lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –

Taniya by Taniya
July 18, 2023
in Articles, Ratutharuwa
0
No Capitalism without Racism – Malcolm X –  ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –
Share on FacebookShare on Twitter

ලෝ ප්‍රකට ඇමරිකානු කලු ජාතික විමුක්තිවාදියෙකු වූ මැල්කම් X විසින් 1964 වසරේදී කළ ඉහත සඳහන් ප්‍රකාශයේ ඓතිහාසික වැදගත් කම වර්තමාන ධනේෂ්වර ලෝකය දෙස බැලීමේදී මනාව දැකිය හැකිය.

විශේෂයෙන් ආසියානු කලාපයේ ඉන්දියාව වැනි රටක මෝඩිගේ ඊන්‍ඡ පක්ෂය හරහා සිදු කෙරෙමින් පවතින හින්දු මහ ජාතිවාදී දේශපාලනය මැල්කම් ඞ ගේ එම ප්‍රකාශය වඩාත් තහවුරු කරමින් ඇත. අඩු දියුණු රටවල ධනපති දේශපාලන නායකයින්ගේ අවසාන තුරුම්පුව වන්නේ ජාතිවාදය හා ආගම්වාදය ඉස්මත්තට ගැනීමය. මෙම ලිපියේ අරමුණ රනිල් – රාජපක්ෂ පාලනය තුළ රට මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයේ ස්වභාවය විමසා බැලීමය. එසේ වුවද ධනපති පාලනය මුහුණ දෙන අර්බුදය වසන් කර ජනතාව නොමඟ යැවීම සඳහා ධනපති පාලකයෝ ඉතිහාසය පුරාවටම ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා එහි ආරක්ෂකයින් බව පෙන්වීමට නිර්ලජ්ජිත උත්සාහයන් වල යෙදී සිටිති. එසේම මෙම ඊනියා ජාති ආලය ධනපති පක්ෂ වලට පමණක් සීමා වූ ක්‍රියාවක් නොවන අතර පාර්ලිමේන්තුවාදී දේශපාලනය කරපින්නා ගෙන දේශපාලනය කරන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය) පොහොට්ටු පක්ෂය, එජාපය, ශ්‍රිලනිපය, ඇතුලු ප්‍රධාන ධාරාවේ සියලු දේශපාලන පක්ෂ වලට එකසේ වලංගුවේ.
ජාතිවාදය හා ආගම්වාදය උලුප්පමින් පවත්වාගෙන යන රනිල් – රාජපක්ෂ පාලනයේ අලුත්ම නාටකය වන්නේ කලා නිර්මාණයක් ඉදිරිපත් කළ නතාෂා එදිරිසූරිය හා ක්‍රිස්තියානු පූජකයෙකු වූ ජෙරොම් ප්‍රනාන්දු දඩුකදේ ගැසීමට දරණ නීච උත්සාහයයි. පසුගිය අරගල සමයේ බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකිව සැඟවී කටයුතු කළ ගලගොඩ අත්තේ ඥානසාරලා, ඇල්ලේ ගුණවංසලා සමග තුට්ටු දෙකේ ජාතිවාදියෙකු වන ඩෑන් ප්‍රියසාද්ලා වැනි අය කළ එළි බැස ඇත්තේ ආණ්ඩුවේ උවමනාවන්ට අනුව ජාතිවාදයෙන් නැවත වරක් රට ගිනිබත් කර රාජපක්ෂවරුන්ට අවශ්‍ය කරන පිට්ටනිය සකස් කර දීම සඳහාය. පොලිස් ඇමති ටිරාන් අලස්ගේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස නීතිය අවභාවිතා කිරීම ඔහුගේ එකම කාර්්‍ය වී ඇති බව ඉතා පැහැදිලිය. ආගම් වලට අපහාස කිරීම සඳහා ඔවුන් උපයෝගී කර ගන්නා ඊනියා නීතිය ආණ්ඩුවට ගැතිකම් කරන දෙරන මාධ්‍යයේ අයිතිකරු වන දිලිත් ජයවීර වැනි අය වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම ගැන ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. සිදුහත් කුමාරයා මාර ආතල් පොරක් යයි ප්‍රසිද්ධියේ වාචාල කථාවක් කිරීමට දිලිත් ජයවීරට තිබෙන අයිතිය නතාෂාට හෝ ජෙරම්ට නැත. එපමණක් නොව දළදාව ඌරු දළක් යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආණ්ඩුවට පක්කලිකම් කරන සමන්ත භද්‍ර භික්ෂුවට ටිරාන්ගේ නීතිය අදාල නොවීමෙන් පෙන්නුම් කරන්නේ නීතිය යනු පාලකයින් අවශ්‍ය ලෙස අවභාවිතා කළ හැකි දෙයක් බවය. මේ සියලු නාට්‍ය ඔවුන් සැලසුම් සහගතව ක්‍රියාවට නගන්නේ රට මුහුණ දෙන දැවැන්ත අර්බුදය අභියස පීඩාවට පත්ව විවිධාකාර උද්ඝෝෂණ වලට එළඹෙන කම්කරු පංතිය ඇතුලු සමස්ථ පීඩිත ජනතාව නොමගයවා ආණ්ඩු විරෝධය කැලේ පැන්නවීම සඳහාය.

Related Posts

2025 February Ratutharuwa
Ratutharuwa

2025 February Ratutharuwa

by Taniya
February 7, 2025
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නටයි

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.