• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආණ්ඩුවට සොහොන් ලකුණු

dhammika by dhammika
December 13, 2021
in Articles
0


ගෝඨාගේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දස අතින්ම ගොඩනැගෙමින් පවතී. ආණ්ඩුව ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන්නෙකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් නිර්මාණයවී ඇති අතර ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විවිධ ජාවාරම් හරහා මුදල් වංචාකරමින් ඉන් යැපෙන අතලොස්සක් පමණී. 69 ලක්ෂයෙන් විශාල පිරිසක් ආණ්ඩුව කෙරෙහි කළකිරීමට ලක්ව ඇත. ආණ්ඩුවට ජනතා සහයෝගයක් නොමැති අතර ආණ්ඩු බලය රැදි තිබෙන්නේ ව්‍යවස්ථාදායකයේ හා විධායක බලය මත පමණී. පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර බලය පුපුරා යන ලකුණු යටිතලයේ මතුවෙමින් පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහල කොටස්වලින් ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා බලපෑම් එල්ලවෙමින් ඇත. සැබැවින්ම ශ්‍රීලනිපය ආණ්ඩුවේ එල්ලී සිටින්නේ මෛත්‍රිපාලගේ ඩබල්ගේම් දේශපාලනය නිසා බව නොදන්නා අයෙක් නැති තරම්ය. අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි වැනි අයගේ ප්‍රකාශ පෙන්නුම් කරන්නේ අභ්‍යන්තර අර්බුදයේ ස්වභාවයයි. මෙම පසුබිම තුළ ආණ්ඩුවේ ආරක්ෂකයින් බවට පත්ව ඇත්තේ ඊනියා ආණ්ඩු විරෝධයක් පෙන්වන විමල් වීරවංශල උදය ගම්මන්පිල හා වාසුදේව වැනි ප්‍රෝඩාකාරයින්ය. ඔවුන් රඟ දක්වන කුපාඩි දේශපාලනය ජනතාව හොදින් අවබෝධ කරගෙන ඇති බව නිසැකය.


ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය අතරමැදි විසදුමක් හරහා තාවකාලිකව නතරවී තිබුනද ගුරුවරුන්ගේ අරගලය නැවත ඉස්මතු වනු ඇත. පෝර ප්‍රශ්නය හේතුකොටගෙන ගොවි ජනතාව දිනපතාම පාහේ මහමග උද්ඝෝෂණ වල නිරතව සිටී. වගාහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට හා සහන සැලසීම වෙනුවෙන් කිසිම යෝජනාවක් මෙවර අයවැයට ඇතුලත්වී නොමැත. මහ කන්නයේ වී අස්වැන්න හා එළවලු බෝග අස්වැන්න සියයට 50කින් පමණ පහල බසින බව මේවන විට තහවුරුවී ඇත. වී අස්වැන්න පහල බැසීම නිසා රටතුල හාල්හිඟයක් ඇතිවිය හැකි බව මේවනවිටත් පැහැදිලිවී ඇති අතර පිටරටින් හාල් ගෙන්වීමට ආණ්ඩුවට විදේශ මුදල් ඇත්තේ නැත. අනෙක් පැත්තෙන් පොහොර ප්‍රශ්නය හේතුකොටගෙන සාම්ප්‍රදායික තේ කර්මාන්තය අර්බුදයකට මුහුණදෙමින් සිටී. තේ පිටරට යැවීමෙන් උපයාගතහැකි විදේශ විනිමයද පහල බසිනු ඇත. ඒ සමග තේ කර්මාන්තයේ නියැලී සිටින වතු කම්කරු ජනතාවගේ රැකියා කප්පාදු කිරිමට වතු හාම්පුතුන් කටයුතු කරනු ඇත. ගෑස්හිඟය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අතර බේකරි නිෂ්පාදනය අඩකින් කප්පාදු කර ඇති අතර ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා විශාල පෝලිම් රටපුරා දක්නට හැකිය.


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම සමග අලුත් ප්‍රශ්න ගනනාවක් මතුව ඇත. බොරතෙල් පිරිපහදුකකර පෙට්‍රල් භුමිතෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළද පොලට මුදාහැරීම සඳහා වැයවන මුදලට වඩා අධික මුදලක් විදේශ රටවලින් ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය කිරීමට සිදුවනු ඇත. තෙල් පිරිපහදුව වසාදැමීමට ඇත්ත හේතුව ඊට අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට ආණ්ඩුවට තිබෙන නොහැකියාවය. මේ අනුව පෙනී යන්නේ රටට විශාල සම්පතක් වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවසන්ගමන් යෑම සඳහා කණකොකාහඬන බවය. ඒ අතර දෙසැම්බර් මස අවසාන වනවිට ගල්අගුරු හිඟවීමේ ප්‍රශ්නයක්ද මතුවනු ඇත. ඒ සමග විදුලිය නිපදවීමේ ප්‍රශ්නයක් මතුවීම වැලැක්විය නොහැකි වන අතර මේ දිනවල රටපුරා අධික වැසි ජලය ලැබීම සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළයෑම නිසා රට අදුරට පත්වීමේ තත්වය තාවකාලිකව පහව යනු ඇත. කෙසේවුවද ලබන වසරේ මුල් කාර්තුව අවසානයේ විදුලි කප්පාදුවක් ඇතිවීමට තිබෙන ඉඩකඩ බොහෝය.

Previous Post

රු. 10000කින් වැටුප වැඩි කරනු

Next Post

අර්බුදය කොයිබටද?

Next Post

අර්බුදය කොයිබටද?

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
December 2021
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Nov   Feb »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.