• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු – මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු

dhammika by dhammika
July 11, 2022
in USP Statements
0
අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු – මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු

අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු
මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු

ජුලි මස 9 වෙනි දින මින් පෙර ඉතිහසයේ නොදුටු දැවැන්ත ජනතා ව්‍යාපාරයක් මගින් ලංකාවේ දූෂිත ධනපති ආණ්ඩුව මුලමනින්ම අවලංගු කර ඇත. ජුලි 13 වන බදාදා වන විට ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට දුන් පොරොන්දුව ප්‍රමාණවත් නොවේ. එමගින් ගෝඨාභය යථා තත්ත්වයට පත්වීමට හෝ නැවත කුමන්ත්‍රණකාරී ලෙස සංවිධානය වීමට කාලය මිලදී ගැනීමට උත්සාහ කරන බව ජනතාව තේරුම් ගෙන ඇත. එහෙයින් ජනතාව විසින් බලයෙන් පහකළ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පිටව යන තුරු ජනාධිපති මන්දිරය අල්ලාගෙන සිටීමට අරගල ව්‍යාපාරය නිවැරදිව තීරණය කිරිම අගය කළ යුතුය.

පැරණි රාජපක්ෂ පාලන තන්ත්‍රයේ සහ ඊට සම්බන්ධ පාලක පන්තියේ සියලුම කොටස් වහාම ඉවත්විය යුතුය. දැනටමත් එක්සත් ජනපදය/බටහිර/ඉන්දියාව සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් සිය දේශීය සහචරයින් සමග කටයුතු කරමින් සිටී. ධනපති ක්‍රමයේ මූලිකාංග පවත්වා ගැනීමට සහ එමගින් ධනේෂ්වර බලය පවත්වා ගැනීමට යම් ආකාරයක සර්ව පාක්ෂික නියෝජනයක් සඳහා තල්ලු කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිති. ඔවුන් උත්සාහ කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පරණ දූෂිත දේශපාලනඥයන් අලුත් මුහුණුවරකින් නැවත මතු කිරීමටය.

අරගල කරන ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් වත්මන් අර්බුදය ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි ධනපති පංතියේ කිසිවකුට පැහැදිලි අදහසක් නැත. ජුලි 9 වැනිදා දක්වා ඔවුන්ගෙන් බහුතරයක් ගෝඨාභය සහ රනිල් යන දෙපිරිස සමඟම සහයෝගයෙන් කටයුතු කළ අතර, කම්කරු ගොවි තරුනයන්ට සහ දුප්පතුන්ට පීඩා කිරීම හැර වෙනත් මාර්ගයක් ඔවුනට නොමැති විය. ඔවුන් සියල්ලෝම එකතු වී රටේ ඉඩම් හා සම්පත් සියල්ල ධනපතියන්ට විකුණා තවදුරටත් තම සාක්කු පුරවා ගැනීමට කටයුතු කළේය. දැන් වෙනස් වී ඇත්තේ කුමක්ද? ඔවුන් වෙනස් වූයේ කුමන ආකාරයෙන්ද? ඔවුන් දැන් වෙනස් දෙයක් ඉදිරිපත් කරනවාද? නැත. ඔවුන් ජනතාවගේ සතුරන් ය. ඒ හේතුව නිසා දැන් ජනතාව විසින් ඔවුන්ගේ බලය ඉවත් කර ඇත. එසේ නම් ඔවුන්ව පණ ගැන්වීම සදහා ඔවුන්ට නැවත බලය ලබා දෙන්නේ ඇයි? නමුත් පැරණි නායකයින් ඉවත් කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසදේ. අලුත් ධනපති දේශපාලඥයන් බලා සිටින්නේ බලයට අත තැබීමට තම වාරය එනතුරු බලා සිටීමය.

ජනතා නැගිටීම පෙන්නුම් කළේ ලංකාවට අලුත් අනාගතයක් අවශ්‍යය බවය. ජනතා සතුරන්ට නැවත බලය ලබා දීමේ අරමුණින් අන්තර්වාර ආණ්ඩුවක් යෝජනා කිරීම හෝ බලය බෙදාගැනීම ඔවුන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාර කිරීමකි . තවමත් පලා නොගිය ප්‍රභූ පැලැන්තිය දැන් කතා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැනය. ජනතාවට අවශ්‍ය වන්නේ යහපත් අනාගතයක් දිනා ගැනීම සඳහා දුප්පතුන් හා සූරාකෑමට ලක් වූ වැඩකරන ජනතාවගේ එකමුතුවක් ගොඩනගා ගැනීමය. නමුත් ධනපති පංතියේ සූරාකන්නන් සහ පීඩකයන් සමඟ එකමුතුවීමක් නම් නොවේ! අපට විකල්පයක් තිබෙන බව ජනතාව වීදිවල බලය මගින් පෙන්නුම් කර ඇත . මේ බලය පාර්ලිමේන්තු තාප්පයෙන්, අරලියගහ මන්දිරයෙන් ජනාධිපති මන්දිරයෙන් පිටත සම්බන්ධීකරණය කර සංවිධානය කරන්න පුළුවන් බව ජන අරගලය පෙන්නුම් කරන ලදී .
වැඩබිම්වල, නගරවල, හැම ගමකම කමිටු ගොඩනගා ඒවා ශක්තිමත් කරමින් ඉදිරියටම යමු. එම කමිටු විසින් වහාම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව බෙදා හැරීම සංවිධානය කළ යුතුය. මෙම ආයතනවලට පත්වන තම නියෝජිතයන් ජාතික මධ්‍යස්ථානයට සම්බන්ධ කළ හැකිය. මෙම ආයතන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවාගත යුතුය. විප්ලවවාදී ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතුය. මෙම අන්තර්වාර ආයතනයට රාජ්‍ය කටයුතු පාලනය කිරීමට ද පියවරගත හැක. එය සමාජයේ සියලුම කොටස්වල අභිලාෂයන් සැබවින්ම පිළිබිඹු කරන පාලන රටාවක් බවට වනු ඇත.

 


ජනතාව විසින් ගොඩනගන අතුරු පාලනය තුළ පැරණි ධනපති පාලනයේ අංග කිසිවක් තිබිය යුතු නැත. එයට ධනේශ්වර දූෂිත පාර්ලිමේන්තු විපක්ෂය ඇතුළත් කිරීම ද අවශ්‍ය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ වෘත්තීය සමිති නියෝජිතයින්, අරගල නායකයින්, ගොවි නායකයින් ධිවරයින් සහ ජනතාව සමඟ එක්ව අරගල කරන සමාජවාදී ක්‍රියාකාරීන් විසින් වහාම ජාතික මහජන ව්‍යවස්ථා සභාවට වගකිව යුතු අතර එය ඉක්මනින් ගොඩනගා ගත හැකිය. අරගලයේ ඉල්ලීම් ක්‍රියාවට නංවන්නේත් එය විසින් තවත් වර්ධනය වන ඉල්ලිම් ක්‍රියාවට නංවන්නේ මෙලෙස පත්වන ජාතික ආයතනයයි. අන්තර්වාර පාලනයට පැරණි ධනපති කොටස් ඇතුළත් වේ නම්, ඔවුන්ගේ ප්‍රධාන අරමුන වනු ඇත්තේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම නොව, එයට පයින් ගැසීමය. දූෂිත මළ සිරුරු නැවත ආණ්ඩු පාලනයට එකතු කිරිමෙන් නැවත උන්ට පණ උපදවා ගැනීමට අප ඉඩ නොදිය යුතුය.

සියලුම විදේශ ණය වහාම අවලංගු කරන ලෙස අපි ඉල්ලා සිටිය යුතු අතර- සාර්ව ණය ආපසු ගෙවීම වහාම නතර කළ යුතුයි. දූෂිත ධනපති පංතිය ඔවුන් සොරාකෑ ධනය රැගෙන හොර රහසේ පලායාමද නැවැත්විය යුතුය. අප වහාම කොල්ලකන ලද ධනය රාජසන්තක කළ යුතු අතර දැන් පවතින ප්‍රාග්ධන පාලනයට වඩා දැඩි ප්‍රාග්ධන පාලනයක් ක්‍රියාත්මක කළ යුතුය. මෙම ක්‍රියාවන් තුලින් පමණක් ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ක්ෂණික ගැටලු සමඟ කටයුතු කිරීමට ප්‍රමාණවත් මුදල්/සම්පත් අපට උපයාගත හැකිය. හදිසි ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාල හදිසි සැලසුම් කමිටු වහාම පිහිටුවිය යුතුය.
පවතින පාර්ලිමේන්තුවෙන් සහ අනෙකුත් ධනපති ගැති බලවේගවලින් නිර්මාණය කෙරෙන ඊනියා සර්ව පාක්ෂික සභාග ප්‍රෝඩාව ප්‍රතික්ෂේප කරන ලෙස අරගලයේ යෙදී සිටින සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. අරගල නායකයන්ගේ නියෝජිතයන් සර්වපාක්ෂික ප්‍රෝඩාවට එකතු කර ගැනීමට දරණ රැවටිලිකාරි උත්සාහයට අපි පිළිතුරු දිය යුතුය. ඊනියා අන්තර්පාලන ආණ්ඩුව අරගලයේ නියෝජිතයින් හට දෙනු ලබන සැබෑ බලය කුමක්ද යන්න ප්‍රශ්ණ කළ යුතුය. ඒ අතර අරගල භුමිය නිර්මාණය කරන ලද අපි ඉදිරිපත් කර ඉල්ලීම්වලට අන්තර්වාර පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම එකඟද? මේවා විසදාගත යුතුය. අපි අවස්ථාවාදී පදනමක් මත කිසිදු ගනුදෙනුවකට එළඹිය යුතු නැත. එමගින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බිලියන ගණනක ජනතාව අසාර්ථක වූ ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාමේ ප්‍රයත්නයකට අපි කිසි ලෙසකින්වත් ඉඩ තැබිය යුතු නැත. අරගලය විසින් නිර්මාණය කර තිබෙන ජනතා කමිටුවලට බලය පවරණ ලෙස අපි බලකර සිටිමු.

සිරිතුංග ජයසුරිය – ප්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදි පක්ෂය
2022 -07 -11

Tags: අන්තර්වාර ආණ්ඩු ප්‍රෝඩාව පතික්ෂේප කරමු මහජන ව්‍යවස්ථා සභාවක් මගින් මැතිවරණයක් කැඳවමු
Previous Post

Go Home Gota ඒ අරගලය ජයග්‍රහණයක් කරා

Next Post

Next Post

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
July 2022
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« May   Aug »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.