lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ – ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)

Taniya by Taniya
June 7, 2023
in Articles
0
IMF ගිවිසුම අර් බුදයට විසඳුමක් නොවේ – ටී.යූ.සේනන් (කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව)
Share on FacebookShare on Twitter

මේ වසරේ මාර්තු 20 වන දින IMF විසින් ලංකාවට ඩොලර් බිලියන 3 ක ණයදීමක් ප්‍රකාශයට පත් කරන ලදී. කෙසේ වෙතත්, මුලින්ම කිව යුත්තේ මෙම ගනුදෙනුව ලංකාව මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදය විසඳීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නක් නොවේ. රට බංකොලොත් බව ප්‍රකාශ කළ පසු බිමක ලංකා ආන්ඩුව සිය දැවැන්ත ණය (ඩොලර් බිලියන 35කට වැඩි) ආපසු ගෙවීමට පොරොන්දු වී ඇත. ණය දෙන්නන් විසින් ආපසු ගෙවීමේ තාවකාලිකව අත්හිටුවා ඇත. මින් ඉදිරියට සෑම වසරකම ජාමූඅ සිය ණය ගෙවීම සඳහා ඉදිරිපත් කළ මුදලට වඩා වැඩි මුදලක් රජයට වැය කිරීමට සිදු විය හැකිය. කෙසේ වෙතත්, IMF ගනුදෙනුවට ආන්ඩුව ඇතුල්වීම දක්ෂිනාංශික විපක්ෂය සහ ඊනියා වාමාංශිකයින් ලෙස පෙනී සිටින අය විසින් පවා පෙන්නුම් කරනු ලබන්නේ මෙය “අවසාන විසඳුම”‍ ලෙසිනි. මෙම තත්වයට විශේෂ හේතු වී ඇත්තේ රජය IMF සමඟ ඇති කර ගත් ඊනියා ”‍ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ”‍ ගිවිසුමයි. ඒ වන විටත් ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබූ මෙම ක්‍රියාමාර්ගය අතිවිශාල කාලකණ්ණි තත්වයක් රට තුළ නිර්මාණය කරනු ලැබීය. වැටුප් අඩු කිරීම්, අතිකාල ගෙවීම් කප්පාදු කිරීම, සියලු‍ම ණය ගැනීම් සඳහා පොලී අනුපාත වැඩි කිරීම යනාදිය මෙයට ඇතුලත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා මෙම කරුණු දැනටමත් සිදු කෙරෙමින් පවතී. ඇත්ත වශයෙන්ම, මෙම පියවරයන් පීඩිත ජනතාව වෙත වඩාත් දුෂ්කරතා ඇති කරනවා පමණක් නොව අර්බුදය තවත් ගැඹුරු කරනු ඇත. IMF ගනුදෙනු මගින් ඇත්ත වශයෙන්ම අර්බුදය විසඳීමට වඩා ඔවුන්දෙන කොන්දේසි නරක අතට හැරීමේ ඉතිහාසයක් ඇත. ආර්ජන්ටිනාවේ අර්බුදයට ජාමූඅ මැදිහත්වීම සමග එහි ජීවන තත්වයන් විනාශ කරමින් ඉදිරියට යන ආකාරය මෙයට හොඳම උදාහරණයකි.

ජාමූඅ සමග මාස හයක සාකච්ඡා වටයකින් පසු තවත් ප්‍රධාන කොන්දේසියක් වටා එය කේන්ද්‍රගත විය, එනම් චීනයට වඩා භූ දේශපාලනික වාසි ඔවුන්ට උදාකර ගැනීමයි. මෙම ගනුදෙනුව සඳහා චීනයෙන් සහය ලබා ගත් බව ආණ්ඩුව දැන් ප්‍රකාශ කළත්, ඔවුන් චීනය සමඟ ඇති කර ගත් “‍ඩීල්”‍ මොනවාද යන්න තවමත් කිසිවෙකුට පැහැදිලි නැත. විනිවිදභාවය නොමැතිකම ශ්‍රී ලංකාවට අලු‍ත් දෙයක් නොවන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එය රාජපක්ෂ පවුලෙන් උරුම වූ තවත් ලක්ෂණයකි. ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට කළ කෙටි ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මෙය එක ගනුදෙනුවක් පමණක් බවය. ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම තුලින් මෙම මනඃකල්පිත ආර්ථික වර්ධනය සිදුවන්නේ කොහෙන්දැයි සඳහන් නොකර “වර්ධනය”‍ යන්න පෙන්වා මෙය විසඳුමක් ලෙස ඉදිරිපත් කරයි. පසුගිය වසරේ රට බංකොලොත් වීමට හේතු වූ ආර්ථික ගැටලු‍ කිසිවක් මේ මගින් විසදෙන්නේ නැත. ආර්ථිකය දිගටම පවතින්නේ ඕනෑම කොන්දේසියක් යටතේ පිරිනැමීමට කැමති ඕනෑම රටකින් තවදුරටත් ණය ගැනීම මත පමණි. අර්බුදයට මුහුණ දෙමින් පවතින ලෝක ආර්ථික අර්බුදය සහ ආසියා පැසිෆික් කලාපයේ තියුනු වන භූ දේශපාලන ආතතිය තවදුරටත් ලංකාව රට මුහුණ දෙන තත්වය ගැන සංකූලතා වැඩි කරයි.

තත්වය තවත් නරක අතට

IMF සමග ඇති කරගත් මෙම ගිවිසුම් වල ප්‍රතිඵලයක් ලෙස දස දහස් ගණන් කම්කරුවන් ඊට පෙර කිසිදා මුහුණ නොදුන් ජීවන මට්ටම් පහත වැටීමකට මුහුන දී සිටිති. ජනගහනයෙන් බරපතල සංඛ්‍යාවක් කුසගින්නෙන් පෙළෙන බව වාර්තා වන අතර, අධ්‍යාපනය ලබන්නේ කුමන දරුවන්ටද යන්න තෝරා ගැනීමට දුගී පවුල්වලට බල කෙරෙනු ඇත. මේ වසරේ පෙබරවාරි මැද භාගයේ සිදු වූ දැවැන්ත විදුලි මිල වැඩිවීමෙන් පසු විදුලි බිල 65% කින් ඉහළ ගොස් ඇත. බොහෝ දෙනෙකුට මෙම වැඩිවීම ගෙවීමට නොහැකි නිසා විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීම හැර වෙනත් විකල්පයක් නැත. මෙය ඉන්ධන සහ අනෙකුත් ප්‍රධාන භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ නැංවීමට අමතරව සිදුවන්නකි. පසුගිය වසරේ ජූනි මාසයේ සිට පාරිභෝගික මිල උද්ධමනය 50%ක පමණ මට්ටමක පවතී. කම්කරුවන්, ගොවීන් සහ දුප්පතුන්ට අනාගතයේ යම් දවසක රෝගී වීමට සිදුවුවහොත් එයට මුහුණ දීම සඳහා දුෂ්කරතා මතුවන බව රජය පිළිගෙන ඇත. “‍මේ රටේ ජනතාවට විඳින්න වෙලා තියෙන අමාරු තත්වය මම දන්නවා. ඒකට අපි රජයක් විදියට සමාව ඉල්ලනවා”‍ යනුවෙන් රනිල් පසු ගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මේ බොරු සමාව ඉල්ලීමෙන් බඩගින්නේ සිටින අයට සහනයක් ලැබෙන බව පෙන්වීමටය. ධනපතියන් තවමත් උපයන අතිවිශාල ලාභය කප්පාදු කිරීමට රජය මෙතෙක් කිසිදු උත්සාහයක් ගෙන නැත. කම්කරුවන්ගෙන් පටි තද කර ගන්නා ලෙස ඉල්ලා සිටින අතරම, ආන්ඩුව ලාභය උපරිම කර ගැනීමටත් ධනපතියන්ගේ ලාභය පුලු‍ල් කිරීමටත් සෑම උත්සාහයක්ම දරමින් සිටී.

දැවැන්ත ලෙස ඉහල දමන ලද විදුලි බිල්පත් ගෙවීම කම්කරුවන් විසින් සාමුහිකව ප්‍රතික්ෂේප කළ යුතුය. එසේම දුප්පත් ගොවීන් සහ කුඩා වෙළඳුන් ඔවුන් ගෙවිය යුතු සාර්ව ණය ගෙවීම ප්‍රතික්ෂේප කළ යුතුය. ණය ගෙවීම ප්‍රතික්ෂේප කර එම මුදල් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන අත්‍යාවශ්‍ය කර්මාන්ත සඳහා ආයෝජනය කරන ලෙසත් ප්‍රමාණවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් යුත් බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙසත් අප ඉල්ලා සිටිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවෙන් පනවා ඇති භයානක කොන්දේසි අප ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ ඒ සඳහාය.

දේශපාලන අස්ථාවරත්වයක්

වත්මන් ආණ්ඩුව අතිශයින් අප‍්‍රසාදයට පත්වූ ආණ්ඩුවකි. ජනාධිපතිවරයා පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ හදිසි ක්‍රියාමාර්ගයක් හරහා මිස ජනතාව විසින් තෝරා පත් කර ගැනීමක් හරහා නොවේ. ඔහු පාර්ලිමේන්තුවේ ආසනයක්වත් දිනා නොගත් නමුත් ජාතික ලැයිස්තුව හරහා තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් පමණක් ලබා ගැනීමට සමත් විය. මෙම පක්ෂයට පාර්ලිමේන්තුවේ කිසිදු සහයෝගයක් නොමැති අතර ජනතාවට පහර දීම සඳහා ප්‍රතිපත්ති ගෙන යාමට අපකීර්තියට පත් රාජපක්ෂ වරුන්ගේ පක්ෂයේ සහාය මත විශ්වාසය තබා කටයුතු කරති. පසුගිය වසරේ අප්‍රේල්, මැයි අරගලයෙන් මතු වූ දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් රාජපක්ෂ පාලනය සහ මුළු කැබිනට් මණ්ඩලයම පලවා හරිනු ලැබීය. කෙසේ වෙතත් මෙම සිදුවීම් වලින් පසුව වත්මන් ජනාධිපතිවරයා හදිසි නීති බලතල සහ හමුදාව යොදා ගනිමින් මහජන ව්‍යාපාරය මර්දනය කර පසුපස දොරෙන් පැරණි රාජපක්ෂ පාලනය නැවත බලයට ගෙන ඒමට කටයුතු කළේය.

කොළඹ කුරුඳු වත්තට සීමාවී එම බුබුලේ සිරවී සිටින රනිල් පළමුව උපකල්පනය කළේ කෙසේ හෝ ජනතාව තමන් කරන දේ සහ IMF ගනුදෙනුවට පෙර මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව උරගා බලා ගැනීමටය. එනම් බටහිර ඉල්ලා සිටින පරිදි එම ගනුදෙනුවට යම් ආකාරයක “‍ජනවරමක්”‍ ලබා ගැනීමටය. කෙසේ වෙතත්, ප්‍රාදේශිය සභා මැතිවරණය කැඳවා වැඩි දින ගත වීමට මත්තෙන් මැතිවරණ රැස්වීම් ආරම්භ වන විට රනිල් ඇතුළු රාජපක්ෂලා රට තුළ කෙතරම් අප්‍රසාදයට පත්ව සිටිනවාද යන්න හොදින් පැහැදිලි විය. ඔවුන්ට මැතිවරණ රැස්වීම්වලදී යහපත් සහයෝගයක් ලබා ගැනීමට කිසිසේත් නොහැකි විය. යෝජිත මැතිවරණයෙන් ආණ්‌ඩු පක්‍ෂය බරපතල ලෙස පරාජයට පත්වීමට ඉඩ ඇති බව පැහැදිලි වූ වහාම මැතිවරණය නීති විරෝධී අන්දමින් කල් දැමීය. හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ “නව නායකයෙකු”‍ ලෙස ප්‍රවර්ධනය කිරීමට ගත් විහලු උත්සාහය ලත් තැනම ලොප්විය. නාමල්ගේ හිටපු සගයා වූ විමල් වීරව්මාස පවා ඔහුව හැඳින්වූයේ “අකලට පැසුනු බොයිලර් කුකුල් මස්”‍ යනුවෙනි.

විපක්‍ෂයේ SJB ආණ්ඩු පක්‍ෂයේ දැවැන්ත අප‍්‍රසාදයෙන් සම්පූර්ණ ප‍්‍රයෝජන ගැනීමට නොහැකි වූයේ රනිල්ගේ නවලිබරල්වාදී ප‍්‍රතිපත්තිවලට පැහැදිලි විකල්පයක් ඔවුන් සතුව නොමැති නිසාය. ඔවුන්ගේ තරමක් වැඩි වූ ජනප්‍රියත්වය ඔවුන් සඳහා ක්‍රියාශීලී සහයෝගයට වඩා රනිල්ගේ අඩු නපුරුකමට සම්බන්ධ විය. මෙම රික්තය තුළ සැලකිය යුතු සහයෝගයක් ලබා ගත් ප්‍රධාන බලවේගය වූයේ ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය) ප්‍රමුඛ සන්ධානය වන NPP ය. NPP හට ද පැහැදිලි විකල්පයක් නොමැති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුවට වක්‍ර සහය ලබා දෙන අතරම ඔවුන්ගේ වාමවාදී වාචාලකම සහ දූෂණ විරෝධී ආස්ථානය හේතුවෙන් එය ජනතාව අතර ජනප්‍රිය වෙමින් පවතී (විවිධ ගැටළු සම්බන්ධයෙන් NPP හි ස්ථාවරය පිළිබඳ වැඩි විස්තර සඳහා රතු තරුව පසුගිය කලාපයේ සිරිතුංග ජයසූරියගේ ලිපිය බලන්න). කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ගෙන යමින් තිබෙන කිසිදු ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් තීරණාත්මක අභියෝගයක් ඉදිරිපත් කර නැත. ඔවුන්ගේ ස්ථාවරය දැන් සම්පූර්ණයෙන්ම කැරකෙන්නේ නව මැතිවරණයක් ඉල්ලා සිටීම වටා ය. දැන් රනිල් ඇතුලු සංස්ථාපිතයේ ස්ථාවරය වී ඇත්තේ ජයග්‍රහණය කළ හැකි විට පමණක් මැතිවරණය කැඳවීමයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු‍ දෙනාම මේ ආණ්ඩුවේ පිරිහීම ගැන හොඳින් දන්නවා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ජනාධිපති රනිල්ට අභියෝග කළේ අවම වශයෙන් සියයකගේ හෝ රැස්වීමක් සංවිධානය කර ආණ්ඩුවට සහයෝගය තිබෙන බව පළ කරන ලෙසයි. රනිල්ට මෙතරම් කුඩා බලමුලු‍ ගැන්වීමක්වත් කිරීමට නොහැකි බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. මෙම දුර්වලතාවය සහ පවතින මහජන නැගිටීමේ සහ කෝපයේ මනෝභාවය දැන සිටියද, ජවිපෙ ආණ්ඩු විරෝධී තීරනාත්මක සටනක් සඳහා බාධකයක් ලෙස කටයුතු කරමින් පවතී. නැගී එන වර්ජන ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා ජවිපෙ පසුගියදා වෘත්තීය සමිති තුළ තමන්ට අයත් සමිති හරහා බලපෑම කරන්නට යෙදීමෙන් එය පැහැදිලි වේ.

බදු අය කිරීම අඩු කිරීම, විදුලි බිල පහත හෙලීම හා වැටුප් වැඩිකිරීමක් සඳහා වන තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මාර්තු 15 වැනිදා පැය 24ක මහා වැඩ වර්ජනයක් කැඳවීමට විවිධ වෘත්තීය සමිති විශාල සංඛ්‍යාවක් එක්විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), ලංකා බැංකු සේවක සංගමය, ගුරුවරුන් සහ අනෙකුත් විවිධ කුඩා වෘත්තිය සමිති සමග එක්ව, ආන්ඩුව ගෙන යන දැවැන්ත වැටුප් කප්පාදුවලට එරෙහිව දියත් කළ සටන ආණ්ඩුව පස්සට තල්ලු‍ කිරීමට සමත් වී ඇත. ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති 15 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට වැඩවර්ජනය නතර කිරීමට උනන්දු වීම නිසා අරගලය තවදුරටත් තීව්‍ර කිරීමට කැමැත්තෙන් සිටින වෘත්තීය සමිති බරපතල ප්‍රශ්ණයකට මුහුණ දුන්හ. එසේ වුවද එවැනි පසුබෑම් නොතකා, වෘත්තීය සමිති අතර සටන්කාමීත්වය වැඩි වෙමින් පවතින අතර, ඉදිරි දින හෝ මාස කිහිපය තුළ මහා වැඩවර්ජනයක් ඇතුළු තවත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹිය හැකි අතර අරගලය උත්සන්න කිරීම හැර කම්කරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේ නැත.

රජයේ හමුදා විසින් නොනවතින ම්ලේච්ඡ ප්‍රහාර සහ අත්අඩංගුවට ගැනීම් නොතකා විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණයින් නිරන්තරයෙන් විවිධ විරෝධතා පවත්වමින් සිටී. මේ වන විට තවදුරටත් ආණ්ඩු විරෝධය වර්ධනය වීම වළක්වා ඇත්තේ රනිල් දියත් කර තිබෙන කුරිරු මර්දනකාරී පියවරයන් නිසාය. කෙසේ වෙතත් රනිල් – රාජපක්ෂ පාලන තන්ත්‍රය කෙරෙහි ඇති කෝපය සහ කලකිරීම උච්චස්ථානයකට පැමිණෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.

විකල්පයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය

එක්සත් සමාජවාදී පක්ෂය ආන්ඩුව විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව තීරනාත්මක ලෙස අරගලය යලි ආරම්භ කිරීමේ අරමුන ඇතිව එක්දින මහා වැඩවර්ජනයක් සහ මහජන බලමුලු‍ ගැන්වීමක් වෙනුවෙන් පෙනී සිටී. අරගලය ගොඩනැගිය යුත්තේ කොන්දේසි වැඩිදියුණු කිරීම් වලින් පමණක් නොව, පැහැදිලි කම්කරු විකල්පයක් ගොඩ නැගීමේ අරමුන ඇතිවය. ධනපති පංතියේ විශාල ලාභ ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරුවන්ට සහ දුප්පත් ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ජනසතු දේපොල ක්‍රමයක් මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. එහෙත් බලගතු බහුජන කම්කරු විකල්පයක් ගොඩනඟන්නේ නැත්නම් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවනු ඇත. අරගලයේ ඊළඟ පියවර සඳහා වන කැඳවීම රට පුරා මහජන ව්‍යවස්ථාදායක සභාවක් ගොඩනැගීම සඳහා පැහැදිලි ඉල්ලීම් සමඟ සම්බන්ධ කළ යුතුය.

පහු ගිය අරගල සමයේ බිහිවූ ජනතා එකමුතුවන් සහ විවිධ සංවිධාන සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ මහජන ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින ලදි. “රනිල් මන්ත්‍රීවරු 225ක් එක්කම ගෙදර යන්න”‍ යන සටන් පාඨය ජනප්‍රිය වීමෙන් පෙන්නුම් කරන්නේ ධනේෂ්වර පද්ධතිය අප්‍රසාදයට පත්ව ඇති ආකාරයයි. මෙම යල්පැන ගිය ධනපති ආයතන කෙරෙහි විශ්වාසය යළි ගොඩනඟනවා වෙනුවට කම්කරුවන්, ගොවීන්, තරුනයින් සහ දුප්පතුන්ගේ සැබෑ විකල්පයක් අලු‍තින් ගොඩනැගීමට අප කටයුතු කළ යුතුය. එබැවින් එවැනි සටන් පාඨ ඉදිරිපත් කළ යුත්තේ පැහැදිලි විකල්පයක් සඳහා වූ යෝජනා සමග විය යුතුය. වෘත්තීය සමිතිවල සාමූහික ක්‍රියාමාර්ග සහ මහජන බලමුලු‍ ගැන්වීම මගින් ධනපති පාලකයින්ගේ අමූලික බොරුව හෙලිදරව් කළ හැක. ජනතා අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් තරම් ධනය රට තුළ තිබෙන අතර, එය මහජනතාවගේ යහපත සඳහා ප්‍රතිසංවිධානය කළ යුතුය. සමාජයේ සෑම තරාතිරමකම කොටස් මෙම අදහස් වෙත දිනා ගැනීමට ඔවුන් වෙත අප ආයාචනා කළ යුතුය.

 

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

මාධ්‍ය නිවේදනය - ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.