවට නායකත්වය දීමට සම්පූර්ණයෙන්ම අසමත්ව සිටින බව ප්‍රකාශ කෙරිනි.

මීට අමතරව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍රවී ඇති ඉන්දියාවේ දක්ෂිනාංශික කණ්ඩායම් විසින් සිදුකරන ආන්තීකරණය ලක්ව සිටින කුළ සහ ජන කණ්ඩායම් වලට එරෙහිව සිදුකරන මර්ධනය සහ පීඩාවන් වලට විරුද්ධව සැළකියයුතු බලවේගයක් ගොඩනැඟීමටද ඔවුන් අසමත්ව ඇති බවයි.

චිලී දේශය පිළිබඳව අදහස් දක්වමින් එහි සිට පැමැනි සහෝදරයා ප්‍රකාශ කළේ දැවැන්ත ජනතා නැඟිටීමකින් අනතුරුව නැවතත් ධනවාදය තුරුළට යමින් පවතින බවයි. එම මහජන නැඟිටීමෙන් පසු පැවැති මැතිවරණය තුළින් එම ජනතා නැඟිටීමේ උපකාරයෙන් බලයට පැමිණි ගේබි්‍රයල් බොරික් ජනතා අරගලයේ බලාපොරොත්තු පාවා දෙමින් කටයුතු කිරන බව ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම වාමාංශිකයෙකු ලෙස පෙනී සිටි ඔහු මේ වන විට වාමාංශික සළු පිළි ලිහා තබා දක්ෂිනාංශික ප්‍රතිසංස්කරණ වලට අවනත වීමට පටන්ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත්ව සිටින බවත් ප්‍රකාශ කරන ලදී. චිලී රාජ්‍ය සම්බන්ධයෙන් සඳහන් කළ බහුතරයක් කාරණා ශ්‍රී ලංකාවේ ඇතිවූ තත්වයන්ට අතිශයින්ම සමාන වන අතර යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ජාතික ජනබලවේගයේ රජයක් තේරි පත්වුවහොත් මේ තත්වය සම්පූර්ණයෙන්ම පාහේ චිලී රාජ්‍යයේ තත්වයට සමාන වනු ඇති බව පෙනෙන්නට තිබේ. චිලී රාජ්‍යයේ තත්වය එමෙන්ම වැඩකරන ජනතාවගේ නායකත්වයෙන් යුත් සමාජවාදී වැඩපිළිවෙලක් නොමැති ජනතා නැඟිටීමක් තුළින් සැබෑ ජනතා ජයග්‍රහනයක් අපේකෂා කළ නොහැකි බවට තවත් නිදර්ශනයකි.

අප විසින් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලදී. විශේෂයෙන්ම මේ වන විට වර්ථමාන රනිල් රාජපක්ෂ පාලනය විසින් ෂඵත්‍ කොන්දේසි වලට අනුව සිදුකරන නව ලිබරල්වාදී වැඩපිළිවෙල වැඩ කරන ජනතාව මුහුන දී ඇති අර්බුධය පිළිබඳව පැහැදිලි කරන ලදී. එයට විරුදධව ගොඩ නැගෙන වැඩකරන පන්තියේ බලවේග මර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට උත්සාහ කළ මර්ධනකාරී නීති සම්බන්ධයෙන් පැහැදිළි කරන ලදී. තවද වර්ථමානයේ ආර්ථික අර්බුධයේ බර වැඩකරන ජනතාව පිට පැටවීමේ අරමුණ ඇතිව රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන කප්පාදුව නිසා වැඩකරන ජනතාව තුළ පිබිදීමක් ඇතිවීමට ඇති විභවතාවයත් පිළිබඳ සභාව දැනුවත් කරන ලදී.

ජූලි 31 වන දින සිට අගෝස්තු 2වන දා දක්වා කමිටු සාකච්ඡා ආකෘතියෙන් යුත් සාකච්ඡා 20ක් පැවැත්විණි. මේ කොමිෂන් සාකච්ඡා වලට තම රුචිකත්වය අනුව සහභාගී වීමට හැකි වූ අතර චීනය, ඊශ්‍රාලය, එක්සත් ජනපදය වැනි රටවල් හා සම්බන්ධ වර්ථමාන දේශපාලනය, ස්වයං නීර්ණ අයිතිය, ස්ත්‍රී පුරුෂ දේශපාලනය, අනන්‍යතා දේශපාලනය වැනි දේශපාලනික න්‍යායාත්ම කරුණු, උද්ධමනය, ගෝලීය ණය අර්බුධය වැනි ආර්ථික සන්ධර්භයන්, කෘතිම බුද්ධිය, දේශගුණික අර්බුධය වැනි නව ප්‍රවනතා ඇතුළු විශයන් ගණනාවක් ඔස්සේ විහිදී පැවැතිනි.

මීට අමතරව යුරෝපයේ පන්ති අර්බුධය, දක්ෂිනාංශික බලවේග යලි හිස එසවීමේ අවදානම සහ සමාජවාදී විකල්පයක් වෙනුවෙන් අරගලය පිළිබඳ දේශනයක් සාෂා සහෝදරයා සහ හැනා සහෝදරිය විසින් සිදුකරන ලද අතර චිලී හි පිනෝචෙට් කුමන්ත්‍රණයේ 50වන සැමරුම පිළිබඳ දේශනයක් ටෝනි සහ හියුගෝ සහෝදර වරුන් විසින් සිදුකරන ලදී.
අවසන් වශයෙන් කුසලතා ප්‍රදර්ශනයක් සමඟ පැවැති සුහද හමුවකින් පාසල නිමා කරන ලද අතර අතර සහෝදර සහෝදරියන් ගායන, වාදන ආදී කුසලතා හරහා සියළු දෙනා කුල්මත් කිරීමට කටයුතු කරන ලදී. මේ අවස්ථාව කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ සියළු සාමාජිකයින් අතර සුහදතාව වර්ධනය කරගැනීමට බොහෝ සේ උපකාරී විය.

Previous Post

පොත් දෙක දොරට වැඩුම – සමාජවාදී පොත් පියස

Next Post

එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?

Next Post
එහෙනම් 2048ට දැන්  ඔක්කොම හරිද රනිල් ?

එහෙනම් 2048ට දැන් ඔක්කොම හරිද රනිල් ?

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
September 2023
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Aug   Oct »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.