lankasocialist
Tuesday, June 30, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය

dhammika by dhammika
February 3, 2021
in Articles
0
යාපනය සරසවියේ මළවුන්ගේ ස්මාරකය
Share on FacebookShare on Twitter

අපේ රටේ ජනතාව මළවුන් සිහි කිරිම සඳහා විවිධ වත්පිළිවෙත් අනුගමනය කරයි. 1988 -89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීම සමයේ මියගියවුන් සිහි කිරිම සඳහා ‘ණඉල්මහ විරු සමරුව” නමින් මියගිය අය සැමරීම කාලයක් තිස්සේ පැවතින. එදා පටන් දකුණේ විශ්ව විද්‍යාල සිසුන්ද ‘ණඉල්මහ විරු සැමරුම” පවත්වති. මේ සැමරීම විශ්ව විද්‍යාල සිසුන්ට නීති විරෝධියයි රජය විසින් කිසි දිනක ප්‍රකශ කර නැත. සති ගනන් ඒ සදහා සුදානම් වෙමින් විශාල කටවුට් බැනර් විශ්ව විද්‍යාල තුල ප්‍රදර්ශනය කරයි. විවිධ ක්‍රියාකාරකම් දකුණේ විශ්ව විද්‍යාල භුමිය තුල පැවත්වයි.


අපි කවුරුත් දන්නා පරිදි උතුරේ යුද්ධයෙන් මියගිය අය සිහි කිරිම සදහා “මුල්ලිවයික්කාල් සැමරුම” නමින් උතුරේ වැසියන් ඔවුන්ගේ මියගිය අය සිහිකිරිම මුලතිවිහිදී කුමන බාධක පැමිනියත් සිදුකරයි. මේ සදහා යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද ප්‍රදේශයේ වැසියන් සමග මුල්ලිවයික්කාල් සැමරුමට සහභාගි වෙයි. මේ අතර ඔවුන් යාපනය විශ්ව විද්‍යාල භුමිය තුල 2018 වසරේදී ස්මාරකයක් තනා එහිදි සැමරුම පැවැත්වීම මේ දක්වා සිදු කරගෙන ගියේය. හිටී හැටියේ මෙම ස්මාරකය කඩා ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරයා නියෝග කලේය. මෙයට සිසුන්ගේ මෙන්ම යාපනය ප්‍රදේශයේ දෙමළ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. මේ සියලු බාධක මධ්‍යයේ මහරෑ ස්මාරකය කඩා ඉවත් කිරිමට උපකුලපතිවරයා පසුගිය ජනවාරි 12 වන දින කටයුතු කලේය. මේ සදහා ඔහුට තිබු උවමනාව කුමක්ද යන්න විපරම් කිරීමේදී පෙනී ගියේ රජයේ උවමනාව මත මෙය සිදුකරඇති බවයි.
2018 වසරේදී විශ්ව විද්‍යාල උපකුලපතිවරයාගේ අවසරය ඇතිව ස්මාරකය තැනීය. අද මෙය ඉවත්කරන ලද්දේ ඉහලින් ආ නියෝගයක් මත බව විශ්ව විද්‍යාල උපකුලපතිවරයා වන ශ්‍රී සත්කුනරාජා මහතා ප්‍රකාශ කර ඇත. වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව උතුර දෙස බලන්නේ ජාතිවාදී ඇසකින් බව අපි අමුතුවෙන් කිවයුතු නැත. ජනාධිපතිවරයා ජාතිය අමතන සෑම විටම ඔහුගේ මුවින් ප්‍රකාශ වන සිංහල ජාතිකත්වය මේවාට සාක්ෂි දරයි. උප කුලපතිවරයා පොලිසියට කරන ලද ප්‍රකාශය අනුව පෙනීයන්නේ උතුරේ ආරක්ෂක අංශ මේ ස්මාරකය ගැන මොනතරම් විපරම්කර ඇතිද යන්නයි. මෙම ස්මාරකය කඩා ඉවත් කරන්නේ කවදාද යන්න ඔවුන් නිතර නිතර අසා සිටී බව උප කුලපතිවරයා ප්‍රකාශකර ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ බලපෑම මත කඩා ඉවත්කල ස්මාරකයට උතුරේ වැසියන්ගේ හා සිසුන්ගෙන් ආ දැඩි විරෝධයත් ඔවුන විසින් උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කරමින් ආරම්භ කල උපවාසයත් නිසා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයටද තවත් ප්‍රශ්නයකට මුල බව තේරුම් ගත් ඉන්දිය රජය මේ සදහා මැදිහත්වී වහාම මේ ප්‍රශ්නය විසදන ලෙස ලංකා ආණ්ඩුවට ප්‍රකාශ කලේය. ඉන්දිය බලපෑට ස්මාරකය නැවත සෑදීම සදහා බලපැමක් කල බව පෙනීගියත් මෙම ක්‍රියාව නිසා උතුරේ අලුත් දේශපාලන හැඩගැසිමක් සිදුවන බව දකුණේ ජාතිවාදින්ට නම් දිරවා ගැනිමට නොහැකිවී ඇති බව පෙනේ. ඉන්දියාවට බයේ ස්මාරකය හැදිමට මුල්ගල තැබූ බවට අදෝනානගයි.

මේ තුලින් පැනනගින තවත් කරුනු බොහෝමයක් ඇත. එනම් ඉන්දියාවේ බලපැම නොවන්නට මේ රජය ගන්නා පියවර කුමක්ද? ජාතික ප්‍රශ්නය විසදීම කෙරෙහි මේ ආණ්ඩුවට ඇති උවමනාව කොතරම්ද? රාජපක්ෂවරුන්ගේ පාලනය තුල උතුරේ වැසියන්ගේ හැගිම් යටපත් කිරිමට රජය ගන්නා උත්සාහය කොතරම් දරුණුද යන්නයි. අනෙක් පැත්තෙන් ස්මාරකයට මුල්ගල තැබූයේ සිසුන් ගෙනගිය උවවාසය නතර කිරිම සදහාද යන කරුණු බොහෝමයක් ඇත. අප දන්නා පරිදි ගෝඨාභය ජනාධිපතිවරයා හොදින් හෝ නරකින් ඔහුගේ උවමනාව සපුරා ගන්නා කෙනෙකි. එසේ නම් යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය නැවත ඉදිරිකිරිම මුල්ගලට සීමා කිරිමට මේ ආණ්ඩුවට හැකිවෙයි.

මෙම ප්‍රශ්නය හරහා උතුරේ දේශපාලන තත්වය උඩියටිකුර කර ඇත. බෙදී වෙන්වී සිටී යාපනයේ දේශපාලඥයින්ට එකට හිටගෙන කටයුතු කිරීමට තත්වය උදාකර ඇත. අනෙක් පැත්තෙන් ජාතික ප්‍රශ්නයට සාධාරන විසදුමක් අවශ්‍ය බව මෙයින් පෙන්වාදී තිබේ. ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවෙන් නම් කිසිදා ජාතික ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බව ඉන්දියාව හොදාකරවම දනී. එම නිසා ඔවුන් නිතරම මේ ආණ්ඩුවට 13 වන සංශෝධනය ගැන මතක් කරමින් සිටී. පළාත් සභාවල අවශ්‍යතාවයත් එය අහෝසි කිරිමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඉන්දියාවටත් ප්‍රතිඥාදෙයි. මෙම ගැටලු එකින් එක ගැටෙන මේ මොහොතේ සිංහල භික්ෂු සමාජය අද කරලියට පැමින ඇත්තේ එම බලපෑමෙන් ආණ්ඩුව බේරාගැනීමට බව පෙනේ. නමුත් යාපනය විශ්ව විද්‍යාල ස්මාරකය තැනීම මුල්ගල් පැලවීමට ඉඩ නොදෙන ප්‍රශ්නයක් වනවා නොඅනුමානයි. මේ සදහා උතුරේ වැසියන් මෙන්ම දකුණේ සාමයට ලැදි ජනතාව අවධියෙන් සිටින බව ආණ්ඩුවට මතක්කර දිය යුතුවේ.
ජාතික ආරක්ෂාව මුල්කරගෙන මෙම ස්මාරකය ඉවත්කල බව පෙන්වීමට ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය උත්සාහ කලත් ඉන් එහා ගිය යටි අරමුණක් මේ තුල ඇති බව පෙනේ. එම නිසා මෙම අරගලය ස්මාරකයට පමණක් සීමානොවූ ලාංකික දෙමළ මුස්ලිම් ජනතාවගේ ජාතික ප්‍රශ්නය මුල්වු අරගලයකි. ස්මාරකය තැනීමෙන් මෙම අරගලය නිමනොවේ. යුද්ධය අවසන්වී වසර 12ට ආසන්නවී ඇතත් උතුරේ ප්‍රශ්න වලට දශමයකින් හෝ පිළිතුරු දීමට එකදු ආණ්ඩුවකටවත් නොහැකිවිය. හැකි ඉක්මනින් ස්මාරකය තැනීමට බලකරන වැඩපිලිවෙලකට යායුතුය. එමෙන්ම ඔවුන් විසින් පත්කර තිබෙන ස්මාරකය තැනීමේ කමිටුව සිසුන් හා ප්‍රදේශයේ ජනතාව ඇතුලත් කමිටුවක් වියයුතුය. එමෙන්ම නිසි කාලසීමාවක් තුල එය තනා නිමකිරිමට වැඩ පිළිවෙලක් සැදිය යුතුවේ. මෙවැනි කරුණු ගැන සැලකිලිමත්වීම ඉතාම වැදගත්වේ. නැතිනම් මෙය විවිධ හේතුන් මත ප්‍රමාධ කිරිමට ඉඩ ඇත. ඔවුන්ගේ පොරොන්දු වලට ඉඩනොදී නිතර අවධියෙන් සිටිමින් කටයුතු කිරිම සිසුන්ට මෙන්ම ප්‍රගතිශීලී ජනතාවගේද වගකිමක්වෙයි. එසේ නොවන්නේ නම් කාලයාගේ ඇවෑමෙන් තවත් නරක ප්‍රතිඵල අත්විදිමට අපට සිදුවේ. දශක ගනනාවක අත්දැකීම් ඇති ලාංකික බුද්ධිමත් ජනතාව නැවත විනාශයකට පාරකැපිමට ඉඩනොදෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. මෙම ප්‍රශ්නය හරහා රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රබල පණිවිඩයක් ලබාදී තිබේ. උතුරේ ප්‍රශ්නයට ධනපති ආණඩුවලින් කිසිදු විසදුමක් නොලැබෙන බව අපදනී. මෙයට ඇති එකම විසදුම වන්නේ උතුරේ වැසියන් මෙන්ම දකුණේ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාවත් සිසුන් හා තරුණ ව්‍යාපාරයත් එක්වු අරගලයක් දියත් කිරිමෙන් පමණී

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
ගම සමග පිළිසඳර                                   හෙට රටට වින කටින

ගම සමග පිළිසඳර හෙට රටට වින කටින

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.