lankasocialist
Tuesday, June 30, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ගම සමග පිළිසඳර හෙට රටට වින කටින

dhammika by dhammika
February 8, 2021
in Articles
0
ගම සමග පිළිසඳර                                   හෙට රටට වින කටින
Share on FacebookShare on Twitter

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට මේ රටේ බිහිවූ සුවිශේෂම නායකයෙක් බවට මේ කෙටි කාලය තුළ පත්වී තිබේ. බොහෝ දෙනෙක් හිතුවේ එම සුවිශේෂී නායකයා මෛත්‍රීපාල සිරිසේන වනු ඇති බවය. එයට හේතුව වූයේ තමන්ගේම ජන පදනමකින් තොරව අනුන්ගේ කරපිටින් බලයට පැමිණි නිසාය. සිරිසේන දුර්වලතා රැසකින් යුතු වුවද අනෙකුත් නායකයන් ලෙසින්මය කටයුතු කළේ. එහෙත් නන්දසේන ගෝඨාභය අනෙක් අයට මුළුමනින්ම වෙනස් ගතිලක්ෂණ ඇත්තකු බව දැනටමත් පෙන්නුම් කොට ඇත.
ගෝඨාභය බලයට පත්වූයේ ”වැඩකරන අපේ විරුවා” නමින් තමන්ම අන්වර්ථ නමක් පටබැඳගෙනය. උතුරේ යුද්ධය දිනූ වීරයා ලෙස ඔහුව උත්කර්ෂයට නංවනු ලැබීය. හිටපු හමුදා නිලධාරියකු වන ඔහු මේ රටේ දේශපාලනයේ අලුත්ම පිටුවක් පෙරළනු ඇතැයි විස්වාසයක් පළවිනි. එය වඩාත්ම කැටිකොට දැක්වූයේ අස්ගිරියේ අනුනායක වෙඬරුවේ උපාලි භික්ෂුවයි. මේ රටට ඕනෑ හිට්ලර් පන්නයේ නායකයෙක්යයි ඔහු කීවේ ගෝඨාභයද සිටි රැස්වීමකදීය. ගෝටා බලයට පත්වී හිට්ලර් කෙනකු ලෙස රට පාලනය කරනු ඇති බවට අපේක්ෂාවක් මෙන්ම බියක්ද සමාජයේ පැවතිනි.


ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ සිටම ඔහු උත්සාහ කළේ තම ඡන්ද පදනම වූ සිංහල බෞද්ධ මහජාතිවාදී කොටස් වෙනුවෙන් පෙනී සිටීමය. ඔහු ඒ බව එකවරක් නොව කීපවරක්ම පවසා තිබිණි. රටේ සිවිල් පරිපාලනය අසාර්ථක වී ඇති බව නොකියා කියූ ඔහු රටේ වැදගත් ආයතන රැසකම ප්‍රධානත්වය හිටපු හෝ සිටින හමුදා නිලධාරීන් වෙත පැවරුවේය. පළමු කොවිඩ් රැල්ල මැඩපැවැතවෙමින් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස හමුදා නිලධාරියකු පත්කරන ලදී. එහෙත් දෙවැනි කොවිඩ් රැල්ල පාලනය කිරීමට කිසිදු ඵලදායක පියවරක් ගැනීමට ඔහු සමත් නොවීය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලෙස පත්කෙරුනු විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා ඉහළ යන භාණ්ඩ මිල පාලනය කිරීමට අනුගමනය කළ පියවර තාමත් ජනයාගේ මුවට සිනා නංවන සුළුය. පිටකොටුව මැනිං මාකට්හි සුළු වෙළෙන්දෙක් වැඩි මිලට එළවළු විකුණනවාය කියා ඔහුගේ කණට ගහන බවට තර්ජනය කළ මේ හමුදා ලොක්කා ඊට ටික කලකට පසු පොලොන්නරුවේ මහා පරිමාණ හාල් මෝල් හිමි ඩඩ්ලි සිරිසේන ඉදිරියේ දෙකට තුනට නැවුනු අයුරු රූපවාහිනි මාධ්‍ය තුළින් රටටම දැකගන්න ලැබිණි. ඇත්ත වශයෙන්ම මේ හමුදා නිලධාරියාට සමාව දිය හැකිය. හාල් මිල ඉහළ යාමට බලපාන්නේ මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය බව සක්සුදක් සේ පේන්නට තිබියදී ජනාධිපතිවරයා බලයට පත්වූ මුල් කාලයේදීම නාරාහේන්පිට සහ වෙනත් ආර්ථික මධ්‍යස්ථානවලට ගොස් හාල් මිල අඩුකරන ලෙස සිල්ලර වෙළෙඳුන්ට කීවේය. හාල් තොග සඟවාගෙන හිඟයක් මවාපා කෘත්‍රිම ලෙස හාල් මිල වැඩිකරන හාල් මෝල් හිමියන් ගැන ඔහු වචනයක්වත් කතා කළේ නැත.


මෙවන් පසුබිමක් තුළය කොරෝනා වසංගතය මෙරටට කඩාවැදුනේ. ඇත්ත වශයෙන්ම එය ගෝඨාභය විසින් වඩම්මවන ලදැයි කීමය වඩා නිවැරදි වන්නේ. මේ ජනාධිපතිවරයාගේ අමනෝඥ තකතිරු තීරණ නිසා මහා වසංගතයක් ලෙස පැතිර යාමට පෙර එය පාලනය කරගැනීමට සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩල සමත්විය. එහෙත් එහි ගෞරවය මුළුමනින්ම තමාට සහ හමුදාවට අත්කරගත් රාජපක්ෂ අද වනවිට ආසාදිතයන් 62,000කට සහ මරණ 300කට වැඩි තත්වයක් තුළ කුමක් කරකියා ගන්නේදැයි නොදැන හත්පොළේ ගාගෙන දඟලන බවක් පෙනේ.
මේ ආකාරයට ජනාධිපතිවරයා ගත් සියළු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති පසුබිමක් තුළ ඔහු වඩ වඩාත් ඉවසුම් නැති පුද්ගලයකුගේ තත්ත්වයට පත්වී තිබේ. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ කතාවක් මුල්කරගෙන ප්‍රභාකරන් මරාදමා බල්ලෙකු වගේ ඇදගෙන ආව බවට ඔහු ප්‍රකාශ කළේ වෙන කරකියා ගතහැකි දෙයක් නොවූ නිසාය. මේ මෑතකදී ඔහු කළ තව ප්‍රකාශයක් වූයේ රේගුවේ ප්‍රධානියා වශයෙන් තමා පත්කළ හමුදා නිලධාරියා අසාර්ථක වී ඇති බව සහ අවශ්‍ය වුවහොත් මුළු රේගු කාර්්‍ය මණ්ඩලයම ඉවත් කිරීමට තමා පසුබට නොවන බවය. මේ ආකාරයට තමාගේ වැඩපිළිවෙළ අසාර්ථක වනවිට එසේ වන්නේ ඇයිදැයි හොයාබැලීමකින් තොරව කාර්්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ රැකියාව සම්බන්ධයෙන් තර්ජනය කිරීම රටක නායකයකුට තරම් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. නීතිය අනුවද ඔහුට එවැන්නක් කළ නොහැකිය. නිශ්චිත චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව කිසිදු රාජ්‍ය සේවකයකුගේ රැකියාවට අත තැබීමට ජනාධිපතිවරයකුට පවා නොහැකිය.
තම ගරාවැටෙන ප්‍රතිරූපය ඉහළ නංවාගැනීම සඳහා ජනාධිපතිවරයා පටන්ගෙන ඇති අලුත්ම ක්‍රියාමාර්ගය වන්නේ විවිධ ගම්දනව්වලට ගොස් ”ගම සමග පිළිසඳර” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි. හමුදා නිලධාරීන්ගේද මැදිහත් වීමෙන් ඉතා සූක්ෂම ලෙස ිඒටැ ප්බ්ටැ කොට පවත්වන මේ වැඩසටහන් කීපයකදීම මතුවූ කාරණයක් මෙහිදී අවධානයට ලක්කළ යුතුය. කැබිතිගොල්ලෑව, ලාහුගල, හම්බෙගමුව වැනි ස්ථානවල පැවති මේ ඊනියා වැඩසටහන්වලදී ”මතුකරවන” ලද පොදු කාරණයක් වූයේ ඒ ඒ ප්‍රදේශවල ගොවීන් පාරම්පරිකව වගාකරන ලද හෝ ගවයන්ට තණකොළ කැවීම සඳහා යොදාගත් බව කියන භූමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවි දෙපාර්තමේන්තුව විසින් වනබිම් වශයෙන් වෙන් කරගෙන ගොවීන්ට තම වගාවන් හෝ ගව පාලනය කිරීමට ඉඩ නොදෙන බවය. හොඳින් පුහුණු කරන දෙතුන් දෙනෙකු ලවා ඉදිරිපත් කරන මේ ප්‍රශ්නවලින් පසු ජනාධිපතිවරයා කියන්නේ පාරම්පරිකව ගොවිතැන් හෝ ගව පාලනයෙහි යෙදුනු ගොවීන්ට වන නිලධාරීන් මැදිහත් නොවිය යුතු බවය.


මේ ගොවීන් කියන අය ගැන පරීක්ෂාවෙන් බලන විට පෙනී ගොස් ඇත්තේ මේ ගොවීන් කියන අය සුළු ඉඩම් ප්‍රමාණයක් වගාකරන සුළු ගොවීන් නොව රජයේ ඉඩම් විශාල වශයෙන් අත්පත් කරගෙන සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් බවය. පහුගිය මැතිවරණ දෙකේදීම පොහොට්ටුව වෙනුවෙන් මුදල් වියදම් කළ ඔවුන් දැන් ඒ වෙනුවට රජයේ ඉඩම් නීති විරෝධී ලෙස තම ග්‍රහණයට ගැනීමට කැස කමින් සිටියහ. එහෙත් වන නිලධාරීන්ගේ ඍජු පිලිවෙත් නිසා කිසිත් කරකියා ගන්නට නොහැකිව සිටි ඔවුන්ට දැන් රටේ නායකයාගේම ආශීර්වාදය ඒ සඳහා ලැබී තිබේ. ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පත්වූ මුල් අවස්ථාවේදීම වැලි, පස් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත් ලබාගැනීම නීති විරෝධී ලෙස අහෝසි කරන ලද්දේත්, අවශේෂ කැලෑ යනුවෙන් හඳුන්වන ලද වනබිම් රැකගැනීම සඳහා පනවා තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කරන ලද්දේත් මේ අවශ්‍යතාව වෙනුවෙනි.
මෙලෙසින් රටේ දරු පරපුරින් සහ අනාගතයෙන් පලිගන්නා රාජ්‍ය නානායකයකු මේ රටේ මෙතෙක් බලයට පත්වී නැත. නන්දසේන ගෝඨාභයගේ සමස්ත වැඩපිළිවෙළම පදනම් වී ඇත්තේ තම සහචරයන්ගේ මනදොල සහ සාක්කු පිරවීම අරමුණු කරගෙනය. මේ තත්වය වෙනස් කිරීම කළහැක්කේ කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයාගේ සටන් ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් පමණි. උතුර, දකුණ, නැගෙනහිර, වතුකරයේ වෙසෙන සියළු පීඩිත ජනයාගේ බලමුළුවක් ගොඩනැගීම මේ මොහොතේ පමාකළ නොහැකි හදිසි කාර්‍යයකි.

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post

කොළඹ වරය නගරය චීන වහල් දූපතක්

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.