lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආණ්ඩුව ජනතාවගේ යටිබඩටම කෙලියි

dhammika by dhammika
November 9, 2021
in Articles
0
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුග1ල257රැු කින් වැඩි කරන ලදී. :මෙය පසුව රු. 75කින් අඩු කරන ලදී. මෙය ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් දෙගුන වීමකි. ආනයනික කිරිපිටි මිල රු. 250කින්දල සිමෙන්ති මිල රු. 100 කින්දවැඩි කර ඇත. මීට අමතරව පසු ගිය ජූනි මස විශාල වශයෙන් ඉහල දැමූ ඉන්ධන මිල නැවත වතාවක් ඉහල දැමීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. පසුගිය වතාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේදී පුහු ඝෝෂාවක් කර ජනතාව රවටා වීරයෙකු වීමට උත්සාහ කළ පොහොට්ටුවේ ලේකම් වරයාගේ දෙකොන මේ වන විට පූට්ටු වී ඇත. හෙට අනිද්දා සිට පාන් ගෙඩියේ සිට සියළු බේකරි නිශ්පාදන වල මිල ඇතුළු තේ කෝප්පයේ මිලද ඉහල නඟිනු ඇත. මෙලෙස අසීමිත ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහල දැමීම අඩු ආදායම් ලාභී ජනතාවගේ ඉවසීමේ සීමාව අවසානයට පත්ව ඇත.

ආණ්ඩුව මේ සා විශාල අන්දමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල දමන්නේ තව සති කිහිපයකින් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී වීම විශේෂත්වයකි. ඉන් දක්නට ලැබෙන්නේ පවතින රජයේ දැක්මක් නොමැති එදා වේල පිරිමසා ගැනීමේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා අයවැය ඉදිරිපත් කරන තෙක්වත් රට ගෙන යා නොහැකි තරම් බංකොළොත් මට්ටමකට රට පත්ව ඇති බවයි. මෙසේ අයවැයට පෙර සියළු භාණ්ඩ වල මල ඉහල දමා අය වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ සිටින වාචාල ඇමතිවරු මෙවර අයවැයෙන් කිසිඳු භාණ්ඩයක මිල ඉහල නොදැමූ බවට වාගාඩම්බර දොඩනු ඇති. එහෙත් මේ වන විට දැඩිසේ පීඩනයට පත්ව සිටින කම්කරු පන්තියේ ජනතාව ඔවුන්ගේ කතා තවදුරටත් ඉවසා සිටීමට සූදානම් නොවන බව පැහැදිළිය. තමන් ලබන වැටුපට දරාගත හෙැකි පරිදි ජීවන වියදම අහස උසට නැග තිබීම මෙයට හේතුවයිග මෙම පරිසරය තුළ කම්කරු පන්තියෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් මතුවීමට කටයුතු සූදානම් වෙමින් පවතී. සෑම තැනකම ජනතා විරෝධය උග්‍රෙවමින් පවතින අතර ආණ්ඩුව කෙරෙහි ඇති විවේචන සහ ජනතා විරෝධය දින පතා වර්ධනය වෙමින් පවතී.

ජනාධිපතිවරයා සහ රජය මේ වන විටි ක්‍රියාකරමින් පවතින ආකාරය අනුව පෙනෙන්ට තිබෙන්නේ එම විරෝධය මර්ධණය කරන්නට අවශය කටයුතු සූදානම් කරමින් පවතින බවයිග හදිසි නීති රෙගුලාසි සහ අත්‍යාවශ්‍ය සේවා නියෝග මේ සඳහා තුරුම්පු ලෙස රජය යොදා ගැණීමට කටයුතු කරනු ඇතග යුධ හමුදාවේ 72වෙනි සැමරුම් උත්සවය පැවැති අනුරාධපුර සාලිය පුරදී කොවිඩ් වසංගතය ගැන සෞඛ්‍ය අංශ යටපත් කර හමුදාව කළ කාර්ය භාරය ගැන ගෝටාබය අධි තක්සේරුවක් කළේ ඒ සඳහායග ආණ්ඩුවේ මර්ධනය පරාජය කිරීම සඳහා සියළු වෘර්තීය සමිති එක පෙරමුණක සිට සටන් කිරීම අත්‍යාවශ්‍ය වනවා සේම වමේ බලවේග එක සටන් පෙරමුණක් ගොඩනගා මර්ධනය පරාජය කිරීමට පියවර ගතයුතුය.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
රතුතරුව ඔක්තෝබර්

රතුතරුව ඔක්තෝබර්

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.